ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 112


112 වන කොටස

1837 ජූලි 23, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින්, බැටළු පැටවාණන්ගේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනා ගැන, තෝමස් බී. මාර්ෂ් හට දෙනු ලැබූ එළිදරව්වකි. වැඩිහිටියන් වන හේබර් සී. කිම්බල් සහ ඕර්සන් හයිඩ් එංගලන්තයේ පළමු වරට ශුභාරංචිය දේශනා කළ දිනයේදී මෙම එළිදරව්ව ලැබුණි. තෝමස් බී. මාර්ෂ් මේ අවස්ථාවේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයෙහි සභාපතිවරයා විය.

1–10, දොළොස්දෙනා ශුභාරංචිය යවමින් තවද සියලු ජාතීන්ට සහ ජනතාවට අනතුරු හැඟවීමේ හඬක් නැගිය යුතුය; 11–15, ඔවුන් ඔවුන්ගේ කුරුසිය රැගෙන, යේසුස්වහන්සේව අනුගමනය කරමින්, තවද උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කළ යුතුය; 16–20, පළමු සභාපතිත්වය ලබන්නාවූ අය ස්වාමින්වහන්සේව ලබාගන්නෝය; 21–29, අන්ධකාරය පොළොව වසාගන්නේය, තවද විශ්වාස කර තවද බව්තීස්ම වනු ලබන්නෝ පමණක් ගැලවීම ලබන්නෝය; 30–34, පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනා පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයේ යතුරු දරන්නෝය.

1 සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ මාගේ සේවක තෝමස් හට පවසන සේක; මම නුඹගේ යාච්ඤාවන් ඇසීමි; තවද මාගේ නාමයෙන් සාක්ෂි දැරීමටත් තවද එය සියලු ජාතීන්, වංශයන්, භාෂාවන්, තවද ජනතාව අතරට යැවීමටත්, තවද මාගේ සේවකයන්ගේ උපයෝගීතාව තුළින් නියම කරනු ලැබීමටත් තෝරාගත් ඔවුන් වන, නුඹේ සහෝදරයින් වෙනුවෙන්, නුඹගේ දානයන් මා ඉදිරියේ සිහිකිරීමක් ලෙස පැමිණ ඇත්තේය.

2 සැබවක් මම නුඹ හට පවසන්නෙමි, එහි නුඹගේ හදවතෙහි සහ නුඹ සමඟ වූ සමහරක් දේවල් කිහිපයක් ඇත්තෙහිය, ඒ කෙරෙහි ස්වාමින්වහන්සේ වන මම, ඉතා ප්‍රසන්න නොවෙමි.

3 එසේනොවුවත්, එපමණකින් නුඹ නුඹවම පහත් කරගන්නේ නම් නුඹව ඔසවනු ලබන්නේය; එසේහෙයින්, නුඹගේ සියලු පාපයන්ට නුඹට සමාව දී ඇත්තේය.

4 මාගේ මුහුණ ඉදිරියේ නුඹගේ හදවත ධෛර්යමත් වේවා: තවද නුඹ අන්‍ය ජාතිකයින්ට පමණක් නොව, නමුත් යුදෙව්වන් හටද, මාගේ නාමයෙන් සාක්ෂි දැරිය යුතු වන්නේය; තවද නුඹ මාගේ වචනය පොළොවේ අන්තයන් වෙතට යැවිය යුතු වන්නේය.

5 එසේහෙයින්, උදෑසනින් උදෑසන, නුඹ සාකච්ඡා කළ යුතු වන්නේය; තවද දවසින් දවස නුඹගේ අනතුරු හඟවන හඬ පෙරට යවන්නට සලස්වන්න; තවද නුඹගේ කතාව නිසා, රාත්‍රිය පැමිණෙන විට පොළොවේ පදිංචිකරුවන් හට නිදිමත වන්නට ඉඩ නොතබන්න.

6 නුඹගේ පදිංචිකරුවන්ව සයොනයේ දැනගැනීමට පැමිණෙන්නට සලස්වන්න, තවද නුඹගේ ගෘහයෙන් ඉවත් නොවන්න; මක්නිසාද ස්වාමින්වහන්සේ වන මා හට, මනුෂ්‍යය දරුවන් අතර මාගේ නාමය ප්‍රසිද්ධ කිරීමට, නුඹට කිරීම සඳහා මහත් ක්‍රියාවක් ඇත්තේය.

7 එසේහෙයින්, එම කාර්යය උදෙසා නුඹගේ ඉඟටිය බැඳගන්න. එසේම නුඹගේ පාවහන්ද පැළඳගන්න, මක්නිසාද නුඹව තෝරාගෙන ඇත්තේය, තවද නුඹගේ මාර්ගයන් කඳු අතරද තවද බොහෝ ජාතීන් අතරද අතුරා ඇත්තේය.

8 තවද නුඹගේ වචනයෙන් උසස් වූ බොහෝ අයවලුන්ව පහතට පමුණුවනු ලබන්නේය, තවද නුඹගේ වචනයෙන් පහත් වූ බොහෝ අයවලුන්ව උසස් කරනු ලබන්නේය.

9 නුඹගේ හඬ වරදකරන්නා වෙතට තරවටුවක් වන්නේය; තවද නුඹගේ අවවාදය ඉදිරියේ අපහාස කරන්නාගේ දිවට එහි අධර්මිෂ්ඨකම වළක්වාගන්නට සලස්වන්න.

10 නුඹ යටහත් වන්න; තවද නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ නුඹව හස්තයෙන් මගපෙන්වනු ලබන්නේය, තවද නුඹගේ යාච්ඤාවන්ට නුඹට පිළිතුරු දෙනු ලබන්නේය.

11 මම නුඹගේ හදවත දන්නෙමි, තවද නුඹගේ සහෝදරයන් සම්බන්ධව නුඹගේ යාච්ඤාවන් ඇසීමි. අනෙක් බොහෝ අයවළුන්ට වඩා ඔවුන්ට විශේෂයෙන් ප්‍රේම නොකරන්න, එහෙත් ඔවුන් උදෙසා වූ නුඹගේ ප්‍රේමය නුඹ උදෙසා වූ ප්‍රේමය මෙන්ම වීමට සලස්වන්න; තවද නුඹගේ මහත් වූ ප්‍රේමය සියලු මනුෂ්‍යයන් වෙතටද, තවද මාගේ නාමයට ප්‍රේම කරන්නාවූ සියල්ලන් වෙතටද පවතින්නට සලස්වන්න.

12 තවද නුඹගේ සහෝදරයන් දොළොස්දෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න. මාගේ නාමය වෙනුවෙන් ඔවුන්ට තියුණුව අවවාද කරන්න, තවද ඔවුන්ගේ සියලු පාපයන් වෙනුවෙන් ඔවුන්ට අවවාද ලබන්නට සලස්වන්න, තවද නුඹ මාගේ නාමය උදෙසා මා ඉදිරියේ ඇදහිලිවන්ත වන්න.

13 තවද ඔවුන්ගේ පරීක්ෂා කිරීම් වලින් සහ බොහෝ කරදර වලින් පසු, බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් වෙත ලඟා වන්නෙමි, තවද ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩිකර නොගන්නේ නම්, තවද ඔවුන්ගේ ගෙල මා හට විරුද්ධව දැඩිකර නොගන්නේ නම්, ඔවුන්ව හරවාගනු ලබන්නේය, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි.

14 දැන්, මම නුඹ හට පවසන්නෙමි, තවද මම නුඹට පවසන්නේ කුමක්ද, මම මුළු දොළොස්දෙනාටම පවසන්නෙමි: නැගී සිටින්න තවද නුඹලාගේ ඉඟටිය බැඳගන්න, තවද නුඹලාගේ කුරුසිය රැගෙන, මා අනුගමනය කරන්න, තවද මාගේ බැටළුවන් පෝෂණය කරන්න.

15 නුඹලාවම උසස් කර නොගන්න; මාගේ සේවක ජෝසෆ්ට විරුද්ධව කැරලි නොගසන්න; මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම ඔහු සමඟ වන්නෙමි, තවද මාගේ හස්තය ඔහු මත වන්නේය; තවද මම ඔහු හටද, එසේම නුඹලා වෙතටද දී ඇති එම යතුරු, මම පැමිණෙන තුරු ඔහු වෙතින් ආපසු නොගන්නෙමි.

16 මාගේ සේවක තෝමස්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, දොළොස්දෙනා සම්බන්ධව, සියලු ජාතීන් අතර, මාගේ රාජ්‍යයේ යතුරු දැරීමට මම තෝරාගත් මනුෂ්‍යයා නුඹ වන්නේය—

17 එනම් මාගේ සේවක ජෝසෆ්, තවද මාගේ සේවක සිඩ්නි, තවද මාගේ සේවක හයිරම් හට පැමිණිය නොහැකි සියලු ස්ථානයන්හි රාජ්‍යයේ දොරටුව අගුලු හැරීමට නුඹ මාගේ සේවකයා වන පිණිසය;

18 මන්නිසාද මම කුඩා කාලයකට සියලු සභාවන් වල බර ඔවුන් මත තබා ඇත්තෙමි.

19 එසේහෙයින්, ඔවුන් නුඹව කුමනාකාර ස්ථානයකට යවන්නේද, නුඹ එහි යන්නෙහිය, තවද මම නුඹ සමඟ සිටින්නෙමි; තවද නුඹ මාගේ නාමය ප්‍රකාශ කරන කුමනාකාර ස්ථානයක වුවද නුඹ හට ඵලදායි දොරක් විවෘත වන්නේය, එනම් ඔවුන් මාගේ වචනය ලබාගන්නා පිණිසය.

20 කවරෙක් මාගේ වචනය ලබාගන්නේද මා ලබාගන්නේය, තවද එසේම කවරෙක් මා ලබාගන්නේද, නුඹ හට මාගේ නාමය උදෙසා උපදේශකයන් කර, මා යවා ඇති, පළමු සභාපතිත්වයේ අයවද, ලබාගන්නේය.

21 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, නීත්‍යානුකූලව නුඹලා විසින් නිර්දේශ කර බලය ලබාදී ඇති, නුඹලාගේ සහෝදරයන් වන දොළොස්දෙනාගේ හඬ මගින්, නුඹලා කවර අයෙකුව හෝ මාගේ නාමයෙන් යවන්නේද, ඔවුන් නුඹලා යවන කවරාකාර ස්ථානයක වුවත් ඕනෑම ජාතියක් උදෙසා මාගේ රාජ්‍යයේ දොරටුව විවෘත කිරීමට බලය ලබන්නෝය—

22 ඔවුන් එපමණකින් මා ඉදිරියේ යටහත් වන්නේද, තවද මාගේ වචනයෙහි පවතිමින්, තවද මාගේ ආත්මයේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේද [එමගින් ඔවුන් බලය ලබන්නෝය].

23 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, පොළොව අන්ධකාරයකින්ද, තවද ජනතාවගේ මනස දැඩි අන්ධකාරයකින්ද වසාගන්නේය, තවද සෑම මාංශයක්ම මාගේ මුහුණ ඉදිරියේ දුෂ්‍යත්වයට පැමිණෙන්නේය.

24 බලන්න, පොළොවේ පදිංචිකරුවන් මත පලිගැනීම ඉක්මනින්ම පැමිණෙන්නේය, එය කෝපයේ දවසක්ය, ගිනිගැනීමේ දවසක්ය, මහත් විනාශයේ, හැඬීමේ, දුක්වීමේ, සහ විලාපයේ දවසක්ය; තවද පොළෝ තලය මත එය කුණාටුවක් මෙන් පැමිණෙන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

25 තවද මාගේ ගෘහය මත එය ආරම්භ වන්නේය, තවද මාගේ ගෘහයෙන් එය පෙරට යන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක;

26 නුඹලා අතරෙහි වන එම පළමු අයවළුන් අතර [එය ආරම්භ වන්නේ යැයි], ස්වාමින්වහන්සේ පවසන සේක, එනම් ඒ මාගේ නාමය දන්නේ යැයි පවසමින් තවද මා නොදන්නවුන්ද, තවද මාගේ ගෘහයෙහි මධ්‍යයේ මට විරුද්ධව අවමන් කරන අයද බව, ස්වාමින්වහන්සේ පවසන සේක.

27 එසේහෙයින්, එනම් නුඹලා මෙම ස්ථානයේ මාගේ සභාවේ කටයුතු සම්බන්ධව නුඹලාව කරදර නොවීමට වගබලාගන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.

28 එහෙත් නුඹලාගේ හදවත් මා ඉදිරියේ පාරිශුද්ධ කරගන්න; තවද ඉන්පසු නුඹලා මුළු ලෝකය වෙතටම යන්න, තවද මාගේ ශුභාරංචිය නොලැබූ සියලු ප්‍රාණීන් වෙතට එය දේශනා කරන්න;

29 තවද එනම් විශ්වාස කරමින් තවද බව්තීස්ම වන ඔහුව ගලවනු ලබන්නේය, තවද ඔහු විශ්වාස නොකරන්නේද, තවද බව්තීස්ම නොවන්නේද, ඔහු විනාශයට පත්වන්නේය.

30 මක්නිසාද නුඹ හටද, නුඹගේ උපදේශකයින් සහ නුඹගේ නායකයින් වීමට නුඹ සමඟ පත්කෙරුණු, දොළොස්දෙනා හටද, තවද පළමු සභාතිත්වයටද, අවසාන දවස් සඳහා තවද අවසාන වතාවට, එනම් මෙම පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයෙදී, මෙම පුජකත්වයේ බලය ලබාදී ඇත්තේය.

31 මැවීමේ ආරම්භයේ පටන්ම ඕනෑම කාලයකදී ශුභාරංචිය සඳහා වගකීමක් ලබාගත්, එම සියල්ලන් සමඟම සම්බන්ධව, නුඹලා එම බලය දරන්නෝය.

32 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලාට ලැබුණු, මෙම කාල පරිච්ඡේදයේ යතුරු, එම පියවරුන් වෙතින් පහතට පැමිණ ඇත්තේය, තවද සියල්ල අවසානයේ, නුඹලා වෙතට ස්වර්ගයේ සිට පහතට ඒවා පැමිණ ඇත්තේය.

33 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලාගේ කැඳවීම කොතරම් ශ්‍රේෂ්ඨ දැයි බලන්න. මෙම පරම්පරාවේ රුධිරය නුඹලාගේ අත්වල නොපවතින පිණිස, නුඹලාගේ හදවත් සහ වස්ත්‍ර පිරිසිඳු කරගන්න.

34 මම පැමිණෙන තුරු ඇදහිලිවන්තව සිටින්න, මක්නිසාද මම ඉක්මණින් පැමිණෙන්නෙමි; තවද ඔහුගේ ක්‍රියාවන් වල ප්‍රතිඵල වලට අනුව සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රතිඵල ලබාදෙන මාගේ ත්‍යාගය මා සමඟ වන්නේය. මම ඇල්ෆා සහ ඔමේගා වන්නෙමි. ආමෙන්.