ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 49


49 වන කොටස

1831 මාර්තු 7, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් සිඩ්නි රිග්ඩන්, පාර්ලි පී. ප්‍රැට්, සහ ලිමන් කෝප්ලි හට දෙනු ලැබූ එළිදරව්වකි. ලිමන් කෝප්ලි ශුභාරංචිය වැලඳගෙන සිටියද, ඔහු කලින් අයත් වූ ෂේකර්වරුන්ගේ (ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ එක්සත් ඇදහිලිවන්තයන්ගේ සංගමය) සමහර ඉගැන්වීම් වලට තවමත් එකඟව සිටියේය. ෂේකර්වරුන්ගේ සමහර විශ්වාසයන් වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ඒ වන විටත් සිදුවී ඇති බවත් උන්වහන්සේ ඈන් ලී නම් ස්ත්‍රියකගේ ස්වරූපයෙන් පෙනී සිටි බවත්ය. ජලයෙන් බව්තීස්මය අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔවුන් සැලකුවේ නැත. ඔවුන් විවාහය ප්‍රතික්ෂේප කළ අතර සම්පූර්ණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගැන විශ්වාස කළහ. සමහර ෂේකර්වරු මස් අනුභව කිරීමද තහනම් කළහ. මෙම එළිදරව්වට පෙර සැකසුමක් ලෙස ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි, “මෙම විෂය පිළිබඳව වඩාත් පරිපූර්ණ අවබෝධයක් ලබාගැනීම සඳහා, මම ස්වාමින්වහන්සේගෙන් විමසා, පහත සඳහන් දේ ලබාගතිමි.” මෙම එළිදරව්ව ෂේකර් කණ්ඩායමේ මූලික සංකල්ප සමහරක් ප්‍රතික්ෂේප කරයි. කලින් සඳහන් කළ සහෝදරයන් මෙම එළිදරව්වේ පිටපතක් ෂේකර් ප්‍රජාවට (ක්ලීව්ලන්ඩ්, ඔහායෝ අසල) ගෙන ගොස් එය සම්පූර්ණයෙන්ම ඔවුන්ට කියවූ නමුත්, එය ප්‍රතික්ෂේප විය.

1–7, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ දවස සහ පැය උන්වහන්සේ පැමිණෙන තුරු දැන නොගන්නේය; 8–14, මනුෂ්‍යයන් පසුතැවිලි විය යුතුය, ශුභාරංචිය විශ්වාස කළ යුතුය, ගැලවීම ලබාගැනීමට නියෝගයන් වලට කීකරු විය යුතුය; 15–16, විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කළ දෙයකි; 17–21, මාංශ අනුභව කිරීම අනුමත කෙරේ; 22–28, දෙවන පැමිණීමට පෙර සයොනය සමෘධිමත් වී ලාමන්වරුන් රෝස මල මෙන් විකසිත වන්නෝය.

1 මාගේ සේවකයන් වූ සිඩ්නි, පාර්ලි සහ ලිමන්, මාගේ වචනයන්ට උවමනාවෙන් සවන්දෙන්න; මක්නිසාද බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා හට ලැබුනු, එය නුඹලාට ලැබුනු පසු, ෂේකර්වරුන් වෙතට, එම මාගේ ශුභාරංචිය දේශනා කිරීමට නුඹලා යා යුතු යැයි ආඥාවක් මම නුඹලා හට දෙන්නෙමි.

2 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් ඔවුන් සත්‍යය සියල්ල නොව, කොටසක් ලෙස දැනගැනීමට ආශා වන්නේය, මක්නිසාද ඔවුන් මා ඉදිරියේ නිවැරදි නොවන්නේය තවද පසුතැවිලි වීම අවශ්‍ය වන්නේය.

3 එසේහෙයින්, මාගේ සේවකයන් වූ සිඩ්නි සහ පාර්ලි, ඔවුන් හට ශුභාරංචිය දේශනා කිරීමට, මම නුඹලාව යවන්නෙමි.

4 තවද මාගේ සේවක ලිමන්ව මෙම සේවය උදෙසා නියම කරනු ලබන්නේය, ඔහු ඔවුන්ගෙන් ලැබූ දෙය අනුව නොව, මාගේ සේවකයන් වූ නුඹලා ඔහුට ඉගැන්වූ දෙයට අනුව, එනම් ඔහු ඔවුන් සමඟ සාකච්ඡා කරන පිණිසය; තවද එසේ කරන්නේද මම ඔහුට ආශිර්වාද කරන්නෙමි, නැතහොත් ඔහු සෞභාග්‍යමත් නොවන්නේය.

5 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක; මක්නිසාද දෙවියන්වහන්සේ මම වන්නෙමි, තවද ලෝකයේ ගැලවීම උදෙසා ලෝකය තුළට මාගේ ඒකජාතක පුත්‍රයාණන්ව පැමිණෙව්වෙමි, තවද උන්වහන්සේව ලබාගන්නා ඔහුව ගලවාගනු ලබන්නේ යැයි නියෝග කළෙමි, තවද උන්වහන්සේව ලබා නොගන්නා ඔහුව විනාශයට පත්කරනු ලබන්නේය—

6 තවද ඔවුන් මනුෂ්‍යය පුත්‍රයන් හට ඔවුන් කැමති වූ දේවල් වුවත් කළෝය; තවද උන්වහන්සේ උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ දකුණු භාගයේ මහිමයට රැගෙන, තවද දැන් ස්වර්ගයන්හි රජකම් කරන සේක, තවද උන්වහන්සේ පොළොවට පහත්ව උන්වහන්සේගේ පාදය යටට සියලු සතුරන් දමන තුරු රජකම් කරන සේක, එම කාලය ආසන්නව ඇත්තේය—

7 ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන, මම, එය ප්‍රකාශ කළ සේක; එහෙත් පැය සහ දවස කිසි මනුෂ්‍යයෙකුවත්, හෝ ස්වර්ගයෙහි දේවදූතයන්වත් නොදන්නෝය, උන්වහන්සේ පැමිණෙන තුරු වුවද ඔවුන් දැන නොගන්නෝය.

8 එසේහෙයින්, සියලු මනුෂ්‍යයන් පසුතැවිලි වෙනවාට මම කැමැත්තෙමි, මක්නිසාද මා වෙතට මා විසින් තෝරාගන්නා ලද, එනම් නුඹලා නොදන්නා ශුද්ධ වූ මනුෂ්‍යයන් හැර, සියල්ලෝ පාපයට යටත්ය.

9 එසේහෙයින්, එනම් ආරම්භයේදී එය වූවාක් මෙන්ම, එනම් මම නුඹලා හට මාගේ සදාකාලික ගිවිසුම යවා ඇති බව, මම නුඹලා හට පවසන්නෙමි.

10 තවද එනම් මම පොරොන්දු වූ එය මම සම්පූර්ණකොට ඇත්තෙමි, තවද පොළොවේ ජාතීන් එයට නමස්කාර කරනු ඇත; තවද, ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන්ව පහතට පමුණුවනු ලබන්නේය, මක්නිසාද දැන් ඔසවනු ලැබූ එය බලය මගින් පහතට පමුණුවනු ලබන්නේය.

11 එසේහෙයින්, එනම් මෙම ජනතාව අතරට නුඹලාට යෑමට මම ආඥාවක් දෙන්නෙමි, පේත්‍රැස් යන නාමය ඇති, මාගේ පැරණි ප්‍රේරිතවරයාට මෙන්, තවද ඔවුන් හට පවසන්න;

12 පොළොව මත සිටි, තවද පැමිණෙන්නට ඇති, ආරම්භයද අවසානයද වූ, ස්වාමින් වූ යේසුස්වහන්සේගේ නාමය මත විශ්වාස කරන්න;

13 පව් කමාව සඳහා, ශුද්ධ වූ ආඥාවන්ට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පසුතැවිලිව බව්තීස්ම වන්න.

14 තවද මෙය කරන්නේ කවරෙක්ද, සභාවේ වැඩිහිටියන්ගේ අත් තැබීම මගින් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබන්නේය.

15 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් කවරෙකුට වුවත් විවාහ වීමට තහනම් කරන්නේද දෙවියන්වහන්සේගේ නියම වූවෙකු නොවන්නේය, මක්නිසාද විවාහය මනුෂ්‍යයන් වෙතට දෙවියන්වහන්සේගෙන් නියමයක් වන්නේය.

16 එසේහෙයින්, එනම් ඔහුට එක් භාර්යාවක් සිටිය යුතුවීම නීත්‍යානුකූල වන්නේය, තවද දෙදෙනෙකු වන ඔවුන් එක් මාංශයක් වන්නේය, තවද මෙම සියල්ල පොළොවේ මැවීමේ අවසානයේ පිළිතුර පිණිස වන්නේය;

17 තවද එනම් උන්වහන්සේගේ මැවීමට ප්‍රථමව ලෝකය සෑදීමට අනුව, මනුෂ්‍යයාගේ ගණන් ගැනීමට සම්පූර්ණ වන පිණිසය.

18 තවද කවරෙකු වුවත් මාංශ නොකෑ යුතු යැයි මනුෂ්‍යයන්ට තහනම් කිරීමට ආඥා කරන්නේද, දෙවියන්වහන්සේගෙන් නියම වූවෙකු නොවන්නේය;

19 මක්නිසාද, බලන්න, වනයේ සියලු මෘගයන්ද අහසේ පක්ෂීන්ද, එනම් පොළොවෙන් පමුණුවන්නා වූ එය, මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනය උදෙසා ආහාර සහ වස්ත්‍ර සඳහා නියම කොට ඇත්තේය, තවද එනම් ඔහුට එය බහුලව ලැබෙන පිණිසය.

20 එසේ ලෝකය පාපයෙන් පිරී ඇත, එහෙත් එක් මනුෂ්‍යයෙකු තවත් මනුෂ්‍යයෙකුට වඩා ලබාගැනීමට නොවන්නේය.

21 තවද රුධිරය වගුරුවන හෝ අවශ්‍ය නොවන ලෙස මංශය නාස්ති කරන මනුෂ්‍යයාට දුක්වේ.

22 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මනුෂ්‍යය පුත්‍රයා ස්ත්‍රියකගේ හෝ පොළොවේ ගමන් කරන මනුෂ්‍යකුගේ ස්වරූපයෙන් නොපැමිණෙන්නේය.

23 එසේහෙයින්, නොරැවටෙන්න, එහෙත් නොකඩවා ස්ථිරව සිටින්න, ස්වර්ගයන් සොලවනු උදෙසා බලා සිටින්න, තවද පොළොව වේව්ලවනු ලැබ, බීමත් මනුෂ්‍යයකු මෙන් එහාටත් මෙහාටත් පෙරලෙමින්, තවද තැනිතලාවන් ඔසවනු ලැබ, කඳු පහතට පත්කර, තවද රළු තැන් මෘදු බවට පැමිණෙන්නේය—තවද මේ සියල්ල දේවදූතයා ඔහුගේ හොරණෑව ශබ්ද නැගීමේදී සිදුවන්නේය.

24 එහෙත් ස්වාමින්වහන්සේගේ මහත් වූ දවස පැමිණීමට පෙර, යාකොබ් වනාන්තරයේ සමෘධිමත් වන්නෝය, තවද ලාමන්වරුන් රෝස මල මෙන් විකසිත වන්නෝය.

25 සයොනය කඳු ගැටි මත සමෘධිමත්ව කඳු මත ප්‍රීති ප්‍රමුදිත වන්නේය, තවද මා විසින් පත්කරන ලද එම ස්ථානයන්ට එක්ව රැස්වන්නෝය.

26 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලාට ආඥා කළ ලෙස පෙරට යන්න; නුඹලාගේ සියලු පාපයන් උදෙසා පසුතැවිලි වන්න; ඉල්ලන්න තවද නුඹලාට දෙනු ලබන්නේය; තට්ටුකරන්න තවද එය නුඹලා හට විවෘත කරනු ලබන්නේය.

27 බලන්න, මම නුඹලාට පෙර යමින් නුඹලාගේ ආරක්ෂකයා වන්නෙමි; තවද මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද නුඹලාව ව්‍යාකූල කරනු නොලබන්නෙමි.

28 බලන්න, මම යේසුස් කිස්තුස්වහන්සේ වන්නෙමි, තවද මම ඉක්මණින් පැමිණෙන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.