ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 45


45 වන කොටස

1831 මාර්තු 7, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් සභාවට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව පිළිබඳ වාර්තාවට පෙර ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි, “මිනිසුන් මෙම කාර්යය ගැන සොයාබැලීම හෝ මෙම ඇදහිල්ල වැළඳගැනීම වැළැක්වීම සඳහා … සභාවේ මේ යුගයේදී … බොහෝ අසත්‍ය වාර්තා … සහ අනුවණ කතන්දර, පළ කරන ලදි … එමෙන්ම බෙදාහරින ලදි. … නමුත් ශුද්ධවන්තයින්ගේ ප්‍රීතියට, … මට පහත සඳහන් දේ ලැබුණි.”

1–5, ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ අපගේ මැදහත්කරුවාණන් වන සේක; 6–10, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙර මාර්ගය පිළියෙල කරන්නාවූ පණිවිඩකරුවා ශුභාරංචිය වන්නේය; 11–15, ඊනොක් සහ ඔහුගේ සහෝදරයන්ව ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේ වෙතට පිළිගත් සේක; 16–23, ක්‍රිස්තුස්වහන්සේ ඔලිව් කන්දේදී දෙනු ලැබූ උන්වහන්සේගේ පැමිණීමේ සලකුණු එළිදරව් කළ සේක; 24–38, ශුභාරංචිය නැවත පිහිටුවනු ලබන්නේය, අන්‍ය ජාතිකයන්ගේ කාලය සම්පූර්ණ කරනු ලබන්නේය, තවද පාළුකිරීමේ රෝගයක් දේශය වසාගන්නේය; 39–47, සලකුණු, ආශ්චර්යයන්, සහ නැවත නැගිටීම දෙවන පැමිණීම සමඟ සිදුවන්නේය; 48–53, ක්‍රිස්තුස්වහන්සේ ඔලිව් කන්ද මත නැගී සිටින්නේය, තවද යුදෙව්වරුන් උන්වහන්සේගේ දෑත් වල සහ පාදයේ තුවාල කැළැල් දකින්නෝය; 54–59, ස්වාමින්වහන්සේ සහස්‍රය තුළ රජකරන සේක; 60–62, වැදගත් තොරතුරු දැනගැනීමට හැකිවන, අලුත් ගිවිසුම පරිවර්තනය කිරීම ආරම්භ කිරීමට, අනාගතවක්තෘවරයාට උපදෙස් ලැබී ඇත; 63–75, සියලු ජාතීන්ගේ ජනතාව පැමිණෙන, නව යෙරුසලම එක්රැස්ව ගොඩනැගීමට ශුද්ධවන්තයින්ට ආඥා කර ඇත.

1 අහෝ, රාජ්‍යය දෙනු ලැබ ඇති, මාගේ සභාවේ ජනතාව වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න; තවද පොළොවේ අත්තිවාරම දැමුවා වූද, ස්වර්ගය සහ එහි වූ සියලු සේනාවන් මැවූවා වූද, තවද ජීවත් වන, එහා මෙහා යන, ප්‍රාණයක් ඇති සියලු දේවල් මවා ඇති, උන්වහන්සේ හට නුඹලා උවමනාවෙන් සවන්දෙන්න එමෙන්ම කන්දෙන්න.

2 තවද නැවතත් මම පවසන්නෙමි, මාගේ හඬට උවමනාවෙන් සවන්දෙන්න, එනම් ගිම්හාන කාලය අවසන් නොවනු ඇතැයි, තවද අස්වැන්න අවසන් වී ඔබේ ආත්මය බේරුනේ නැතැයි ඔබ සිතන පැයකදී; මරණය නුඹලා පසුනොකරන පිණිසය.

3 පියාණන්වහන්සේ සමඟ මැදහත්කරුවාණන් වූ උන්වහන්සේ හට සවන්දෙන්න, පියාණන් ඉදිරියේ නුඹලාගේ කාරණය උන්වහන්සේ ආයාචනා කරන සේක—

4 මෙසේ කියන්නේය: පියාණෙනි, ඔබවහන්සේ ඉතා ප්‍රසන්න වූ, පව් නොකලා වූ ඔහුගේ විඳවීම සහ මරණය බලන්න; ඔබවහන්සේ මහිමයට පත්වන පිණිස දෙනු ලැබූ උන්වහන්සේගේ රුධිරය, ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ වැගිරූ රුධිරය බලන්න;

5 එසේහෙයින්, පියාණෙනි, එනම් මාගේ නාමය විශ්වාස කළ මාගේ මෙම සහෝදරයන් බේරාගන්න, එනම් ඔවුන් මා වෙතට පැමිණ තවද සදාකාල ජීවනය ලබාගන්නා පිණිසය.

6 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ සභාවේ ජනතාව වූ නුඹලා, තවද වැඩිහිටියන් වූ නුඹලා එක්ව සවන්දෙන්න, තවද වර්තමානයේ කතා කරමින් ඇති මාගේ හඬට සවන්දෙන්න, තවද නුඹලාගේ හදවත් දැඩිකර නොගන්න;

7 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි එනම් මම ඇල්ෆා සහ ඔමේගා වන්නෙමි, ආරම්භයද අවසානයද, ආලෝකය සහ ලෝකයේ ජීවනයද වන්නෙමි—එම අලෝකය අන්ධකාරයේ බබළන්නේය තවද අන්ධකාරය එය අවබෝධ නොකරන්නේය.

8 මම මාගේ ස්වකීයයන් වෙතට පැමිණියෙමි, තවද මාගේ ස්වකීයයෝ මා පිළිනොගත්තෝය; එහෙත් මා ලබාගත්තාවූ බොහෝ වූවන් හට මම බොහෝ හාස්කම් කිරීමටද, දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීමටද බලය දුන්නෙමි; තවද මාගේ නාමය කෙරෙහි විශ්වාස කළාවූ ඔවුන් හට සදාකාල ජීවනය ලබාගැනීමටද මම බලය දුන්නෙමි.

9 තවද මෙසේ වුවත් මම මාගේ සදාකාලික ගිවිසුම ලෝකය තුළට යවා ඇත්තෙමි, ලෝකයට ආලෝකයක් වන පිණිසද, මාගේ ජනතාවට සම්මතයක් වන පිණිසද, අන්‍ය ජාතිකයන් එය සොයන පිණිසද, මා මුහුණ ඉදිරියේ මා ඉදිරියේ මාර්ගය පිළියෙල කරන පිණිස පණිවිඩකරුවකුද වන පිණිසය.

10 එසේහෙයින්, නුඹලා එය වෙතට පැමිණෙන්න, තවද පැරණි දවස් වල මනුෂ්‍යයන් සමඟ මෙන් පැමිණෙන ඔහු සමඟ මම තර්ක කරමින්, තවද මම නුඹලාට මාගේ ශක්තිමත් තර්කයන් පෙන්වන්නෙමි.

11 එසේහෙයින්, නුඹලා එක්ව උවමනාවෙන් සවන්දෙමින් තවද මාගේ ප්‍රඥාව නුඹලා හට පෙන්වීමට මට ඉඩදෙන්න—එම ප්‍රඥාව නුඹලා විසින් ඊනොක්ගේ, සහ ඔහුගේ සහෝදරයන්ගේ දෙවියන්වහන්සේ යැයි පවසන උන්වහන්සේගේය.

12 කවරෙකුව පොළොව වෙතින් වෙන්කරගනු ලදුව, තවද මා වෙතට ලබාගත්තෙමි—මාගේ ධර්මිෂ්ඨ දවස පැමිණෙන තුරු ඒ නගරය වෙන්කර ඇත—සියලු ශුද්ධ මනුෂ්‍යයන් විසින් ඒ දවස සොයා ඇත, තවද ඔවුන්ට එය දුෂ්ටකම සහ පිළිකුල්කම් නිසා සොයාගත නොහැකි විය;

13 තවද ඔවුන් පොළොවේ ආගන්තුකයන් සහ වන්දනාකරුවන් බව ප්‍රකාශ කළහ;

14 එහෙත් එනම් ඔවුහු එය සොයාගැනීමට සහ ඔවුන්ගේ මාංශයෙන් එය දැකීමට පොරොන්දුවක් ලබාගත්හ.

15 එසේහෙයින්, උවමනාවෙන් සවන්දෙන්න තවද මම නුඹ සමඟ ඉදිරියේදී තර්ක කරන්නෙමි, තවද පැරණි දවස් වල මනුෂ්‍යයන් හට මෙන්, තවද මම නුඹලා හට කතා කර අනාවැකි පවසන්නෙමි.

16 තවද මම ඔවුන් ඉදිරියේ මාංශයෙන් යුතුව නැගී සිට, මම මාගේ ගෝලයන් හට එය පෙන්වූ ලෙස, මම සරලව එය පෙන්වන්නෙමි, තවද ඔවුන් හට මෙසේ කියමින්, කතා කරන්නෙමි: මාගේ පැමිණීමේ සලකුණු සම්බන්ධව නුඹලා මාගෙන් ඇසූ ලෙස, මම මාගේ මහිමයෙන් ස්වර්ගයේ වලාකුළු මතින් පැමිණෙන දවසේ, නුඹලාගේ පියවරුන්ට මා විසින් කරන ලද පොරොන්දුව සම්පූර්ණ කරන්නෙමි.

17 මක්නිසාද නුඹලාගේ ආත්මයන් දීර්ඝ කාලයක් නුඹලාගේ ශරීර වල නොමැති වීම වහල්භාවයක් ලෙස නුඹලා දැක ඇති හෙයින්, මම නුඹලාට මිදීමේ දවස පැමිණෙන ආකාරයද, එසේම විසිරුණු ඉශ්‍රායෙලය නැවත පිහිටුවීමට පැමිණෙන ආකාරයද පෙන්වන්නෙමි.

18 තවද දැන් නුඹලා යෙරුසලමේ ඇති මෙම දේවමාළිගාව බලන්න, එය නුඹලා දෙවියන්වහන්සේගේ ගෘහය යැයි පවසති, තවද එනම් මෙම ගෘහය කවරදාකවත් නොවැටෙන්නේ යැයි නුඹලාගේ සතුරෝ පවසන්නෝය.

19 එහෙත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එම මහත් විනාශය මෙම පරම්පරාව මත රාත්‍රියේ සතුරෙකු මෙන් පැමිණෙන්නේය, තවද මෙම ජනතාව විනාශ වී සියලු ජාතීන් අතර විසිරී යනු ලබන්නෝය.

20 තවද දැන් නුඹලා දකින මෙම දේවමාළිගාව එනම් එහි එක් ගලක් අනෙක මත නොතිබෙන ලෙස පහතට විසිකර දමනු ලබන්නේය.

21 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් ඔවුන් සම්බන්ධව මා විසින් නුඹලාට ප්‍රකාශ කරන ලද එම සෑම මහත් විනාශයක්ම පැමිණෙන තුරු මෙම යුදෙව් පරම්පරාව පහව නොයන්නේය.

22 ලෝකයේ අවසානය පැමිණෙන බව නුඹලා දන්නේ යැයි නුඹලා පවසන්නෝය; එසේම එනම් ස්වර්ගයන් සහ පොළොව පහව යන බව නුඹලා දන්නේ යැයිද නුඹලා පවසන්නෝය;

23 තවද මේ තුළ නුඹලා සත්‍ය ලෙස පවසන්නෝය, මක්නිසාද එය එසේ වන්නේය; එහෙත් මම නුඹලාට කතා කළ මෙම දේවල් සියල්ල සම්පූර්ණ වන තුරු පහව නොයන්නේය.

24 තවද මම මෙය නුඹලාට කියන ලද්දේ යෙරුසලම සම්බන්ධයෙනි; තවද එම දවස පැමිණෙන විට, සියලු ජනතාවන් අතර ඉතිරි වූවන්ව විසුරුවා හරින්නේය;

25 එහෙත් ඔවුන්ව නැවතත් රැස්කරගනු ලබන්නේය; එහෙත් අන්‍ය ජාතීන්ගේ කාලය සම්පූර්ණ වන තුරු ඔවුහු සිටින්නෝය.

26 තවද එම දවසේදී යුද්ධයන්ද එමෙන්ම යුද්ධයන් පිළිබඳ කටකතාද ඇසෙන්නේය, තවද මුළු පොළොවම කලබල වන්නේය, තවද මනුෂ්‍යයන්ගේ හදවත් ඔවුන්ව අධෛර්යමත් කරන්නේය, තවද එනම් පොළොවේ අවසානය පැමිණෙන තුරු ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම උන්වහන්සේ පමාකරන්නේ යැයි ඔවුහු පවසන්නෝය.

27 තවද මනුෂ්‍යන්ගේ ප්‍රේමය හීනවන්නේය, තවද අයුතුකම වැඩිවන්නේය.

28 තවද අන්‍ය ජාතිකයන්ගේ දවස පැමිණෙන විට, අන්ධකාරයේ වාඩි වී සිටින ඔවුන් අතරට ආලෝකයක් වහා පැමිණෙන්නේය, තවද එය මාගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය වන්නේය;

29 එහෙත් ඔවුන් එය පිළිගන්නේ නැත; මක්නිසාද ඔවුහු ආලෝකය තේරුම් නොගත්තෝය, තවද මනුෂ්‍යයන්ගේ ඉගැන්වීම් නිසා ඔවුන්ගේ හදවත් මා වෙතින් හරවා ගත්තෝය.

30 තවද එම පරම්පරාව තුළ අන්‍ය ජාතින්ගේ කාලය සම්පූර්ණ වන්නේය.

31 තවද එහි එම පරම්පරාවේ මනුෂ්‍යයන් නැගී සිටිනු ඇත, එනම් මහත් පීඩා පිරී ඉතිරී යෑමක් ඔවුන් දකින තුරු එය පහව නොයන්නේය; මක්නිසාද පාළුකරන අසනීපය දේශය වසාගන්නේය.

32 එහෙත් මාගේ ගෝලයන් ශුද්ධ වූ ස්ථානයන්හි නැගී සිටින්නෝය, තවද ඉවත්ව නොයන්නෝය; එහෙත් දුෂ්ටයන් අතර, මනුෂ්‍යයෝ ඔවුන්ගේ හඬවල් ඔසවමින් දෙවියන්වහන්සේට ශාප කරමින් මරණයට පත්වන්නෝය.

33 තවද එහි එසේම විවිධ ස්ථානයන්හි භූමිකම්පා හටගන්නේය, තවද බොහෝ මහත් විනාශ වීම්ද වන්නේය; එහෙත් මනුෂ්‍යයෝ ඔවුන්ගේ හදවත් මට විරුද්ධව දැඩිකරගන්නෝය, තවද ඔවුහු එකිනෙකාට විරුද්ධව කඩු අරගන්නෝය, තවද ඔවුහු එකිනෙකාව මරන්නෝය.

34 තවද දැන්, ස්වාමින්වහන්සේ වන මම මාගේ ගෝලයන්ට මෙම වචන ප්‍රකාශ කළ විට, ඔවුහු කනස්සළු වූහ.

35 තවද මම ඔවුන් හට පැවසුවෙමි: කනස්සළු නොවන්න, මක්නිසාද, මෙම සියලු දේවල් සිදුවන විට, නුඹලා හට කළා වූ පොරොන්දු සම්පූර්ණ වන බව නුඹලා දැනගන්නෙහුය.

36 තවද එවිට ආලෝකය පැමිණීම ආරම්භ වන විට, මම නුඹලා හට පෙන්වන එය ඔවුන් සමඟ උපමාවක් මෙන් වන්නේය—

37 නුඹලා ඔලිව් ගස දෙස බලා දැක, තවද නුඹලා එය නුඹලාගේ දෑස් දෙකෙන්ම දැක, තවද දළු පිටතට පැමිණීමට ආරම්භ වන විට, සහ ඒවායේ කොල තවමත් මෘදුව ඇති විට, එනම් ගිම්හානය දැන් ආසන්න යැයි නුඹලා කියන්නෝය;

38 එසේ වුවද එම දවසේදී මෙම සියලු දේවල් ඔවුන් එවිට දකින්නෝය, එවිට ඔවුහු පැය ආසන්න යැයි දැනගන්නෝය.

39 තවද එය මෙසේ සිදුවන්නේය එනම් මා හට බියවන්නාවූ ඔහු ස්වාමින්වහන්සේගේ එම මහත් දවසේ පැමිණීමද, තවද මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීමේ සලකුණ උදෙසාද වුවත් බලාසිටින්නේය.

40 තවද ඔවුහු සලකුණුද පුදුමයන්ද දකින්නෝය, මක්නිසාද ඒවා ඉහළ ස්වර්ගයන්හිද පහළ පොළොවෙහිද පෙන්වනු ලබන්නේය.

41 තවද ඔවුහු රුධිරයද, ගින්දරද, දුම් වලාපටලයන්ද දකින්නෝය.

42 තවද ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන්නට පෙර, හිරු අඳුරු වන්නේය, තවද සඳ රුධිරය බවට හැරෙන්නේය, තවද ස්වර්ගයෙන් තාරුකා වැටෙන්නේය.

43 තවද ඉතිරි වූ අයව මෙම ස්ථානයට රැස්කරගනු ලබන්නේය;

44 තවද එවිට ඔවුහු මාව සොයන්නෝය, තවද, බලන්න, මම පැමිණෙන්නෙමි; තවද ස්වර්ගයේ වලාකුළු අතර, බලයෙන් සහ මහත් මහිමයෙන් යුතුව; සියලු ශුද්ධ වූ දේවදූතයන් සමඟ මා සැරසී සිටිනවා ඔවුහු දකින්නෝය; තවද මා උදෙසා බලා නොසිටින ඔවුන්ව කපාදමනු ලබන්නේය.

45 එහෙත් ස්වාමින්වහන්සේගේ හස්තය වැටීමට පෙර, දේවදූතයෙක් ඔහුගේ හොරණෑව ශබ්ද කරන්නේය, තවද නින්දට වැටුනු ශුද්ධවන්තයෝ පෙරට පැමිණ වලාකුළු අතර මුණගැසෙන්නෝය.

46 එසේහෙයින්, නුඹලා සමාදානයේ සැතපෙන්නේද නුඹලා ආශිර්වාද ලද්දෝය; මක්නිසාද නුඹලා දැන් මා දෙස බලා මා සිටින බව දැනගෙන සිටින ලෙසම, ඒ අකාරයෙන් නුඹලා මා වෙතට පැමිණෙන්නේද නුඹලාගේ ප්‍රාණයන් ජීවත් වන්නෝය, තවද නුඹලාගේ මිදීම පරිපූර්ණ වන්නේය; තවද ශුද්ධවන්තයෝ පොළොවේ සතර කොණින් පෙරට පැමිණෙන්නෝය.

47 එවිට ස්වාමින්වහන්සේගේ හස්තය ජාතීන් මත වැටෙන්නේය.

48 තවද එවිට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පාදය මෙම කන්ද මත තබන සේක, තවද එය දෙකට බෙදී යන්නේය, තවද පොළොව වෙව්ලන්නේය, තවද එහාට මෙහාට පෙරලෙන්නේය, තවද එසේම ස්වර්ගයන්ද සෙලවන්නේය.

49 තවද ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හඬින් ප්‍රකාශ කරන්නේය, තවද පොළොවේ සියලු අන්තයන් එය අසන්නෝය; තවද පොළොවේ ජාතීහු ශෝකයට පත්වන්නෝය, තවද එනම් සිනහ වූ ඔවුන් ඔවුන්ගේ අනුවණකම දකින්නෝය.

50 තවද අපහාස කරන්නාව විපත්තිය වසාගන්නේය, තවද නින්දා කරන්නාව නැතිවී යනු ලබන්නේය; තවද අයුතුකම උදෙසා බලා සිටින අයව කපනු ලැබ ගින්නෙහි දමනු ලබන්නෝය.

51 තවද එවිට යුදෙව්වෝ මා දෙස බලා මෙසේ කියන්නෝය: ඔබවහන්සේගේ අත් වල සහ පාද වල ඇත්තාවූ මෙම තුවාල මොනවාද?

52 එවිට මම ස්වාමින්වහන්සේ බව ඔවුහු දැනගන්නෝය; මක්නිසාද මම ඔවුන් හට පවසන්නෙමි: මෙම තුවාල මාගේ මිතුරන්ගේ නිවස තුළ තුවාල වූ එම තුවාල වන්නේය. ඔසවනු ලැබූ ඒ තැනැත්තා මම වෙමි. කුරුසිපත් වූ එම යේසුස් මම වන්නෙමි. මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන්නෙමි.

53 තවද එවිට ඔවුන්ගේ අයුතුකම් නිසා ඔවුන් වැලපෙන්නෝය; එවිට ඔවුන්ගේ රජුන්ට හිංසා කළ නිසා ඔවුන් විලාප නගන්නෝය.

54 තවද එවිට විජාතික ජාතීහු මුදවනු ලබන්නෝය, තවද නීතියක් දැන නොසිටි ඔවුන් පළමු මරණයෙන් නැවත නැගිටීමේ කොටස්කරුවන් වන්නෝය; තවද එය ඔවුන්ට දරාගත හැකිවන්නේය.

55 තවද සාතන්ව බඳිනු ලබන්නේය, එනම් ඔහුට මනුෂ්‍ය දරුවන්ගේ හදවත් වල කිසිම ස්ථානයක් නොවන්නේය.

56 තවද එම දවසේදී, මම මාගේ මහිමයෙන් පැමිණෙන කල, මා විසින් පැවසූ කන්‍යාවියන් දස දෙනාගේ උපමාව සම්පූර්ණ වන්නේය.

57 මක්නිසාද ප්‍රඥාවන්ත වූ සහ සත්‍යය ලබාගත් ඔවුන්, තවද ඔවුන්ගේ මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේ ලබාගත්, තවද රැවටීමට ලක්නොවූ ඔවුන්—සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ව කපනු ලැබ ගින්නෙහි දමනු නොලබන්නේය, එහෙත් එම දවසේදී ජීවත් වන්නෝය.

58 තවද පොළොව ඔවුන්ගේ උරුමයක් කොට දෙනු ලබන්නේය; තවද ඔවුහු වැඩි වී ශක්තිමත් වනු ලබන්නෝය, තවද ඔවුන්ගේ දරුවන් ගැලවීම වෙතට පාපයෙන් තොරව වැඩෙනු ලබන්නෝය.

59 මක්නිසාද ස්වාමින්වහන්සේ ඔවුන් මධ්‍යයේ වන සේක, තවද උන්වහන්සේගේ මහිමය ඔවුන් මත වන්නේය, තවද උන්වහන්සේ ඔවුන්ගේ රජුන්ද තවද ඔවුන්ගේ නිතීදායකයාණන්ද වන සේක.

60 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි, එය තවදුරටත් අලුත් ගිවිසුම පරිවර්තනය කරන තුරු, මෙම පරිච්ඡේදය සම්බන්ධව නුඹට දැනගැනීමට නොදෙන්නෙමි, තවද ඒ තුළ මෙම සියලු දේවල් දැනගැනීමට සලස්වන්නෙමි;

61 එසේහෙයින් දැන් එය පරිවර්තනය කිරීමට නුඹට දෙන්නෙමි, එනම් පැමිණෙන දේවලට නුඹව සූදානම් කරන පිණිසය.

62 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එම මහත් වූ දේවල් නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින්නේය;

63 නුඹලා විදේශීය දේශයන්හි යුද්ධයන් අසන්නෝය; එහෙත්, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, ඒවා ආසන්නය, නුඹලාගේ දොර අසල වුවත් වන්නේය, තවද මෙතැන් සිට නුඹලාගේ ස්වකීය දේශයන්හිද යුද්ධයන් ඇසීමට බොහෝ කාලයක් ගත නොවන්නේය.

64 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, මෙසේ පවසා ඇත, නැගෙනහිර දේශයන්ගෙන් නුඹලා පිටතට රැස්වෙයන්න, මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා නුඹලාව එක්රැස් කොට ගනින්න; බටහිර රටවල් වෙතට නුඹලා පෙරට යන්න, තවද එම පදිංචිකරුවන්ව පසුතැවිල්ලට කැඳවන්න, තවද එපමණකින් ඔවුන් පසුතැවිලි වන්නේද, මා වෙතට සභාවන් ගොඩනගන්න.

65 තවද එක් හදවතක් සමඟින් සහ එක් මනසක් සමඟින්, මෙයින් පසුව නුඹලා හට නියම කරන උරුමයන් මිලදී ගන්නා පිණිස නුඹලාගේ පොහොසත්කම් රැස්කරගන්න.

66 තව එය නව යෙරුසලම, සමාදානයේ දේශයක්, රැකවරණය සපයන නගරයක්, ඉතා මහෝත්තම වූ තැනැන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් උදෙසා ආරක්ෂිත ස්ථානයක් යැයි නම් කරනු ලබන්නේය;

67 තවද ස්වාමින්වහන්සේගේ මහිමය එහි වන්නේය, තවද ස්වාමින්වහන්සේගේ භීතියද එහි වන්නේය, එපමණකින් එනම් දුෂ්ටයන් එහි නොපැමිණෙනු ඇත, තවද එය සයොනය යැයි නම් කරනු ලබන්නේය.

68 තවද එය මෙසේ දුෂ්ටයන් අතර සිදුවන්නේය, එනම් අසල්වැසියාට විරුද්ධව තම කඩුව නොගන්නා සෑම මනුෂ්‍යයාම ආරක්ෂාව සඳහා සයොනයට පලා යා යුතු වන්නේය.

69 තවද එහි ස්වර්ගය යටින් වූ සියලුම ජාතීන් වෙතින් ඒ වෙතට රැස්කරනු ලබන්නේය; තවද එහි එකිනෙකා සමඟ යුද්ධ කරනොගන්නා එකම ජනතාව එය වන්නේය.

70 තවද එය දුෂ්ටයන් අතර මෙසේ කියනු ලබන්නේය: සයොනයට විරුද්ධව යුද්ධයට අප නොයා යුතුය, මක්නිසාද සයොනයේ පදිංචිකරුවන් භයානක වේ; එසේහෙයින් අපට නැඟී සිටීමට නොහැකි වන්නේය.

71 තවද එය මෙසේ සිදුවන්නේය එනම් ධර්මිෂ්ඨයන්ව සියලුම ජාතින් අතරින් පිටතට රැස්කරගනු ලබන්නේය, තවද සදාකාලික ප්‍රීතියක් සමඟින් ගීතීකා ගයමින්, සයොනයට පැමිණෙන්නෝය.

72 තවද දැන් මම නුඹලා හට පවසන්නෙමි, එය මා තුළ යෝග්‍ය වනතුරු මෙම දේවල් ලෝකය වෙතට විශාල ලෙස යෑමෙන් වළක්වාගත යුතුය, එනම් නුඹලා මෙම ක්‍රියාව ජනතාවගේ ඇස් ඉදිරියේ සහ නුඹලාගේ සතුරන්ගේ ඇස් ඉදිරියේ සම්පූර්ණ කරන පිණිසය, එනම් මා ආඥා කළ දේවල් නුඹලා සම්පූර්ණ කරන තුරු, නුඹලාගේ ක්‍රියාවන් ඔවුන් දැන නොගන්නා පිණිසය.

73 එනම් එවිට ඔවුන් එය දැනගන්නා විට, මේ දේවල් ඔවුන් සලකාබලනු ඇත.

74 මක්නිසාද ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන විට ඔවුන් හට උන්වහන්සේ භීතියක් වන්නේය, එනම් භීතිය ඔවුන් මත ග්‍රහණය වන්නේය, තවද ඔවුන් නැඟිට දුරස්ව සිටිමින් වෙව්ලන්නේය.

75 තවද සියලු ජාතීහු ස්වාමින්වහන්සේගේ භයංකාරකම සහ උන්වහන්සේගේ බලය සහ ශක්තිය නිසාද බිය වන්නෝය. එය එසේම වන්නේය. ආමෙන්.