ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 18


18 වන කොටස

1829 ජුනි, නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්, ඔලිවර් කවුඩ්‍රි සහ ඩෙවිඩ් විට්මර් හට දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයාට අනුව “පසුදවස් වල ප්‍රේරිතවරුන් දොළොස්දෙනා කැඳවීම, සහ සභාව ගොඩනැගීම සම්බන්ධ උපදෙස්” මෙම එළිදරව්ව මගින් දන්වනු ලැබිණි.

1–5, සභාව ගෙඩනගන්නේ කෙසේදැයි ශුද්ධලියවිලි පෙන්වන්නේය; 6–8, ලෝකය අයුතුකමින් පැසෙන්නේය; 9–16, ප්‍රාණයන්ගේ වටිනාකම මහත්ය; 17–25, ගැලවීම ලබාගැනීමට, මනුෂ්‍යයන් ඔවුන් මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගත යුතුවේ; 26–36, දෙළොස්දෙනාගේ කැඳවීම සහ මෙහෙය එළිදරව් කරනු ලබයි; 37–39, ඔලිවර් කවුඩ්‍රි සහ ඩේවිඩ් විට්මර් දෙළොස්දෙනා සෙවිය යුතුය; 40–47, ගැලවීම ලබාගැනීමට, මනුෂ්‍යයන් පසුතැවිලි වී, බව්තීස්ම කරනු ලැබ, ආඥාවන් පිළිපැදිය යුතු වේ.

1 දැන්, බලන්න, මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි, මාගෙන් දැනගැනීමට නුඹ ආශා වූ දේ නිසා, මම නුඹ හට මෙම වචන දෙන්නෙමි:

2 බලන්න, නුඹ විසින් ලියන ලද දේවල් සත්‍ය බවට, බොහෝ අවස්ථාවන්හිදී මාගේ ආත්මය මගින් මම නුඹට ප්‍රකාශ වී ඇත්තෙමි; එසේහෙයින් ඒවා සත්‍ය යැයි නුඹ දන්නෙහිය.

3 තවද ඒවා සත්‍ය යැයි නුඹ දන්නේ නම්, බලන්න, මම නුඹට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹ ලියා ඇති දේවල් මත රඳා සිටිය යුතුවේ;

4 මක්නිසාද ඒ තුළ මාගේ සභාවේ අත්තිවාරම, මාගේ ශුභාරංචිය, මාගේ පර්වතය සම්බන්ධව, සියලු දේවල් ලියා ඇත්තේය.

5 එසේහෙයින්, මාගේ ශුභාරංචිය සහ මාගේ පර්වතයේ අත්තිවාරම මත, නුඹ මාගේ සභාව ගොඩනගන්නේ නම්, නුඹට විරුද්ධව නිරයේ දොරටු ජයගන්නේ නැත.

6 බලන්න, ලෝකය අයුතුකම් වලින් පැසෙන්නේය; තවද මනුෂ්‍ය දරුවන්ද, අන්‍ය ජාතිකයන් සහ එසේම ඉශ්‍රායෙල් වංශයේ නිවෙසියන් යන දෙගොල්ලන්ම, පසුතැවිල්ල වෙතට කළඹවනු ලැබීම අවශ්‍යව ඇත්තේය.

7 එසේහෙයින් බලන්න, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ හස්තයෙන්, මා ඔහුට ආඥා කළ ලෙස, ඔබ බව්තීස්ම වූ හෙයින්, මම ඔහුට ආඥා කරන ලද දෙය ඔහු විසින් සම්පූර්ණ කරන ලද්දේය.

8 තවද දැන්, මම ඔහුව කැඳවා ඇත්තේ මාගේ ස්වකීය අරමුණට නිසා පුදුම නොවන්න, එම අරමුණ මා තුළ දැනගන්නට ඇත; එසේහෙයින්, මාගේ ආඥාවන් පිළිපැදීමෙහි ඔහු උනන්දු වන්නේ නම් ඔහු සදාකාල ජීවනය වෙතට ආශිර්වාද ලබන්නේය; තවද ඔහුගේ නම ජෝසෆ්ය.

9 තවද දැන්, ඔලිවර් කවුඩ්‍රි, එසේම ඩේවිඩ් විට්මර්, ආඥාවක් මාර්ගයෙන් මම නුඹලා හට කතා කරන්නෙමි; මක්නිසාද, බලන්න, මම සැමතැනම සිටින සියලු මනුෂ්‍යයන් හට පසුතැවිල්ලට ආඥා කරන්නෙමි, තවද මම නුඹලාට මාගේ ප්‍රේරිතවරයෙකු වූ පාවුල්ට මෙන්, කතා කරන්නෙමි, මක්නිසාද නුඹලා කැඳවා ඇත්තේ ඔහුව කැඳවා ඇති එම කැඳවීමේ ආකාරයටම වන්නේය.

10 ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේගේ දර්ශනය ඉදිරියේ මහත් බව මතක තබාගන්න;

11 මක්නිසාද, බලන්න, නුඹගේ ස්වාමින් වූ මිදුම්කරුවාණන්, මාංශයෙන් යුතුව මරණය වින්ද සේක; එසේහෙයින් උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ වේදනා වින්ද සේක, එනම් සියලු මනුෂ්‍යයන් පසුතැවිලිව උන්වහන්සේ වෙතට පැමිණෙන පිණිසය.

12 තවද උන්වහන්සේ නැවතත් මරණය වෙතින් නැවත නැගිටි සේක, එනම් සියලු මනුෂ්‍යයන්, පසුතැවිල්ලේ කොන්දේසිය මත, උන්වහන්සේ වෙතට ගෙන එන පිණිසය.

13 තවද පසුතැවිලි වන ප්‍රාණය තුළ උන්වහන්සේගේ ප්‍රීතිය කොපමණ මහත් වන්නේද!

14 එසේහෙයින්, නුඹලා කැඳවා ඇත්තේ‍ මෙම ජනතාව හට පසුතැවිල්ල වෙතට මොරගැසීමටය.

15 තවද නුඹලාගේ සියලු දවස් වලදී මෙම ජනතාව හට පසුතැවිල්ල වෙතට මොරගැසීමට නුඹලා වෙහෙසවිය යුතු වන්නේ නම්, සහ මා වෙතට ගෙන එන එක් ප්‍රාණයක් වෙනුවෙන්, මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යය තුළ නුඹලාගේ ප්‍රීතිය කෙතරම් මහත් වන්නේද!

16 තවද දැන්, මාගේ පියාණන්ගේ රාජ්‍යය වෙතට එක් ප්‍රාණයක් ගෙන ඒමේ ප්‍රීතිය නුඹට එතරම් මහත් වන්නේ නම්, නුඹ මා වෙතට බොහෝ ප්‍රාණයන් ගෙන ඒමේ ප්‍රීතිය කෙතරම් මහත් වන්නේද!

17 බලන්න, මාගේ ශුභාරංචියද, මාගේ පර්වතය සහ මාගේ ගැලවීමද, නුඹලා ඉදිරියේ වන්නේය.

18 නුඹලාට ලැබෙන්නේ යැයි විශ්වාස කරමින්, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්න, තවද මනුෂ්‍ය දරුවන් හට යෝග්‍ය වූ සියලු දේවල් ප්‍රකාශ කරන, ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට ලැබෙන්නේය.

19 තවද නුඹලා හට ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය නොමැති නම්, නුඹලාට කිසිවක් කළ නොහැක්කේය.

20 එම යක්ෂයාගේ සභාවට මිස, වෙනත් සභාවකට විරුද්ධව සටන් නොකරන්න.

21 නුඹ මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගන්න, තවද සත්‍යය සන්සුන්ව කතා කරන්න.

22 තවද පසුතැවිලි වී, යේසුස් ක්‍රිස්තුස් වන මාගේ නාමයෙන් බව්තීස්ම වන සියල්ලෝම, අවසානය දක්වා දරාගන්නේද, ඔවුහු ගැලවීම ලබාගන්නෝය.

23 බලන්න, යේසුස් ක්‍රිස්තුස් යන නාමය පියාණන්වහන්සේ දුන් නාමය වන්නේය, තවද එහි මිනිසාට ගැලවීම ලබාගත හැකි වෙනත් නාමයක් නොමැත්තෙහිය;

24 එසේහෙයින්, සියලු මනුෂ්‍යයන් ඔවුන් මත පියාණන්වහන්සේ දුන් නාමය ගත යුතු වන්නේය, මක්නිසාද අවසාන දවසේ ඔවුන් කැඳවන නාමය එය වන්නේය;

25 එසේහෙයින්, ඔවුන් කැඳවන එම නාමය ඔවුන් නොදන්නේ නම්, ඔවුන්ට මාගේ පියාණන්ගේ රාජ්‍යයේ ස්ථානයක් ලබාගත නොහැක්කේය.

26 තවද දැන්, බලන්න, අන්‍ය ජාතිකයන් සහ යුදෙව්වන් යන දෙගොල්ලන් හටම, මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට, කැඳවූ අනෙක් අය ඇත්තේය;

27 එසේය, දොළොස්දෙනාද; තවද දොළොස්දෙනා මාගේ ගෝලයන් වන්නේය, තවද ඔවුහු මාගේ නාමය ඔවුන් මත ගන්නෝය; තවද දොළොස්දෙනා වූ ඔවුහු ආශාවෙන්, හදවතේ පූර්ණ අරමුණ ඇතිව මාගේ නාමය ඔවුන් මත ගන්නෝය.

28 තවද හදවතේ පූර්ණ අරමුණ ඇතිව මාගේ නාමය ඔවුන් මත ගැනීමට ඔවුන් ආශා වන්නේ නම්, ඔවුන්ව මුළු ලෝකයේම සියලු සත්වයන් හට මාගේ ශුභාරංචිය දේශනා කිරීමට කැඳවන්නේය.

29 තවද එම ලියා තිබෙන අකාරයට අනුව; මාගේ නාමයෙන් බව්තීස්ම කරන්නට, මා කෙරෙන් නියම කරනු ලැබ ඇත්තේ ඔවුන්වය;

30 නුඹලා ඉදිරියේ ලියා ඇති දේ නුඹලා සතුව ඇත; එසේහෙයින්, ලියන ලද එම වචනයන්ට අනුව නුඹලා ක්‍රියා කළ යුතු වන්නේය.

31 තවද දැන් මම, දොළොස්දෙනා වූ නුඹලා හට කතා කරන්නෙමි—බලන්න, මාගේ කරුණාව නුඹලාට ප්‍රමාණවත්ය; නුඹලා මා ඉදිරියේ ඍජුව ගමන් කළ යුතුමය එමෙන්ම පව් නොකළ යුතුම වන්නේය.

32 තවද, බලන්න, නුඹලා තුළ ඇත්තා වූ ශුද්ධාත්මයාණන්ගේ බලයට අනුව, සහ මනුෂ්‍යයන් හට දෙවියන්වහන්සේගේ කැඳවීම් සහ දීමනා අනුව, මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම පිණිස; පූජකයන් හා ගුරුවරුන් නියම කිරීමට මා විසින් නියම කරනු ලැබූ ඔවුන් නුඹලාය;

33 තවද එය පවසා ඇත්තේ මමය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේය, නුඹලාගේ ස්වාමින් සහ නුඹලාගේ දෙවියන්වහන්සේය.

34 මෙම වචන මනුෂ්‍යයෙකු හෝ මනුෂ්‍යයන්ගෙන් නොවන්නේය, එහෙත් මාගෙන් වන්නේය; එසේහෙයින් ඒවා මනුෂ්‍යයාගෙන් නොව මාගෙන් බව නුඹලා සාක්ෂි දරන්නෝය;

35 මක්නිසාද නුඹලා හට එය කතා කරන්නේ මාගේ හඬය; මක්නිසාද ඒවා මාගේ ආත්මයෙන් නුඹලා හට දෙනු ලැබ ඇත්තේය, තවද මාගේ බලයෙන් ඒවා එකිනෙකාට කියවීමට නුඹලාට හැකිවන්නේය; තවද මාගේ බලයෙන් මිස ඒවා නුඹලාට ලැබිය නොහැකි වන්නේය;

36 එසේහෙයින්, මාගේ හඬ ඇසුනේ යැයිද, මාගේ වචන දන්නේ යැයිද, සාක්ෂි දැරීමට නුඹලාට හැකිය.

37 තවද දැන්, බලන්න, ඔලිවර් කවුඩ්‍රි සහ එසේම ඩෙවිඩ් විට්මර් වන නුඹලා හට මම දෙන්නෙමි, එනම් මා විසින් පවසන ලද ආශාවන් තිබෙන, දොළොස්දෙනාව නුඹලා සෙවිය යුතු වන්නෝය;

38 තවද ඔවුන්ගේ ආශාවන්ගෙන් සහ ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් නුඹලා ඔවුන්ව දැනගන්නෝය.

39 තවද එවිට නුඹලා ඔවුන්ව සොයාගත් විට නුඹලා මෙම දේවල් ඔවුන් හට පෙන්විය යුතු වන්නෝය.

40 තවද නුඹලා බිම වැටී පියාණන්වහන්සේට මාගේ නාමයෙන් නමස්කාර කළ යුතුවන්නෝය.

41 තවද නුඹලා ලෝකයා හට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා පසුතැවිලි වී, බව්තීස්ම වෙයල්ලා; යැයි පවසමින්, දේශනා කළ යුතුවන්නෝය;

42 මක්නිසාද සියලු මනුෂ්‍යයන්, මනුෂ්‍යයන් පමණක් නොව, එහෙත් කාන්තාවන්ද, වගකීමේ වයසට ලඟා වූ දරුවන්ද, පසුතැවිලිව බව්තීස්මය ලැබිය යුතු වන්නෝය.

43 තවද දැන්, නුඹලා‍ මෙය ලබාගත් පසුව, නුඹලා මාගේ ආඥාවන් සියලු දේවලදී පිළිපැදිය යුතු වන්නෝය;

44 තවද නුඹලාගේ අත් වලින් මනුෂ්‍ය දරුවන් අතර මම, ඔවුන්ගේ නොයෙක් පාප ඒත්තුගන්වමින්, පුදුමාකාර ක්‍රියා කරන්නෙමි, එනම් ඔවුන් පසුතැවිල්ලට පැමිණවීමටද, එනම් මාගේ පියාණන්ගේ රාජ්‍යයට ඔවුන් පමුණුවන පිණිසදය.

45 එසේහෙයින්, මා විසින් නුඹලා හට දෙනු ලැබූ ආශිර්වාද සියලු දේවලට වඩා උසස්ය.

46 තවද මෙය නුඹලාට ලැබුනු පසුව, නුඹලා මාගේ ආඥාවන් නොපිළිපදින්නේ නම් නුඹලාට මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයේ ගැලවීම ලබාගත නොහැකි වන්නෝය.

47 බලන්න, නුඹගේ ස්වාමින්ද, නුඹගේ දෙවියන්ද සහ නුඹගේ මිදුම්කරුවාණන්ද වන, මම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි, එය පවසන ලද්දේ මාගේ ආත්මයේ බලයෙන්ය. ආමෙන්.