ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 100


100 වන කොටස

1833 ඔක්තෝම්බර් 12, පෙරිස්බර්ග්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම සහෝදරවරුන් දෙදෙනා, ඔවුන්ගේ පවුල් වලින් දවස් කිහිපයක් තිස්සේ ඉවත්ව සිටියදී, ඔවුන් සම්බන්ධව යම් කනස්සල්ලක් දැනිණි.

1–4, ජෝසෆ් සහ සිඩ්නි ප්‍රාණයන්ගේ ගැලවීම උදෙසා ශුභාරංචිය දේශනා කළ යුතුවේ; 5–8, ඔවුන් කිවයුත්තේ කුමක්දැයි එම පැයේදීම ඔවුන්ට දෙනු ලබන්නේය; 9–12, සිඩ්නි ප්‍රකාශ කරන්නෙකුද ජෝසෆ් එළිදරව් කරන්නා සහ බලවත් සාක්ෂි දරන්නාද වියයුතු වන්නෝය; 13–17, ස්වාමින්වහන්සේ පවිත්‍ර වූ ජනතාවක් ගොඩනගන්නේය, තවද කීකරුවන්නන්ව ගලවනු ලබන්නේය.

1 සැබවක්, ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක, මාගේ මිත්‍රයන් වූ සිඩ්නි සහ ජෝසෆ්, නුඹලාගේ පවුල් හොඳින්ය; ඔවුන් මාගේ හස්තයෙහි පවතින්නෝය, තවද මම මට යහපත් ලෙස ඔවුන් සමඟ ක්‍රියාකරන්නෙමි; මක්නිසාද මා තුළ සියලු බලය ඇත්තේය.

2 එසේහෙයින්, මා අනුගමනය කරන්න, තවද මම නුඹලා හට දෙන උපදෙස් වලට සවන්දෙන්න.

3 බලන්න, තවද බලව, මට මෙම ස්ථානයෙහි, මෙම ප්‍රදේශ අවට බොහෝ ජනතාවක් ඇත්තේය; තවද මෙම නැගෙනහිර දේශයන්හි පලාත් අවට අසල ඵලදායි දොරක් විවෘත කරලන්නෙමි.

4 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, මෙම ස්ථානයට නුඹලාට පැමිණීමට ඉඩදී ඇත්තෙමි; මක්නිසාද එය මෙසේ ප්‍රාණයන්ගේ ගැලවීම උදෙසා මා තුළ යෝග්‍ය වන්නේය.

5 එසේහෙයින්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම ජනතාව වෙතට නුඹලාගේ හඬවල් ඔසවන්න; මම නුඹලාගේ හදවත් වලට දමන්නාවූ සිතිවිලි කතාකරන්න, තවද නුඹලාව මනුෂ්‍යයන් ඉදිරියේ ව්‍යාකූල කරනු නොලබන්නේය;

6 මක්නිසාද එය එසේය, එම අවස්ථාව තුළදීම, නුඹලා කුමක් කිවයුතු දැයි එම පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.

7 එහෙත් මම ආඥාවක් නුඹලා හට දෙනු ලබන්නෙමි, එනම් නුඹලා මාගේ නාමයෙන් ප්‍රකාශ කරන්නාවූ කුමනාකාර දෙයක් වුවත්, සියලු දේවල් තුළදී ශුද්ධ වූ හදවතකින්, යටහත් වූ ආත්මයකින් ප්‍රකාශ කළ යුතු වන්නෝය.

8 තවද මම නුඹලා හට මෙම පොරොන්දුව දෙන්නෙමි, එනම් නුඹලා එපමණකින් මෙය කරන්නේද නුඹලා කියන්නාවූ කවරාකරවූ සියලු දේවල් ශුද්ධාත්මයාණන්වහන්සේ සාක්ෂි දරමින් වගුරුවනු ලබන්නේය.

9 තවද එනම් නුඹ මාගේ සේවක සිඩ්නි රිග්ඩන්, මෙම ජනතාව වෙතට ප්‍රකාශ කරන්නෙකු විය යුතුවීම මා තුළ යෝග්‍ය වන්නේය; එසේය, සැබවක්, මම මාගේ සේවක ජෝසෆ් වෙතට වුවත් ප්‍රකාශ කරන්නෙකු වීමට, මෙම කැඳවීම උදෙසා මම නුඹව නියම කරන්නෙමි.

10 තවද සාක්ෂියෙහි බලවත් වීමට මම ඔහුට බලය දෙන්නෙමි.

11 තවද මම නුඹ හට සියලු ශුද්ධලියවිලි විස්තර කිරීමෙහි බලවත් වීමට බලය දෙන්නෙමි, එනම් නුඹ ඔහු හට ප්‍රකාශ කරන්නෙකු වන පිණිසය, එනම් නුඹ පොළොවේ මාගේ රාජ්‍යයේ සියලු දේවල් සම්බන්ධව ස්ථිර ලෙස දැනගන්නා පිණිස, තවද ඔහු නුඹට එළිදරව් කරන්නෙකු වන්නේය.

12 එසේහෙයින්, නුඹලාගේ ගමනෙහි පවතිමින් තවද නුඹලාගේ හදවත් ප්‍රීති ප්‍රමුදිත කරගන්න, මක්නිසාද බලන්න, තවද බලව, මම නුඹලා සමඟ අවසානය දක්වා වුවත් වන්නෙමි.

13 තවද දැන් සයොනය සම්බන්ධව මම නුඹලා හට වචනයක් දෙන්නෙමි. ස්වල්ප කාලයකට ඇයට තරවටු කරනු ලැබ තිබුනද, සයොනය මුදවාගනු ලබන්නේය.

14 ඔබගේ සහෝදරයින් වන, මාගේ සේවක ඔර්සන් හයිඩ් සහ ජොන් ගොල්ඩ්, මාගේ හස්තයන්හි වන්නෝය; තවද ඔවුන් මාගේ ආඥාවන් පිළිපදින පමණකින් ඔවුන්ව ගලවනු ලබන්නේය.

15 එසේහෙයින්, නුඹලාගේ හදවත් සමදානයෙන් පවතීවා; මක්නිසාද ඍජුව ගමන් කරන්නාවූ ඔවුන්ට සහ සභාවේ පරිශුද්ධ බව සඳහා සියලු දේවල් එක්ව යහපත සඳහා ක්‍රියාකරන්නේය.

16 මක්නිසාද මම මා වෙතට, එනම් ධර්මිෂ්ඨකමින් මට සේවය කරන්නාවූ පවිත්‍ර වූ ජනතාවක් ගොඩනගන්නෙමි;

17 තවද එනම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් හඬනගන්නාවූ සියල්ලෝද, තවද උන්වහන්සේගේ ආඥාවන් පිළිපදින්නන්වද, ගලවනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.