ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 105


105 වන කොටස

1834 ජුනි 22, මිසුරි, ෆිෂින් රිවර් මත, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයාගේ නායකත්වය යටතේ, ඔහායෝ සහ වෙනත් ප්‍රදේශ වලින් පැමිණි ශුද්ධවන්තයින් පසුව සයොන කඳවුර ලෙස හැඳින්වූ මිසුරි වෙත ඉක්මණින් ගියෝය. ඔවුන්ගේ අරමුණ වූයේ නෙරපා හරින ලද මිසුරි හි ශුද්ධවන්තයින්ව නැවතත් ජැක්සන් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ ඉඩම් වෙත රැගෙන යාමයි. මීට පෙර ශුද්ධවන්තයින්ට පීඩා කළ මිසුරියන්වරු සයොන කඳවුරෙන් පළිගැනීමට බිය වූ අතර මිසුරි හි, ක්ලේ ප්‍රාන්තයේ වෙසෙන සමහර ශුද්ධවන්තයින්ට පූර්වයෙන් පහර දුන්හ. මිසුරි ආණ්ඩුකාරවරයා ශුද්ධවන්තයින්ට සහය දෙන බවට දුන් පොරොන්දුව ඉල්ලා අස්කරගැනීමෙන් පසුව, ජෝසෆ් ස්මිත්ට මෙම එළිදරව්ව ලැබුණි.

1–5, සයොනය ගොඩනගනු ලබන්නේ සෙලෙස්ටියල් නීතියට අනුකූලවය; 6–13, සයොනයේ මිදීම කෙටි කාලයකට කල්දමනු ලබන්නේය; 14–19, ස්වාමින්වහන්සේ සයොනයේ සටන් වලට සටන් කරන සේක; 20–26, ශුද්ධවන්තයින් ප්‍රඥාවන්ත විය යුතුය තවද ඔවුන් රැස්වන විට බලවත් ක්‍රියාවන් පිළිබඳ පාරට්ටු නොකළ යුතුය; 27–30, ජැක්සන් හි සහ ඒ අසල ප්‍රාන්තයන්ගෙන් දේපළ මිලදීගත යුතුය; 31–34, වැඩිහිටියන් කර්ට්ලන්ඩ් හි ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් බලයෙන් සැරසීම ලබාගත යුතු වන්නෝය; 35–37, කැඳවා ඇති තවද තෝරාගෙන ඇති ශුද්ධවන්තයින් දෙපිරිසවම පාරිශුද්ධ කරනු ලබන්නේය; 38–41, ශුද්ධවන්තයින් ලෝකයට සාමයේ සලකුණක් එසවිය යුතු වන්නෝය.

1 සැබවක් මාගේ පහර ලැබූ ජනතාවගේ මිදීම සම්බන්ධව මාගේ කැමැත්ත ඉගෙනීම පිණිස නුඹලාව එක්රැස් කරගත් නුඹලා හට මම පවසන්නෙමි—

2 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, පුද්ගලයන් සම්බන්ධව නොව සභාව සම්බන්ධව කතාකරන්නේ නම්, මාගේ ජනතාවගේ වරදට පත්වීම් උදෙසා නොවන්නට, ඔවුන්ව මේ වන විට වුවත් මුදවනු ලබා තිබෙන්නේය.

3 එහෙත් බලන්න, මම ඔවුන්ගේ හස්තයන්ගෙන් බලාපොරොත්තු වූ එම දේවලට ඔවුන් කීකරුවීමට ඉගෙනගෙන නැත්තෝය, එහෙත් සියලු ආකාරයේ නපුරෙන් පිරී ඇත්තෝය, තවද ශුද්ධවන්තයින් බවට පත්වීමට, ඔවුන් අතර වූ දුප්පතුන්ටද තවද පීඩා විඳ ඇති අයටද, ඔවුන්ගේ ධනය බෙදාදෙන්නේ නැත;

4 තවද සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතියට අවශ්‍ය පරිදි, එක්සත්වීමට අනුකූළව එක්සත් වී නොමැත්තෝය;

5 තවද සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතියේ මූලධර්මයන් මගින් මිස සයොනය ගොඩනැගිය නොහැකි වන්නේය; එසේනොවන්නේ නම් මට ඇයව මා වෙතට ලබාගත නොහැක්කේය.

6 තවද එය අවශ්‍යම වන්නේ නම්, ඔවුන් පීඩා විඳින දේ මගින් හෝ, ඔවුන් කීකරුකම ඉගෙනගන්නා තුරු තරවටු කරනු ලැබීම අවශ්‍යම වන්නේය.

7 මම කතාකරන්නේ මාගේ සභාවේ පළමු වැඩිහිටියන් වූ, මාගේ ජනතාවට මගපෙන්වීම සඳහා පත්කෙරුන අයවළුන් සම්බන්ධව නොවේ, මක්නිසාද ඔවුන් සියල්ලෝම මෙම හෙළාදැකීමට යටත් නොවන්නෝය;

8 එහෙත් මම කතාකරන්නේ විදේශයන්හි ඇති මාගේ සභාවන් සම්බන්ධවය—එහි මෙසේ පවසන බොහෝ අයවළුන් ඇත: ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතැනද? බලන්න, උන්වහන්සේ ඔවුන්ව කරදර කාලයේදී මුදනු ලබන්නේය, එසේනොවන්නේ නම් අපි සයොනයට නොයන්නෙමු, තවද අපගේ මුදල් තබාගන්නෙමු.

9 එසේහෙයින්, මාගේ ජනතාවගේ වරදට පත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස, එනම් මාගේ වැඩිහිටියන් සයොනයේ මිදීම උදෙසා කෙටි කාලයකට බලාසිටීම මා තුළ යෝග්‍ය වන්නේය—

10 එනම් ඔවුන් ඔවුන්වම සූදානම් කරගන්නා පිණිසය, තවද එනම් මාගේ ජනතාවට වඩාත් පරිපූර්ණව උගන්වනු ලබන පිණිසය, තවද අත්දැකීම් ලැබ, තවද ඔවුන්ගේ වගකීම සම්බන්ධව, සහ ඔවුන්ගේ හස්තයෙන් මට අවශ්‍ය වන්නාවූ එම දේවල් ගැන පරිපූර්ණව දැනගන්නා පිණිසය.

11 තවද මාගේ වැඩිහිටියන් ඉහළින් බලය සමගින් බලයෙන් සැරසෙන තුරු මෙය ඉටුකළ නොහැකි වන්නේය.

12 මක්නිසාද බලන්න, එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, තවද මා ඉදිරියේ යටහත්ව පවතින්නේද, මම ඔවුන් මත මහත් බලයෙන් සැරසීමක් සහ ආශිර්වාදයක් සූදානම් කර ඇත්තෙමි.

13 එසේහෙයින් සයොනයේ මිදීම උදෙසා, මාගේ වැඩිහිටියන් කෙටි කාලයකට ඉවසා සිටිය යුතුවීම මා තුළ යෝග්‍ය වන්නේය.

14 මක්නිසාද බලන්න, සයොනයේ සටන් උදෙසා සටන් කිරීමට ඔවුන්ගේ හස්තයන් මම බලාපොරොත්තු නොවන්නෙමි; මක්නිසාද, මම පෙර ආඥාවකදී පැවසූ ලෙස, එලෙස මම ඉටුකරන්නෙමි—මම නුඹලාගේ සටන් උදෙසා සටන් කරන්නෙමි.

15 බලන්න, මාගේ සතුරන් විනාශ කිරීමට සහ ඉවතට දැමීමට මම විනාශකරුවෙකු යවා ඇත්තෙමි; තවද මාගේ ශුද්ධවන්තයින්ගේ එක්රැස්වීම උදෙසා කැපකරන ලද මාගේ දේශයන් මත මාගේ නාමයට අපහාස කිරීමටද, තවද මාගේ උරුමය අපවිත්‍ර කිරීමටද ඔවුන් ඉතිරිව සිටීම සඳහා, මෙතැන් පටන් ඔවුන්ට වසර ගණනාවක් නැත.

16 බලන්න, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට, මාගේ ජනතාවගේ මිදීම උදෙසා එක්ව රැස්වීමට, තවද මාගේ සතුරන්ගේ කුළුණු කඩාබිඳ දමා, තවද ඔවුන්ගේ මුරකරුවන්ව විසුරුවා හරින ලෙස, මාගේ ගෘහයේ ශක්තිය වූවන් වන, මාගේ සටන්කාමින්ට වුවත්, මාගේ තරුණ මනුෂ්‍යයන්ට, තවද මාගේ මධ්‍යම වයසින් වූවන්ට පැවසීමට මම ආඥා කළෙමි;

17 එහෙත් මාගේ ගෘහයේ ශක්තිය මාගේ වචනයන්ට උවමනාවෙන් සවන්දී නොමැත්තේය.

18 එහෙත් එහි මාගේ වචනයන් වෙතට උවමනාවෙන් සවන්දුන් අයවළුන් වන පමණකින්, ඔවුන් ඇදහිලිවන්තව පවතින්නේ නම්, මම ඔවුන් හට ආශිර්වාදයක් සහ බලයෙන් සැරසීමක් සූදානම් කර ඇත්තෙමි.

19 මම ඔවුන්ගේ යාච්ඤාවන් අසා ඇත්තෙමි, තවද ඔවුන්ගේ පරිත්‍යාගය පිළිගන්නෙමි; තවද එනම් ඔවුන්ව ඔවුන්ගේ ඇදහිල්ලේ පරීක්ෂණයක් උදෙසා මෙපමණ දුරක් ගෙන ඒම මා තුළ යෝග්‍ය වන්නේය.

20 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, මෙම ප්‍රදේශය අවට වටේට නවතින්නට හැකි ලෙස, මෙතනට පැමිණෙන අයවලුන් කෙතරම් වුවද, ඔවුන්ට නවතින්නට ඉඩදෙන්න;

21 තවද නැගෙනහිරෙහි පවුල් ඇති, නැවතීමට නොහැකි අයවළුන් ඇත්ද, මාගේ සේවක ජෝසෆ් ඔවුන් හට නියම කරනු ලබන පරිදි, ඔවුන්ට කෙටි කාලයකට නැවතීමට ඉඩදෙන්න;

22 මක්නිසාද මම මෙම කාරණාව සම්බන්ධව ඔහුට උපදේශ දෙන්නෙමි, තවද ඔහු ඔවුන් හට නියම කරන සියලු දේවල් සම්පූර්ණ වනු ලැබෙන්නේය.

23 තවද මේ අවට ප්‍රදේශයන්හි පදිංචිව සිටින මාගේ සියලුම ජනතාවට ඉතාමත් ඇදහිලිවන්තව සිටින්නට සලස්වන්න, තවද යාච්ඤාවෙන් යුතුවද, මා ඉදිරියේ යටහත්වද, තවද මම ඔවුන්ට එළිදරව් කරන ලද දේවල්, ඒවා එළිදරව් කළ යුතුවීම මා තුළ ප්‍රඥාව වන තුරු, එළිදරව් නොකරන්නට සලස්වන්න.

24 විනිශ්චයන් ගැන කතා නොකරන්න, ඇදහිල්ල හෝ බලවත් ක්‍රියාවන් ගැන පාරට්ටුකර නොගන්න, එහෙත් හැකි ලෙස එක ප්‍රදේශයක, ජනතාවගේ හැඟීම් සමඟ අනුකූලව, සැලකිලිමත්ව එක්රැස්වන්න;

25 තවද බලන්න, නීතියට අනුව විනිශ්චය සහ යුක්තිය ක්‍රියාත්මක කරන්න, තවද අපගේ වැරදි වලට අපට සහනය දෙන්න යැයි, ජනතාව හට නුඹලා පවසන අතරතුර, නුඹලා සමාදානයෙන් සහ සුරක්ෂිතව විවේක ගන්නා පිණිස, මම නුඹලා හට ඔවුන්ගේ දෑස් තුළ ප්‍රසාදය සහ කරුණාව ලබාදෙන්නෙමි.

26 දැන්, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, ඉශ්‍රායෙල් හමුදාව ඉතා බලවත් වනතුරු, මේ ආකාරයට මෙම ජනතාවගේ ඇස් ඉදිරියේ නුඹලා ප්‍රසාදය ලබාගන්නෝය.

27 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ මා විසින් පත්කරන ලද මාගේ වැඩිහිටියන්, මාගේ ගෘහයේ ශක්තිය රැස්කරගන්නා කාලය වන තුරු, පාරාවෝගේ හදවතට මා කළාක් මෙන්, මම මෙම ජනතාවගේ හදවත් කාලයෙන් කාලයට මෘදු කරන්නෙමි,

28 තවද ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් යවනු ලැබ, ජැක්සන් ප්‍රාන්තයේ, සහ ඒ අසල අවට වූ ප්‍රාන්තයන්හි, මිලදීගත හැකි දේපළ මිලදී ගැනීම සම්බන්ධව මම ආඥා කළ ලෙස සම්පූර්ණ කිරීමටය.

29 මක්නිසාද මෙම දේපළ මිලදීගත යුතුවීම මාගේ කැමැත්තය; තවද ඒවා මිලදීගත් පසුව මම ඔවුන් හට ලබාදී ඇති කැපකිරීමේ නීතියට අනුව මාගේ ශුද්ධවන්තයින් ඒවා අයිතිකරගත යුතු වන්නෝය.

30 තවද මෙම ඉඩම් මිලදීගත් පසුව, ඉශ්‍රායෙලයේ හමුදාවන්ව, ඔවුන් ඔවුන්ගේ මුදලින් පෙර මිලදීගත්, ඔවුන්ගේ දේපළ වල අයිතිය ලබාගැනීමටත්, තවද ඒවා මත සිටිනා මාගේ සතුරන්ව එම කුළුණු වලින් පහතට ඇද දමන්නටත්, තවද ඔවුන්ගේ මුරකරුවන්ව විසුරුවා හරින්නටත්, තවද මා වෙනුවෙන් මාගේ සතුරන්ගෙන් මා හට වෛර කරන ඔවුන්ගේ තුන්වන සහ හතරවන පරම්පරා දක්වා වුවත් පලිගැනීමටත්, මම වරද නොතබන්නෙමි.

31 එහෙත් පළමුව මාගේ හමුදාවට ඉතා ශ්‍රේෂ්ඨ වන්නට ඉඩදෙන්න, තවද එය මා ඉදිරියේ පාරිශුද්ධ වන්නට ඉඩදෙන්න, එනම් එය ඉර මෙන් ආලෝකමත් වී, තවද හඳ මෙන් පැහැදිලි වන පිණිසය, තවද එනම් ඇයගේ කොඩි සියලු ජාතීන් අතර භයංකාර වන පිණිසය;

32 එනම් සයොන රාජ්‍යය ඇත්තවශයෙන්ම අපගේ දෙවියන්වහන්සේගේ සහ ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යය බව, මෙම ලෝකයේ රාජ්‍යයන්ට පිළිගැනීමට බලකෙරෙනු පිණිසය; එසේහෙයින්, අපි ඇයගේ නීතීන් වලට යටත්වෙමු.

33 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, කර්ට්ලන්ඩ් දේශයේ මාගේ නාමය උදෙසා ගොඩනගන්නට මා විසින් ආඥා කරන ලද, මාගේ ගෘහය තුළ, මාගේ සභාවේ පළමු වැඩිහිටියන් විසින් ඔවුන්ගේ බලයෙන් සැරසීම ඉහළින් ලබාගත යුතුවීම මා තුළ යෝග්‍ය වන්නේය.

34 තවද ඇයගේ මිදීමෙන් පසු, එම සයොනය සහ ඇයගේ නීතීන් සම්බන්ධව මා විසින් දෙනු ලැබූ ආඥාවන් ක්‍රියාත්මක වී තවද සම්පූර්ණ වීමට සලස්වන්න.

35 එහි කැඳවන්නාවූ දවසක් තිබී ඇත්තේය, එහෙත් තෝරාගත යුතු දවස පැමිණ ඇත්තේය; තවද එම සුදුසු වූවන්ව තෝරාගැනීමට සලස්වන්න.

36 තවද එම තෝරාගත යුතු වූවන්ව, ආත්මයාණන්ගේ හඬ මගින්, මාගේ සේවකයින්ට හෙළිකරනු ලබන්නේය; තවද ඔවුන්ව පාරිශුද්ධ කරනු ලබන්නේය;

37 තවද ඔවුන් ලබන්නාවූ උපදේශයන් ඔවුන් අනුගමනය කරන පමණින්, සයොනය සම්බන්ධ සියලු දේවල් සම්පූර්ණ කිරීමට බොහෝ දවස් වලට පසු ඔවුන් බලය ලබන්නෝය.

38 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලාට පහරදුන් ජනතාවට පමණක් නොව, එහෙත් සියලුම ජනතාව උදෙසා, සාමය උදෙසා වෙහෙසෙන්න;

39 තවද සාමය උදෙසා සලකුණක් ඔසවන්න, තවද පොළොවේ අන්තයන් දක්වා සාමයේ ප්‍රකාශනයක් කරන්න;

40 තවද නුඹලාට පහරදුන් අයවළුන් වෙත, නුඹලා තුළ ඇත්තාවූ ආත්මයාණන්ගේ හඬට අනුව සාමයේ යෝජනාවන් සිදුකරන්න, තවද සියලු දේවල් නුඹලාගේ යහපත උදෙසා ක්‍රියාකරන්නේය.

41 එසේහෙයින්, ඇදහිලිවන්ත වන්න; තවද බලන්න, තවද බලව, මම නුඹලා සමඟ අවසානය දක්වා වුවත් සිටින්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.