ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 4


4 වන කොටස

1829 පෙබරවාරි මස, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ඔහුගේ පියාවූ ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ වෙත දෙනු ලැබූ එළිදරව්වකි.

1–4, නිර්භීත සේවය ස්වාමින්වහන්සේගේ සේවකයින්ව ගලවනු ලබයි; 5–6, දිව්‍යමය ගුණාංගයන් ඔවුන්ව දේවසේවය සඳහා සුදුස්සන් බවට පත්කරයි; 7, දෙවියන්වහන්සේගේ දේවල් සෙවිය යුතුවේ.

1 දැන් බලන්න, මනුෂ්‍ය දරුවන් අතරට පුදුමාකාර වූ ක්‍රියාවක් ඉදිරියට පැමිණෙන්නට ඇත්තේය.

2 එසේහෙයින්, අහෝ දෙවියන්වහන්සේගේ සේවයේ යෙදීමට යන්නෙනි, නුඹලාගේ මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද සහ ශක්තියෙන්ද උන්වහන්සේට සේවය කළයුතු වේ, එනම් නුඹලා දෙවියන්වහන්සේ ඉදිරියේ අවසාන දවසේ නොකැළැල්ව සිටින පිණිසය.

3 එසේහෙයින්, දෙවියන්වහන්සේට සේවය කිරීමට නුඹලාට ආශාවන් ඇත්නම් නුඹලාව එම කාර්යයට කැඳවා ඇත්තෙහිය;

4 මක්නිසාද බලන්න කෙතෙහි ගොයම පැහී ඇත්තේය; තවද බලව, ඔහුගේ බලය සමඟ දෑකැත්ත මත වෙරදරමින් තල්ලු කර, ඒවා ගබඩාවේ තබන ඔහු, තවද ඔහු විනාශ නොවේ, එහෙත් ඔහුගේ ප‍්‍රාණයට ගැලවීම ගෙන එන්නේය;

5 තවද ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය සහ ආදරය සමඟ දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා ඒකායන අරමුණ, ඔහුව එම කාර්යය උදෙසා සුදුස්සෙකු කරන්නේය.

6 ඇදහිල්ල, ගුණවන්තකම, දැනුම, පමණ දැන ක්‍රියාකිරීම, ඉවසීම, සහෝදර ස්නේහය, දේවභක්තිය, ප්‍රේමය, යටහත්පහත්කම, උද්යෝගය මතක තබාගන්න.

7 ඉල්ලන්න, තවද නුඹලාට දෙනු ලබන්නේය; තට්ටු කරන්න තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය. ආමෙන්.