ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 17


17 වන කොටස

1829 ජුනි, නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ඔලිවර් කවුඩ්‍රි, ඩෙවිඩ් විට්මර් සහ මාර්ටින් හැරිස් හට, මොර්මොන්ගේ පොතෙහි වාර්තාව කොටනු ලැබූ තහඩු පෙන්වීමට පෙර දෙනු ලැබූ එළිදරව්වකි. ජෝසෆ් සහ ඔහුගේ ලියන්නා වූ, ඔලිවර් කවුඩ්‍රි, මොර්මොන්ගේ පොතෙහි තහඩු පරිවර්තනයේදී විශේෂ සාක්ෂිකරුවන් තිදෙනෙකු පත්කරගන්නා බව දැනගෙන තිබිණි (බලන්න ඊතර් 5:2–4; 2 නෙපි 11:3; 27:12). ඔලිවර් කවුඩ්‍රි, ඩේවිඩ් විට්මර් සහ මාටින් හැරිස් විශේෂිත සාක්ෂිකරුවන් තිදෙනා වීමට ආශාවෙන් පොළඹවනු ලැබිණි. අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් අසනු ලැබ, තවද මෙම පිළිතුර ඌරීම් සහ තුම්මීම් තුළින් එළිදරව්වක් ලෙස ලබාදෙන ලදි.

1–4, ඇදහිල්ල තුළින් සාක්ෂිකරුවන් තිදෙනා තහඩු සහ අනෙක් ශුද්ධ වූ දේවල් දකිනු ඇත; 5–9, මොර්මොන්ගේ පොතෙහි දිව්‍යමය භාවය ගැන ක්‍රිස්තුස්වහන්සේ සාක්ෂි දරන සේක.

1 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා මාගේ වචන මත රැඳී සිටිය යුතුය, එය නුඹලා හදවතේ පූර්ණ අරමුණක් සහිතව කරන්නේ නම්, ඔහු ස්වාමින්වහන්සේ හා මුහුණට මුහුණ කතා කරමින් සිටියදී, කන්ද මත යාරෙද්ගේ සහෝදරයා හට දෙන ලද, තහඩුද, තවද එසේම පපු තහඩුද, ලාබන්ගේ කඩුවද, ඌරීම් සහ තුම්මීම්ද, තවද රතු මුහුදේ මායිම් වල පාළුකරයේ සිටියදී ලෙහිට ලබාදුන් ආශ්චර්යමත් මගපෙන්වන්නනයද, නුඹලා දකිනු ඇත.

2 තවද අතීත අනාගතවක්තෘවරුන්ගේ එම ඇදහිල්ල මෙන් වූ, නුඹලාගේ ඇදහිල්ල නිසා එම දෙවල් දැකීම නුඹලා ලබාගත්තෙහුය.

3 තවද නුඹලා ඇදහිල්ල ලබාගත් පසුව, තවද නුඹලාගේ ඇස් වලින් ඒවා දුටුවාට පසු, දෙවියන්වහන්සේගේ බලය මගින්, නුඹලා ඒවාට සාක්ෂි දරනු ඇත;

4 තවද නුඹලා එය කරන්නේ මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ විනාශ නොවනු පිණිසය, එනම් මම මාගේ ධර්මිෂ්ඨ අරමුණු මෙම ක්‍රියාවෙන් මනුෂ්‍ය දරුවන් වෙතට ගෙන එනු පිණිසය.

5 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ ඒවා දුටු ආකාරයටම, නුඹලා ඒවා දැක ඇති බවට සාක්ෂි දරනු ඇත; මක්නිසාද ඔහු එය දැක ඇත්තේ මාගේ බලයෙන්ය, තවද එය එසේවූයේ ඔහුට ඇදහිල්ල තිබූ නිසාය.

6 තවද මම ඔහුට ආඥා කළ පොත, එම කොටස වුවත් ඔහු පරිවර්තනය කර ඇත්තේය, තවද නුඹගේ ස්වාමින්වහන්සේද නුඹගේ දෙවියන්වහන්සේද ජීවත් වන ලෙස එය සත්‍යයකි.

7 එසේහෙයින්, නුඹ ලබා ඇත්තේ ඔහුට මෙන්ම වූ එම බලයමය, එම සමාන ඇදහිල්ලමය, එම දීමනාවමය;

8 තවද මා නුඹලාට දෙනු ලැබූ, මෙම මාගේ අන්තිම ආඥාවන් නුඹලා කරන්නේ නම්, නුඹලාට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත; මක්නිසාද මාගේ කරුණාව නුඹලාට ප්‍රමාණවත් වන්නේය, තවද නුඹලා අවසාන දවසේදී ඔසවාගනු ලබන්නෙහුය.

9 තවද මම, නුඹලාගේ ස්වාමින් වූ සහ නුඹලාගේ දෙවියන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, එය නුඹලා හට ප්‍රකාශ කර ඇත්තේය, එනම් මම මනුෂ්‍යය දරුවන් වෙතට මාගේ ධර්මිෂ්ඨ අරමුණු ගෙන එනු ලබන පිණිසය. ආමෙන්.