ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 37


37 වන කොටස

1830 දෙසැම්බර්, ෆෙයිට්, නිව්යෝර්ක් අසල, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කාල පරිච්ඡේදයේදී රැස්කිරීම සම්බන්ධයෙන් පළමු ආඥාව මේ ආකාරයෙන් දෙනු ලබන්නේය.

1–4, ශුද්ධවන්තයන්ව ඔහායෝ හි රැස්කරනු ලැබීමට කැඳවනු ලබයි.

1 බලන්න, මම නුඹ හට පවසන්නෙමි එනම් නුඹ ඔහායෝ වෙතට යනතුරු තවදුරටත් පරිවර්තනය කළ යුතුවීම යෝග්‍ය යැයි මම නොසිතන්නෙමි, තවද මෙය සතුරන් නිසා සහ නුඹගේ යහපත සඳහාය.

2 තවද නැවතත්, මම නුඹ හට පවසන්නෙමි එනම් මෙම කොටස් තුළ මාගේ ශුභාරංචිය නුඹලා දේශනා කරන තුරු පිටත්ව නොයන්න, තවද සභාව කවරාකාර ස්ථානයක සම්බවන්නේද, තවද වඩාත් විශේෂයෙන් කොල්ස්විල් හිද, එය සවිමත් කරන්න; මක්නිසාද, බලන්න, ඔවුහු මා හට මහත් ඇදහිල්ලකින් යාච්ඤා කරන්නෙහුය.

3 තවද නැවතත්, මම සභාව වෙතට ආඥාවක් දෙන්නෙමි, මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි ඔවුන් වෙතට හැරී එන කාලය සූදානම් වන තෙක්, එනම් ඔවුන් ඔහායෝ හිදී එක්ව රැස්විය යුතුවීම මා තුළ යෝග්‍ය වන්නේය.

4 බලන්න, මෙය ප්‍රඥාව වන්නේය, තවද මා පැමිණෙන තුරු සෑම මනුෂ්‍යයෙකු හටම ඔහු උදෙසාම තෝරාගැනීමට ඉඩදෙන්න. එය එසේම වන්නේය. ආමෙන්.