2010–2019
ක්‍රිස්තුස්වහන්සේ: අඳුරේ දිදුලන ආලෝකය
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ: අඳුරේ දිදුලන ආලෝකය

ඔබගේ සාක්ශියේ දැල්ල නිවෙන්නට යනවිට සහ අඳුරු වෙන්නට යන විට, ධෛර්යය ලබාගන්න. දෙවියන්වහන්සේට ඔබේ පොරොන්දු තබන්න.

සහන සමිති ගොඩනැගිල්ලේ මගේ කාර්යාලයේ සිට බලන විට සෝල්ට්ලේක් දේවමාළිගාව හරිම හොඳට පේනවා. සෑම රාත්‍රියකම, ඔරලෝසුවක වෙලාවට මෙන්ම, දේවමාළිගාව පිටත අලෝක බුබුළු සන්ධ්‍යාව එළිය කරනවා. දේවමාළිගාව මගේ කවුළුවෙන් පිටත නොනවත්වා සනසවන ප්‍රදීපයක්.

රූපය
සන්ධ්‍යාවේදී සෝල්ට් ලේක් දේවමාළිගාව

පෙබරවාරි මස පසුවී එක රාත්‍රියක, ඉර බැස ගිය විට මගේ කාර්යාලය මහා අඩ අඳුරකින් වැසී ගියා. කවුළුවෙන් එළිය බැලූ විට, දේවමාළිගාව අඳුරේ තිබුණා. විදුලි බුබුළු දැල්විලා තිබුනේ නෑ. මට හදිසියේම අඳුරක් දැණුනා. අවුරුදු ගණනාවක් පුරා සෑම සන්ධ්‍යාවකම මට පෙනෙන්නට තිබූ දේවමාළිගා කුළුණු මට දැකගත නොහැකි වුණා.

රූපය
සෝල්ට් ලේක් දේවමාළිගාවේ නොදැල්වුණු කුළුණු

ආලෝකය දැකීමට බලාපොරොත්තු වූ අවස්ථාවක අඳුර දැකීම මට මතක් කලේ අපට වර්ධනය වීම සඳහා අපි සම්බන්ධවී සිටිය යුතු අපගේ මූලික ආලෝක මූලාශ්‍රය වන - යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. අපගේ බලයේ, ලෝකයේ ආලෝකයේ සහ ජීවයේ මූලය උන්වහන්සේයි. උන්වහන්සේ සමග ශක්තිමත් බැඳීමක් නොමැතිව අපි ආත්මිකව මිය යනවා. එය දැන සිටීමෙන්, අපි මුහුණ දෙන ලෞකික පීඩන ගසාකෑමට සාතන් උත්සහ කරයි. අපව අඳුරේ තනි කිරීම පිණිස, අපගේ ආලෝකය අඩ කිරීමට, අපගේ සම්බන්ධතාවය බිඳින්නට, විදුලි සැපයිම කපාහරින්නට, ඔහු ක්‍රියා කරයි. මෙම පීඩනයන් ලෞකිකත්වයේ සාමාන්‍ය තත්වයන්, නමුත් සාතන් මහන්සි වී වැඩකරන්නේ අපව තනි කර ඒවා අත්විඳින්නේ අප පමණක් බවට අපට කියන්නටයි.

අපි සමහරක් වේදනාව සමග අඩ පණ වෙලා

ශෝකජනක තත්ත්වයන්ට අප ජීවිතයට ගොදුරු වන විට, අපට හුස්ම ගැනීමට නොහැකි වන විට, අප ජෙරිකෝ නුවරට යන මාර්ගයේ මිනිසෙකු මෙන් මිය යන අතරමගදී මිය ගිය අතර, යේසුස්වහන්සේ ඇවිත් අපගේ තුවාල වලට තෙල් වක්කර, අපව සියුම්ව ඔසවා, නවාතැනකට අපිව ගෙනත්, අපිව බලාගනී.1 වේදනාවෙන් සිටින අයට උන්වහන්සේ මෙසේ කියයි: “ඔබගේ උරහිස් මත දමා ඇති බර මම සැහැල්ලු කරන්නෙමි, … ඒවා ඔබගේ පිටුපස තිබෙනවාද කියාවත් ඔබ දැන නොගනී, … එබැවින් ස්වාමින්වහන්සේ වන දෙවියන් මම බවත් මාගේ සෙනගගේ කරදර වලදී මම ඔවුන් බැහැදකින බවත් ඔබ දැනගන්නා පිණිසය.”2 ක්‍රිස්තුස්වහන්සේ තුවාල සුවකරයි.

අපි සමහරක් බොහෝ වෙහෙසවී ඉන්නවා

වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ පැවසුවා: “තිබෙනවාට වඩා අපි දිවීම අවශ්‍ය නැත. … එහෙත්, කෙසේ වෙතත්, ඔබ බොහෝ දෙනා ඉතා වේගයෙන් දුවන වන බවත්, ශක්තිය හා චිත්තවේගීය සැපයුම ඇතැම් විට හිස්වීමට ආසන්න බවත් … මම දන්නවා.”3 බලාපොරොත්තු අපව අපහසුතාවට පත් කරන විට, අපට ආපසු අඩියක් පස්සට තබා, අත්හැරිය යුත්තේ කුමක්දැයි ස්වර්ගික පියාණන්ගෙන් ඇසිය යුතුය. ජීවිතයේ අත්දැකීම් වල එක් කොටසක් නම් නොකළ යුතු දේ ඉගෙනගැනීමයි. නමුත් යම් අවස්ථා වලදී, ජීවිතය බොහෝ වෙහෙසකාරී වෙන්නට පුළුවන් යේසුස්වහන්සේ මෙසේ අපව සනසනවා, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”4

ඇදගෙන යාම තුළ ක්‍රිස්තුස්වහන්සේ අප සමඟ එකතු වී අපේ බර ලිහිල් කිරීම පිණිස ඇදගෙන යෑමට සූදානම්. සැනසුම ක්‍රිස්තුස්වහන්සේයි.

සාම්ප්‍රදායික අච්චුවට අපි ගැලපෙන්නේ නැතැයි අපි සමහරක්ට හැඟෙනවා

හේතු ගණනාවක් නිසා, අපිව පිළිගන්නා බවත් පිළිගත හැකි බවත් දැනෙන්නේ නෑ. සෑම ආකාරයකම මිනිසුන්ට ඉගැන්වීමට යේසුස්වහන්සේ ගත් ප්‍රයත්නය නව ගිවිසුමේ පෙන්වනවා: ලාදුරු රෝගීන්, බදු එකතු කරන්නන්, දරුවන්, ගැලීලියන්, ගණිකාවන්, කාන්තාවන්, පරිසිවරු, පව්කාරයන්, සමරිතානුවන්, වැන්දඹුවන්, රෝමන් සෙන්පතියන්, කාමමිත්‍යාචාරිකයන්, චාරිත්‍රානුකූලව අපවිත්‍ර වූවන්. සෑම කතාවකම වාගේ, සමාජයේ සංස්කෘතිකමය ලෙස පිළිනොගන්නා කෙනෙකුට උන්වහන්සේ ලඟා වුණා.

ලූක් 19 අපට කියන්නේ බදු එකතු කරන ජෙරිකෝවේ සිටි සකේවුස්ගේ කතාවයි. යේසුස්වහන්සේ ඒ අසලින් ඇවිද යනවා බලන්නට ඔහු ගසකට නැග්ගා. සකේවුස් රෝමන් රජයේ සේවකයෙක්, ඔහු බිඳුණු එමෙන්ම පව්කරුවෙක් ලෙස හැඳින්වුණා. ගස උඩ ඔහු සිටිනවා යේසුස්වහන්සේ දැක්කා ඉන්පසු ඔහුට කතාකරමින්, මෙසේ කිව්වා, “සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද ඔබේ ගෙදර මා නවතින්ට ඕනෑ.”5 සකෙවුස්ගේ හදවතේ යහපත්බව සහ ඔහු අන් අය වෙනුවෙන් කළ දේවල් යේසුස්වහන්සේ දුටුවිට, ඔහුගේ යෝජනවාට එකඟ වෙමින්, මෙසේ කිව්වා, “ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.”6

ක්‍රිස්තුස්වහන්සේ සියුම්ව නෙපිවරුන්ට මෙසේ කිව්වා, “ඔබ කිසිවෙක් අහකට නොයන්නයි මම ඔබට අණ කරන්නෙමි.”7 ක්‍රියා 10 ඔහු මෙසේ ප්‍රකාශ කරන විට පේදුරුට බලවත් තේර්ම්ගැනීමක් තිබුණා, “නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.”8 එය එකිනෙකාට සත්‍ය වූ ප්‍රේමය පෙන්වීමට ක්‍රිස්තියානි අනුගාමිකයන් සහ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් බලාපොරොත්තු වන නොසැලෙන අවශ්‍යතාවයක්.9 සකේවුස්ට කලාක් මෙන් සමාන වූ ආරාධනාවක් යේසුස්වහන්සේ අපටත් ලබාදෙනවා: “මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, [ඔබ] මාගේ හඬ අසා දොර ඇරියොත්, [ඔබ] වෙතට ඇතුල්ව, [ඔබ] සමඟ කෑම කන්නෙමි, [ඔබද] මා සමඟ කන්නේය.”10 අපගේ ගසේදී ක්‍රිස්තුස්වහන්සේ අපව දකිනවා.

අපි සමහරක් ප්‍රශ්ණ සමග බෙදී ගිහින්

වසර කීපයකට පෙර, පිළිතුරු සොයාගටහ් නොහැකි අපහසු ප්‍රශ්ණ සමග මම පහතට බර වෙලා සිටියා. සෙනසුරාදා පාන්දර, මම පුංචි සිහිනයක් දැක්කා. ඒ හීනයේ මම ගිම්හාන කුටියක් දැක්කා මම ඒක ඇතුලේ හිටගන්න ඕනෙ කියලා මට තේරුණා. ඒ වටා ආරුක්කු පහක් තිබුණා, නමුත් කවුළුව හදලා තිබුනේ ගල් වලින්. මම මහා බියකින් සිටි නිසා මට ඇතුලට යා නොහැකි බව කියමින් මම එම සිහිනයේදී පැමිණිලි කලා. ජැරඩ්ගේ සහෝදරයා ගල් පැහැදිලි වීදුරු වලට දියකළ ආකාරය ගැන සිතුවිල්ලක් මගේ මනසට ආවා. වීදුරු යනු වෙනසකට භාජනය වුණු ගල්. ස්වාමින්වහන්සේ ජැරඩ්ගේ සහෝදරයා සඳහා ගල් ස්පර්ශ කළ විට, අඳුරු යානාවේ ඒවා අලෝකයෙන් බැබලුණා.11 එසැනින්ම වෙන කිසිඳු ස්ථානයකට නැති තරම් එම ගිම්හාන කුටියට ඇතුල් වෙන්න ආශාවකින් මම පිරුණා. මට සත්‍ය ලෙස්ම “දකින්නට” හැකි - එකම ස්ථානය - හොඳම ස්ථානය එයයි. මාව කනස්සල්ලට පත් කරමින් තිබුණු ප්‍රශ්නය අහකට ගියේ නෑ, නමුත් මම අවදි වූ පසු වඩා අලෝකමත්ව තිබුණේ මට තිබුණේ මේ ප්‍රශ්නයයි: ඔබගේ ගල් ආලෝකයට හරවන්නට නම් ජැරඩ්ගේ සහෝදරයාට මෙන් ඇදහිල්ලක් ඔබ වර්ධනය කරගන්නේ කොහොමද?”12

අපගේ ලෞකික මොළය සෑදී ඇත්තේ පැහැදිලි ගොනුවක තේරුම තේරුම්ගත හැකි පරිදියි. ලෞකිකත්වය සහ තිරය මෙතරම් ඝණ ඇයි දැයි මම දන්නේ නෑ. අපගේ සදාකාලික වර්ධනයේ සියළුම පිළිතුරු අපට ලැබෙන අවධිය මෙය නොවේ. මේ, අප නොදකින දේවල් සඳහා අපගේ සැනසීම (සමහර විට අපගේ බලාපොරොත්තුව) වර්ධනය කරගන්නා අවධියයි. සැනසිල්ල පැමිණෙන්නේ ලේසියෙන්ම විශ්ලේෂණය කළ නොහැකි ආකාර වලටයි, නමුත් අපගේ අඳුරේ ආලෝකයක් තියෙනවා. යේසුස්වහන්සේ කිව්වා, “ආලෝකයද, ජීවනයද, ලෝකයේ සත්‍යද මම වෙමි.”13 සත්‍ය සොයන අයට, එය මුලින්ම ගල් කවුළු ඇති මෝඩ ගිම්හාන කුටියක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් ඇදහිලිවන්ත සහ ඉවසිලිවන්ත ප්‍රශ්ණ සමග, අපගේ ගල් කවුළු වීදුරු සහ ආලෝකය බවට හරවන්නට යේසුස්වහන්සේට පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ දැකිය හැකි ආලෝකයයි.

කෙදිනකවත් ඇති තරම් යහපත් විය නොහැකි බවක් අපි සමහරක් අයට දැනෙනනවා

පරණ ගිවිසුමේ තද රතු පාට වර්ණවත් පමණක් නොවේ වර්ණාලේපනයි, එහි තේරුම නම් ලොම් හා බැඳුණු එම විවිධාකාර පාට කෙතරම් හේදුවත් නැතිවී නොයයි.14 සාතන් මෙම තර්කය මුගුරක් ලෙස පාවිච්චි කරනවා: තද රතු පාටින් වර්ණ ගැන්වුණු ලොම් කෙදිනවත් නැවත සුදු විය නොහැකියි. නමුත් යෙසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “මාගේ ක්‍රම ඔබගේ ක්‍රම වලට වඩා උසස්ය”15 එමෙන්ම උන්වහන්සේගේ දයාවේ ප්‍රාතිහාර්ය නම් අපි අපගේ පව් වලට පසුතැවිලි වන විට, උන්වහන්සේගේ තද රතු රුධිරය අපව පවිත්‍රභාවයට පමුණුවනවා. එය තර්කාත්මක නෑ, නමුත් කෙසේවෙතත් එය සත්‍යයි.

රූපය
රතු පාට ලොම්

ජායාරූපය iStock.com/iinwibisono මගිනි

“ඔබ සැමගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.”16 ස්වාමින්වහන්සේ අවධාරණයෙන් මෙසේ කියනවා: ඔහු හෝ ඇය “[පාපයන්ගෙන්] පසුතැවී ඇත්නම්, … ඔවුන් එසේ සමාව ලබන්නේය, එමෙන්ම ස්වාමින්වහන්සේ වන මම ඒවා තවත් මතක තබාගන්නේ නැත.”17 ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමු18 ඔබ අතපසුවීම් කරයි; සැවොම වැටෙයි.19 මා වෙතට පැමිණ පසුතැවෙන්න.20 එම පාප මම තවදුරටත් මතක තබාගන්නේ නැත.21 ඔබට නැවත සම්පූර්ණ වන්නට පුළුවන්.22 ඔබ හට කිරීමට මට කාර්යයක් ඇත.23 ක්‍රිස්තුස්වහන්සේ එම ලොම් සුදු කරනවා.

නමුත් යථාර්ත පියවර මොනවාද? අප නිමි නිමී දැල්වෙන විට අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් සමග නැවත සම්බන්ධ වන්නේ කෙසේද? සභාපති රසල් එම්. නෙල්සන් ඉතා පැහැදිලිව එය කිව්වා: “ශුද්ධවූ ගිවිසුම් තබන්නට යතුර නම්. … එය සංකීර්ණ ක්‍රමයක් නොවේ.”24 ක්‍රිස්තුස්වහන්සේව ඔබගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කරගන්න.25

ඔබගේ සාක්ශියේ දැල්ල නිවෙන්නට යනවිට සහ අඳුරු වෙන්නට යන විට, ධෛර්යය ලබාගන්න. දෙවියන්වහන්සේට ඔබේ පොරොන්දු තබන්න. ඔබගේ ප්‍රශ්ණ අසන්න. ඉවසිලිවන්තව ගල් වීදුරු බවට හරවන්න. ඔබට නිසැකවම ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට හැරෙන්න.

යේසුස්වහන්සේ මෙසේ කිව්වා, “අඳුරේ දිදුලන ආලෝකය මමය, එමෙන්ම අඳුර එය ගිල නොගන්නේය.”26 එනම් එය කොතරම් අමාරුවෙන් උත්සහ කළත්, අඳුරට එම ආලෝකය ඉවත දැමිය නොහැකිය. කෙදිනකවත්. උන්වහස්නේගේ ආලෝකය ඔබ වෙනුවෙන් සිටී යැයි ඔබට විශ්වාස කළ හැකියි.

රූපය
දැල්වුණු සෝල්ට් ලේක් දේවමාළිගාව

අපි, හෝ අපි ආදරය කරන පුද්ගලයින්, තාවකාලිකව අඳුරට යා හැකිය. සෝල්ට් ලේක් දේවමාළිගාවේ කාරණයේදී, පරිපාලන නිලධාරියා වන වැල් වයිට් සහෝදරයාට, එසැණින්ම ඇමතුමක් ලැබුණා. මිනිසුන් දැක තිබුණා. දේවමාළිගා විදුලි බුබුළු වල ප්‍රශ්ණය කුමක්ද? පළමුව, කාර්ය මන්ඩලය දේවමාළිගාවේ සියළුම විදුලි පැනල වලට ගොස් තම අත් වලින්ම එකින් එක විදුලි බුබුළු දල්වලා තිබුණා. ඉන්පසු ඔවුන් ස්වයංක්‍රීය විදුලි සැපයුමේ බැටරි වෙනස් කර අසමත් වූයේ කුමක්ද යන්න පරීක්ශා කළා.

ඔබ විසින්ම එම ආලෝකය නැවත ලබාගන්නට අපහසුයි. අපට මිතුරන් අවශ්‍යයි. අපට එකිනෙකා අවශ්‍යයි. දේවමාළිගාවේ සේවක කණ්ඩායම මෙන්, එක් එක්කෙනා බැගින් පෙනී සිටීමෙන් අපගේ ආත්මික බැටරි නැවත ක්‍රියාත්මක කරවාගෙන, වැරදුනු දේ හදාගෙන, අපිට එකිනෙකාට උදව් කළ හැකියි.

රූපය
නත්තල් සමයේදී සෝල්ට් ලේක් දේවමාළිගාව

අපගේ එක් එක් ආලෝකය ගසක ඇති විදුළි බුබුලක් මෙන්ය. නත්තල් කාලයේ දේවමාළිගා චතුරස්‍රය වගේ, නමුත් අපේ පුංචි ආලෝකය බබළවනවා, එමෙන්ම සැවොම එකතු වී, ස්වාමින්වහන්සේගේ ගෘහයට මිලියන ගණන් මිනිසුන් ආකර්ශණය කරගන්නවා. හැමදෙයකින්ම හොඳම වන්නේ, සභාපති නෙල්සන් දිරිමත් කල ලෙස, අපගේ ගිසුම් තබාගැනීම වන සරල ක්‍රියාව තුලින් අපවත් අපට වැදගත් අනෙක් අයවත් ගැලවුම්කරුවාණන්ගේ ආලෝකයට ගෙන එන්නට අපට පුළුවන්. ආකාර ගණනාවකට, එම ඇදහිලිවන්ත ක්‍රියාවන් ස්වාමින්වහන්සේ විසින් බලයෙන් සහ ප්‍රීතියෙන් උසස් කරනු ලබයි.27

ඔබට ආදරය ලැබෙන බව මම සාක්ශි දරනවා. ඔබ කෙතරම් අමාරුවෙන් උත්සහ කරනවාද යන්න ස්වාමින්වහන්සේ දන්නවා. ඔබ වර්ධනය වෙමින් පවතිනවා. ඉදිරියටම යන්න. ඔබගේ සැඟවුණු පරිත්‍යාග සියල්ල උන්වහන්සේ දකින අතර ඔබගේ යහපත සඳහා සහ ඔබ ආදරය කරන අයගේ යහපත සඳහා ඒවා ගනන් ගනු ලැබෙනවා. ඔබගේ ක්‍රියා අපතේ යන්නේ නෑ. ඔබ තනිවී නෑ. එම්මානුවෙල් යන උන්වහන්සේගේ නාමයේ තේරුම “දෙවියන්වහන්සේ අප සමගයි”28 උන්වහන්සේ ඇත්තටම ඔබ සමගයි.

ඈත දැකීමට ගොඩක් අඳුරු වුණත්, ගිවිසුම් මාර්ගය දිගේ තවත් පියවර කීපයක් තබන්න. ආලෝකය නැවතත් පැමිණෙයි. යේසුස්වහන්සේගේ වචන වල සත්‍ය සහ ඒවා ආලෝකයෙන් පිරී ඇති ආකාරය ගැන මම සාක්ශි දරනවා: “මා වෙතට ලංවෙන්න එමෙන්ම මම ඔබ වෙත ලංවෙන්නෙමි; ඉතා උවමනාවෙන් මා සොයන්න ඔබ මා සොයාගන්නේය; අහන්න, ඔබට දෙනු ලැබේ; තට්ටු කරන්න, එය ඔබ වෙත විවෘත කර දෙනු ලබන්නේය.”29 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.