ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 74


74 වන කොටස

1830, වේන් ප්‍රාන්තය, නිව්යෝර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. සභාව සංවිධානය කිරීමට පෙර සිටම, අනාගතවක්තෘවරයාව මෙම විෂය පිළිබඳව පිළිතුරු සෙවීමට මගපාදමින්, නිසි ලෙස බව්තීස්ම කිරීමේ ආකාරය පිළිබඳව ප්‍රශ්න මතුවිය. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය සඳහන් කරන පරිදි මෙම එළිදරව්ව, ළදරු බව්තීස්මය සාධාරණීකරණය කිරීම සඳහා බොහෝවිට භාවිතා කර ඇති ශුද්ධලියවිල්ලක් වන, 1 කොරින්ති 7:14 හි පැහැදිලි කිරීමකි.

1–5, ඔහුගේ දවස් වල සභාවට පාවුල් මෝසෙස්ගේ නීතිය පිළිපැදීමට උපදෙස් දෙයි; 6–7, කුඩා දරුවන් ශුද්ධය තවද වන්දිගෙවීම තුළින් පරිශුද්ධ වී සිටින්නෙහුය.

1 මක්නිසාද නොඇදහිලිවන්ත ස්වාමියාව භාර්යාව මගින් පරිශුද්ධ කරනු ලබන්නේය, තවද නොඇදහිලිවන්ත භාර්යාවව ස්වාමියා තුළින් පරිශුද්ධ කරනු ලබන්නේය; නුඹලාගේ දරුවන් අපිරිසිඳුව සිටියේද, එහෙත් දැන් ඔවුන් ශුද්ධය.

2 දැන්, ප්‍රේරිතවරුන්ගේ දවස් වලදී චර්මඡේදනයේ නීතිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස නොකළ සියලු යුදෙව්වන් අතර විය.

3 තවද එය මෙසේ සිදුවිය එනම් එහි ජනතාව අතර චර්මඡේදනයේ නීතිය පිළිබඳ මහත් විවාදයක් නැගිණි, මක්නිසාද නොඇදහිලිවන්ත ස්වාමියා කැමැතිවූයේ එනම් ඔහුගේ දැරුවන් චර්මඡේදනය කළ යුතුව තවද මෝසෙස්ගේ නීතිය යටතට, එනම් නීතිය සම්පූර්ණ කරන ලද නීතිය යටතට, පැමිණිය යුතුවීමටය.

4 තවද එය මෙසේ සිදුවිය එනම් දරුවන්, මෝසෙස්ගේ නීතියට යටත්ව ගෙන එනු ලදුව, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්ට ඇහුම්කන් දී, තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස නොකළෝය, එමගින් ඔවුන් අශුද්ධ බවට පැමිණියෝය.

5 එසේහෙයින්, මෙම කාරණාව නිසා සභාව වෙතට, ඔවුන් හට ආඥාවක් දෙමින් ප්‍රේරිතවරයා මෙසේ ලීවේය, එය ස්වාමින්වහන්සේ කෙරෙන් නොව, ඔහු කෙරෙන් විය, ඔවුන් අතරින් මෝසෙස්ගේ නීතිය ඉවත් කිරීමෙන් මිස, එනම් ඇදහිලිවන්තයා නොඇදහිලිවන්තයා සමඟ එකතු නොවිය යුතුය,

6 එනම් ඔවුන්ගේ දරුවන් චර්මඡේදනයෙන් තොරව පවතින පිණිසය; මක්නිසාද එය යුදෙව්වන් අතර තිබූ, එනම් කුඩා දරුවන් අශුද්ධ බව පවසන, එම සම්ප්‍රදාය ඉවත් වන පිණිසය;

7 එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පරිශුද්ධ කරනු ලැබූ, කුඩා දරුවන් ශුද්ධය; තවද ශුද්ධලියවිල්ලේ තේරුම මෙය වන්නේය.