ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 36


36 වන කොටස

1830 දෙසැම්බර් 9, ෆෙයිට්, නිව්යෝර්ක් අසල, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් එඩ්වර්ඩ් පැට්‍රිජ් හට දෙනු ලැබූ එළිදරව්වකි (35 වන කොටසේ ශීර්ෂය බලන්න). ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය සඳහන් කරන්නේ එනම් එඩ්වර්ඩ් පැට්‍රිජ් “භක්තිවන්ත බවේ රටාවක්, සහ ස්වාමින්වහන්සේගේ එක් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් බවය.”

1–3, ස්වාමින්වහන්සේ එඩ්වර්ඩ් පැට්‍රිජ් මත උන්වහන්සේගේ අත් සිඩ්නි රිග්ඩන් මගින් තබන සේක; 4–8, ශුභාරංචියද පූජකවරයද ලබන සෑම මනුෂ්‍යයෙකුවම පෙරට ගොස් දේශනා කිරීමට කැඳවනු ලබා ඇත.

1 ඉශ්‍රායෙලයෙහි බලවත් වූ තැනැන්වහන්සේ වන, ස්වාමින් වූ දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: බලන්න, මාගේ සේවක එඩ්වර්ඩ්, මම නුඹ හට පවසන්නෙමි, එනම්, නුඹ ආශිර්වාද ලද්දෙහිය, තවද නුඹගේ පාපයන්ට සමාව නුඹට ඇත්තේය, තවද මාගේ ශුභාරංචිය හොරණෑවක හඬක් සමඟ මෙන් දේශනා කිරීමට නුඹව කැඳවා ඇත්තේය;

2 තවද මම මාගේ හස්තය නුඹගේ හිස මත මාගේ සේවක සිඩ්නි රිග්ඩන් මගින් තබන්නෙමි, තවද නුඹ මාගේ ආත්මය වන සැනසිලිදායකයාණන් වුවත් වන, ශුද්ධාත්මයාණන් ලබන්නෙහිය, උන්වහන්සේ රාජ්‍යයේ සාමකාමී දේවල් නුඹ හට උගන්වන සේක;

3 තවද නුඹ එය උස්වූ හඬක් සමඟින් මෙසේ ප්‍රකාශ කරමින්, කියන්නෙහිය: හෝසන්නා, මහෝත්තම වූ තැනැන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා.

4 තවද දැන් සියලු මනුෂ්‍යයන් සම්බන්ධයෙන් මම නුඹ හට මෙම කැඳවීම සහ ආඥාව දෙන්නෙමි—

5 එනම් බොහෝ අයවළුන් මාගේ සේවකයන් වූ සිඩ්නි රිග්ඩන් සහ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ ඉදිරියට පැමිණ, මෙම කැඳවීම සහ ආඥාව වැළඳගන්නේද, ඔවුන්ව නියම කරනු ලැබ ජාතීන් අතර සදාකාලික ශුභාරංචිය දේශනා කිරීමට පෙරට යවන්නේය—

6 පසුතැවිල්ලට මොරගසමින්, පවසන්න: මෙම අශුභ පරම්පරාවෙන් නුඹලාවම ගලවාගනින්න, මාංශය සමඟින් ලප සහිත වූ වස්ත්‍ර කෙරෙහි වුවත් ද්වේශ කරමින්, තවද ගින්දරෙන් පිටතට පෙරට පැමිණෙන්න.

7 තවද මෙම ආඥාව මාගේ සභාවේ වැඩිහිටියන් වෙතට දෙනු ලබන්නේය, එනම් සියලු මනුෂ්‍යයන් ඒකායන හදවතක් සමඟින් එය වැළඳගන්නේද ඔවුන්ව නියම කරනු ලැබ, මම පවසා තිබෙන ආකාරයෙන්ම, තවද පෙරට යවනු ලබන්නේය.

8 මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ය; එසේහෙයින්, නුඹලාගේ ඉඟටිය බැඳගන්න තවද මම හදිසියේම මාගේ දේවමාළිගාවට පැමිණෙන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.