ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 60


60 වන කොටස

1831 අගෝස්තු 8, ඉන්ඩිපෙන්ඩන්ස්, ජැක්සන් ප්‍රාන්තය, මිසුරි හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම අවස්ථාවේදී ජැක්සන් ප්‍රාන්තයට ගොස් ඉඩම සහ දේවමාළිගා භූමිය කැපකිරීමට සහභාගී වූ වැඩිහිටියන් ඔවුන් කුමක් කළ යුතු දැයි දැනගැනීමට කැමති විය.

1–9, වැඩිහිටියන් දුෂ්ටයන්ගේ සමූහ අතර ශුභාරංචිය දේශනා කළ යුතුවේ; 10–14, ඔවුන් ඔවුන්ගේ කාලය නිකරුනේ ගතකළ යුතු නොවන්නේය, එමෙන්ම ඔවුන්ගේ තලෙන්ත වැලලිය යුතු නොවන්නේය; 15–17, ඔවුන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන්නාවූ අයවළුන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස ඔවුන්ගේ පාද සේදිය යුතුය.

1 බලන්න, ඔවුන් පැමිණියාවූ දේශය වෙතට නැවත හැරී ඉක්මණින් එන්නට අවශ්‍ය අය වන, උන්වහන්සේගේ සභාවේ වැඩිහිටියන් හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: බලන්න, එනම් නුඹලා මෙතැනට පැමිණීම, මට එය ප්‍රසන්න වන්නේය;

2 එහෙත් සමහරෙක් සමඟ මම බොහෝ ප්‍රසන්න නොවෙමි, මක්නිසාද ඔවුහු ඔවුන්ගේ මුඛයන් විවෘත නොකරන්නෝය, එහෙත් ඔවුහු මා විසින් ඔවුන් හට දුන් එම තලෙන්ත, මනුෂ්‍යයන්ට ඇති බිය නිසා සඟවන්නෝය. එවැන්නන්ට දුක්වේ, මක්නිසාද ඔවුන්ට විරුද්ධව මාගේ කෝපය ඇවිලී ඇත්තේය.

3 තවද එය මෙසේ සිදුවන්නේය, ඔවුන් මා හට වඩාත් ඇදහිලිවන්ත නොවන්නේ නම්, ඔවුන්ට තිබෙන්නාවූ එම දෙය වුවත්, එය ඔවුන්ගෙන් ගනු ලබන්නේය.

4 මක්නිසාද, ස්වාමින්වහන්සේ වන, මම, ඉහළ ස්වර්ගයන්හිද, පොළොවේ හමුදාවන් අතරෙහිද ආණ්ඩු කරන්නෙමි; තවද මම මාගේ ආභරණ සාදන දවසේදී, සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ බලය කුමන ආකාරයක් වන්නේදැයි දැනගනු ලබන්නෝය.

5 එහෙත්, සැබවක්, නුඹලා පැමිණි දේශයේ පටන් නුඹලාගේ ගමන සම්බන්ධව මම නුඹලාට කතා කරන්නෙමි. එහි නුඹලාට යහපත් යැයි පෙනෙන ලෙස, බෝට්ටුවක් සාදන්න, හෝ මිලදී ගන්න, එය මට ප්‍රශ්නයක් නොවන්නේය, තවද නුඹලාගේ ගමන ශාන්ත ලුවිස් යැයි නම්කරනු ලැබූ ස්ථානයට ඉක්මණින් ගමන් කරන්න.

6 තවද එතැනින් මාගේ සේවකයන් වන සිඩ්නි රිග්ඩන්, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ ඔලිවර් කවුඩ්‍රි හට, ඔවුන්ගේ ගමන සින්සිනාටි වෙතට ගමන් කරන්නට සලස්වන්න;

7 තවද මෙම ස්ථානයේදී, කෝපයකින් හෝ සැක කිරීමෙන් තොරව, ඔවුන් මත ශුද්ධ වූ අත් ඔසවමින්, ඔවුන්ගේ හඬ ඔසවා තවද මාගේ වචන උස් වූ හඬකින් ප්‍රකාශ කරන්නට ඔවුන්ට සලස්වන්න. මක්නිසාද මට නුඹලාව ශුද්ධවන්ත කිරීමට හැකිය, තවද නුඹලාගේ පාපයන්ට සමාව දී ඇත්තේය.

8 තවද ඉතිරි වූ අයට ඔවුන්ගේ ගමන ශාන්ත ලුවිස් වෙතින්, දෙදෙනා දෙදෙනා බැගින්, හදිසියකින් තොරව, ඔවුන් පැමිණි සභාවන් වෙතට නැවත හැරීයන තුරු, දුෂ්ටයන්ගේ සමූහ අතර, තවද වචනය දේශනා කරන්නට සලස්වන්න.

9 තවද මෙම සියල්ල සභාවන්ගේ යහපත උදෙසාය; මක්නිසාද මෙම අදහසින් මම ඔවුන්ව යවා ඇත්තෙමි.

10 තවද මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් හට මම ඔහු හට දෙනු ලැබූ මුදලෙන් කොටසක් නැවත හැරී ඒමට ආඥා කරනු ලැබූ මාගේ වැඩිහිටියන්ට ලබාදෙන්නට සලස්වන්න;

11 තවද එනම් හැකියාව ඇති ඔහුට, එය නියෝජිතයෙකු මෙන් නැවත ලබාදෙන්නට සලස්වන්න; තවද එනම් ඔහුට එසේ දෙන්නට නොහැකිනම්, එය ඔහුගෙන් අවශ්‍යය නොවන්නේය.

12 තවද දැන් මම මෙම දේශයට පැමිණෙන්නාවූ ඉතිරි අයවළුන් ගැන කතා කරන්නෙමි.

13 බලන්න, ඔවුන්ව යවා ඇත්තේ මාගේ ශුභාරංචිය දුෂ්ටයන්ගේ සමූහයන් අතර දේශනා කිරීමටය; එසේහෙයින්, මම ඔවුන් හට ආඥාවක් දෙන්නෙමි, මෙසේය: නුඹ නුඹගේ කාලය නිකරුනේ ගත නොකළ යුතුය, එමෙන්ම නුඹගේ තලෙන්ත දැන නොගන්නා පිණිස ඒවා සැඟවිය යුතු නොවන්නේය.

14 තවද නුඹ සයොනයේ දේශය වෙතට පැමිණි පසු, තවද මාගේ වචනය ප්‍රකාශ කළ පසු, දුෂ්ටයන්ගේ සමූහයන් අතර මාගේ වචනය ප්‍රකාශ කරමින්, හදිසියකින් තොරව, කෝපයෙන් හෝ ආරවුලින් තොරව, නුඹ සීඝ්‍රයෙන් හැරී ආ යුතුය.

15 තවද නුඹව පිළිනොගන්නා අයට විරුද්ධව, ඔවුන්ව නුඹ ප්‍රකෝප නොකරන පිණිස, ඔවුන්ගේ ඉදිරියේ නොව, රහසිගතව, නුඹගේ පාදයන්ගේ දුහුවිලි පිස දමන්න; තවද විනිශ්චය දවසේදී ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස, නුඹගේ පාද සෝදාහරින්න.

16 බලන්න, තවද නුඹලාව යවා තිබෙන උන්වහන්සේගේ කැමැත්ත මෙය වන්නේය, මෙය නුඹලාට සෑහෙන්නේය.

17 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ මුඛය මගින්, සිඩ්නි රිග්ඩන් සහ ඔලිවර් කවුඩ්‍රි සම්බන්ධව දන්වනු ලබන්නේය. ඉතිරිය මෙයින් පසුව වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.