ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 33


33 වන කොටස

1830 ඔක්තෝම්බර්, ෆෙයිට්, නිව්යෝර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් එස්රා තයිරේ සහ නොර්ත්රොප් ස්වීට් හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව හඳුන්වාදෙමින්, “උද්යෝගීමත්ව ඇදහිල්ලෙන් සොයන්නේ නම් උපදෙස් දීමට සැමවිට … ස්වාමින්වහන්සේ සූදානම් බව” ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය ස්ථිර කරයි.

1–4, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එකොළොස්වන පැයේදී සේවකයන් කැඳවනු ලබන්නේය; 5–6, සභාව පිහිටුවා ඇත්තේය, තවද තෝරාගත් අයව රැස්කරනු ලබන්නේය; 7–10, පසුතැවිලි වන්න, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලංව තිබේ; 11–15, සභාව ගොඩනගනු ලබන්නේ ශුභාරංචිය වූ පර්වතය මතය; 16–18, මනමාලයාගේ පැමිණීම උදෙසා සූදානම් වන්න.

1 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක එස්රා සහ නොර්ත්‍රොප්, නුඹලාගේ කන් විවෘත කොට තවද ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දෙන්න, කවරෙකුගේද වචන ඉක්මන්ය තවද බලවත්ය, සන්ධි සහ ඇට මිඳුළු, ප්‍රාණය සහ ආත්මය, බෙදා වෙන්කිරීමට, දෙමුවහත් කඩුවකට වඩා තියුණුය; තවද හදවතේ සිතුවිලි සහ අභිප්‍රායන් තේරුම්ගන්නෙක්ය.

2 මක්නිසාද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි එනම් නුඹලා කැඳවා ඇත්තේ නුඹලාගේ හඬ ඔසවා හොරණෑවක ශබ්දය සමඟින් මෙන්, වංක සහ දුෂ්ට පරම්පරාවකට මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමටය.

3 මක්නිසාද බලන්න, අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; තවද එය එකොළොස්වන පැය වන්නේය, තවද මාගේ මිදිවත්තට සේවකයන් කැඳවන අවසාන අවස්ථාව වන්නේය.

4 තවද මාගේ මිදිවත්තේ සෑම කුඩා කොටසක්ම දූෂිතභාවයට පත්වී ඇත්තේය; තවද එහි ස්වල්පයක් හැරුනු විට යහපත් කිසිවෙක් නොමැත්තේය; තවද පූජක උපායන් නිසා, සියල්ලන්ගේම මනස දූෂිතව ඔවුහු බොහෝ අවස්ථාවන්හිදී වැරදි කරති.

5 තවද සැබවක් සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මෙම සභාව මා විසින් පිහිටුවා තවද වනාන්තරය වෙතින් පිටතට කැඳවා ඇත.

6 තවද එසේම මා කෙරෙහි විශ්වාස කරන, තවද මාගේ හඬට උවමනාවෙන් සවන්දෙන, මාගේ තෝරාගත්තවුන්, බොහෝ අය, මම පොළොවේ සතර කොනින් වුවත් රැස්කරන්නෙමි.

7 එසේය, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් අස්වැන්න නෙලාගැනීම සඳහා කෙත දැනටමත් සූදානම්ය; එසේහෙයින්, නුඹලාගේ දෑකැති දමා, තවද නුඹලාගේ සියලු බලයෙන්, මනසෙන් සහ ශක්තියෙන් කපාගන්න.

8 නුඹලාගේ මුඛයන් විවෘත කරන්න තවද ඒවා පුරවනු ලබන්නේය, තවද නුඹලා යෙරුසලමේ සිට වනාන්තරට ගමන්ගත් පුරාණ නෙපි මෙන් වන්නෝය.

9 එසේය, නුඹලාගේ මුඛය විවෘත කරන්න තවද වළක්වා නොගනින්න, තවද නුඹලාගේ පිට මත ධාන්‍ය ගෝනි දරන්නෙහුය, මක්නිසාද බලව, මම නුඹලා සමඟ වන්නෙමි.

10 එසේය, නුඹලාගේ මුඛය විවෘත කරන්න තවද ඒවා පුරවනු ලබන්නේය, මෙසේ පවසන්න: පසුතැවිලි වන්න, පසුතැවිලි වන්න, එමෙන්ම නුඹලා ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න, තවද උන්වහන්සේගේ මාර්ග සමතලා කරන්න; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලංව තිබේ;

11 එසේය, නුඹලා සෑම කෙනෙක්ම, නුඹලාගේ පව් කමාව උදෙසා, පසුතැවිලිව තවද බව්තීස්ම වන්න; එසේය, ජලයෙන් වුවත් බව්තීස්ම වන්න, තවද එවිට ගින්දර සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බව්තීස්මය පැමිණෙන්නේය.

12 බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මෙය මාගේ ශුභාරංචිය වන්නේය; තවද එනම් මතක තබාගන්න ඔවුන් මා කෙරෙහි ඇදහිල්ල තිබිය යුතුය, නැතහොත් කිසිවිටෙකත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැකි වන්නේය;

13 තවද මෙම පර්වතය මත මම මාගේ සභාව ගෙඩනගන්නෙමි; එසේය, මෙම පර්වතය මත නුඹලාව ගොඩනගා ඇත්තෙහුය, තවද නුඹලා නොකඩවා පවතින්නේ නම්, නුඹලාට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත.

14 තවද නුඹලා සභාවේ අනුශාසනා සහ ගිවිසුම් පිළිපැදීමට මතක තබාගත යුතු වන්නෝය.

15 තවද ඇදහිල්ල ඇති කවරෙකුව වුවත්, අත් තැබීම මගින්, නුඹලා මාගේ සභාවේ ස්ථිර කරන්නෙහුය, තවද ඔවුන් මත ශුද්ධාත්මයාණන්ගේ දීමනාව මම වගුරුවන්නෙමි.

16 තවද මොර්මොන්ගේ පොත සහ ශුද්ධලියවිලි මා දී ඇත්තේ නුඹලාගේ උපදේශය උදෙසාය; තවද මාගේ ආත්මයේ බලය සියලු දේවල් ඉක්මන් කරන්නේය.

17 එසේහෙයින්, ඇදහිල්ලෙන් සිටින්න, නිතර යාච්ඤා කරන්න, නුඹලාගේ පහන් සූදානම් කොට දල්වාගන්න, තවද තෙල් නුඹලා සමඟ තබාගන්න, එනම් මනමාලයාගේ පැමිණීමට නුඹලා සූදානම්ව සිටින පිණිසය—

18 මක්නිසාද බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මම ඉක්මණින් පැමිණෙන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.