ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 39


39 වන කොටස

1831 ජනවාරි 5, ෆෙයිට්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ජේම්ස් කොවල් හට දෙනු ලැබූ එළිදරව්වකි. වසර හතලිහක් පමණ මෙතෝදිස්ත පූජකවරයෙකුව සිටි, ජේම්ස් කොවල්, ස්වාමින්වහන්සේ ඔහුට ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙන ඕනෑම ආඥාවකට කීකරු වන්නේ යැයි ඔහු ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම්කොට ගත්තේය.

1–4, ශුද්ධවන්තයන්ට දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වීමට බලය ඇත්තේය; 5–6, ශුභාරංචිය ලබාගැනීම යනු ක්‍රිස්තුස්වහන්සේව ලබාගැනීමය; 7–14, ජේම්ස් කොවල්ට බව්තීස්ම වී ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ වෙහෙස වීමට ආඥා කරනු ලබයි; 15–21, ස්වාමින්වහන්සේගේ සේවකයන් දෙවෙනි පැමිණීමට පෙර ශුභාරංචිය දේශනා කළයුතු වන්නේය; 22–24, ශුභාරංචිය ලබාගන්නා එම අයව මේ කාලයටත් සහ සදාකාලයටත් රැස්කරනු ලබනු ඇත.

1 සියලු සදාකාලයෙන් සියලු සදාකාලය වෙතට වූ උන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න, ශ්‍රේෂ්ඨ තැනැන්වහන්සේ මම වන්නෙමි, තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි—

2 ලෝකයේ ආලෝකයද ජීවනයද වන්නාවූ; අන්ධකාරයේ බැබළෙන්නාවූ එම ආලෝකය වන්නෙමි, තවද අන්ධකාරය එය තේරුම්නොගනියි;

3 මාගේ ස්වකීයයන් වෙතට කාලයේ සුදුසු අවස්ථාවේදී පැමිණි එම තැනැත්තාම වන්නෙමි, තවද මාගේ ස්වකීයයෝ මා පිළිනොගත්තෝය;

4 නමුත් මා පිළිගත්තාවූ බොහෝ අයට, මාගේ පුත්‍රයන් වීමට මම බලය දුන්නෙමි; තවද එසේවුවද බොහෝ අයවළුන් මා පිළිගන්නා තරමටම, මාගේ පුත්‍රයන් වීමට බලය මම දෙන්නෙමි.

5 තවද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ ශුභාරංචිය ලබාගන්නා ඔහු මා ලබාගන්නේය; තවද මාගේ ශුභාරංචිය ලබානොගන්නා ඔහු එනම් මා ලබානොගන්නේය.

6 තවද මෙය මාගේ ශුභාරංචියයි—පසුතැවිල්ල සහ ජලය මගින් බව්තීස්මයද, එවිට ඉන්පසු ගින්දර මගින් බව්තීස්මයද එමෙන්ම සැනසිලිදායකයාණන් වූ, ශුද්ධාත්මයාණන්ද පැමිණෙන සේක, උන්වහන්සේ සියලු දේවල් පෙන්වා තවද රාජ්‍යයේ සාමකාමී දේවල් උගන්වන සේක.

7 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක වූ ජේම්ස්, මම නුඹගේ ක්‍රියාවන් බැලුවෙමි තවද මම නුඹව දන්නෙමි.

8 තවද සැබවක් මම නුඹ හට පවසන්නෙමි, නුඹගේ හදවත දැන් මා ඉදිරියේ මෙම කාලයේ තිබෙන්නේය; තවද, බලන්න, නුඹගේ හිස මත මහත් ආශිර්වාදයන් මම දානය කර ඇත්තෙමි;

9 එසේවුවද, නුඹ මහත් වේදනාවන් දැක ඇත්තෙහිය, මක්නිසාද නුඹ බොහෝ අවස්ථා වල නුඹගේ උඩඟුකම සහ ලෝකයේ දේවල් කෙරෙහි ඇති සැලකිල්ල නිසා මා ප්‍රතික්ෂේප කළෙහිය.

10 එහෙත්, බලන්න, නුඹගේ ගැලවීමේ දවස් පැමිණ ඇත්තේය, නුඹ මාගේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේ නම්, එය නුඹ හට මෙසේ පවසන්නේය: නැගිට තවද බව්තීස්ම වන්න, තවද මාගේ නාමයට හඬ ගසා, නුඹගේ පාපයන් සෝදා හරින්න, තවද නුඹ මාගේ ආත්මය සහ නුඹ කිසිදා දැන නොගත් ඉතා මහත් ආශිර්වාදයන්ද ලබන්නෙහිය.

11 තවද නුඹ මෙය කරන්නේ නම්, මම නුඹව මහත් වූ ක්‍රියාවක් උදෙසා සූදානම් කර ඇත්තෙමි. නුඹ මාගේ සම්පූර්ණ වූ ශුභාරංචිය දේශනා කරන්නෙහිය, එය මම මෙම අවසන් දවස් වලදී පෙරට යවා ඇත්තෙමි, එය ඉශ්‍රායෙල් වංශය වූ, මාගේ ජනතාව නැවත ලබාගැනීමට මම පෙරට යවා ඇති එම ගිවිසුමය.

12 තවද එය මෙසේ සිදුවන්නේය එනම් බලය නුඹ මත රඳන්නේය; නුඹට මහත් ඇදහිල්ලක් වන්නේය, තවද මම නුඹ සමඟ වන්නෙමි තවද නුඹගේ මුහුණ ඉදිරියෙන් යන්නෙමි.

13 නුඹව කැඳවා ඇත්තේ මාගේ මිදිවත්තේ වෙහෙස වීමටය, තවද මාගේ සභාව ගොඩනැගීමටය, තවද සයොනය පෙරට ගෙන ඒමටය, එනම් එය කඳු මත සමෘධිමත් වී ප්‍රීති ප්‍රමුදිත වන පිණිසය.

14 බලන්න, සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, නැගෙනහිර රටවල් තුළට යාමට නුඹව කැඳවා නැත, නමුත් නුඹව කැඳවා ඇත්තේ ඔහායෝ වෙතට යාමටය.

15 තවද එපමණකින් මාගේ ජනතාව ඔහායෝ හි ඔවුන්ව රැස්කරගන්නේද, මනුෂ්‍යය දරුවන් අතර නොදන්නාවූ එවැනි ආශිර්වාදයක් මම ගබඩා කොට තබා ඇත්තෙමි, තවද එය ඔවුන්ගේ හිස් මත වගුරුවනු ලබන්නේය. තවද මෙතැන් සිට මනුෂ්‍යයෝ සියලු ජාතීන් වෙතට පෙරට යනු ලබන්නෝය.

16 බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මම ජාතීන් මත විනිශ්චයේ හස්තයකින් ක්‍රියාකරන්නේ යැයි සිතමින්, එනම් ඔහායෝ හි ජනතාව මහත් ඇදහිල්ලකින් මා හට හඬගසා ඇත්තේය, එහෙත් මට මාගේ වචනය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

17 එසේහෙයින් නුඹගේ ශක්තිය සමඟ වැඩ අරඹමින් තවද මාගේ මිදිවත්තට ඇදහිලිවන්ත සේවකයන් කැඳවන්න, එනම් එය අවසාන වතාවට කප්පාදු කරන පිණිසය.

18 තවද එපමණකින් ඔවුන් පසුතැවිලිව තවද මාගේ ශුභාරංචියේ පූර්ණත්වය ලබාගන්නේද, තවද පරිශුද්ධ බවට පත්වන්නේද, මම මාගේ හස්තය විනිශ්චයෙන් වළක්වා ගන්නෙමි.

19 එසේහෙයින්, මහත් වූ හඬකින් මෙසේ මොරගසමින්, පෙරට යමින්, මෙසේ කියන්න: ස්වර්ග රාජ්‍යය ලංව තිබේ; මොරගසන්න: හෝසන්නා! මහෝත්තම වූ තැනැන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා.

20 මාගේ පැමිණීමේ කාලය උදෙසා මාගේ මුහුණ ඉදිරියෙන් එම මාර්ගය සූදානම් කරන පිණිස, ජලයෙන් බව්තීස්ම කරමින් පෙරට යන්න;

21 මක්නිසාද කාලය ලංව තිබේ; දවස හෝ පැය කිසිඳු මනුෂ්‍යයෙකු නොදන්නේය; එහෙත් එය නිසැකවම පැමිණෙන්නේය.

22 තවද ඔහු එනම් මෙම දේවල් ලබාගන්නා මා ලබාගන්නේය; තවද ඔවුහු මා වෙතට මේ කාලයටත් සහ සදාකාලයටත් රැස්වන්නෝය.

23 තවද නැවත, එය මෙසේ සිදුවන්නේය එනම් ජලයෙන් නුඹලා බොහෝ අය බව්තීස්ම කරන තරමටම ඔවුන් මත, නුඹලා නුඹලාගේ හස්තයන් තබන අතර, තවද ඔවුන් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබන්නෝය, තවද මාගේ පැමිණීමේ සංකේතයන් උදෙසා පෙරමග බලන්නෝය, තවද මාව දැනගන්නෝය.

24 බලන්න, මම ඉක්මණින් පැමිණෙන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.