ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 41


41 වන කොටස

1831 පෙබරවාරි 4, ඔහායෝ, කර්ට්ලන්ඩ් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් සභාවට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව අනාගතවක්තෘවරයාට සහ සභාවේ වැඩිහිටියන්ට දෙවියන්වහන්සේගේ “නීතිය” ලබාගැනීමට යාච්ඤා කරන ලෙස උපදෙස් දෙයි (42 වන කොටස බලන්න). ජෝසෆ් ස්මිත් නිව්යෝර්ක් සිට කර්ට්ලන්ඩ් වෙත පැමිණ ඇති අතර, ඔහායෝ හි තොම්ප්සන් අසල, සභාවේ සාමාජිකයෙකු වන ලිමන් කෝප්ලි, “සහෝදර ජෝසෆ් සහ සිඩ්නි [රිග්ඩන්] හට … ඔහු ඔවුන්ට නිවාස හා ප්‍රතිපාදන ලබාදෙන බව පවසමින් ඔහු සමඟ ජීවත් වන ලෙස ඉල්ලා සිටියේය.” පහත දැක්වෙන එළිදරව්වෙන් ජෝසෆ් සහ සිඩ්නි ජීවත් විය යුත්තේ කොතැනද යන්න සහ එඩ්වර්ඩ් පැට්‍රිජ් සභාවේ පළමු සභානායකවරයා බවට කැඳවූ බවද පැහැදිලි කරයි.

1–3, වැඩිහිටියන් එළිදරව් වීමේ ආත්මය මගින් සභාව පාලනය කරනු ඇත; 4–6, සැබෑ ගෝලයෝ ස්වාමින්වහන්සේගේ නීතිය ලබාගෙන තවද පිළිපදින්නෝය; 7–12, එඩ්වර්ඩ් පැට්‍රිජ්ව සභාවේ සභානායකවරයා ලෙස නම්කරනු ලබයි.

1 අහෝ මාගේ ජනතාව වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න, ස්වාමින් වූ තවද නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක, එනම් මට සවන්දෙන නුඹලාව, එනම් මහත් වූ සියලු ආශිර්වාදයන් සමඟින් ආශිර්වාද කරන්නට මා හට ප්‍රසන්නය; තවද මට සවන්නොදෙන, මාගේ නාමය හඬනගා කියන නුඹලාව, මම සියලු බරපතල සාපයන්ට වඩා බරපතල සාපයක් සමඟින් ශාප කරන්නෙමි.

2 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මා විසින් කැඳවා ඇති මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලාට, බලන්න මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹලා මාගේ වචනයට එකඟ වීමට නුඹලාවම එක්රැස් කරගන්න;

3 තවද නුඹලාගේ ඇදහිල්ලේ යාච්ඤාව මගින් නුඹලා මාගේ නීතිය ලබන්නෙහුය, එනම් නුඹලා මාගේ සභාව පාලනය කරන්නේ කෙසේදැයි දැන තවද මා ඉදිරියේ සියලු දේවල් සුදුසුව ලබන පිණිසය.

4 තවද මා පැමිණි විට මම නුඹලාගේ පාලකයා වන්නෙමි; තවද බලන්න, මම ඉක්මණින් පැමිණෙන්නෙමි, තවද මාගේ නීතිය පැවැත්වීමට නුඹලා වගබලාගන්නෙහුය.

5 ඔහු එනම් මාගේ නීතිය ලබන්නා තවද එය පවත්වන්නේද, එවැන්නා මාගේ ගෝලයා වන්නේය; තවද ඔහු එනම් එය ඔහුට ලැබුනේ යැයි පවසමින් තවද එය නොකරන්නේද, එවැන්නා මාගේ ගෝලයා නොවන්නේය, තවද නුඹලා අතරින් නෙරපා දැමිය යුතුය;

6 මක්නිසාද එනම් රාජ්‍යයේ දරුවන්ට අයිති එම දේවල් එනම් නුසුදුසු අයට නැතහොත් බල්ලන්ට දීම, හෝ ඌරන් ඉදිරියේ මුතු ඇට දැමීම සුදුසු නොවන්නේය.

7 තවද නැවතත්, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ නිවසක් ගොඩනැගිය යුතු වන්නේය, එනම් එහි ජීවත් වීමද පරිවර්තනයේ යෙදීමද සුදුසු වන්නේය.

8 තවද නැවතත්, එනම් මාගේ සේවක සිඩ්නි රිග්ඩන්, එපමණකින් ඔහු මාගේ ආඥාවන් පිළිපදින්නේද, ඔහුට යහපත් යැයි සිතෙන සුදුසු ආකාරයට ජීවත් විය යුතු වන්නේය.

9 තවද නැවතත්, මම මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් කැඳවා ඇත්තෙමි; තවද මම ආඥාවක් දෙන්නෙමි, එනම් ඔහුව මාගේ සභාවේ හඬ මගින් නියම කර, තවද සභාව හට සභානායකවරයෙකු ලෙස නියම කළ යුතු වන්නේය, තවද ඔහුගේ වෙළඳ භාණ්ඩ අත්හරිමින් ඔහුගේ සියලු කාලය සභාවේ වෙහෙසවීමට ගතකළ යුතු වන්නේය;

10 එනම් ඔහු හට මාගේ නීති මම ඔහුට ඒවා දෙන දවසේ සියලු දේවල් බලාගැනීමට පත්කරන්නෙමි.

11 තවද මෙසේ වන්නේ මක්නිසාද ඔහුගේ හදවත මා ඉදිරියේ පවිත්‍රය, මක්නිසාද ඔහු කිසිඳු වංචාවක් නොමැති, පැරණි නතානියෙල් මෙන්ය.

12 මෙම වචන මම නුඹලා හට දී ඇත්තෙමි, තවද ඒවා මා ඉදිරියේ පවිත්‍ර වන්නේය; එසේහෙයින්, නුඹ ඒවා තබාගන්නේ කෙසේදැයි ප්‍රවේසම් වන්න, මක්නිසාද ඒවා විනිශ්චය දවසේදී නුඹලාගේ ප්‍රාණයන් මත පිළිතුරු දෙනු ලැබිය යුත්තේය. එය එසේම වන්නේය. ආමෙන්.