ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 2


2 වන කොටස

මැන්චෙස්ටර්, නිව්යෝර්ක් හි අනාගතවක්තෘවරයාගේ පියාගේ නිවසේ සිටියදී, 1823 සැප්තැම්බර් 21 සන්ධ්‍යාවේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හට මොරෝනි දේවදූතයා විසින් කියන ලද ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසයට සම්බන්ධ වචන වල උද්ධෘතයකි. මොර්මොන්ගේ පොත ලෙස ලෝකය ඉදිරියේ දැන් ඇති වාර්තාව සිදුකළ ඉතා දිගු පෙළක ඉතිහාසඥයන්ගෙන් මොරෝනි අන්තිමයා වේ. (මලාකි 4:5–6; එසේම 27:9; 110:13–16; සහ 128:18 කොටස් සසඳන්න.)

1, පූජකවරය එලියා විසින් එළිදරව් කරයි; 2–3, පියවරුන්ගේ පොරොන්දු දරුවන්ගේ හදවත් තුළ පැළකරනු ලබයි.

1 බලන්න, ස්වාමින්වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර, මම නුඹලාට ආනගතවක්තෘ එලියාගේ හස්තයෙන් පූජකවරය එළිදරව් කරන්නෙමි.

2 තවද ඔහු දරුවන්ගේ හදවත් තුළ පියවරුන්ට කරන ලද පොරොන්දු පිහිටුවනු ඇත, තවද දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරෙනු ඇත.

3 එය එසේ නොවන්නේ නම්, මුළු පොළොව උන්වහන්සේගේ පැමිණීමේදී සම්පූර්ණයෙන් විනාශ වනු ඇත.