ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 46


46 වන කොටස

1831 මාර්තු 8, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් සභාවට දෙනු ලැබූ එළිදරව්වකි. සභාවේ මෙම මුල් අවධියේදී, සභාවේ රැස්වීම් පැවැත්වීම සඳහා ඒකාබද්ධ රටාවක් තවමත් වර්ධනය වී නොමැත. කෙසේවෙතත්, සභාවේ සක්‍රමේන්තු රැස්වීම් සහ වෙනත් එක්රැස්වීම් සඳහා සාමාජිකයින් සහ උනන්දු වන විමර්ශකයින් පමණක් ඇතුළත් කිරීමේ සිරිතක් තරමක් පොදු වී තිබේ. මෙම එළිදරව්වෙන් ප්‍රකාශ වන්නේ රැස්වීම් පාලනය කිරීමට හා මෙහෙයවීමට සාපේක්ෂව ස්වාමින්වහන්සේගේ කැමැත්ත සහ ආත්මයාණන්ගේ දීමනා සෙවීම හා අවබෝධ කරගැනීම පිළිබඳ උන්වහන්සේගේ මගපෙන්වීමයි.

1–2, වැඩිහිටියන් ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ රැස්වීම් පැවැත්විය යුතුය; 3–6, සත්‍ය සොයන්නන්ව සක්‍රමේන්තු මෙහෙය වෙතින් වෙන් නොකළ යුතුවේ; 7–12, දෙවියන්වහන්සේගෙන් අසන්න තවද ආත්මයාණන්ගේ දීමනා සොයන්න; 13–26, මෙම සමහරක් දීමනා ගණන් බැලීමක් ලෙස ලබාදී ඇත; 27–33, සභා නායකයන්ට ආත්මයාණන්ගේ දීමනා තේරුම්ගැනීමට විචක්ෂන බුද්ධියේ බලය දී ඇත.

1 අහෝ මාගේ සභාවේ ජනතා වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න; මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි එනම් මෙම දේවල් නුඹලා හට කතා කරනු ලැබූයේ ප්‍රයෝජනය සහ ඉගෙනගැනීම උදෙසාය.

2 එහෙත් ලියා තිබෙන මෙම දේවල් කවරාකාර වුවත්, සියලු රැස්වීම් පැවැත්විය යුතු වන්නේ ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම සහ මෙහෙයවීම මගින් බව, නිතරම මාගේ සභාවේ නායකයන්ට ආරම්භයේ සිට දෙන ලද්දේය, තවද එය සදාකාලයටම වන්නේය.

3 කෙසේවුවත් ලෝකය ඉදිරියේ පවත්වන නුඹලාගේ එම ප්‍රසිද්ධ රැස්වීම් වෙතින් කිසිවිටකවත් කිසිම කෙනෙකුව පිටතට නොදැමීමට නුඹලාට ආඥා කර ඇත.

4 එසේම සභාවට අයත් වූ කවරෙකුවවත් නුඹලාගේ සක්‍රමේන්තු රැස්වීම් වලින් පිටතට නොදැමීමට නුඹලාට ආඥා කරන්නෙමි; එසේවුවද, යමෙකු වරදට පත්වී ඇත්නම්, ඔහු සමගි වන තුරු ඔහුට සහභාගි වීමට ඉඩනොදෙන්න.

5 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, උනන්දුවෙන් රාජ්‍යය සොයන කිසියම් අයෙකුව නුඹලාගේ සක්‍රමේන්තු රැස්වීම් වලින් නුඹලා පිටතට නොදමන්නෝය—මම මෙය පවසන්නේ සභාවේ නොවන එම අය සම්බන්ධව වන්නේය.

6 තවද නුඹලාගේ ස්ථිර කිරීමේ රැස්වීම් සම්බන්ධව, නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, එනම් එහි සභාවේ නොවන යමෙකු වන්නේද, එනම් රාජ්‍යය අවංකව සොයන්නේද, ඔවුන්ව නුඹලා පිටත නොදැමිය යුතුය.

7 එහෙත් නොමසුරුව දෙන කවරෙකුද වූ, දෙවියන්වහන්සේගෙන් සියලු දේවල් විමසීමට නුඹලාට ආඥා කර ඇත්තේය; තවද එනම් එම ආත්මය නුඹලා හට සාක්ෂි දරන්නේය එසේවුවද නුඹලා හදවතේ සියලු ශුද්ධවන්තකමින්, මා ඉදිරියේ ධර්මිෂ්ඨව ගමන් කරනවාට කැමැත්තෙමි, නුඹලාගේ ගැලවීමේ අවසානය සිහිකරමින්, සියලු දේවල් යාච්ඤාව සහ ස්තූති දීම සමඟ කරමින්, එනම් නුඹලා නපුරු ආත්මයන් මගින්, හෝ යක්ෂයාගේ දහමෙන් හෝ මනුෂ්‍යයන්ගේ ආඥා වලින්; මුලා නොවන පිණිසය, මක්නිසාද සමහරක් මනුෂ්‍යයන්ගෙන්ය, තවත් සමහරක් යක්ෂයන්ගෙන්ය.

8 එසේහෙයින්, නුඹලා නොරැවටෙන පිණිස ප්‍රවේසම් වන්න; තවද එනම් නුඹලා නොරැවටෙන පිණිස අවංකව යහපත් දීමනා සොයන්න, සැමවිටම ඒවා දෙන ලද්දේ කුමකටදැයි සිහිපත් කරන්න;

9 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ඒවා දෙන ලද්දේ මට ප්‍රේම කරන සහ මාගේ ආඥාවන් සියල්ලම පවත්වන ඔවුන්ගේ ප්‍රයෝජනය උදෙසාය, තවද එසේ කිරීමට සොයන ඔහුටය; එනම් මා සොයන හෝ එනම් මාගෙන් අසන සියල්ලන්ගේ ප්‍රයෝජනය පිණිසය, එනම් මාගෙන් අසන නමුත් ඔවුන්ගේ ආශාවන් මත ඔවුන් එය පරිභෝජනය කරන සලකුණක් සඳහා අසන අය සඳහා නොව.

10 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා සැමවිටම සිහිපත් කරනවාට මම කැමැත්තෙමි, තවද සැමවිටම නුඹලාගේ මනස තුළ, සභාව වෙතට දී ඇති, එම දීමනා මොනවාදැයි සිහිතබාගන්න.

11 මක්නිසාද ඔවුන් සියල්ලන්ටම සෑම දීමනාවක්ම දී නොමැත්තේය; මක්නිසාද එහි දීමනා බොහොමයක් ඇත්තේය, තවද සියලු මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ ආත්මය මගින් දීමනාවක් දී ඇත්තේය.

12 සමහරෙකුට දී ඇත්තේ එකක්ය, තවත් සමහරෙකුට දී ඇත්තේ අනෙකක්ය, එනම් ඒ මගින් සියල්ලන්ම ප්‍රයෝජන ලබන පිණිසය.

13 සමහරෙකුට එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත්, තවද එනම් ලෝකයේ පව් උදෙසා උන්වහන්සේව කුරුසිපත් කරන ලද බවත්, ශුද්ධාත්මයාණන් මගින් දැනගැනීමට දී ඇත්තේය.

14 ඔවුන් ඇදහිලිවන්තව පවතින්නේ නම්, ඔවුන්ද සදාකාල ජීවනය ලබාගන්නා පිණිස, ඔවුන්ගේ වචන විශ්වාස කිරීම සඳහා අනෙක් අයට එය දී ඇත්තේය.

15 තවද නැවතත්, සමහරුන්ට එය පරිපාලනයේ වෙනස්කම් දැනගැනීමට ශුද්ධාත්මයාණන් විසින් දී ඇත්තේය, එය එම ස්වාමින්වහන්සේටම ප්‍රසන්නය, මනුෂ්‍යය දරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත් වන අයුරින්, ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුව වන්නේය.

16 තවද නැවතත්, ඒවා දෙවියන්වහන්සේගෙන් වේවා, මෙහෙයුම් විවිධත්වයන් දැනගැනීමට සමහරෙකුට ඒවා ශුද්ධාත්මයාණන් මගින් දී ඇත, එනම් ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත්තේ ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රයෝජනයක් වන පිණිසය.

17 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, දෙවියන්වහන්සේගේ ආත්මය මගින්, සමහරෙකුට ප්‍රඥාවේ වචනය දී ඇත.

18 තවත් කෙනෙකුට දැනගැනීමේ වචනය දී ඇත, එනම් සියල්ලන්ම ප්‍රඥාවන්ත වීමට ඉගෙනගැනීමට සහ දැනගැන්ම ලබාගැනීම පිණිසය.

19 තවද නැවතත්, සමහරෙකුට සුවවීමට ඇදහිල්ල සඳහා එය දී ඇත;

20 තවද අනෙක් අයට එය දී ඇත්තේ සුව කිරීමට ඇදහිල්ලය.

21 තවද නැවතත්, සමහරෙකුට හාස්කම් ක්‍රියාවන් කිරීමට දී ඇත;

22 තවද අනෙක් අයට අනාවැකි කීමට එය දී ඇත;

23 තවද අනෙක් අයට ආත්මයන් තේරුම්ගැනීමටය.

24 තවද නැවතත්, එය සමහරෙකුට දී ඇත්තේ අන්‍ය භාෂා සමඟින් කතා කිරීමටය;

25 තවද අනෙක් අයට අන්‍ය භාෂා තේරුම්කිරීමට දී ඇත.

26 තවද දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රයෝජනය උදෙසා මෙම සියලු දීමනා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ වෙතිනි.

27 තවද සභාවේ සභානායකවරයා හට, සහ දෙවියන්වහන්සේ විසින් සභාව රැකබලා ගැනීමට සහ සභාව වෙතට වැඩිහිටියන් වීමට පත්කර සහ නියම කොට ඇති එවැන්නන් හටද, මෙම සියලු දීමනා තේරුම්ගැනීමට ඔවුන් හට දී ඇත්තේ එහි නුඹලා අතරෙහි කිසිවෙකු දෙවියන්වහන්සේගෙන් නොවන ප්‍රකාශන නොකරන පිණිසය.

28 තවද එය මෙසේ සිදුවන්නේය එනම් ආත්මයාණන්ගෙන් ඉල්ලන්නා ආත්මයාණන්ගෙන් ලබන්නේය;

29 එනම් සමහරෙකුට මෙම සියලු දීමනා දී ඇත්තේය, එනම් එහි නායකයෙකු සිටිමින්, එහි සෑම සමාජිකයෙකුම එමගින් ප්‍රයෝජනය ලබන පිණිසය.

30 ආත්මයාණන්ගෙන් අසන ඔහු අසන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව නම්; එය ඔහු අසන අකාරයෙන්ම කරනු ලබන්නේය.

31 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, ආත්මයාණන්ගෙන් නුඹලා කරන කවරාකාර වූ දෙයක් වුවත්, ඒ සියල්ල කළ යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි;

32 තවද කවරාකාර ආශිර්වාදයන්ගෙන් නුඹලා ආශිර්වාද ලබන්නේද ආත්මායාණන් තුළින් දෙවියන්වහන්සේ වෙතට ස්තූති දිය යුතු වන්නෝය.

33 තවද නුඹලා සැමවිටම ගුණවන්තකම සහ ශුද්ධවන්තකම මා ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු වන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.