ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 51


51 වන කොටස

1831 මැයි 20, තොම්ප්සන්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කාලයේදී නැගෙනහිර පළාත් වලින් සංක්‍රමණය වන ශුද්ධවන්තයෝ ඔහායෝ වෙත ලඟාවීමට පටන්ගත්තෝය, එමෙන්ම ඔවුන්ගේ වාසස්ථාන උදෙසා නියමිත සැලැස්මක් තිබීම අවශ්‍ය විය. තවද මෙම ව්‍යාපෘතිය සභානායකවරයාගේ තනතුරට අයත් වූ කාර්යයක් වූ නිසා, සභානායක එඩ්වර්ඩ් පැට්‍රිජ් මෙම කාරණය සම්බන්ධයෙන් උපදෙස් සෙවූ අතර, තවද අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසුවේය.

1–8, එඩ්වර්ඩ් පැට්‍රිජ් භාරකාරත්වය සහ දේපළ පාලනයට පත්කරනු ලැබීය; 9–12, ශුද්ධවන්තයන් අවංකව ගණුදෙනු කිරීමත් සහ ඒකාකාරව ලැබීමත් සිදුවිය යුතුය; 13–15, ඔවුන් සභාපතිවරයාගේ ගබඩා ගෘහයක් ඇතිව තවද ස්වාමින්වහන්සේගේ නීතියට අනුව දේපළ සංවිධානය කිරීම කළ යුතුය; 16–20, ඔහායෝ තාවකාලිකව රැස්විය යුතු ස්ථානය වන්නේය.

1 මා හට උවමනාවෙන් සවන්දෙන්න, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ පවසන සේක, තවද මම මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් හට කතා කර, තවද ඔහු හට මගපෙන්වීම් දෙන්නෙමි; මක්නිසාද මෙම ජනතාව සංවිධානය කළ යුත්තේ කෙසේදැයි යන්න ඔහුට මගපෙන්වීම් ලැබීම අවශ්‍යතාවයක් විය යුතුමය.

2 මක්නිසාද එනම් ඔවුන් මාගේ නීති වලට අනුව සංවිධානය වීම අවශ්‍යම වන්නේය; එසේ නොවන්නේ නම්, ඔවුන්ව නෙරපා දමනු ලබන්නේය.

3 එසේහෙයින්, මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ට සහ මම ඉතා ප්‍රසන්න වන ඔහු විසින් තෝරාගත් අයට, සෑම මනුෂ්‍යයාම සමානව ඔහුගේ පවුලට අනුව, ඔහුගේ අවස්ථාවන්ට සහ ඔහුගේ වුවමනාවන්ට සහ අවශ්‍යතා අනුව, මෙම ජනතාව හට ඔවුන්ගේ කොටස් නියම කිරීමට ඉඩදෙන්න.

4 තවද මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ට, ඔහු යම් මනුෂ්‍යයෙක්ව ඔහුගේ කොටසට පත් කරනු ලැබූ විට, නීති සහ සභාවේ ගිවිසුම් වලට අනුව, ඔහු වරදට පත්ව තවද සභාවේ හඬින් සභාවට අයත් වීමට සුදුසු නොවන බව ගණන්ගන්නා තුරු, එනම් සභාව තුළ මෙම අයිතිය සහ මෙම උරුමය වුවත්, ඔහු එය දරා සිටින පිණිස, ඔහුට ඔහුගේ කොටස සුරක්ෂිත වන පිණිස ඔහුට ලියවිල්ලකින් දෙන්නට ඉඩදෙන්න.

5 තවද ඔහු වරදට පත්ව තවද සභාවට අයිතිවීමට නොවටිනා බවට ගණන්ගන්නේ නම්, එනම් එය ඔහු විසින් සභානායකවරයා හට මාගේ සභාවේ දුප්පතුන් සහ අවශ්‍යතා ඇත්තන්ට කැපකර ඇති, එම කොටස නැවත ලබාගැනීමට ඔහුට බලයක් නොවන්නේය; එසේහෙයින්, ඔහුට දීමනාව රඳවාගත නොහැකි වන්නේය, එහෙත් ඔහුට ලියා දී ඇති එම කොටසට පමණක් අයිතිය ඇත්තේය.

6 තවද මෙසේ සියලු දේවල්, දේශයේ නීතීන් වලට අනුව ස්ථිර කරනු ලබන්නේය.

7 තවද එනම් මෙම ජනතාවට අයිති වූ එය මෙම ජනතාවට පත්කර දෙනු ලබන්නේය.

8 තවද මෙම ජනතාව හට වෙන් කරනු ලැබූ මුදල්—මෙම ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව, මුදල් ගෙන ආහාර සහ වස්ත්‍ර ලබාදීම උදෙසා, මෙම ජනතාව හට නියෝජිතයෙකු එහි පත්කළ යුතු වන්නේය.

9 තවද සෑම මනුෂ්‍යයෙක්ම අවංකව ගණුදෙනු කරමින්, මෙම ජනතාව අතර එක සමානව සිටිමින්, තවද එක සමානව ලබමින්, මම නුඹලාට ආඥා කලාක් මෙන් වුවත්, එනම් නුඹලා ඒකත්වයක්ව සිටිත්වා.

10 තවද එනම් මෙම ජනතාවට අයත් වූ දේවල් රැගෙන එනම් වෙනත් සභාවක අයට නොදීමට වගබලාගන්න.

11 එසේහෙයින්, වෙනත් සභාවක් මෙම සභාවේ මුදල් ලබන්නේ නම්, ඔවුන්ට මෙම සභාවට නැවතත් ඔවුන් එකඟ වන ආකාරයට ගෙවීමට ඉඩදෙන්න;

12 තවද මෙය කළ යුතු වන්නේ සභානායකවරයා හෝ සභාවේ හඬ මගින් පත්කරනු ලබන නියොජිතයා තුළිනි.

13 තවද නැවතත්, සභානායකවරයාට මෙම සභාවට ගබඩා ගෘහයක් නියම කිරීමට ඉඩදෙන්න; තවද සියලු දේවල් මුදල් සහ ආහාර දෙකම, මෙම ජනතාවගේ අවශ්‍යතාවයන් සහ වුවමනාවන්ට වඩා වැඩි නම්, ඒවා සභානායකවරයාගේ අත්වල තිබීමට සලස්වන්න.

14 තවද ඔහුට එසේම ඔහුගේ ස්වකීය අවශ්‍යතාවයන් උදෙසාද, ඔහුගේ පවුලේ අවශ්‍යතාවයන් උදෙසාද, මෙම ගණුදෙනු ක්‍රියාදාමයේ ඔහු සේවය කරන හෙයින්, ඔහු කෙරෙහිද වෙන්කරගැනීමට ඉඩදෙන්න.

15 තවද මෙසේ මම මෙම ජනතාවට මාගේ නීතීන්ට අනුකූලව ඔවුන්ව සංවිධානය කරගැනීමේ වරප්‍රසාදය දෙන්නෙමි.

16 ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් උදෙසා වෙනත් ආකාරයකින් සලසා දී, තවද මේ ස්ථානයෙන් යෑමට ඔවුන්ට ආඥා කරන තුරු, තවද මම ඔවුන් හට කුඩා කාලයකට මෙම දේශය කැප කරන්නෙමි.

17 තවද පැය සහ දවස ඔවුන් හට දී නොමැත්තේය, එසේහෙයින් ඔවුන් හට මෙම දේශයේ වසර කිහිපයක් ක්‍රියාත්මක වීමට ඉඩදෙන්න, තවද මෙය ඔවුන් වෙතට ඔවුන්ගේ යහපත උදෙසා හැරෙනු ඇත.

18 බලන්න, වෙනත් ස්ථානයන් තුළ, සියලු සභාවන් තුළ, මෙය මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් හට උදාහරණයක් වනු ඇත.

19 තවද ඇදහිලිවන්ත, සාධාරණ, තවද ප්‍රඥාවන්ත භාරකරුවෙකු බව සොයාගන්නා කවරෙකු වුවද, ඔහුගේ ස්වාමින්වහන්සේගේ ප්‍රීතිය තුළට ඇතුලුව, සදාකාල ජීවනය උරුම කරගන්නේය.

20 සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි, නුඹලා නොසිතන පැයෙහිදී, ඉක්මණින් පැමිණෙන තැනැන්වහන්සේ වෙමි. එය එසේම වන්නේය. ආමෙන්.