2010–2019
ආරම්භක උපවදන
ඔක්තෝම්බර් 2018


ආරම්භක උපවදන

අපගේ සභාව, කොට්ඨාශය සහ ස්ටේක ගොඩනැගිලි ඇතුලත සිදුවන දේ ආදාර කරගනිමින්, නිවස මුලික කරගත් සභාවකට කාලයයි මේ.

මගේ සහෝදර සහෝදරියනි, මේ ඔක්තෝම්බර් මාසේ, සභාවේ මහා සම්මන්ත්‍රණයට ඔබ සමග නැවත වරක් රැස්වීමට අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු. ඔබ සියළු දෙනාව, අපගේ මුළු හදවතින්ම පිළිගන්නෙමු. ඔබගේ ස්ථිර කරන යාච්ඤවන්ට අපි ගැඹුරින් ඔබට ස්තුති වන්නෙමු. එහි ප්‍රතිපල අපට දැනෙන්නේය. ස්තුතියි:

මාස ගණනකට පෙර මහා සම්මන්ත්‍රණයේදී දෙනු ලැබූ ඔවදන් අනුගමනය කිරීමට ඔබ දැරූ අති විශාල උත්සාහයන් ගැන, අපි ඔබට කෘතඤ වෙමු. ලෝකය පුරා ඇති ස්ටේක සභාපතිත්ව, වැඩිමහල් ඝනපුර්ණ හඳුනා ගැනීම සදහා සුදුසු එළිදරවු සොයති. අපේ සහෝදර සහෝදරියන්ට, උසස් හා ශුධවූ ලෙස උපස්ථාන කිරීම සදහා, එම ඝනපුර්ණ පුරුෂයින්, අපේ කැපවුණු සහන සමිතියේ සහෝදරියන් සමග උනන්දුවෙන් වැඩ කරති. ඔබේ පවුල් වලට, අසල් වැසියන්ට, සහ මිතුරන්ට, ගැලවුම්කරුවානන් ගේ ප්‍රේමය සහ එතුමන් මෙන් ඔවුන්ට උපස්ථාන කිරීමට ඔබ ගන්නා ඉමහත් උත්සාහයන් සහ යහපත්කම ගැන අපි ප්‍රබෝධමත් වන්නෙමු.

අප්‍රේල් සම්මන්ත්‍රණයේ පටන්, නෙල්සන් සහෝදරිය සමග මා මහද්වීප සතරක සහ මුහුදු දුපත්වල සිටින සාමාජිකයන් හමුවුණෙමු. ජෙරුසලමේ සිට හරාරේ, විනිපෙග් සිට බෑන්කොක් දක්වා, ඔබේ සාක්ෂියේ ශ්‍රේෂ්ට ඇදහීම සහ ශක්තිය අපි දුටුවෙමු.

විසිරුණු ඊශ්‍රායලය එකතු කිරීම සදහා උපකාරයට එක් වුණු ස්වාමින්ගේ තරුණ සේනාවේ ප්‍රමාණය ගැන අපි දැඩි ප්‍රීති ප්‍රමෝද වෙමු.1අපි ඔබට ස්තූති කරන්නෙමු! සහ අපේ ලෝකය පුරා තරුණ භක්තිය සදහා මා පුද කල ආරාධනය ඔබ අනුගමනය කරන විට, එය අපට අනුගමනය කිරීම සදහා ධාරකයක් වන්නේය. තරුණ ඔබ කොතරම් වෙනසක් කරන්නේද?

මෑත අවුරුදු කීපයේදී, සභාවේ මුලසුන දරන මඩුලු මූලික ප්‍රශ්නයක් ගැන පොරබැදුහ. එනම් ශුභාරංචිය එහි සරල නිර්මලතාවයන් සහ ගිවිසුම් එහි සදාකාල ආනුභාවය සමග, දෙවිතුමන්ගේ සියලු දරුවන් වෙත අප ගෙන යන්නේ කෙසේද යනුවෙන්.

නිවසේදී සිදුවන දෙයින් ආධාර වන යමක් සිදුවන “සභාවේ” අපේ රැස්වීම් ශාලා යැයි සිතන්නට පසු-දවස්වල ශුද්ධවන්තයින් ලෙස අප පුරුදු වී ඇත. මේ සැකසීම අපි වෙනස් කල යුතුය. අපේ ශාකා, කොට්ඨාශ සහ ස්ටේක ගොඩනැගිලි තුල සිදුවන දෙයින් අනුග්‍රහ ලබන, නිවස - කේන්ද්‍ර වූ සභාවක්, සදහා කාලයයි දැන්.

ලෝකය පුරා සභාව විහිදෙන අතර, බොහෝ සාමාජිකයන් ජීවත් වූයේ අපට සභා නැති ප්‍රදේශ වලය - ඉදිරියටද දැකිය හැකි යයි සිතීමට බැරි තරමටය. එවැනි තත්වයක සිටින, පවුලක් හමුවීමට අපට ඔවුන්ගේ නිවසට යායුතුව තිබුණි. ඔවුන්ගේ නිවසේ සිට සභාවට යාමට කැමතිදැයි මා එම මවගෙන් විමසූ විට, “මා කැමතියි! දැන් මාගේ සැමියා යහපත් වචන නිවසේදී පාවිච්චි කරනවා, සෑම ඉරිදාවකම ඔහුට සැක්‍රමේන්තුව ආශිර්වාද කිරීමට තිබෙන බව දන්නා නිසා” යැයි කීය.

සභාවේ චිරාගත අභිප්‍රාය වනුයේ, සියලු සාමාජිකයන්ට අප ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ එතුමන්ගේ සමගි කිරීම තුළ ඔවුන්ගේ ඇදහීම වර්ධනය කිරීමට සහ දෙවිතුමන් වෙත ගිවිසුම් සාදා සහ ඒවා තැබීමට උපකාර කිරීමයි. සහ ඔවුන්ගේ පවුල් ශක්තිමත් අතර මුද්‍රා තැබීමට උපකාර කිරීමත්ය. අද පවතින පැටලිලි සහිත ලෝකයේ, එය පහසු නැත. ඇදහීමට සහ පවුල් වෙත, විරුද්ධකාරයා විශාල වේගයකින් පහර දෙන්නේය. ආත්මිකව නොනැසී සිටීම සදහා, අපට ඊට එරෙහි උපක්‍රම සහ පූර්ව ක්‍රියා සැලසුම් අවශ්‍යය. ඊට අනුව අපේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල් තව දුරටත් ශක්තිමත් කිරීම සදහා, සංවිධාන සකස් කිරීම් දැමීමට අපට අවශ්‍යව ඇත.

අවුරුදු කීපයක් පුරාවට, සභාවේ නායකයන් නිවස-ඛේන්ද්‍ර කරගත් සහ සභාවේ-සහය තුලින්පවුල් සහ පුද්ගලයන් ශක්තිමත් කිරීම සඳහා, ධර්මය ඉගෙනීමට, ඇදහීම ශක්තිමත් කිරීමට, සහ පුද්ගලීක නමස්කාරය පෝෂණය කිරීමේ විෂය මාලාවක් සැලසුම් කිරීමට ක්‍රියා කරනවා. සබත් දවස පවිත්‍රව තැබීම අපට සතුටක් හා දෙවිතුමන් වෙත ඇති අපේ ප්‍රේමයේ පුද්ගලික සලකුන කිරීම සදහා “ මෑත අවුරුදු කිහිපයේ “ අපි උත්සාහ කළෙමු. ඒවා අප දැන් හදුන්වාදෙන සැකසීම් මගින් වර්ධනය කරයි.

මේ උදෑසන අපි, නිවසේදී සහ සභාවේදී ශුභාරංචි උපදේශ කර ඇති අලුත් සමබර තාවයන් ගැන ප්‍රකාශ කරන්නම්. අපේ පුද්ගලික ආත්ම වර්ධනය ගැන අප වගකිව යුතුය. තම දරුවන්ට ධර්මය ඉගැන්වීම දෙමාපියන්ගේ මූලික වගකීම බව ශුද්ධ ලියවිලි පැහැදිලි කරයි.2 ඔහුගේ හෝ ඇයගේ දිව්‍යමයෙන් පැහැදිලි කරන ශුභාරංචියේ දැනුම වැඩි කිරීමට සෑම සාමාජිකයෙකුට උපකාර කිරීම සභාවේ වගකීමකි.

මෙම වැදගත් සකස් කිරීම් පිළිබඳව, වැඩිමහල් ක්වින්ටින් එල්. කුක් විසින් දැන් පහදනු ලබයි. පලමු සභාපතීන්ව මන්ත්‍රණසභාවේ සියලු සාමාජිකයින්ද, සහ අපෝස්තුලුවරු දොලොස්දෙනාගේ ඝණපූර්ණයෙන්ද එකමුතුවෙන් මෙම පණිවිඩය සහතික කරන ලදී. වැඩිමහල් කුක් ඉදිරිපත් කිරීමට යන සැලැස්මයන්ගේ දියුණුවට හා ක්‍රියාපටිපාටි සදහා සාමාජිකයන් පෙළඹවීමට ලැබීම ගැන අපි එතුමන්ට කෘතඥ වෙමු.

මාගේ සහෝදර සහෝදරියනි මා දෙවියන්වහන්සේ ජීවත් වන බව දනිමි! යෙසුස්වහන්සේ ක්‍රිස්තුස්වාහන්සේය! උන්වහන්සේගේ යටහත් සේවකයන් වෙත උන්වහන්සේගේ අනාවැකියෙන් සහ එලිදරව්වෙන් මග පෙන්වන, උන්වහන්සේගේ සභාව “මෙයයි” මා ස්ථීරයෙන් සාක්ෂි දරන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ නාමයෙන්. ආමෙන්.