ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 118


118 වන කොටස

1838 ජූලි 8, ෆාර් වෙස්ට්, මිසුරි හිදී, “ස්වාමිනි, දොළොස්දෙනා සම්බන්ධව ඔබගේ කැමැත්ත අපට පෙන්වනු මැනව” යන ආයාචනයට ප්‍රතිචාර වශයෙන්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි.

1–3, දොළොස්දෙනාගේ පවුල් උදෙසා ස්වාමින්වහන්සේ සපයන සේක; 4–6, දොළොස්දෙනාගේ පුරප්පාඩු සම්පූර්ණ කරන ලදි.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉක්මණින් සම්මන්ත්‍රණයක් පවත්වන්න; දොළොස්දෙනා සංවිධානය වීමට සලස්වන්න; තවද වැටුනවුන්ගේ ස්ථානය වෙනුවෙන් මනුෂ්‍යයන්ව පත්කරනු ලබන්නට සලස්වන්න.

2 මාගේ සේවක තෝමස් හට, මාගේ වචනය ප්‍රකාශනය කිරීම සඳහා, සයොන දේශයේ කාලයකට පැවතීමට සලස්වන්න.

3 ඉතිරි වූවන් හට එම පැයෙහි සිට දේශනා කිරීමට සලස්වන්න, තවද ඔවුන් මෙය හදවතේ සියලු යටහත්පහත්කමින්, මෘදුකමින් සහ නිහතාමානීකමින්, තවද දිගුදරාගැනීමෙන් කරන්නේ නම්, ස්වාමින්වහන්සේ වන මම, එනම් ඔවුන්ගේ පවුල් වලට මම සපයනු ලබන බවට පොරොන්දුවක් ඔවුන් හට ලබාදෙන්නෙමි; තවද මෙතැන් පටන්, ඔවුන් උදෙසා ප්‍රතිඵලදායක දොරටුවක් විවෘත කරදෙන්නෙමි.

4 තවද ඊළඟ වසන්තයේදී ඔවුන්ට මහත් ජලය මතින් යමින් පිටත්වීමටද, තවද එහි මාගේ ශුභාරංචියද, එහි පූර්ණත්වයද පතුරුවන්නටද, තවද මාගේ නාමයෙන් සාක්ෂි දරන්නටද සලස්වන්න.

5 ඊළඟ අප්‍රියෙල් මාසයේ විසි-හය වන දින, මාගේ ගෘහය ගොඩනගන ස්ථානයේදී, ෆාර් වෙස්ට් නගරයේ මාගේ ශුද්ධවන්තයන්ගෙන් වෙන්වී යාමට ඔවුන්ට ඉඩදෙන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

6 මාගේ සේවක ජෝන් ටේලර්, සහ එමෙන්ම මාගේ සේවක ජෝන් ඊ. පේජ්, සහ එසේම මාගේ සේවක විල්ෆර්ඩ් වුඩ්රෆ්, සහ එසේම මාගේ සේවක විලියම් රිචර්ඩ්ස් යන අයව, එම වැටුනාවූ අයගේ ස්ථානයන් වෙනුවෙන් පිරවීමට පත්කරගන්න, තවද ඔවුන්ගේ පත්වීම නීත්‍යානුකූලව දන්වන්න.