ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 19


19 වන කොටස

1830 ගිම්හාන කාලයේදී පමණ, මැන්චෙස්ටර්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ඔහුගේ ඉතිහාසයේ, අනාගතවක්තෘවරයා එය හඳුන්වාදී ඇත්තේ “එය සදාකාලික වූ උන්වහසේ විසින්, මාටින් හැරිස්ට ලබාදුන්, මනුෂ්‍යයාගේ නොව දෙවියන්වහන්සේගේ පණතක්” ලෙසය.

1–3, ක්‍රිස්තුස්වහන්සේට සියලු බලය ඇත්තේය; 4–5, සියලු මනුෂ්‍යයන් පසුතැවිලි විය යුතුය නැතහොත් වේදනා විඳිය යුුතුය; 6–12, සදාකාලික දඬුවම දෙවියන්වහන්සේගේ දඬුවම වන්නේය; 13–20, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලන් උදෙසා දුක්වින්ද සේක, එනම් ඔවුන් පසුතැවිලිවන්නේ නම් ඔවුන් විඳවිය යුතු නොවන්නේය; 21–28, පසුතැවිල්ලේ ශුභාරංචිය දේශනා කරන්න; 29–41, යහපත් ආරංචි ප්‍රකාශ කරන්න.

1 මම ඇල්ෆා සහ ඔමේගා, ක්‍රිස්තුස් වන ස්වාමින්වහන්සේ වෙමි; එසේය, ආරම්භයද අවසානයද, ලෝකෙයේ මිදුම්කරුවාණන්ද වන ඒ තැනැත්තා මම වෙමි.

2 මම, මා සම්බන්ධයෙන් පියාණන් වන උන්වහන්සේගේ, මා සම්බන්ධයෙන් වන කැමැත්ත සම්පූර්ණ කර අවසාන කළෙමි‍—ඒ මෙය කිරීමෙන් මා වෙතට සියලු දේවල් යටත්කර ගැනීමට මට හැකිවීම පිණිසය—

3 ලෝකය අවසානයේදී සහ අවසාන සහ මහත් වූ විනිශ්චය දවසේදී පවා සාතන් සහ ඔහුගේ ක්‍රියා විනාශ කිරීමට සියලු බලය රඳවාගන්නෙමි, තවද එහි වැසියන් මත, මා එය පනවනු ලබන්නේ සෑම මනුෂ්‍යයෙක්ම ඔහුගේ කටයුතු සහ ඔහු කරන ලද ක්‍රියා අනුව විනිශ්චය කිරීම මගින්ය.

4 තවද සැබවින්ම සෑම මනුෂ්‍යයෙක්ම පසුතැවිලි විය යුතුය, නැතහොත් විඳවිය යුතු වන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේ වන මම, අනන්තය.

5 එසේහෙයින්, මා විසින් දෙනු ලබන විනිශ්චයන් මම නැවත නොගන්නෙමි, නමුත් මාගේ වම් හස්තයේ සොයාගනු ලබනු තැනැත්තන් හට, එසේය, වේදනාවන් පෙරට යන්නේය, හැඬීමද, විලාපයද දත්මිටි කෑමද වන්නේය.

6 එසේවුවද, මෙම වද වේදනා වලට අවසානයක් නැතැයි ලියා නැත, නමුත් අවසානයක් නොමැති වද වේදනාවක් ලෙස ලියා ඇත.

7 නැවත, එය ලියා ඇත්තේ, සදාකාලික විනාශයක් ලෙසය; එසේහෙයින් එය අනෙකුත් ශුද්ධලියවිලි වලට වඩා පැහැදිලිය, එනම් එය මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත, මාගේ නාමයේ ගෞරවය උදෙසා එක්ව ක්‍රියා කරන පිණිසය.

8 එසේහෙයින්, මෙම අභිරහස මම නුඹලා හට පැහැදිලි කරන්නෙමි, මක්නිසාද මාගේ ප්‍රේරිතවරුන් ලෙස එය දැනගැනීම නුඹලාට සුදුසු වන්නේය.

9 මේ දෙය තුළ මා තෝරාගත් නුඹලාට මම කතා කරමි, එනම් එක් අයෙකු ලෙස වුවත්, නුඹලාට මාගේ විශ්‍රාමයට ඇතුල්විය හැකිය.

10 මක්නිසාද, බලන්න, දේවත්වයේ අභිරහස, එය කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේද! මක්නිසාද, බලන්න, මම අනන්ත වෙමි, තවද මාගේ හස්තයෙන් දෙනු ලබන දඬුවමද අනන්ත දඬුවමකි, මක්නිසාද අනන්තය යනු මාගේ නාමයයි. එසේහෙයින්—

11 සදාකාලික දඬුවම දෙවියන්වහන්සේගේ දඬුවම වන්නේය.

12 අනන්ත දඬුවම දෙවියන්වහන්සේගේ දඬුවම වන්නේය.

13 එසේහෙයින්, නුඹලාට පසුතැවිලි වීමට මම ආඥා කරන්නෙමි, තවද මාගේ සේවක වූ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ හස්තයෙන්, මාගේ නාමයෙන් නුඹලා ලැබූ ආඥාවන් පිළිපදින්න;

14 තවද ඒවා නුඹලාට ලැබී ඇත්තේ මාගේ සර්වබලධාරී බලය මගින්ය;

15 එසේහෙයින්, පසුතැවිලි වීමට මම නුඹලාට ආඥා කරන්නෙමි—මාගේ මුඛය නැමැති මුගුරෙන්, මාගේ කෝපයෙන්, සහ මාගේ උදහසින් පහරදී, නුඹලාගේ වේදනාවන් දරුණු නොවන පිණිස පසුතැවිලි වෙයල්ලා—එය කෙතරම් දරුණු දැයි නුඹලා නොදන්නෙහිය, කෙතරම් තදබල වන්නේ දැයි නුඹලා නොදන්නෙහිය, එසේය, දැරීමට කෙතරම් අසීරු දැයි නුඹලා නොදන්නෙහිය.

16 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේ වන මම, සියල්ලන් උදෙසා මෙම දේවල් විඳෙව්වෙමි, එනම් ඔවුන් පසුතැවිලි වන්නේ නම් ඔවුන් පීඩා නොවිඳින පිණිසය;

17 එහෙත් ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් මා‍ මෙන් වේදනා විඳිය යුතු වන්නේය;

18 මා, සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ දෙවියන් වුවත්, වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට, ශාරීරිකව සහ ආත්මික දෙයාකාරයෙන්ම, වේදනා විඳීමට සැලැස් වූ එම වේදනාව—තවද එනම් මා තිත්ත කුසලානෙන් බී, පසුබට නොවන පිණිසය—

19 එසේවුවද, මහිමය පියාණන්වහන්සේට වේවා, එමෙන්ම මම සහභාගි වී මනුෂ්‍ය දරුවන් වෙනුවෙන් මාගේ සූදානම අවසන් කළෙමි.

20 එසේහෙයින්, මාගේ සර්වබලධාරී බලයෙන් වුවත් නුඹව යටහත් නොකිරීම සඳහා, මම නුඹට පසුතැවිලි වීමට නැවතත් ආඥා කරන්නෙමි; තවද නුඹගේ පාපයන් නුඹ පාපොච්ඡාරණය කර, එය කුඩාම වූ, එසේය, ඉතාම ස්වල්ප වූ ප්‍රමාණයකින් වුවද, මාගේ ආත්මය මා ඉවතට ගත්විට නුඹ එසේ රසවිඳ ඇති අවම මට්ටමින් පවා, මා විසින් පවසන ලද‍ මෙම දඬුවම් නුඹ නොවිඳින පිණිසය.

21 තවද නුඹ පසුතැවිල්ල මිස කිසිවක් දේශනා නොකිරීමටත්, මා තුළ ප්‍රඥාව වන තුරු මෙම කිසිවක් ලෝකයට නොපෙන්වන්නටත් මම ආඥා කරන්නෙමි.

22 මක්නිසාද ඔවුන්ට මාංශ දැරිය නොහැකිය, නමුත් කිරි ඔවුන් ලැබිය යුත්තේය; එසේහෙයින්, ඔවුන් විනාශ නොවන පිණිස, ඔවුන් මේ දේවල් දැන නොසිටිය යුතු වන්නේය.

23 මාගෙන් ඉගෙනගන්න, තවද මාගේ වචනයන්ට සවන්දෙන්න; මාගේ ආත්මයේ යටහත්කමින් ගමන් කරන්න, තවද මා තුළ නුඹට සමාදානය වන්නේය.

24 මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි; මම පැමිණියේ පියාණන්වහන්සේගේ කැමැත්ත අනුවය, තවද මම උන්වහන්සේගේ කැමැත්ත කරමි.

25 තවද නැවතත්, එනම් නුඹ නුඹගේ අසල්වැසියාගේ භාර්‍යාවට ආශා කිරීම; හෝ නුඹගේ අසල්වැසියාගේ ජීවිතය සෙවීම හෝ නොකළ යුතු යැයි මම නුඹට ආඥා කරන්නෙමි.

26 තවද නැවතත්, නුඹ නුඹගේ ස්වකීය දේපළ වලට තණ්හා නොවිය යුතු යැයි මම නුඹට ආඥා කරන්නෙමි, නමුත් දෙවියන්වහන්සේගේ වචනය සහ සත්‍යය අඩංගු වූ එම මොර්මොන්ගේ පොත මුද්‍රණය කිරීමට එය නිර්ලෝභීව ලබාදෙන්න—

27 අන්‍ය ජාතිකයන්ට එය මාගේ වචනය වන්නේය, එනම් එය ඉක්මනින්ම ලාමන්වරුන්ගේ ඉතිරියක් වන යුදෙව්වරුන්ට යනු ඇත, එනම් ඔවුන් ශුභාරංචිය විශ්වාස කරමින්, තවද දැනටමත් පැමිණ සිටින මෙසියස්වහන්සේගේ පැමිණීම බලා නොසිටින පිණිසය.

28 තවද නැවතත්, එනම් නුඹ වාචිකව මෙන්ම නුඹගේ හදවතින්ද; එසේය, ලෝකය ඉදිරියේ මෙන්ම රහසිගතවද, ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකවද යාච්ඤා කළයුතු වන්නේ යැයි මම නුඹට ආඥා කරන්නෙමි.

29 තවද නුඹ යහපත් ආරංචි ප්‍රකාශ කළ යුතුය, එසේය, එය කඳු මතින්ද, සියලු උසස් ස්ථානයන් මතින්ද, බැලීමට අවසර ලැබූ සියලු ජනතාව අතරද ප්‍රකාශ කරන්න.

30 තවද නුඹ එය කළ යුතු වන්නේ, සියලු යටහත්කමින්, මා කෙරෙහි විශ්වාස කරමින්, අපහාස කරන්නන්ට විරුද්ධව අපහාස නොකිරීමෙන්ය.

31 තවද නිවැසියන් ගැන නුඹ කතා නොකරන්නෙහිය, එහෙත් නුඹ පසුතැවිල්ල සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලද, බව්තීස්මය තුළින් සහ ගින්දරෙන් සහ ශුද්ධාත්මයාණන් තුළින් පව් කමාව වුවත් ප්‍රකාශ කරන්නෙහිය.

32 බලන්න, මෙම කාරණාව සම්බන්ධව මා විසින් නුඹට දෙනු ලබන ශ්‍රේෂ්ඨතම සහ අවසාන ආඥාව මෙය වන්නේය; මක්නිසාද මෙය නුඹගේ දිනපතා ගමනට, ජීවිතයේ අවසානයට වුවත්, ප්‍රමාණවත් වන්නේය.

33 තවද‍ මෙම උපදේශයන් නුඹ නොසලකන්නේ නම් දුක්ඛිතකමද, එසේය, නුඹගේ සහ නුඹගේ දේපළ වල විනාශයද නුඹ ලබන්නේය.

34 නුඹගේ දේපළ වලින් කොටසක්, එසේය, නුඹගේ පවුලේ පෝෂණයට හැර, නුඹගේ භූමියෙන් කොටසක් වුවද දෙන්න.

35 මුද්‍රණකරුවා සමඟ නුඹ ගිවිසගත් ණය ගෙවන්න. බැඳීම් වලින් නුඹව මුදාහරින්න.

36 නුඹගේ පවුලේ අය දැකීමට නුඹ ආශා වන විට මිස, නුඹගේ ගෘහයෙන් සහ නිවසෙන් පිටවී සිටින්න;

37 තවද සියල්ලන්ටම නිදහස්ව කතා කරන්න; එසේය, හෝසන්නා, හෝසන්නා, ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා!—ලෙස හඬමින්, විශාල වූ හඬකින් වුවත්, ප්‍රශංසාවේ ශබ්දයක් සමඟ, දේශනා කරන්න, උනන්දු කරන්න, සත්‍යය ප්‍රකාශ කරන්න.

38 සැමවිටම යාච්ඤා කරන්න, තවද මම මාගේ ආත්මය නුඹ මත වගුරුවන්නෙමි, තවද නුඹගේ ආශිර්වාදයන් මහත් වන්නේය—එසේය, පොළොවේ වස්තූන් සහ එහි අන්තයට ගිය දූෂිත වූ නාස්තියට වඩා වුවත් නුඹ ලබාගන්නෙහිය.

39 බලන්න, ප්‍රශංසාවෙන් සහ නුඹගේ හදවතේ සතුටින් තොරව නුඹට මෙය කියවීමට හැක්කේද?

40 නැතහොත් අන්ධ මගපෙන්වන්නෙක් ලෙස තවදුරටත් නුඹට දිවිය හැකි වන්නේද?

41 නැතහොත් නුඹට යටහත් සහ නිහතමානී විය හැකිද, තවද මා ඉදිරියේ ප්‍රඥාවන්තව නුඹට හැසිරිය හැක්කේද? එසේය, නුඹගේ ගැලවුම්කරුවාණන් වූ මා වෙතට පැමිණෙන්න. ආමෙන්.