ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 30


30 වන කොටස

1830 සැප්තැම්බර්, ෆෙයිට්, නිව්යොර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඩේවිඩ් විට්මර්, පිටර් විට්මර් කණිෂ්ඨ, සහ ජොන් විට්මර් හට ෆෙයිට් හි දවස් තුනක සම්මන්ත්‍රණයට පසුව, නමුත් සභාවේ වැඩිහිටියන් වෙන්වීමට පෙර දෙනු ලැබූ එළිදරව්වකි. ආරම්භයේදී මෙම කොටස ප්‍රකාශ කරනු ලැබූයේ එළිදරව් තුනක් ලෙසිනි; එය එක් කොටසක් ලෙස දහම සහ ගිවිසුම් හි 1835 සංස්කරණයේදී අනාගතවක්තෘවරයා විසින් එක්කරන ලදි.

1–4, ඩෙවිඩ් විට්මර් හට උද්යෝගයෙන් සේවය කිරීමට නොහැකිවීම නිසා තරවටු කරනු ලබයි; 5–8, පීටර් විට්මර් කණිෂ්ඨ ඔලිවර් කවුඩ්‍රි සමඟ ලාමන්වරුන් කෙරෙහි ධර්මදූත සේවයට එක්විය යුතුය; 9–11, ජෝන් විට්මර් ශුභාරංචිය දේශනා කිරීමට කැඳවනු ලබයි.

1 බලන්න, මම නුඹ හට පවසන්නෙමි, ඩේවිඩ්, එනම් නුඹ මනුෂ්‍යයන්ට බියව තවද නුඹ කළ යුතු ලෙස මා කෙරෙහි ශක්තිය උදෙසා විශ්වාස නොකළෙහිය.

2 එහෙත් නුඹගේ මැවූම්කරුවා වූ, මාගේ දේවල් වලට සහ නුඹව කැඳවන ලද දේවසේවයටද වඩා නුඹගේ මනස වූයේ පොළොවේ දේවල් මතය; තවද නුඹ මාගේ ආත්මයට, තවද නුඹට වඩා ඉහළින් පත්කරනු ලැබූ අයවළුන්ට ඇහුම්කන් දී නොමැත්තෙහිය, එහෙත් මම ආඥා නොකළ එම අයවළුන්ගේ පෙළඹීමට යටත්ව ඇත්තෙහිය.

3 එසේහෙයින්, තවද නුඹ ලබා තිබෙන්නාවූ දේවල් මත මෙනෙහි කරන්නට, මාගේ හස්තයෙන් නුඹගේ විමසිල්ලට නුඹව අත්හැර දමා ඇත්තේය.

4 තවද තවදුරටත් මම ආඥාවන් දෙන තුරු, නුඹගේ ගෘහය වන්නේ නුඹගේ පියාගේ නිවසය. තවද නුඹ සභාව තුළ, තවද ලෝකය ඉදිරියේ, තවද ආසන්න ප්‍රදේශ අවට දේවසේවයේ යෙදිය යුතුය. ආමෙන්.

5 බලන්න, මම නුඹ හට පවසන්නෙමි, පීටර්, එනම් නුඹ නුඹගේ සහෝදර වූ ඔලිවර් සමඟ ගමන් ගන්නෙහිය; මක්නිසාද නුඹ මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නුඹගේ මුඛය විවෘත කිරීමට මා තුළ යෝග්‍ය කාලය පැමිණ ඇත්තේය; එසේහෙයින්, බිය නොවන්න, එහෙත් ඔහු නුඹ හට දෙනු ලබන, නුඹගේ සහෝදරයාගේ වචන සහ උපදේශයන්ට ඇහුම්කන්දෙන්න.

6 තවද නුඹ ඔහුගේ සියලු පීඩා වලදී පීඩා විඳින්නෙහිය, මක්නිසාද නුඹගේ සහ ඔහුගේ ගැලවීම උදෙසා, නුඹගේ හදවත් මා වෙත යාච්ඤාවෙන් සහ ඇදහිල්ලෙන් ඔසවන්න; මක්නිසාද මම ඔහු හට ලාමන්වරු අතර මාගේ සභාව ගොඩනැගීමට බලය දී ඇත්තෙමි;

7 තවද, සභාවේ කාරණා සම්බන්ධයෙන්, ඔහුගේ සහෝදරයා වූ, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හැර, ඔහුගේ උපදේශකයෙක් ලෙස මම කිසිවෙකුත් පත්කර නොමැත්තෙමි.

8 එසේහෙයින් මෙම දේවල් හට ඇහුම්කන් දී තවද මාගේ ආඥාවන් පිළිපැදීමට උද්යෝගීමත් වන්න, තවද සදාකාල ජීවනය වෙතට නුඹ ආශිර්වාද ලබන්නෙහිය. ආමෙන්.

9 බලන්න, මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක ජෝන්, හොරණෑවක හඬක් සමඟ මෙන්, එනම් මෙතැන් පටන් මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නුඹ ආරම්භ කරන්නෙහිය.

10 තවද නුඹගේ වෙහෙස නුඹගේ සහෝදර වූ පිලිප් බොරොග්ගේ ප්‍රදේශය අසල වන්නේය, තවද ඒ කලාපය අවට වන්නේය, එසේය, මෙයින් යාමට මා ආඥා කරන තුරු, නුඹට සවන්දිය හැකි වූ කාවරාකාර ප්‍රදේශයක වුවත් සිටින්න.

11 තවද නුඹගේ සම්පූර්ණ වෙහෙස, නුඹගේ සියලු ප්‍රාණය සමඟ, මෙතැන් පටන්, සයොනය තුළ වන්නේය; මනුෂ්‍යයන්ට කළ හැකි දේට බිය නොවී, එසේය, මාගේ කාරණය උදෙසා නුඹගේ මුඛය නුඹ නිතර විවෘත කරන්නෙහිය, මක්නිසාද මම නුඹ සමඟ වන්නෙමි. ආමෙන්.