ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 134


134 වන කොටස

1835 අගෝස්තු 17, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, පැවැත්වූ සභාවේ ප්‍රධාන රැස්වීමකදී ඒකමතික ඡන්දයෙන් සම්මත වූ, ආණ්ඩු සහ පොදු නීති පිළිබඳ විශ්වාසයේ ප්‍රකාශයකි. දහම සහ ගිවිසුම් හි පළමු සංස්කරණයේ යෝජිත අන්තර්ගතයන් ගැන සලකාබැලීමට බොහෝ ශුද්ධවන්තයින් එක්රැස් විය. එවකට, මෙම ප්‍රකාශනයට පහත සඳහන් ප්‍රාරම්භය ලබාදී ඇත: “එනම් පොළොවේ ආණ්ඩු සහ එහි පොදු නීති සම්බන්ධයෙන් අපගේ විශ්වාසය වැරදි ලෙස අර්ථකථනය කිරීම හෝ වරදවා වටහාගැනීමක් සිදුනොවිය යුතු වීම සඳහා, මෙම වෙළුම අවසානයේ, ඒ සම්බන්ධව අපගේ මතය ඉදිරිපත් කිරීම සුදුසු යැයි අපි සිතුවෙමු.”

1–4, ආණ්ඩු විසින් හෘදසාක්ෂියට අනුව ක්‍රියාකිරීමේ නිදහස සහ නමස්කාරය ආරක්ෂා කළ යුතුය; 5–8, සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ ආණ්ඩු පිළිගනිමින් තවද ගෞරවය දක්වමින් තවද නීතියට සමාදරය කළ යුතුය; 9–10, ආගමික සමාජ පොදුජන බලයන් ක්‍රියාත්මක නොකළ යුතුය; 11–12, මනුෂ්‍යයන් හට ඔවුන්ව සහ ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීමට සාධාරණීකරණය කර ඇත.

1 අපි විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේ විසින් ආණ්ඩු පිහිටුවා ඇත්තේ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය උදෙසා බවය; තවද නීති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම යන දෙකෙහිදීම, සමාජයේ යහපත සහ ආරක්ෂාව සඳහා, ඒවා සම්බන්ධයෙන් මනුෂ්‍යයින්ගේ ක්‍රියා සම්බන්ධව වගකීම උන්වහන්සේ ඔවුන් හටම ලබාදී ඇත.

2 අපි විශ්වාස කරන්නේ, හෘදසාක්ෂියට අනුව ක්‍රියාකිරීමේ නිදහස, දේපළ පාලනය සහ අයිතිය, සහ ජීවිතය ආරක්ෂා කරගැනීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය ආරක්ෂා කිරීම උල්ලංඝනය නොවන ලෙස එවැනි නීති සම්පාදනය කොට පවත්වාගැනීමෙන් හැර, කිසිඳු ආණ්ඩුවකට සාමයෙන් පැවතිය නොහැකි බවය.

3 අපි විශ්වාස කරන්නේ ඒ සඳහා සියලු රාජ්‍යයන්ට නීතිය බලගැන්වීමට සිවිල් නිලධාරීන් සහ මහේස්ත‍්‍රාත්වරුන් අවශ්‍ය බවය; තවද එය ජනරජයක් නම් එම ජනතාවගේ හඬ මගින්, එවැනි අය නීතිය යුක්ති සහගතව සහ සාධාරණව ක්‍රියාත්මක කරන්නේදැයි සොයා තහවුරු කළ යුතුය.

4 අපි විශ්වාස කරන්නේ ආගම දෙවියන්වහන්සේ විසින් ස්ථාපනය කළ බවය; තවද මනුෂ්‍යයින්ගේ ආගමික මත අනෙක් අයගේ අයිතිවාසිකම් සහ නිදහස කඩකරන්නට ඔවුන්ව පොළඹවන්නේ නැතිනම්, එහි ක්‍රියාත්මක කිරීම උදෙසා, මනුෂ්‍යයින් උන්වහන්සේට, තවද උන්වහන්සේට පමණක්ම, වගකිව යුතු වන්නෝය; එහෙත් මනුෂ්‍යයන්ගේ හෘදසාක්ෂිය අනුව ක්‍රියා කිරීම සීමාකර නීති පනවමින් නමස්කාරයට බාධා කිරීමටත්, එමෙන්ම පොදු හෝ පුද්ගලික ඇදහීම සඳහා විධි විධාන පමුණුවීමටත්, මනුෂ්‍ය නීතියට අයිතියක් ඇති බව අපි විශ්වාස නොකරන්නෙමු; සිවිල් මහෙස්ත‍්‍රාත්වරුන් අපරාධයන් වැළැක්විය යුතුය, එහෙත් හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීම කිසිවිටෙකත් පාලනය නොකළ යුතුය; වරදකරුවන්ට දඬුවම් දිය යුතුය, එහෙත් කිසිවිටෙකත් ප්‍රාණයේ නිදහස මර්ධනය නොකළ යුතුය.

5 අපි විශ්වාස කරන්නේ විවිධ ආණ්ඩු මගින් ඔවුන්ට ආවේණික සහ අන්සතු කළ නොහැකි අයිතීන් ආරක්ෂා කරන අතරතුර, සියලු මනුෂ්‍යයන් ඔවුන් පදිංචිව සිටින්නාවූ ස්ථානයේ ආණ්ඩු අනුමත කිරීමට සහ පිළිගැනීමට බැඳී සිටින බවය; තවද මෙසේ ආරක්ෂා කරනු ලබන සෑම පුරවැසියෙකුටම රාජද්‍රෝහිකම සහ විරුද්ධවාදීකම සුදුසු නොවන අතර, තවද ඒ සඳහා දඬුවම් ලැබිය යුතු වන්නේය; තවද සියලු ආණ්ඩු වලට ඔවුන්ගේ විනිශ්චයට අනුව, පොදු ජනතාවගේ යහපත සඳහා එවැනි නීති නීතිගත කිරීමට අයිතියක් ඇත; ඒ ආකාරයටම, කෙසේවෙතත්, හෘදසාක්ෂියට අනුව ක්‍රියා කිරීමේ නිදහසද ශුද්ධව තබාගත යුතු වන්නේය.

6 අපි විශ්වාස කරන්නේ එනම් සෑම මනුෂ්‍යයෙකුම, අහිංසකයන්ගේ ආරක්ෂාව සහ වරදකරුවන්ට දඬුවම් දීම උදෙසා පත්කර ඇති, පාලකයන් සහ මහේස්ත්‍රාත්වරුන් ලෙස ඔහුගේ තත්වයේ ගෞරව ලැබිය යුතු බවය; තවද නීති සඳහා සියලු මනුෂ්‍යයින් විසින් ගෞරවය සහ සමාදරය පෙන්විය යුතු වන්නේය, ඒවායෙන් තොරව සාමය සහ සමාදානය වෙනුවට අරාජකත්වය සහ භීතිය ඇතිවන්නේය; මානව නීති සම්පාදනය කොට ඇත්තේ පුද්ගලයන් සහ ජාතීන් වශයෙන්, මිනිසා සහ මිනිසා අතර, අපගේ අවශ්‍යතා නියාමනය කිරීමේ අරමුණ විදහා දැක්වීම සඳහාය; තවද ඇදහිල්ල සහ නමස්කාරය සඳහා, අධ්‍යාත්මික අවශ්‍යතා පිළිබඳ නීති නියම කරමින්, දිව්‍යමය නීති ස්වර්ගයෙන් ලබාදී ඇත, මේ නීති දෙවර්ගය සඳහාම මනුෂ්‍යයා විසින් ඔහුගේ මැවුම්කරුවාණන්ට පිළිතුරු දිය යුතු වන්නේය.

7 අපි විශ්වාස කරන්නේ පාලකයන්, ප්‍රාන්ත, සහ ආණ්ඩු වලට සියලු පුරවැසියන්ට ඔවුන්ගේ ආගමික විශ්වාස නිදහසේ ක්‍රියාත්මක කිරීම සඳහා, නීති සම්පාදනය කිරීමෙහි අයිතියක් ඇති බවත් තවද ඔවුන් ඒ සඳහා බැඳී සිටින බවත්ය; එහෙත් නීති සඳහා ඔවුන් සැලකිල්ල සහ ගෞරවය පෙන්වමින් සහ එවැනි ආගමික මත රාජද්‍රෝහිකම හෝ කුමන්ත්‍රණ යුක්තිසහගත බව පිළිනොගන්නා තාක්, මෙම වරප්‍රසාදය පුරවැසියන්ගෙන් පැහැරගැනීමට, හෝ ඔවුන්ගේ මත වලදී ඔවුන්ව තහනම් කිරීමට, ඔවුන්ට සාධාරණ අයිතියක් ඇති බව අපි විශ්වාස නොකරන්නෙමු.

8 අපි විශ්වාස කරන්නේ අපරාධ ක්‍රියා සඳහා එම වරදේ ස්වභාවය අනුව දඬුවම් ලබාදිය යුතු බවය; එනම් මිනීමැරීම, රාජද්‍රෝහිකම, මංකොල්ලකෑම, සොරකම, සහ පොදු සාමය උල්ලංඝනය කිරීම, යන ඒවා සඳහා, ඒවායේ අපරාධ ස්වභාවය සහ මනුෂ්‍යයින් අතර නපුර වර්ධනය කිරීමේ නැඹුරුව සැලකිල්ලට ගනිමින්, වරද සිදුකර ඇති ස්ථානයේ එම ආණ්ඩුවේ නීති මගින් දඬුවම් කළ යුතු වන්නේය; තවද පොදු සාමය සහ සාමකාමී බව සඳහා සියලු මනුෂ්‍යයින් එම අපරාධකරුවන්ව දඬුවම් ලැබීම සඳහා යහපත් නීති ඉදිරියට ගෙන ඒමට ඔවුන්ගේ හැකියාව භාවිතා කරමින් ඉදිරිපත් විය යුතු වන්නෝය.

9 සිවිල් ආණ්ඩුව සමඟ ආගමික බලපෑම් මිශ‍්‍ර කිරීමද, එමගින් එක් ආගමික සමාජයක් පෝෂණය කරමින් තවද තව එකක ආත්මික වරප්‍රසාදයන්, සහ පුරවැසියන් ලෙස එහි සාමාජිකයන්ගේ පුද්ගලික අයිතිවාසිකම් තහනම් කිරීම සාධාරණ බව අපි විශ්වාස නොකරන්නෙමු.

10 අපි විශ්වාස කරන්නේ සියලුම ආගමික සමාජයන්ට ඒවායේ සාමාජිකයන්ගේ අක්‍රමික හැසිරීම් වෙනුවෙන්, එම සමාජයන්හි නීති සහ රෙගුලාසි වලට අනුව ක්‍රියාකිරීමට අයිතියක් ඇති බවය; එවැනි ගණුදෙනු සිදුවිය යුත්තේ සාමුහිකත්වය සහ යහපත් පැවැත්ම කරුණුකොටගෙනය; එහෙත් කිසිඳු ආගමික සමාජයකට මනුෂ්‍යයින්ගේ දේපළ හෝ ජීවිතය යන, මේ ලෝකයේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් ඉවතට ගැනීමට, හෝ ඔවුන්ගේ ජීවිතයේ හෝ ශරීර අංගයක් අනතුරට ලක්කිරීමට, හෝ ඔවුන් මත කිසිඳු ශාරීරික දඬුවමක් ඇතිකිරීමට බලයක් ඇති බව අපි විශ්වාස නොකරමු. ඔවුන්ට සිදුකළ හැක්කේ ඔවුන්ව ඔවුන්ගේ සමාජයෙන් නෙරපාහැරීම, සහ ඔවුන්ගේ සාමුහිකත්වයෙන් ඉවත්කිරීම පමණක්ය.

11 අපි විශ්වාස කරන්නේ, පුද්ගලික අපයෝජනයට ලක්වූ විට හෝ දේපළ හෝ චරිතයේ අයිතිය උල්ලංඝනය වන විට, ඒවා ආරක්ෂා කරන නීති පවතින විට, සියලුම වැරදි සහ දුක්ගැනවිලි විසඳීම සඳහා මනුෂ්‍යයින් සිවිල් නීතියට ආයාචනා කළ යුතු බවය; එහෙත් නීතියට එසැණින් ආයාචනා කළ නොහැකි සහ සහන සැලසිය නොහැකි අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී, සියලුම පුද්ගලයින්ගේ නීති විරෝධී පහරදීම් සහ ආක්‍රමණ වලින්, ඔවුන්වම, ඔවුන්ගේ මිතුරන්ව, සහ දේපළ, සහ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සියලුම මනුෂ්‍යයින් සඳහා සාධාරණ බව අපි විශ්වාස කරන්නෙමු.

12 අපි විශ්වාස කරන්නේ පොළොවේ ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීම, තවද ධර්මිෂ්ඨයින්ට ඔවුන්ව ලෝකයේ දූෂණය වෙතින් ගලවාගැනීමට අනතුරු ඇඟවීම සාධාරණ බවය; එහෙත් වහල් සේවකයන් සමඟ මැදිහත් වීම, එසේම ඔවුන්ට ශුභාරංචිය දේශනා කිරීම, නැතහොත් ඔවුන්ගේ ස්වාමියාගේ කැමැත්ත සහ අභිප්‍රායට එරෙහිව ඔවුන්ව බව්තිස්ම කිරීම, නැතහොත් මේ ජීවිතයේ ඔවුන්ගේ තත්වය සමඟ සුලුවෙන්වත් ඔවුන්ව අසතුටට පත්කිරීම සඳහා කාරණයක් වීම හෝ ඔවුන්ව පෙළඹවීම, එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීම, නිවැරදි යැයි අපි විශ්වාස නොකරන්නෙමු; එවැනි මැදිහත්වීම් නීතිවිරෝධි සහ ආසාධාරණ බවත්, තවද මනුෂ්‍යයින්ව වහල්කමේ තැබීමට ඉඩතබා ඇත්තාවූ සියලුම ආණ්ඩු වල සමාදානයට එය අනතුරක් බවත් අපි විශ්වාස කරන්නෙමු.