ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 121


121 වන කොටස

1839 මාර්තු 20, මිසුරි හි, ලිබර්ටි බන්ධනාගාරයේ සිරකරුවෙකු ලෙස සිටියදී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සභාවට ලියූ ලිපියක ලියා ඇති යාච්ඤාව සහ එළිදරව්ය. අනාගතවක්තෘවරයා සහ සහකරුවන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ මාස කිහිපයක්ම සිට ඇත්තෝය. විධායක නිලධාරීන්ට සහ අධිකරණයට යොමුකරන ලද ඔවුන්ගේ පෙත්සම් හා අභියාචනා ඔවුන්ට සහනයක් ලබාදීමට අපොහොසත් වී ඇත.

1–6, අනාගතවක්තෘවරයා දුක්විඳින ශුද්ධවන්තයන් උදෙසා ස්වාමින්වහන්සේ සමඟ බැගෑපත් විය; 7–10, ස්වාමින්වහන්සේ ඔහුට සාමය කතාකරයි; 11–17, ස්වාමින්වහන්සේගේ ජනතාවට විරුද්ධව බොරු වැරදි උදෙසා මොරගැසීම් ඔසවන්නාවූ සියල්ලන් ශාපලත් වන්නෝය; 18–25, ඔවුන්ට පූජකවරයට අයිතිවාසිකමක් නොවන්නෝය තවද විනාශයට පත්කරනු ලබන්නේය; 26–32, නිර්භීතව දරාගන්නාවූ සියල්ලන්ට මහිමවත් එළිදරව් වීම් පොරොන්දු වන්නේය; 33–40, බොහෝ අයවළුන් කැඳවා ඇතත් තෝරාගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් වන්නේ ඇයි; 41–46, පූජකවරය භාවිතා කළ යුත්තේ ධර්මිෂ්ඨකමින් පමණක්ය.

1 අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද? තවද ඔබවහන්සේගේ සැඟවෙන ස්ථානය ආවරණය කරන මණ්ඩපය කොතැනද?

2 සදාකාලික ස්වර්ගයන්හි සිට ඔබවහන්සේගේ ජනතාවට සහ ඔබවහන්සේගේ සේවකයන්ට වන වැරදි දකින පිණිස, ඔබවහන්සේගේ හස්තය, තවද ඔබවහන්සේගේ ඇස, එසේය ඔබවහන්සේගේ පවිත්‍ර ඇස, තවද ඔබවහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීම් වලින් පසාරු වීම, කෙතරම් කාලයකට නැවතී ඇත්ද?

3 එසේය, අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ හදවත ඔවුන් වෙනුවෙන් මෘදු වීමටත්, තවද ඔබවහන්සේගේ අභ්‍යන්තරය ඔවුන් උදෙසා දයාවෙන් වෙනස් වීමටත් පෙර, ඔවුන් කොපමණ කාලයක් මෙම වැරදි සහ අවනීති පරිපීඩනය විඳිය යුතු වන්නෝද?

4 අහෝ ස්වාමින් වූ සර්වබලධාරි දෙවියන්වහන්ස, ස්වර්ගය, පොළොව, සහ මුහුදුද, තවද ඒවායෙහි වූ සියළු දෙයෙහි මැවුම්කරුවාණන් වූද, තවද යක්ෂයාවද, තවද අන්ධකාරයද සහ ෂෙයොල් හි අන්ධකාරයෙන් වැසුණු ආධිපත්‍ය පාලනය කර සහ යටත්කරන්නාවූද, ඔබවහන්සේ—ඔබවහන්සේගේ හස්තය පෙරට දිගුකර; ඔබවහන්සේගේ ඇස මගින් පැහැදිලිව දැක; ඔබවහන්සේගේ මණ්ඩපය ඉහළට ගෙන; ඔබවහන්සේගේ රහසිගත ස්ථානය තවදුරටත් නොවසා; ඔබවහන්සේ කනට ඇසෙන්නට සලස්වා; ඔබවහන්සේගේ හදවත මෘදුව, තවද ඔබවහන්සේගේ හද පත්ල අප කෙරෙහි දයාවෙන් යුතුව සලිත වෙත්වා.

5 ඔවහන්සේගේ කෝපය අපගේ සතුරන්ට විරුද්ධව ඇවිලෙන්නට සලස්වනු මැනව; තවද, ඔබවහන්සේගේ හදවතේ ද්වේශය, ඔබවහන්සේගේ කඩුව සමඟ අපගේ වරද වලට අපගෙන් පලිගනිත්වා.

6 ඔබවහන්සේගේ වේදනා විඳින්නාවූ ශුද්ධවන්තයන්ව සිහිකරනු මැනව, අහෝ අපගේ දෙවියන්වහන්ස; තවද ඔබවහන්සේගේ සේවකයන් ඔබවහන්සේගේ නාමය තුළ සදාකාලයට ප්‍රීති ප්‍රමුදිත වනු ලබන්නෝය.

7 මාගේ පුත්‍රය, නුඹගේ ප්‍රාණයට සමාදානය වේවා; නුඹගේ විපත්තිය සහ නුඹගේ පීඩාවන් එහෙත් කුඩා කාලයකට පමණක් වන්නේය;

8 තවද එවිට, නුඹ එය හොඳින් දරාගන්නේ නම්, දෙවියන්වහන්සේ නුඹව ඉහළට ඔසවන සේක; නුඹ නුඹගේ සියලු සතුරන්ගෙන් ජයගනු ලබන්නේය.

9 නුඹගේ මිතුරන් නුඹ සමඟ සිටගනු ලබන්නෝය, තවද ඔවුන් නුඹට නැවතත් උණුසුම් හදවත් සහ මිතුරුකමේ හස්තයන් සමඟින් ආචාර කරනු ලබන්නෝය.

10 නුඹ තවමත් යෝබ් මෙන් නොවන්නේය; නුඹගේ මිතුරන් නුඹට විරුද්ධව විවාද නොකරන්නෝය, එමෙන්ම ඔවුන් යෝබ්ට කළාක් මෙන්, නුඹට වරද සමඟින් චෝදනා නොකරන්නෝය.

11 තවද නුඹව වරද සමඟින් චෝදනා කරන ඔවුන් හට, ඔවුන්ගේ බලාපොරොත්තු පුපුරුවනු ඇත, තවද නැගෙන හිරුගේ ගිනිගන්නා කිරණ හමුවේ මිදී ඇති හිම දියවී යන්නාක් මෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් දියවී යනු ඇත;

12 තවද එසේම එනම් කාලවල් සහ ප්‍රස්තාවල් වෙනස් කිරීමට, සහ ඔවුන්ගේ මනසවල් අන්ධ කිරීමට, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හස්තය සහ මුද්‍රාව තබා ඇත්තේය, එනම් ඔවුන් උන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියාවන් තේරුම් නොගන්නා පිණිසය; එනම් උන්වහන්සේ එසේම ඔවුන්ව පරික්ෂාවට ලක්කිරීමට සහ ඔවුන්ගේම ස්වකීය කපටිකමේදී හසුකරගන්නා පිණිසය;

13 එසේම ඔවුන්ගේ හදවත් දූෂිත වී ඇති හෙයින්ද, තවද ඔවුන් අනෙක් අය මත ගෙන ඒමට කැමැත්තෙන් සිටින එම දේවල්ද, තවද අනෙකුන් විඳිනවාට ප්‍රේම කරන දේවල්ද, ඉතා අධිකව ඔවුන් මතම පැමිණෙන්නේය;

14 එනම් ඔවුන්ද එසේම කලකිරීමට පත්වී, තවද ඔවුන්ගේ බලාපොරොත්තු කපාදමනු ලැබෙන පිණිසය;

15 තවද මෙතැන් සිට, ඔවුන් සහ ඔවුන්ගේ පරම්පරාව ස්වර්ගය යටතින් පහවයන්නට අවුරුදු ගණනාවක් නොමැත්තේ යැයි, දෙවියන්වහන්සේ පවසන සේක, එනම් ඔවුන්ගෙන් එක් අයෙකුවත් බිත්තිය අසලින් නැගීසිටීමට ඉතිරි නොවන්නෝය.

16 මාගේ ආලේප ලද්දවුන්ට විරුද්ධව පා ඔසවන ඔවුන් සියල්ලෝ ශාපලද්දෝ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක, තවද ඔවුන් පාපයන් නොකර ඇති විටදීත් ඔවුන් පාප කර ඇතැයි මොරගසන්නෝය යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක, එහෙත් මා ඔවුන් හට ආඥා කළ ලෙස, ඔවුන් මා හට ප්‍රසන්න වන පරිදි ඉටුකර ඇත්තෝය.

17 එහෙත් වරද පිළිබඳ මොරගසන්නාවූ ඔවුන් එය කරන්නෝය මක්නිසාද ඔවුන් පාපයේ මෙහෙකරුවන්ය, තවද ඔවුන් අකීකරුකමේ දරුවන්ය.

18 තවද එනම් ඔවුන් ඔවුන් මත වහල්භාවයත් මරණයත් ගෙනඑන පිණිස, මාගේ සේවකයන්ට විරුද්ධව බොරුවට දිවුරන්නාවූ එම අයවළුන් සම්බන්ධවය—

19 ඔවුන් හට දුක්වේ; මක්නිසාද ඔවුන් මාගේ කුඩා වූවන්ට වැරදිකර ඇති නිසා ඔවුන්ව මාගේ ගෘහයේ නියෝගයන් වලින් කපාදමනු ලබන්නේය.

20 ඔවුන්ගේ කූඩය පිරෙනු ලැබෙන්නේ නැත, ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන්ගේ ගබඩාවන් වැනසී යන්නේය, තවද ඔවුන්ව පරට්ටුකරගන්නාවූ අයවළුන් විසින් ඔවුන්ව පහත් කොට සලකනු ලැබෙන්නෝය.

21 ඔවුන්ටත්, එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ මතු පරම්පරාවටත්, පූජකවරයට අයිතියක් නොවන්නේය.

22 ඔවුන්ගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, තවද මුහුදේ ගැඹුරේ ඔවුන්ව ගිල්ලුවානම් එය ඔවුන්ට යහපත් වන්නේය.

23 මාගේ ජනයාව අපහසුතාවයට පත්කරන, සහ පලවාහරින, මරණයට පත්කරන, සහ ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන එම සියල්ලන්ට දුක්වේ යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක; පොළොං වංශයක් නිරයේ සදාකාලික විනාශයෙන් ගැලවී නොයන්නේය.

24 බලන්න, මාගේ ඇස් දකින්නේය තවද ඔවුන්ගේ සියලු ක්‍රියාවන් දන්නේය, තවද ඔවුන් සියල්ලන් හටම, නියමිත කාලයේදී ඉක්මන් විනිශ්චයක් මම ගබඩා කර ඇත්තෙමි;

25 මක්නිසාද ඒ සඳහා සෑම මනුෂ්‍යයෙකුටම, ඔහුගේ ක්‍රියාවන්ට අනුව කාලයක් නියමකර ඇත්තේය.

26 දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් නුඹලා හට දැනුම ලබාදෙනු ලබන්නේය, එසේය, ලෝකයේ පටන්ගැන්මේ සිට මේ මොහොත දක්වා එළිදරව් කර නොතිබූ එය, විස්තර කළ නොහැකි ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව මගින් දෙනු ලබන්නේය;

27 එනම් අන්තිම දවස් වලදී එළිදරව් වනු ඇතැයි අපගේ ආදි පියවරුන් විසින් මහත් උවමනාවෙන් බලාසිටි, දේවදූතයන් විසින් ඔවුන්ගේ මනසවල් යොමුකර තිබූ, ඔවුන්ගේ මහිමයේ පූර්ණත්වය තෙක් ආරක්ෂා කර තිබූ [දැනුමයි].

28 එම කාලය කිසිවක් වසන් නොකරන්නාවූ කාලයක් වන්නේය, එලෙසම එහි එක් දෙවි කෙනෙකු හෝ බොහෝ දෙවිවරු සිටිනවාද යන්න, ඒවා එළිදරව් කරනු ලැබෙන්නේය.

29 සියලු සිංහාසනයන් සහ ආධිපත්‍යයන්, රාජ්‍යයන් සහ බලයන්, එළිදරව් කරනු ලැබ තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උදෙසා නිර්භීතව දරාගත්තවුන් සියල්ලන් මත ඒවා පත්කරනු ලබන්නේය.

30 තවද එසේම, එහි ස්වර්ගයන්ට හෝ මුහුදු වලට, හෝ වියලි දේශයට, හෝ සූර්යයාට, හඳට, හෝ තරු වලට, සීමාවන් පනවා ඇත්දැයිද—

31 ඒවායෙහි පරිභ්‍රමණයේ සියලු කාලයන්ද, පත්කර ඇති දින, මාස, සහ වර්ෂයන්ද, තවද ඒවායෙහි දින, මාස, සහ වර්ෂයන්හි සියලු දවස්ද, තවද ඒවායෙහි සියලු මහිමයන්, නීතීන්, සහ නියමිත කාලයන්ද, පූර්ණත්වයේ කාලයේ කාල පරිච්ඡේදයේ දවස් වලදී එළිදරව් කරනු ලැබෙන්නේය—

32 එනම් එය මේ ලෝකයේ පටන්ගැන්මට පෙර සිටම අනෙකුත් සියලු දෙවිවරුන්ගේ සදාකාලික දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවේ මධ්‍යයේ නියම කරනු ලැබූ ආකාරයට වන්නේය, සෑම මනුෂ්‍යයෙකුම උන්වහන්සේගේ සදාකාලික අභිමුඛයට සහ උන්වහන්සේගේ අමරණීය විශ්‍රාමයට ඇතුළු වන විට, එහි අවසාන කිරීම සහ අන්තය වෙතට එය ආරක්ෂිත කර ඇත්තේය.

33 ගලායන ජලයට කොපමණ කාලයක් අපවිත්‍රව පැවතිය හැක්කේද? ස්වර්ගයන් නැවැත්වීමට හැක්කේ කුමන බලයකටද? පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ හිස් මත ස්වර්ගයෙන් දැනුම වත්කිරීමේදී සර්වබලධාරියාණන්වහන්සේ හට බාධා කිරීම, මිසුරි ගඟ ගලායන ආකාරය නැවැත්වීමට, හෝ එය ඉහළට ගලායාමට සැලැස්වීම සඳහා මනුෂ්‍යයෙකු ඔහුගේ දුර්වල හස්තය දිගුකරනවා මෙන් වන්නේය.

34 බලන්න, එහි බොහෝ අයවළුන්ව කැඳවා ඇත්තේය, එහෙත් තෝරාගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක්ය. තවද ඔවුන්ව තෝරාගෙන නොමැත්තේ ඇයි?

35 මක්නිසාද ඔවුන්ගේ හදවත් මෙම ලෝකයේ දේවල් මත ඉතා මහත්ව රැඳී ඇත්තේය, තවද මනුෂ්‍යයන්ගේ ගෞරවය අපේක්ෂා කරන්නේය, එමනිසා ඔවුන් මෙම එක් පාඩම ඉගෙනගන්නේ නැත—

36 එනම් ඒ පූජකවරයේ අයිතීන් ස්වර්ගයේ බලයන් සමඟ වෙන්කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවය, තවද එනම් ස්වර්ගයේ බලයන් ධර්මිෂ්ඨතාවයේ මූලධර්මයන් මතින් මිස පාලනය කළ හෝ හැසිරවිය නොහැකි බවය.

37 එනම් ඒවා අප මත ප්‍රදානය කරනු ලැබෙන්නේය, එය සත්‍යය වන්නේය; එහෙත් අප අධර්මිෂ්ඨ බවේ ඕනෑම තත්වයකින්, අපගේ පාපයන් වසන් කිරීමට, හෝ අපගේ ආඩම්බරකම, අපගේ නිෂ්ඵල පරමාර්ථය පිනවීමට, හෝ මනුෂ්‍ය දරුවන්ගේ ප්‍රාණයන් මත පාලනය හෝ ආධිපත්‍යය හෝ බලහත්කාරය ක්‍රියාත්මක කිරීමට බාරගන්නා විට, බලන්න, ස්වර්ගයන් ඒවා විසින්ම ඉවත්ව යන්නේය; ස්වාමින්වහන්සේගේ ආත්මය කණගාටුවට පත්කරනු ලබන්නේය; තවද එය ඉවත්කරනු ලැබූවිට, එම මනුෂ්‍යයාගේ පූජකවරයට හෝ අධිකාරිත්වයට ආමෙන් කියනු ලබන්නේය.

38 බලන්න, ඔහු දැනගැනීමටත් මත්තෙන්, කටු වලට විරුද්ධව පයින් ගැසීමටද, ශුද්ධවන්තයන්ට හිංසා කිරීමටද, තවද දෙවියන්වහන්සේට විරුද්ධව සටන් කිරීම සඳහාද, ඔහුට ඔහු පමණක්ම වන්නේය.

39 දුක්සහගත අත්දැකීමෙන් අප ඉගෙනගෙන ඇති ආකාරයට බොහෝ මනුෂ්‍යයන්ගේ ස්වභාවය සහ තත්වය එසේ වන්නේය, ඔවුන් සිතන ආකාරයට, ඔවුන්ට කුඩා අධිකාරිත්වයක් පවා ලැබුණු විගස, ඔවුන් එවෙලෙහිම අධර්මිෂ්ඨ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන්නෝය.

40 එසේහෙයින් බොහෝ දෙනෙක්ව කැඳවා ඇතත්, එහෙත් තෝරාගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණක්ය.

41 කිසිඳු බලයක් හෝ පෙළඹවීමක් පූජකවරයේ ගුණවන්තකම මගින් පවත්වාගත හැකිනම් එසේ කළ හැකි හෝ සිදුවිය හැකිවන්නේ, මේ මගින් පමණක්ය එනම් පෙළඹවීමෙන්, දිගු දරාගැනීමෙන්, මෘදුකමින් සහ යටහත්කමින්, සහ අව්‍යාජ ප්‍රේමයෙන්;

42 කරුණාවන්තකමින්, සහ පවිත්‍ර දැනුමෙන්ය, එය කෛරාටික කමින්, සහ වංචාවෙන් තොරව ප්‍රාණය මහත් ලෙස විශාල කරන්නේය—

43 ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ආනුභාවය ලැබුණු විට, ඒවා නිශ්චිත වෙලාවේදී විධිමත්ව පවත්වාගන්න, තවද එවිට ඉන්පසු නුඹ විසින් පවත්වාගත් උන්වහන්සේ වෙත වැඩුණු ප්‍රේමය පෙන්වන්න, එනම් නුඹ උන්වහන්සේගේ සතුරා යැයි උන්වහන්සේ විසින් නොසිතන පිණිසය.

44 එනම් නුඹගේ ඇදහිලිවත්තකම මරණයේ රැහැන් වලට වඩා ශක්තිමත් බව උන්වහන්සේ දැනගන්නා පිණිසය.

45 එසේම නුඹගේ අභ්‍යන්තරය සියලුම මනුෂ්‍යයන් වෙතද, එමෙන්ම ඇදහිල්ලේ නිවැසියන් වෙතද පවිත්‍ර ප්‍රේමයෙන් පිරේවා, තවද නුඹගේ සිතිවිලි ගුණවත්වකමින් නොකඩවා පිරී තිබේවා; එවිට නුඹගේ ආත්මවිශ්වාසය දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වර්ධනය වනු ලැබෙන්නේය; තවද පූජකවරයේ දහම ස්වර්ගයෙන් පැමිණෙන පිනිබිඳු මෙන් නුඹගේ ප්‍රාණය මත වෑහෙනු ලබන්නේය.

46 ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹගේ නිරන්තර සහයකයා වන්නේය, තවද නුඹගේ සැරයටිය ධර්මිෂ්ඨකමේ සහ සත්‍යයේ වෙනස් නොවන සැරයටිය වන්නේය; තවද නුඹගේ ආධිපත්‍යය සදාකාලික අධිපත්‍යයක් වන්නේය, තවද බලපෑමකින් තොරව නුඹ වෙතට සදාකාලයෙන් සදාකාලයට එය ගලා එන්නේය.