ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 131


131 වන කොටස

1843 මැයි 16 සහ 17, රේමස්, ඉලිනොයිස් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මගින් දෙනු ලැබූ උපදේශයන්ය.

1–4, සෙලෙස්ටියල් විවාහය ස්වර්ගයේ උසස්ම උත්කර්ෂයට අත්‍යවශ්‍ය වන්නේය; 5–6, මනුෂ්‍යයන්ව සදාකාල ජීවනය වෙතට මුද්‍රා කර ඇත්තේ කෙසේ දැයි විස්තර කරනු ලබයි; 7–8, සියලු ආත්මයන් පදාර්ථ වේ.

1 සෙලෙස්ටියල් මහිමය තුළ ස්වර්ගයන් හෝ තත්ව තුනක් ඇත;

2 තවද ඉහළම තත්වය ලබාගැනීම පිණිස, මනුෂ්‍යයෙකු පූජකවරයේ මෙම පිළිවෙලට ඇතුළත් විය යුතු වන්නේය [එනම් නව සහ සදාකාලික ගිවිසුමේ විවාහයයි];

3 තවද ඔහු එය නොකරන්නේ නම්, ඔහුට එය ලබාගැනීමට නොහැකි වන්නේය.

4 ඔහුට වෙන එකකට ඇතුළත් විය හැකිය, එහෙත් එය ඔහුගේ රාජ්‍යයේ අවසානය වන්නේය; ඔහුට වර්ධනයක් ලබාගත නොහැකි වන්නේය.

5 (1843 මැයි 17.) වඩාත් විශ්වාසවන්ත අනාගත වාක්‍යයේ වචනයේ තේරුම නම්, එළිදරව් මගින් සහ අනාවැකි ආත්මය මගින්, ශුද්ධ වූ පූජකවරයේ බලය තුළින්, සදාකාලික ජීවිතය වෙතට ඔහු මුද්‍රා වී ඇති බව ඔහු දැන සිටීමය.

6 නොදැනුවත්කම මත මනුෂ්‍යයෙකුට ගැලවීම ලැබිය නොහැකි වන්නේය.

7 එහි නොවැදගත් පදාර්ථයක් ලෙස කිසිවක් නොමැත්තේය, සියලු ආත්මයන් පදාර්ථ වේ, එහෙත් එය වඩාත් සියුම් හෝ පාරිශුද්ධය, තවද පැහැදිලිව දැකගත හැකිවන්නේ වඩාත් පිවිතුරු ඇස් වලින් පමණකි;

8 අපට එය දැකිය නොහැකිය; එහෙත් අපගේ ශරීර පාරිශුද්ධ වූ විට ඒ සියල්ල පදාර්ථ බව අපි දකින්නෙමු.