ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 28


28 වන කොටස

1830 සැප්තැම්බර්, ෆෙයිට්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඔලිවර් කවුඩ්‍රි හට දෙනු ලැබූ එළිදරව්වකි. සභාවේ සමාජිකයෙකු වූ හයිරම් පේජ්, විශේෂිත වූ ගලක් ඇතිව එහි උපකාරයෙන් සයොනයේ ගොඩනැගීම සහ සභාවේ පිළිවෙල සම්බන්ධයෙන් එළිදරව් ලබාගන්නේ යැයි ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශ නිසා සමාජිකයන් කිහිපදෙනෙක් රැවටී සිටියහ, තවද ඔලිවර් කවුඩ්‍රි වුවත් එමගින් වැරදි ලෙස බලපෑමට ලක්විය. සැලසුම් කළ සම්මන්ත්‍රණයට පෙර ඉතා ලංව, අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේ වෙතින් මෙම කාරණාව සම්බන්ධයෙන් ඉතා ඕනෑකමින් විමසා සිටි අතර, තවද මෙම එළිදරව්ව ලැබිණි.

1–7, ජෝසෆ් ස්මිත් අභිරහස් වලට යතුරු දරන්නේය, තවද සභාව උදෙසා එළිදරව් වීම් ලබන්නේ ඔහු පමණි; 8–10, ඔලිවර් කවුඩ්‍රි ලාමන්වරුන්ට දේශනා කළ යුතුවේ; 11–16, සාතන් හයිරම් පේජ්ව රවටාලමින් ඔහුට වැරදි එළිදරව් දුන්නේය.

1 බලන්න, ඔලිවර්, මම නුඹ හට පවසන්නෙමි, එනම් නුඹ හට එය දෙනු ලබන්නේය, මා විසින් දෙනු ලැබූ එම එළිදරව් සහ ආඥාවන් සම්බන්ධයෙන්, එනම් නුඹ සැනසිලිදායකයාණන් මගින් ඔවුන්ට උගන්වන සියලු කුමනාකාරවූ දේවල් වලට වුවද සභාව විසින් සවන්දෙනු ලැබීම නුඹ හට දෙනු ලබන්නේය.

2 එහෙත්, බලන්න, සැබවක්, සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, මෙම සභාව තුළ මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හැරුනු විට ආඥාවන් සහ එළිදරව් ලැබීමට කිසිවෙකුවත් පත්කරනු නොලබන්නේය, මක්නිසාද ඔහු මෝසෙස් මෙන් වුවත් ඒවා ලබන්නේය.

3 තවද සභාව වෙතට බලය සහ අධිකාරිත්වය සමඟින් ආඥාවන් සහ එළිදරව් ඇදහිලිවන්තව ප්‍රකාශ කිරීම සඳහා, මම ඔහු හට දෙනු ලබන එම දේවල් හට නුඹ ආරොන් මෙන් වුවත් කීකරු විය යුතු වන්නේය.

4 තවද නුඹ ඕනෑම අවස්ථාවකදී කතා කිරීමට හෝ ඉගැන්වීමට සැනසිලිදායකයාණන්ගෙන් මගපෙන්වීම ලබන්නේ නම්, හෝ සභාව වෙතට ආඥාවන් ආකාරයෙන් ලබන සියලුම අවස්ථාවන් වල, නුඹ එය කළ යුතු වන්නේය.

5 එහෙත් නුඹ ආඥාවක ආකාරයෙන් නොව, එහෙත් ප්‍රඥාවෙන් ලිවිය යුතු වන්නේය;

6 තවද නුඹගේ ප්‍රධානියාද, තවද සභාවේ ප්‍රධානියාද වූ ඔහුට, නුඹ ආඥා නොකළ යුතුය;

7 මක්නිසාද මම ඔවුන් හට ඔහු වෙනුවට වෙන කෙනෙකු පත්කරන තුරු, මම ඔහුට අභිරහස් යතුරු සහ මුද්‍රා කරන ලද එළිදරව් වීම්ද ලබාදී ඇත්තෙමි.

8 තවද දැන්, බලන්න, මම නුඹට පවසන්නෙමි එනම් නුඹ ලාමන්වරුන් වෙතට ගොස් මාගේ ශුභාරංචිය ඔවුන් හට දේශනා කළ යුතුය; තවද එපමණකින් ඔවුන් නුඹගේ ඉගැන්වීම් ලබාගන්නා තරමටම, නුඹ ඔවුන් අතර මාගේ සභාව පිහිටුවීමට ඉඩහරින්නේය; තවද නුඹ එළිදරව් ලබාගන්නේය, එහෙත් ඒවා ආඥාවන් ආකාරයෙන් නොලියන්න.

9 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි එනම් සයොනයේ නගරය ගොඩනගන්නේ කොතනදැයි එළිදරව් කර නැති අතර, එය කිසිවෙකු දන්නේද නැත, එහෙත් එය මෙයින් පසු දෙනු ලබන්නේය. බලන්න, මම නුඹ හට පවසන්නෙමි එනම් එය ලාමන්වරුන්ගේ මායිම අසල වන්නේය.

10 නුඹ සම්මන්ත්‍රණය නිමවන තුරු මෙම ස්ථානයෙන් පිට නොවිය යුතුය; තවද මාගේ සේවක ජෝසෆ් එහි වූ හඬින් සම්මන්ත්‍රණයේ මූලාසනය ඉසිලීමට පත්කරනු ලබන්නේය, තවද නුඹට ඔහු කියන දේ නුඹ කියනු ලැබිය යුතු වන්නේය.

11 තවද නැවත, නුඹ නුඹගේ සහෝදර වූ, හයිරම් පේජ් රැගෙන, ඔහු සහ නුඹ අතර තනිවම, තවද එනම් එම ගලෙන් ගෙන ඔහු ලියන ලද එම දේවල් මා වෙතින් නොවන බව සහ සාතන් ඔහුව රවටා ඇති බව ඔහුට පවසන්න;

12 මක්නිසාද, බලන්න, මෙම දේවල් ඔහු හට නියම කරනු ලැබූ දේවල් නොවන්නේය, සභාවේ ගිවිසුම් වලට විරුද්ධ කිසිදෙයක් මෙම සභාවේ කිසිවෙකුටත් නියම කරනු නොලබන්නේය.

13 මක්නිසාද සියලු දේවල් නිසි පිළිවෙලට, සහ සභාවේ පොදු කැමැත්ත තුළ, ඇදහිල්ලේ යාච්ඤාව මගින් කළ යුතු වන්නේය.

14 තවද නුඹ ලාමන්වරුන් අතරට නුඹගේ ගමන යාමට පෙර, සභාවේ ගිවිසුම් වලට අනුව, නුඹ මෙම සියලු දේවල් සමථයකට පත්කිරීමට උපකාරී විය යුතුය.

15 තවද නුඹ යා යුතු කාලයේ සිට, නුඹ නැවත හැරී එන කාලය තුරු, නුඹ කුමක් කළ යුතුද කියා, නුඹ හට දෙනු ලබන්නේය.

16 තවද නුඹ මාගේ ශුභාරංචිය ප්‍රීති ප්‍රමෝදයේ හඬ සමඟින් ප්‍රකාශ කරමින්, නුඹගේ මුඛය සියලු කාලයන්හි විවෘත කළ යුතුමය. ආමෙන්.