2010–2019
තුවාලවූ
ඔක්තෝම්බර් 2018


තුවාලවූ

සියුම් ලෞකික අභියෝග තුල, ඉවසීමෙන් ඉදිරියට යන්න, ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය ඔබට ආලෝකය, තේරුම්ගැනීම, සාමය සහ බලාපොරොත්තුව ගෙනේවි.

2016 මාර්තු 22 වන දින, උදෑසන 8 ට කලින්, බ්රුසෙල්ස් ගුවන්තොටුපළේ ත්‍රස්තවාදී බෝම්බ දෙකක් පිපිරී ගියා. වැඩිහිටි රිචර්ඩ් නෝර්බි, වැඩිහිටි මේසන් වෙල්ස්, සහ වැඩිහිටි ජෝසෆ් එම්පේ, සහෝදරී ෆැනි ක්ලෙඉන් ව බ්රුසල්ස් ගුවන්තොටුපලට රැගෙන ගියේ ක්ලෙව්ලන්ඩ්, ඔහායෝ හි ඇයගේ දුතමෙහෙයට ගුවනින් පිටත් කිරීමටයි. මිනිසුන් තිස් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වුනා, ඒ වගේම සියලුම ධර්මදූතවරුන් තුවාල ලැබුවා.

වඩාත් බරපතල ලෙස තුවාල ලැබූ ධර්මදූතවරයා වුනේ වයස අවුරුදු 66ක් වූ, තම බිරිඳ වන සහෝදරී පැම් නෝර්බි සමඟ සේවය කරන වැඩිහිටි රිචර්ඩ් නොර්බියි.

වැඩිහිටි රිචර්ඩ් නෝර්බි එම අවස්තාව ගැන මෙසේ මතක් කළා:

“සැනෙකින්ම, මම දැනගත්තා සිදුවුනේ කුමක්ද කියලා.

“මම ආරක්ෂාව සඳහා දිවයන්න උත්සහ කළා, එත් මම සැනෙකින් බිම වැටුනා. ... මගේ වම් කකුල දරුණු ලෙස තුවාල වෙලා තියෙනවා මම දැක්කා. මම දැක්කා කළු, මකුළු දැල් වගේ, දුඹුළු මගේ අත් දෙකෙන්ම එල්ලා වැටෙනවා. මම ඒවා හෙමින් ඇද්දා, නමුත් මට තේරුම් ගියා ඒවා දුඹුළු නෙමේ මගේ පිච්චුනු හම කියලා. මගේ පිටපැත්තේ සිදුවූ තුවාලයක් නිසා මගේ සුදු කමිසය රතු පාට වෙමින් තිබුනා.

“සිදුවූ දේවල් වලින් මගේ මනස පිරී යද්දී, මට තදින් හැඟුනා, ... මම කොහෙද, සුළු මොහොතකට පෙර සිදුවුයේ කුමක්ද, සහ එම මොහොතේ මම අත්දකිමින් සිටියේ කුමක්ද කියලා, ගැලවුම්කරුවාණන්වහන්සේ දන්නවා කියලා.”1

රූපය
කෝමා තත්වයේ සිටි රිචර්ඩ් නෝර්බි

රිචර්ඩ් නෝර්බි සහ ඔහුගේ බිරිඳ පෑම් හට, දුෂ්කර දවස් පැමිණියා. ඔහු ශල්‍යකර්ම, ආසාදන සහ දැවැන්ත අවිනිශ්චිතතාවයකින් පසුව කෝමා තත්වයට පත්වුනා.

රිචර්ඩ් නෝර්බි ජීවත් වුනා, නමුත් ඔහුගේ ජීවිතය කවදාවත් පෙර මෙන් වුනේ නැහැ. අවුරුදු දෙකහ මාරකට පසුව, තවමත් ඔහුගේ තුවාල සුවපත්වෙමින් පවතිනවා; ඔහුගේ පාදයේ අහිමි වූ කොටසකට ආවරණයක් ප්‍රතිස්ථාපනය කළා; බ්රුසල්ස් ගුවන්තොටුපළේ එම මොහොතේ පටන් සෑම පියවරක්ම පෙරට වඩා වෙනස් වුනා.

රූපය
රිචර්ඩ් සහ පැම් නෝර්බි

ඇයි මෙය රිචර්ඩ් සහ පෑම් නෝර්බි හට සිදුවුයේ?2 ඔවුන්ගේ ගිවිසුම් වලට ඔවුන් අවංකයි. මෙම දුතමෙහෙයට පෙර, ඔවුන් බටහිර අප්‍රිකාවේ ඇත්දළ මුහුදු තීරයේ දුතමෙහෙයක යෙදී එහි පවුලක් ඇතිදැඩි කළා. කෙනෙකුට කියන්න පුළුවන්, “එ්ක සාධාරණ නෑ! එක හොඳ නෑ! ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත දුන්නා; මේක වුනේ කොහොමද?” කියලා.

මේ තමයි ලෞකිකත්වය

මෙම අසාධාරණ සහ දුෂ්කර කතාව ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට හසුවූ ධර්මිෂ්ඨ යුවලක් ගැන පමණක් නෙමේ. අපි සෑම කෙනෙකුටම ශාරීරික වගේම ආත්මික ඛේදවාචක, බලාපොරොත්තු නොවූ පරීක්ෂාවන් පැමිණෙනවා. එය අපගේද කතාවයි. එය මනුෂ්‍ය ජීවිතයයි.

මම මෙම උදෑසන කල්පනා කළා මෙම සම්මන්ත්‍රණයේ සැසිය තුල කථාවන් පැවත්වූ අය ගැන, එයින් මට දැනගන්න ලැබුණ දෙදෙනෙකුට දරුවන් අහිමිවී තිබුණා සහ තුන්දෙනෙකුට මුණුපුරු මිණිබිරියන් අහිමිවී තිබුණා හා තව කෙනෙක් අනපේක්ෂිතව තම ස්වර්ගික නිවාසයට නැවත ගොස් තිබුණා. සෑමදෙනාටම මේ සතිය තුලම අසනීප සහ දුක ඇති වී තියනවා, අපි හැමෝම ආදරය කරන පොළොවේ දේවදූතයෙක්, සහෝදරි බාබරා බැලාර්ඩ් තිරය තුලින් සීරුවෙන් අනෙක් පැත්තට ගිහින් තියනවා. සභාපති බැලර්ඩ්, අද උදෑසන ඔබගේ සාක්ෂිය අප කවදාවත් අමතක කරන්නේ නැහැ.

අපි සතුට සොයනවා. අපි සැනසීමට බොහෝ ආශා කරනවා. අපි ආදරය බලාපොරොත්තු වෙනවා. එවිට ස්වාමින්වහන්සේ අපට නොකඩවා විශ්මයකනක බොහෝ ආශිර්වාද ලබා දෙනවා. නමුත් එක දෙයක් අනිවාර්යයි: ඔබේ සතුට සහ ප්‍රීතිය සමඟ බැදී, ඔබේ ආත්මය තුවාලවූ ලෙස හැඟෙන මොහොතවල්, පැය, දවස්, සමහරවිට අවුරුදු තිබේවී.

ශුද්ධලියවිලි උගන්වනවා අපි තිත්ත සහ පැණිරස3 රස විඳින බව සහ “සියලුම දේවල්වලට විරුද්ධතාවයක්”4 තිබෙන බව. යේසුස් වහන්සේ මෙසේ පැවසීය, “[ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ] නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සන සේක.”5

ආත්මයේ තුවාල එක සංස්කෘතියකට, එක ජාතියකට, එක පරම්පරාවකට අනන්‍ය වන්නේ නෑ. පෝසත් කම හෝ දුප්පත් කම තුලින් ඒවා තීරණය වෙන්නේ නෑ. ඒවා සෑම කෙනෙකුටම එනවා. ඒවා මෙම මනුෂ්‍ය ජීවිතයේ අපි ලබන අත්දැකීම් තුලින් අපි ලබන අධ්‍යාපනයේ කොටසක්.

ධර්මිශ්ටයන් නිර්මුක්ත නැත

අද මාගේ පණිවිඩය විශේෂෙන්ම දෙවියන්වහන්සේගේ අණපනත් රකින අය සඳහායි, දෙවියන්වහන්සේට ඔවුන්ගේ පොරොන්දු ඉටුකරන අයටයි, ඒ වගේම, නොර්බිලා සහ තවත් මනුශ්‍යයන් මෙන්, බලාපොරොත්තු නොවූ වේදනාකාරී පරීක්ෂා සහ අභියෝග වලට මුහුණ පා සිටින අය සඳහායි.

අපගේ තුවාල ස්වභාවික ව්‍යසනයන් තුලින් හෝ අවාසනාවන්ත අනතුරක් තුලින් ඒමට ඉඩ ඇත. ඒවා ධර්මිෂ්ඨ ස්වාමිපුරුෂන්ගේ හෝ භාර්යාවන්ගේ සහ දරුවන්ගේ ජීවිත උඩු යටිකුරු කරන්න, අවිශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක් තුලින් පැමිණිය හැක. අප ආදරය කරන කෙනෙකුගේ වේදනාවක් තුලින් හෝ අකාලයේ මියයාමක් තුලින්; විශාදයේ අඳුර සහ ශෝකය තුලින් තුවාල ඒමට ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ රෝගී තත්වයක් හේතුවෙන්, පවුලේ සාමාජිකයෙකුගේ ඇදහිල්ල නැති වීමෙන්, විවිධ වාතාවරණ හේතුවෙන් සදාකාලික සහකරුවෙකු නොලැබීම නිසා ඇතිවන තනිකම, හෝ තව සියගණනක හිත අධෛර්ය කරවන, වේදනාකාරී විපත් හේතුන් නිසා තුවාල පැමිණිය හැක.6

අපි සෑමදෙනෙක්ම දන්නවා අමාරුකම් ජීවිතයේ කොටසක් බව, නමුත් ඒවා අපි වෙත පෞද්ගලිකව පැමිණෙන විට, අපගේ හද ගැස්ම මොහොතකට නතර කරනවා. කලින් දැනුම්දීමකින් තොරව, අපි සූදානමින් ඉන්න අවශ්‍යයි. අපොස්තුලුවර පේදුරු පවසනවා, “නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙල්ලා.”7 පියාණන්ගේ සැලැස්ම නමැති රෙදිපිළි සතුට සහ ප්‍රීතිය නමැති පැහැපත් වර්ණත් සමඟම, පරීක්ෂා සහ ඛේදවාචක නමැති අඳුරු පැහැ නූල් වලින්ද ගැඹුරින් වියා ඇත. අසීරු වුනත් මෙම අරගල, බොහෝ විට අපගේ හොඳම ගුරුවරයා වෙනවා.8

හීලමන්ගේ ප්‍රාතිහර්යාත්මක කතාව කියන විට, 2060 තරුණ සොල්දාදුවන්, අපි ආදරෙයි මෙම ශුද්ධ ලියවිලිවලට: “දෙවියන්වහන්සේගේ යහපත්කමට අනුව, සහ අපේ අතිමහත් පුදුමයටත්, සහ අපේ මුළු හමුදාවේ ප්‍රීතියටත්, ඔවුන් අතරින් විනාශ වූ අයගේ එක් ආත්මයක්වත් නොවීය.”

නමුත් වාක්‍යය දිගටම යනවා: “බොහෝ තුවාල නොලැබූ එක් ආත්මයක්වක් ඒ අතරේ නොවීය.”9 2,060 න් සෑම දෙනාටම එක් තුවාල රාශියක් ලැබිණි, අපි එක් එක්කෙනාටද ජීවිත සටනේ දී තුවාල ලබනු ඇත, ශාරීරිකව හෝ, ආත්මිකව හෝ දෙවිදිහටම.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ යහපත් සමරිතානුවරයාය

කවදාවත් අතහැර දමන්න එපා - නමුත් ඔබේ ආත්මයේ තුවාල කොතරම් ගැඹුරු වුනත්, එයට හේතුව කුමක් වුවත්, කොහේ හෝ කොතන එය සිදුවුවත්, සහ එය කොතරම් කෙටි හෝ දිගු කාලයක් පැවතුනත්, ඔබ ආත්මිකව විනාශ විය හැකි බව අදහස් නොකරයි. ඔබ ආත්මිකව නොනැසී එමෙන්ම ඇදහිල්ලෙන් පිබිදී දෙවියන්වහන්සේව විශ්වාස කලයුතු බව අදහස් කරයි.

දෙවියන්වහන්සේ අපගේ ආත්ම උන්වහන්සේගෙන් නිදහස් වීමට මවා නැත. අපගේ ස්වාමින් වන ගැලවුම්කාර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ගණන්කල නොහැකි උන්වහන්සේගේ වන්දිගෙවීමේ දීමනාව තුලින්, අපව මරණයෙන් ගලවා පසුතැවිලිවීම තුලින් අපගේ පවු වලට සමාවදීම පිරිනමනවා පමණක් නොව, නමුත් අපගේ තුවාල වූ ආත්මවලින් දුක සහ වේදනාවෙන් ගලවාගැනීමටද උන්වහන්සේ සැමවිටම සුදානමින් සිටිනවා.10

රූපය
යහපත් සමරිතානුවරයා

ගැලවුම්කරුවාණන්වහන්සේ මුළු මනුෂ්‍ය සංහතියේම යහපත් සමරිතානුවරයායි,11 උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේව එවා ඇත්තේ “බිඳුණු සිත් ඇත්තන් සුවපත් කිරීමට බව.”12 යහපත් සමරිතානුවරයා මෙන්, උන්වහන්සේ අප වෙතට එන්නේ අනිත් අය අපව පහුකරගෙන යනවිටයි. උන්වහන්සේ අප තුවාල වී සිටින බව දැක අපට දයානුකම්පා කරනවා. උන්වහන්සේ උන්වහන්සේගේ සුවකිරීමේ ආලේප අපගේ තුවාල මත තවරා එය බඳිනු ලබනවා. උන්වහන්සේ අපව ඔසවාගන්නවා. උන්වහන්සේ අප ගැන සැලකිලිමත් වෙනවා. උන්වහන්සේ අපෙන් අයදිනවා, “මා වෙතට පැමිණෙන ... තවද මම ඔවුන් සුවපත් කරන්නෙමි.”13

“ තවද [යේසුස් වහන්සේ] සියලු ආකාරයේ වේදනාවන් සහ පීඩාවන්ද පරික්ශාවන්ද විඳින සේක; ... තවද ...උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ වේදනාවද, ලෙඩ රෝගද ගන්නා සේක අපගේ දුබලතා [උන්වහන්සේ මත ගන්නා සේක], කරුණාවෙන් උන්වහන්සේ පරිපූර්ණය.”14

දුකින් පසුවන අය, පැමිණෙන්න, ඔබ නිකරුනේ කල් ගෙවන්නේ කොහෙද;

කරුණාවේ පුදසුනට පැමිණ, දන ගසන්න.

ඔබගේ තුවාල වූ හදවත් මෙහි ගෙනෙන්න; ඔබගේ බලවත් වේදනාව මෙහි පවසන්න.

ස්වර්ගයට සුවකළ නොහැකි ශෝකයක් පොළව තුල නොමැත.15

දිවැසිවර ජෝසෆ්ගේ එක අඳුරු පැයකදී, ස්වාමින්වහන්සේ ඔහුට කීවා, “මේ සෑම දෙයක්ම ඔබට අත්දැකීම් දෙනු ලබයි, ඒ වගේම ඔබගේ යහපත සඳහා වේ.”16 වේදනාකාරී තුවාල අපගේ යහපත සඳහා වන්නේ කොහොමද? ඉතා දැඩි ලෝකයේ පරීක්ෂාවන් වලදී, ඉවසීමෙන් ඉදිරියට යන්න ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ බලය තුලින් ආලෝකය, තේරුම්ගැනීම, සමාදානය,සහ බලාපොරොත්තුව ලැබෙනවා. 17

කිසිදින අත්නොහරින්න

ඔබගේ මුළු හදවතින්ම යාච්ඤා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල, උන්වහන්සේගේ යතාර්ථය තුල, උන්වහන්සේගේ මහිමය තුල ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න. උන්වහන්සේගේ වචන ග්‍රහණය කරගන්න: “මාගේ කරුණාව නුඹට අවශ්‍යයි; මාගේ ශක්තිය දුර්වලකමේ දී සම්පුරණත්වයි.”18

මතකතබාගන්න, පසුතැවිලිවීම බලවත් ආත්මික බෙහෙතක්.19 අනපනත්වලට කීකරු වී සහනදායකයානෝ මෙන්ම දිව්‍යමය දීමනාවක් වන ශුද්ධාත්මයානන්වහන්සේට සුදුසු වන්න. “නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි” යයි ගැලවුම්කරුවානන්වහන්සේගේ පොරොන්දුව මතකතබාගන්න.20

තුවාල වූ ආත්මයට දේවමාලිගාවේ සාමය සැනසිලිදායක ආලේපනයක් වේ. ඔබගේ පවුලේ නම් සහිතව හැකි සෑම විටම ස්වාමින්වහන්සේගේ ගෘහයට පැමිණෙන්න. දේවමාලිගා තුලින් මනුෂ්‍ය ජීවිතයේ අපගේ කෙටි මොහොතවල් සදාකාලික පුළුල් තිරය මත ගෙන හැර පානවා.21

ඔබ මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේදී ඔබේ සුදුසුකම සනාථ කර පෙන්වූ බව මතකයට නගමින්, පසුපස බලන්න. ඔබ දෙවියන්වහන්සේගේ දිරිමත් දරුවෙක්, සහ උන්වහන්සේගේ උදවු ඇතිව, මෙම වැටුණු ලෝකයේ සටනින් ඔබට විජයග්‍රහණය කිරීමට පුළුවන්. ඔබ මීට පෙරද එය කර ඇත, ඔබට නැවතත් එක කල හැකියි.

ඉදිරිය බලන්න. ඔබේ කරදර සහ දුක් ඉතා ඇත්තයි, නමුත් එය සදාකාලයටම පවතින්නේ නැත.22 ඔබේ අඳුරු රාත්‍රින් පසුවී යාවි. පුත්‍රයාණන් “උන්වහන්සේගේ පියාපත් තුළ සුව කිරීම”23 සමඟ නැඟී සිටී නිසාය.

නොර්බිස් යුවල මට කිවුවා, “දොම්නස කාලයෙන් කාලයට බැහැදැකීමට එනවා නමුත් එයට නතරවීමට අවසර නෑ.”24 අපොස්තුලුවර පාවුළු මෙසේ පැවසුවා, “අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් සිරනොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙලා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.”25 ඔබ වෙහෙසට පත් විය හැකිය, නමුත් කිසිදා අත් නොහරින්න.26

ඔබේ වේදනාකාරී තුවාලද සමඟ වුවත් , තුවාල වී වේදනා විදින අනිත් අය වෙත ඔබ ළඟා වෙනවා. යේසුස්වහන්සේ පැවසුවා, “යමෙක් තමාගේ ජීවිතය ගලවාගන්න කැමති වේද, එක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට එක සම්බවෙන්නේය.”27 තමන්ගේ තුවාල පිටින් අනිත් අයගේ තුවාලවලට ප්‍රතිකාර කරන අය වනාහි දෙවියන්වහන්සේගේ දේවදූතයන්ය.

තව මිනිත්තු කිහිපයකින්, අපිට අපගේ ආදරණීය දිවැසිවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් කතා කරනවා. ඔබ ඔහුව මුනගැසුනොත්, ඔබ සිතාවී ඔහුගේ ජීවිතය වැඩි දුෂ්කරතාවලින් තොරව ගෙවී යන්න ඇති කියලා. ඔහු ඉන්නේ සතුටින්. ඔහු සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඇදහිල්ලෙන් පිරිලයි. ඔහුගේ වචනය බලාපොරොත්තුව ගෙන එනවා; ඔහුගේ මුහුණෙන් පෙනෙන්නේ සාමයයි.

1995 දී ඔහුගේ දුව එමිලි, දරුවෙකු පිළිසිඳගෙන සිටින අතරතුර, පිළිකාවකට ගොදුරු වුනා. ඇයගේ නීරෝගී දරුවා ඉපදුන විට බලාපොරොත්තුවේ සහ ප්‍රීතියේ දවස් තිබුනා. නමුත් පිළිකාව නැවත මතුවුනා, ඔවුන්ගේ ආදරණීය එමිලි තම ආදරණීය ස්වාමිපුරුෂයා සහ දරුවන් පස්දෙනා අතහැර, මෙම ලෝකයෙන් සමුගත්තේ ඇයගේ 37 වන උපන්දිනයට සති දෙකකට පසුවයි.

රූපය
1955 දී සභාපති නෙල්සන් කතාකිරීම

ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, ඇයගේ අභාවයෙන් දින කිහිපයකට පසුව, සභාපති නෙල්සන් විශ්වාසයෙන් කීවා: “මගේ ශෝකයේ කඳුළු, අපේ දුව වෙනුවෙන් මට බොහෝ දේවල් කරන්න තිබුනා යන ප්‍රාර්තනාවත් සමඟ වැගිරුනා. . … මට නැවත නැගිටවීමේ බලය තිබුනානම්, ඇයව නැවත රැගෙන එන්නට පෙළඹෙනවා .... නමුත් එම යතුරු උසුලන්නේ යේසුස් ක්‍රිස්තුස්වාහන්සෙයි, ඒ වගේම එමිලි වෙනුවෙන් සහ සියලුම මිනිසුන් වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ වෙලාවට එම යතුරු භාවිතා කරනවා.”28

රූපය
සභාපති නෙල්සන් පුඑර්තෝ රිකෝ හිදී

පසුගිය මාසයේ, පුඑර්තෝ රිකෝ හි සාන්තුවරුන් හමුවෙමින්, පසුගිය අවුරුද්දේ අතිශය ප්‍රබල මරියා නම් සැඩ කුණාටුව මතක් කරමින්, සභාපති නෙල්සන් ආදරයෙන් සහ දයානුකම්පාවෙන් කතාකලා:

“මෙය ජීවිතයේ කොටසක්. ඒකයි අපි මෙහි සිටින්නේ. අපි මෙහි සිටින්නේ ශරීරයක් ලබාගෙන පරීක්ෂාවන්ට මුහුණදෙමින් උත්සහා කිරීමටයි. මෙම සමහරක් පරීක්ෂණ ශාරීරිකයි; සමහරක් ආත්මිකයි; සහ මෙහිදී ඔබගේ පරීක්ෂාවන් ශාරීරික සහ අධ්‍යාත්මිකයි.”29

“ඔබ අතහැරදමා නැහැ. අපිට ඔබ ගැන ආඩම්බරයි. ඇදහිලිවන්ත සාන්තුවරුන් ඔබට බොහෝ දේ නැති වී තිබෙනවා, නමුත් ඒ හැම දෙයක් තුලින්ම, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල සිතෙහි තැන්පත් කරගෙන තිබෙනවා.”30

“දෙවියන්වහන්සේගේ අණපනත් රැකීම තුලින්, අපගේ ඉතාම නරක අවස්තාවන් වලදී පවා, අපට සතුට සොයාගත හැකියි.”31

සෑම කඳුලක්ම පිසදමාවි

මගේ සහෝදර සහෝදරියනි, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඔබේ ඇදහිල්ල වර්ධනය කරගත් විට ඔබ තව තවත් ශක්තිමත් වී වැඩි බලාපොරොත්තුවක් ඇති වන බවට මම පොරොන්දු වෙනවා. ධර්මිෂ්ඨ වන ඔබට, අපගේ ආත්මයේ සුවකරු, උන්වහන්සේගේ වෙලාවට සහ උන්වහන්සේගේ ආකාරයට, ඔබේ සියලුම තුවාල සුවකරනු ඇත.32 අසාධාරණයක් නොව, හිංසාවක් නොව, පරීක්ෂාවක් නොව, සිත්වේදනාවක් නොව, වේදනාවක් නොව, තුවාල නොව - කොතරම් ගැඹුරු, කොතරම් පුළුල්, කොතරම් වේදනාකාරී වුවද - වීවෘත දෑත් සහ තුවාල වූ අත් තුලින් උන්වහන්සේගේ අභිමුඛයට අපිව පිළිගැනීමට බලා සිටින උන්වහන්සේගේ සැනසිල්ල, සාමය සහ ස්ථීර බලාපොරොත්තුවෙන් ඒවා ඉවත් කෙරෙනු ඇත. එම දවසේදී, ධර්මිෂ්ඨයන් “මහත් පීඩා මැඳින් එන්නෝය.”33 “සුදු සළු පැළඳ උන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටියි.” “බැටළු පැටවානන් සිංහාසනය මැද සිට ... තවද දෙවියන්වහන්සේද ඔබගේ දෑස් වලින් සියලු කඳුළු පිසදමන සේකැයි.”34 අපොස්තුලුවර යොහාන් සාක්ෂි දරනවා. මමද එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් ආමෙන්.

සටහන්

  1. පෞද්ගලික හැරීම, ජන. 26, 2018.

  2. මෙම වසර මුල පැවතී කතාබහකදී, රිචර්ඩ් නෝර්බි මා සමඟ පවසා සිටියේ, “අපට දී ඇති දේ වලට අපි පිළිතුරු දෙනවා.”කියයි. ඔහුගේ දිනපොතෙන් ඔහු බෙදාගත්තා: “අප සෑම දෙනෙකුටම පැමිණෙන පරික්ෂාවන් ගැලවුම්කරුවානන්ව හොඳින් හඳුනා ගැනීමට සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැඹුරින් සවිස්තරාත්මකව තෙරුම්ගැනීමට අපට අවස්තාවක් සහ වරප්‍රසාදයක් ලබාදෙනවා. අපි හෙත්තුවන්නේ උන්වහන්සේ මතටයි. අපි සොයන්නේ උන්වහන්සේවයි. අපි යැපෙන්නේ උන්වහන්සේ මතයි. අපි විශ්වාසය කරන්නේ උන්වහන්සේවයි. කලින් වෙන්කරවා ගැනීමකින් තොරව අපේ මුළු හදවතින්ම ආදරය කරන්නේ උන්වහසේටයි. මනුෂ්‍ය ජීවිතය කොටසක් වන සියලුම ශාරීරික සහ චිත්තවේගාත්ම වේදනාවන් ගැලවුම්කරුවාණන් විසින් ආවරණය කර ඇත.”

  3. දහම සහ ගිවිසුම 29:39 බලන්න.

  4. 2 නෙපි 2:11.

  5. මතෙව් 5:45.

  6. “Lord, I Would Follow Thee,” Hymns, no. 220.

  7. 1 පේදුරු 4:12.

  8. “ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ අනකරන්නාවූ කුමන හෝ සියලුම දේ ඔවුන් විසින් කරනවාදැයි, අපි විසින් ඔවුන්ට සනාථ කරපෙන්න්වන්නෙමු.” (ආබ්‍රහම් 3:25 බලන්න; දහම සහ ගිව්සුම 101:4–5 ද බලන්න).

  9. ඇල්මා 57:25.

  10. මිතුරෙකු මට මෙසේ ලිව්වා: “අවුරුදු පහකට ආසන්න, තත්වයෙන් වෙනස්වන චිත්තවේගාත්මක අන්ධකාරය සහ අඳුර සමඟ අරගලය, ඔබේ හැකියාව, අධිෂ්ඨානය, ඇදහිල්ල සහ ඉවසීමේ කෙළවරටම ඔබව ගෙනයයි. ඔබට වෙහෙසයි. සති ගණනක ‘වේදනාවකින්’ පසු ඔබ අතිශයින් වෙහෙසට පත්ව ඇත. මාස ගණනක ‘වේදනාවකින්’ පසු ඔබට ඔබේ පදනම අහිමි වීමට පටන් ගනී. අවුරුදු ගානක ‘වේදනාවකින්’ පසු ඔබ නැවත සුවපත් නොවීමට ඇති හැකියාවට ඔබ යටත් වෙනවා. බලාපොරොත්තුව බොහෝ වටිනා එහෙත් ලඟා කරගත නොහැකි ත්‍යාගය බවට පත්වෙනවා. කෙටියෙන්, මම මේ පරික්ෂාවෙන් ගැලවුනේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ, ස්වාමින්වහන්සේ හැරුනුකොට. එය තමයි එකම පහදා දීම. මම මෙය දන්නවා කියලා මිස, මම මෙය දන්නේ කොහොමද කියලා මට තේරුම් කරන්න බෑ, උන්වහන්සේ නිසා, මම මෙයින් මිදුනා.”

  11. ලූක් 10:30–35 බලන්න.

  12. ලූක් 4:18; සහ යෙසායා 61:1 ද බලන්න.

  13. 3 නෙපි 18:32.

  14. ඇල්මා 7:11–12. “උන්වහන්සේ සියලු දේවල් විඳිමින් ඉදිරියට යන සේක, එයින් උන්වහන්සේ සියලු දේවල් දැනගන්නා පිණිසය” (දහම සහ ගිවිසුම 88:6).

  15. “Come, Ye Disconsolate,” Hymns, no. 115.

  16. දහම සහ ගිවිසුම 122:7.

  17. “නුඹ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය දන්නෙහිය; තවද උන්වහන්සේ නුඹගේ පීඩාවන් නුඹගේ වාසිය සඳහා කැපකරනු ඇති සේක.” (2 නෙපි 2:2). “එනම් කවරෙකු වුවත් ඔහුගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුල තබන්නේද, ඔවුන්ගේ පරීක්ෂාවන් තුලදීද, ඔවුන්ගේ පීඩාවලදීද උපකාර ලබනේය.” (ඇල්මා 36:3).

  18. 2 කොරින්ති 12:9.

  19. See Neil L. Andersen, “The Joy of Becoming Clean,” Ensign, Apr. 1995, 50–53.

  20. යොහාන් 14:18.

  21. “ක්‍රිස්තුස්වහන්සේ තුල අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝය.” (1 කොරින්ති 15:19).

  22. මෝර්මන් පොතේ පළමු පිටපතේ, නෙපි පැහැදිලි කරනවා, ඔහුගේ දවස් වලදී මහත් පීඩාවන් දැක ඇති බව. (1 1නෙපි 1:1). පසුව, නෙපි පැවසුවා, “එසේ වුවත් මම මාගේ දෙවියන්වහන්සේ වෙත බැලුවෙමි, තවද මම දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසා කලෙමි; තවද මාගේ පීඩාවන් නිසා මම ස්වාමින්වහන්සේට විරුද්ධව නොකෙදිරුවෙමි.” (1 නෙපි 18:16).

  23. 3 නෙපි 25:2.

  24. පෞද්ගලික හැරීම, ජන. 26, 2018.

  25. 2 කොරින්ති 4:8–9.

  26. President Hugh B. Brown, while visiting Israel, was asked why Abraham was commanded to sacrifice his son. He responded, “Abraham needed to learn something about Abraham” (in Truman G. Madsen, Joseph Smith the Prophet [1989], 93).

  27. මතෙව් 16:25.

  28. Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 32.

  29. Russell M. Nelson, in Jason Swensen, “Better Days Are Ahead for the People of Puerto Rico,” Church News, Sept. 9, 2018, 4.

  30. Russell M. Nelson, in Swensen, “Better Days Are Ahead,” 3.

  31. Russell M. Nelson, in Swensen, “Better Days Are Ahead,” 4.

  32. See Russell M. Nelson, “Jesus Christ—the Master Healer,” Liahona, Nov. 2005, 85–88.

  33. එළිදරව් 7:14.

  34. එළිදරව් 7:13, 15, 17 බලන්න.