ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 44


44 වන කොටස

1831 පෙබරවාරි මස අවසාන කාලයේදී, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. මේ අනුව සකස් කරන ලද්දාවූ අවශ්‍යතාවයන්ට අනුකූලව, ජුනි මස මුල සිට සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සභාව නියම කරගන්නා ලදි.

1–3, වැඩිහිටියන් සභාවේ රැස්විය යුතු වන්නේය; 4–6, ඔවුන් දේශයේ නීතින්ට අනුව සංවිධානය වී, තවද දුප්පතුන්ට සැලකිය යුතුය.

1 බලන්න, ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක මාගේ සේවකයිනි, මාගේ සභාවේ වැඩිහිටියන්, නැගෙනහිරින්ද බටහිරින්ද, තවද උතුරින්ද දකුණින්ද, ලිපියක් මගින් හෝ වෙනත් ආකාරයෙන්, එකට කැඳවීම මා තුළ යෝග්‍ය වන්නේය.

2 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, තවද මා තුළ ඇදහිල්ල ක්‍රියාකරවන්නේද, එනම් ඔවුන් එක්ව ඔවුන්ව රැස්කරගන්නා දවසේදී ඔවුන් මත මම මාගේ ආත්මය වගුරුවන්නෙමි.

3 තවද එය මෙසේ සිදුවන්නේය එනම් අවට අසල වූ ප්‍රදේශ වෙතට ඔවුන් යමින්, තවද ජනතාව වෙතට පසුතැවිල්ල දේශනා කරන්නෝය.

4 තවද එනම් නුඹලා මනුෂ්‍ය නීතියට අනුව නුඹලාව සංවිධානය කිරීමට බලය ලබාගන්නා තරමටම, බොහෝ අයවළුන්ව හරවනු ලබන්නෝය;

5 එනම් නුඹලාගේ සතුරන්ට නුඹලා මත බලයක් නොවන්නේය; එනම් නුඹලා සියලු කාරණා තුළදී සුරැකෙන්නෝය; එනම් නුඹලාට මාගේ නීතීන් පිළිපදින්නට හැකිවන්නේය; එනම් මාගේ ජනතාව විනාශ කිරීමට සතුරන් සොයන්නාවූ ඒ ආකාර වූ සියලු බන්ධන බිඳ දමනු ලබන්නේය.

6 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා දුප්පතුන් හා අවශ්‍යතා ඇති අයව බැහැදකිමින් ඔවුන්ට සහනය සලසා දෙනු ලැබිය යුතු වන්නේය, එනම් නුඹලා විසින් ලබාගන්නා ලද මාගේ නීතියට අනුව සියලු දේවල් සිදුකරන තුරු ඔවුන්ව රැකගන්නා පිණිසය. ආමෙන්.