ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 25


25 වන කොටස

1830 ජූලි, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි (24 වන කොටසේ ශීර්ෂය බලන්න). මෙම එළිදරව්ව අනාගතවක්තෘවරයාගේ බිරිඳ වූ, එමා ස්මිත් හට ස්වාමින්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කිරීමකි.

1–6, තෝරාගත් කාන්තාවක් වන, එමා ස්මිත්ව, ඇයගේ ස්වාමිපුරුෂයාට උපකාර කිරීමට සහ සැනසවීමට කැඳවනු ලබයි; 7–11, එසේම ඇයව ලිවීමට, ශුද්ධලියවිලි පැහැදිලි කිරීමට, සහ ගීතිකා තේරීමටද කැඳවනු ලබයි; 12–14, ධර්මිෂ්ඨයින්ගේ ගීතය ස්වාමින්වහන්සේ වෙතට යාච්ඤාවක් වන්නේය; 15–16, මෙම එළිදරව්වේ කීකරුකමේ මූලධර්ම සියල්ලන්ටම අදාළ වන්නේය.

1 එමා ස්මිත්, මාගේ දියණිය, මම නුඹට කතා කරන විට, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දෙන්න; මක්නිසාද සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මාගේ ශුභාරංචිය පිළිගනු ලබන සියල්ලෝ මාගේ රාජ්‍යයේ පුත්‍රයන් සහ දුවණියන් වන්නෝය.

2 මාගේ කැමැත්ත සම්බන්ධයෙන් මම නුඹට එළිදරව්වක් දෙන්නෙමි; තවද නුඹ ඇදහිලිවන්තව සහ මා ඉදිරියේ ගුණවන්තකමේ මාර්ගයන්හි ඇවිද යන්නේ නම්, මම නුඹගේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි, තවද නුඹ සයොනයෙහි උරුමයක් ලබාගන්නෙහිය.

3 බලන්න, නුඹගේ පාපයන් සඳහා නුඹට සමාව දී ඇත්තේය, තවද නුඹ මා විසින් කැඳවා ඇති, තෝරාගනු ලැබූ කාන්තාවකි.

4 නුඹ නොදුටු එම දේවල් නිසා නොකොඳුරන්න, මක්නිසාද නුඹ වෙතින් සහ ලෝකය වෙතින් ඒවා වසන් කර ඇත, එය මතු කාලයක් සඳහා මා තුළ ප්‍රඥාව වන්නේය.

5 තවද නුඹගේ කැඳවීමේ තනතුර මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වන නුඹගේ ස්වාමිපුරුෂයා හට, ඔහුගේ පීඩාවන් හිදී, සහනදායක වචන සමඟ, යටහත්කමේ ආත්මයෙන් සහනයක් වීමය.

6 තවද ඔහු ගමන් ගන්නා කාලයෙහිදී නුඹ ඔහු සමඟ යන්නේය, එනම් මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි, මා කැමති කුමනාකාර ස්ථානයකට මා යවන විට, තවද ඔහු හට ලිවීමට කිසිවෙක් නොවන විට, නුඹ ඔහුට ලියන්නෙක් වන්නේය.

7 මාගේ ආත්මයෙන් නුඹ හට දෙනු ලබන පරිදි, ශුද්ධලියවිලි පැහැදිලි කිරීමට, සහ සභාව උනන්දු කිරීමට, එනම් නුඹව ඔහුගේ හස්තයෙන් නියම කරනු ලබන්නෙහිය.

8 මක්නිසාද ඔහු ඔහුගේ හස්තයන් නුඹ මත තබන්නේය, තවද නුඹ ශුද්ධාත්මායාණන්වහන්සේ ලබන්නේය, තවද නුඹගේ කාලය ලිවීමට සහ බොහෝ දේ ඉගෙනගැනීමට යොදවන්නේය.

9 තවද නුඹ බිය විය යුතු නොවන්නේය, මක්නිසාද නුඹගේ ස්වාමිපුරුෂයා සභාව තුළ නුඹට සහයක් වන්නේය; මක්නිසාද ඔහුගේ කැඳවීම ඔවුන් හට වන්නේය, එනම් සියලු දේවල්, මම කැමති ඕනෑම දෙයක්, ඔවුන්ගේ ඇදහිල්ලට අනුව ඔවුන් හට එළිදරව් කරන්නෙමි.

10 තවද සැබවක් මම නුඹ හට මෙසේ පවසන්නෙමි එනම් මෙම ලෝකයේ දේවල් නුඹ පසෙක තබා, තවද වඩා යහපත් දේවල් උදෙසා සොයන්න.

11 තවද, එසේම, මාගේ සභාවේ තිබීම උදෙසා, නුඹ හට දෙනු ලබන ලෙස, මට ප්‍රසන්න වන, ශුද්ධ වූ ගීතිකා තේරීමක් කිරීමට, එය නුඹ හට දෙනු ලබන්නේය.

12 මක්නිසාද මාගේ ප්‍රාණය හදවතේ ගීතයෙන් ප්‍රමුදිත වන්නේය; එසේය, ධර්මිෂ්ඨයින්ගේ ගීතය මා හට යාච්ඤාවක් වන්නේය, තවද එය ඔවුන්ගේ හිස මත ආශිර්වාදයක් සමඟින් පිළිතුරු දෙනු ලබන්නේය.

13 එසේහෙයින්, නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න, තවද නුඹ විසින් කරන ලද ගිවිසුම් වෙතට ඇලී සිටින්න.

14 යටහත්කමේ ආත්මය පවත්වාගන්න, තවද අහංකාරකමින් ප්‍රවේසම් වන්න. නුඹගේ ස්වාමිපුරුෂයා තුළ, සහ ඔහු මත පැමිණෙන එම මහිමය තුළ නුඹගේ ප්‍රාණය ප්‍රීතිමත් කරගන්න.

15 නොකඩවා මාගේ ආඥාවන් පිළිපදින්න, තවද නුඹ ධර්මිෂ්ඨකමේ ඔටුන්නක් ලබාගන්නෙහිය. තවද නුඹ මෙය කරන්නේ නම් මිස, මා සිටින තැනට නුඹට පැමිණිය නොහැකි වන්නේය.

16 තවද සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, එනම් සියල්ලන් උදෙසා මෙය මාගේ හඬ වන්නේය. ආමෙන්.