ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 120


120 වන කොටස

1838 ජූලි 8, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, 119 වන කොටස වන පෙර එළිදරව්වේ නම් කර ඇති පරිදි දසයෙන් කොටස ලෙස ලබාදුන් දේපළ සංවිධානය කිරීම දැන්වීම සඳහා, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් එය මාගේ සභාවේ පළමු සභාපතිත්වයද, තවද සභානායකවරයා සහ ඔහුගේ මන්ත්‍රණ සභාවද, තවද මාගේ උසස් මන්ත්‍රණ සභාවද එකතුව නිර්මාණය වී ඇති, මන්ත්‍රණ සභාව මගින් සංවිධානය කිරීම සඳහා කාලය දැන් පැමිණ ඇතැයි, ස්වාමින්වහන්සේ පවසන සේක. එය එසේම වන්නේය. ආමෙන්.