ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 91


91 වන කොටස

1833 මාර්තු 9, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කාලයේදී අනාගතවක්තෘවරයා පරණ ගිවිසුම පරිවර්තනයේ යෙදී සිටියේය. අපොක්‍රයිෆා ලෙස නම් කරන ලද පැරණි ලියවිලි කොටසට පැමිණ, ඔහු ස්වාමින්වහන්සේගෙන් විමසනු ලදුව තවද මෙම උපදේශය ලැබිණි.

1–3, අපොක්‍රයිෆා වැඩිහරියක් නිවැරදිව පරිවර්තනයකර ඇති නමුත් මනුෂ්‍යයන්ගේ අත් වලින් ඇතුළත් වී ඇති බොහෝ සත්‍ය නොවන අතුරු දේවල් එහි අන්තර්ගත වේ; 4–6, එහි ප්‍රයෝජනය ආත්මයාණන්වහන්සේ මගින් ආලෝකවත් වූ අයවළුන්ටය.

1 සැබවක්, අපොක්‍රයිෆා සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක—එහි සත්‍ය වූ බොහෝ දේවල් ඇතුළත් වී ඇත්තේය, තවද ඒවා බෙහෙවින් නිවැරදිව පරිවර්තනය කර ඇත්තේය;

2 එහි සත්‍ය නොවන බොහෝ දේවල්ද ඇතුළත් වී ඇත්තේය, ඒවා මනුෂ්‍යයන්ගේ අත් වලින් ඇතුළත් වී ඇති අතුරු දේවල්ය.

3 සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් එම අපොක්‍රයිෆා පරිවර්තනය කළ යුතුවීම අවශ්‍ය නොවන්නේය.

4 එසේහෙයින්, එය කියවන්නාවූ කවරෙකු වුවත්, ඔහු එය තේරුම්ගනිත්වා, මක්නිසාද ආත්මයාණන්වහන්සේ සත්‍යය එළිදරව් කරන සේක;

5 තවද ආත්මයාණන්වහන්සේ මගින් ආලෝකමත් වූ කවරෙකු වුවද එමගින් ප්‍රයෝජනය ලබන්නේය;

6 තවද ආත්මයාණන්වහන්සේ මගින් ලබානොගන්නාට, ප්‍රයෝජනයක් නොවන්නේය. එසේහෙයින් එනම් එය පරිවර්තනය කළයුතු වීම අවශ්‍ය නොවන්නේය. ආමෙන්.