ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 5


5 වන කොටස

1828 මාර්තු මස, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් මාටින් හැරිස්ගේ ඉල්ලීම මත දෙනු ලැබූ එළිදරව්වකි.

1–10, මෙම පරම්පරාවට ස්වාමින්වහන්සේගේ වචනය ජෝසෆ් ස්මිත් තුළින් ලැබෙනු ඇත; 11–18, මොර්මොන්ගේ පොත ගැන සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සාක්ෂිදරනු ලබන්නේය; 19–20, ස්වාමින්වහන්සේගේ වචන පෙර කාලයන්හි මෙන් සහතික වනු ඇත; 21–35, මාටින් හැරිස් පසුතැවිලිවන්නේ නම් තවද ඔහු එක් සාක්ෂිකරුවෙකු වන්නේය.

1 බලන්න, මම නුඹ හට පවසන්නෙමි, එනම් මාගේ සේවක මාටින් හැරිස්ට මාගේ හස්තයෙන් සාක්ෂියක් ලැබීමට අභිප්‍රායක් ඇති නිසා, එනම් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වන නුඹ, තහඩු මාගෙන් ලද බව, නුඹ සාක්ෂිදරා වාර්තාවක් සපයා ඇති තහඩු ලබා ඇත්තේය;

2 තවද දැන්, බලන්න, මෙය නුඹ ඔහුට කිවයුතු වන්නේය—නුඹට කතාකළ උන්වහන්සේ, නුඹට මෙසේ කී සේක: ස්වාමින්වහන්සේ වන, මම, දෙවියන්වහන්සේ වෙමි, තවද මෙම දේවල් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කනිෂ්ඨ වන නුඹ හට දුන්නෙමි, එමෙන්ම මෙම දේවල් සම්බන්ධයෙන් නුඹට සාක්ෂිකරුවෙකු ලෙස නැගීසිටීමට, ආඥාකර ඇත්තේය;

3 තවද මා සමඟ ගිවිසුමකට ඇතුල්වීමට මම නුඹට සලස්වා ඇත්තෙමි; මම නුඹට ආඥා කළ එම පුද්ගලයන්ට පමණක් හැරුණු විට වෙනත් අයවළුන්ට නුඹ ඒවා නොපෙන්විය යුතුය; මම නුඹට දෙනු ලැබූවක් මිස නුඹට ඒවා මත කිසිම බලයක් නොමැත්තේය.

4 තවද නුඹට මෙම තහඩු පරිවර්තනය කිරීමට දීමනාවක් ඇත්තෙහිය; තවද මෙය මා නුඹට දුන් පළමු දීමනාව වේ; තවද මෙම කාරණයේදී මාගේ අරමුණ සම්පූර්ණ වනතුරු වෙනත් දීමනාවක් නුඹට හිමි නොවන්නට මම නුඹට ආඥා කරමි; මක්නිසාද එය සම්පූර්ණ වනතුරු වෙනත් දීමනාවක් මම නුඹට දෙනු නොලබන්නෙමි.

5 සැබවක්, මම නුඹ හට පවසන්නෙමි, මාගේ වචනයන්ට පොළොවේ ජීවත් වන්නන් උවමනාවෙන් සවන්දෙන්නේ නොමැතිනම් ඔවුන් මත දුක පැමිණේ;

6 මක්නිසාද මෙයින් පසු මනුෂ්‍ය දරුවන් වෙතට ගොස් මාගේ වචනය දෙනු ලබන පිණිස නුඹව නියම කරනු ලබන්නෙමි.

7 බලන්න, ඔවුන් මාගේ වචන විශ්වාස නොකරන්නේ නම්, ඔවුහු නුඹව විශ්වාස නොකරන්නෝය, මාගේ සේවක ජෝසෆ්, හැකිනම් මම නුඹ හට කැපකළ මෙම සියලු දේවල් ඔවුන්ට නුඹ පෙන්විය යුතුය.

8 අහෝ, මෙම නොඇදහිලිවන්ත සහ මුරණ්ඩු පරම්පරාව—මාගේ කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිලී ඇත්තේය.

9 බලන්න, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මම නුඹට පවරන ලද දේවල් මම නුඔට රැකදී ඇත්තෙමි, මාගේ සේවක ජෝසෆ්, මා තුළ ප්‍රඥාවන්ත අරමුණක් උදෙසා, තවද එය ඉදිරි පරම්පරාවන් වෙතට දන්වනු ලැබිය යුතු වන්නේය.

10 නමුත් මෙම පරම්පරාවට මාගේ වචන නුඹ තුළින් ලැබෙනු ඇත;

11 තවද නුඹගේ සාක්ෂියට අමතරව, මා විසින් කැඳවා නියම කරනු ලැබ, මෙම දේවල් ඔවුන් වෙතට මම පෙන්වාදෙනු ලබන, මාගේ සේවකයන් තිදෙනෙකු ඔවුන්ගේ සාක්ෂිය සහිතව, ඔවුන් නුඹ තුළින් දෙනු ලැබූ මාගේ වචන සමඟ පෙරට යායුතු වන්නේය.

12 එසේය, ඔවුන් මෙම දේවල් සත්‍ය බව සහතිකව දැනගනු ඇත, මක්නිසාද ඔවුන් හට මම ස්වර්ගය වෙතින් එය ප්‍රකාශ කරන්නෙමි.

13 එනම් ඔවුන් මෙම දේවල් ඒ ආකාරයෙන්ම බලා දකිනු පිණිස මම ඔවුන් හට බලය දෙන්නෙමි;

14 හඳ සේ පැහැදිලි වූ, එමෙන්ම ඉර සේ පැහැපත් වූ, එමෙන්ම ධජ සහිත හමුදාවක් මෙන් භයංකාර වූ—වනාන්තරය තුළින් ආරම්භ වූ මාගේ සභාවේ පැමිණීමේ ආරම්භය සහ ඉහළට නැගීම තුළ, මෙම පරම්පරාව තුළ මේ හා සමානම සාක්ෂියක් ලබාගැනීමට, වෙනත් කිසිවෙකුටත් මම බලය ලබා නොදෙන්නෙමි.

15 තවද මාගේ වචනය පිළිබඳ සාක්ෂිකරුවන් තිදෙනකුගේ සාක්ෂිය මම පෙරට යවනු ඇත්තෙමි.

16 තවද බලන්න, මාගේ වචනය පිළිගන්නා කවරෙකු වූවත්, මගේ ආත්මයේ ප‍්‍රකාශ කිරීමක් සමඟ මම ඔවුන් බැහැදකින්නෙමි; තවද ඔවුහු ජලයෙන් සහ ආත්මයෙන් වුවද, මාගෙන් උපදිනු ලබන්නෝය—

17 තවද නුඹලා තව මද කාලයක් තවත් රැඳිය යුතුවේ, මක්නිසාද නුඹලාව තවමත් නියම කොට නැත—

18 ඔවුන්ගේ හදවත් ඒවාට විරුද්ධව තදකරගන්නේ නම් මෙම පරම්පරාව වෙතට ඔවුන්ගේ සාක්ෂිය හෙළාදැකීමක්ව පෙරට යනු ඇත්තේය;

19 මක්නිසාද පොළොවේ ජීවත් වන්නවුන් අතර පාළුකිරීමේ සාපයක් ඉදිරියට යනු ලබන්නේය, තවද කාලයෙන් කාලයට නොකඩවා වගුරුවනු ලබන්නේය, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, පොළොව හිස්වන තුරු එහි ජීවත් වන්නවුන්, මාගේ පැමිණීමේ දීප්තියෙන් සම්පූර්ණයෙන් විනාශව පහවයනු ඇත.

20 බලන්න, මම මේ දේවල් නුඹට පැවසුවා සේම, යෙරුසලමේ විනාශය මෙම ජනයාට මා පැවසුවේය; මාගේ වචන ඒ කාලයේදී සහතික වූවා සේම මේ දක්වාත් ඒ ආකාරයෙන්ම සහතිකවනු ඇත.

21 තවද මාගේ සේවක ජෝසෆ්, මම නුඹට ආඥා කරන්නෙමි, පසුතැවිලිව මා ඉදිරියේ වඩාත් සෘජුව ගමන්කරන්න, තවදුරටත් මනුෂ්‍යයන්ගේ පෙළඹවීම් අනුව නොයන්න;

22 තවද එනම් මම නුඹට ආඥා කරන ලද ආඥාවන් පිළිපැදීමෙහි ස්ථීර වන්න; තවද නුඹ මෙය කරන්නේ නම්, බලන්න නුඹව මරණයට පත්කළ යුතු වුවත්, මම නුඹ හට සදාකාල ජීවනය ලබාදෙමි.

23 තවද දැන්, නැවතත්, මාගේ සේවක වූ ජෝසෆ්, එම සාක්ෂිය ලැබීමට ආශාවන මනුෂ්‍යයා සම්බන්ධයෙන්, මම නුඹ හට කතා කරන්නෙමි—

24 බලන්න, මම ඔහුට පවසන්නෙමි, ඔහු ඔහුව ඔසවාලමින් මා ඉදිරියේ ඔහුව ප‍්‍රමාණවත්ව යටහත් කර නොගන්නේය; එහෙත් ඔහු මා ඉදිරියේ නමස්කාර කරමින්, බලවත් යාච්ඤාවෙන් සහ ඇදහිල්ලෙන්, ඔහුගේ හදවතේ අවංකකමින් යටහත්වන්නේ නම්, එවිට ඔහු බැලීමට ආශාවන දේවල් දැකීමට මම ඔහුට අවසර දෙන්නෙමි.

25 තවද එවිට ඔහු මෙම පරම්පරාවේ ජනතාව හට මෙසේ පවසනු ඇත: බලන්න, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට ස්වාමින්වහන්සේ පෙන්වා තිබෙන දේවල් මම දැක ඇත්තෙමි, තවද ස්ථීරයෙන්ම ඒවා සත්‍ය බව මම දනිමි, මක්නිසාද මම ඒවා දැක ඇත්තෙමි, මක්නිසාද ඒවා මට පෙන්වා ඇත්තේ දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍ය බලයෙන් නොවන්නේය.

26 තවද ස්වාමින්වහන්සේ වන මම, මාගේ සේවක මාටින් හැරිස්ට ආඥා කරමි, එනම් මෙම දේවල් සම්බන්ධයෙන් ඔහු ඔවුන්ට මේ හැර කිසිවක් නොකිව යුතුවේ; ඔහු කිවයුතු වන්නේ: මම ඒවා දැක ඇත්තෙමි, තවද ඒවා මට පෙන්වා ඇත්තේ දෙවියන්වහන්සේගේ බලයෙනි; තවද ඔහු ප‍්‍රකාශ කරන වචන මේවා වන්නේය.

27 නමුත් ඔහු මෙය ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු මා සමඟ ගිවිසගත් ගිවිසුම බිඳලන්නේය, තවද බලන්න, ඔහුව හෙළාදකිනු ලබන්නේය.

28 තවද දැන්, ඔහු යටහත්ව සහ මා හට ඔහු විසින් කරන ලද එම වැරදි දේ පිළිගෙන, තවද මා සමඟ ඔහු මාගේ ආඥාවන් පිළිපදින්නේ යැයි ගිවිස ගනිමින්, තවද මා කෙරෙහි ඇදහිල්ල ක්‍රියාකරවන්නේ නම් හැර, බලන්න, මම ඔහුට පවසන්නෙමි, ඔහුට එවැනි දැකීමක් නැත්තේය, මක්නිසාද, මා විසින් කතා කරන ලද එම දේවල් දැකීම ඔහුට නොදෙන්නෙමි.

29 තවද එය මෙසේ වන්නේනම්, මාගේ සේවක ජෝසෆ්, මම නුඹට ආඥා කරන්නෙමි, ඔහු තවදුරටත් කිසිවක් නොකළ යුතු බවත්, මෙම කාරණාව සම්බන්ධයෙන් මා හට තවත් කරදර නොකළ යුතු බවත්, නුඹ ඔහුට කිව යුතුය.

30 තවද එය මෙසේ වන්නේ නම්, බලන්න, ජෝසෆ් මම නුඹට මෙසේ පවසන්නෙමි, නුඹ තවත් පිටු කීපයක් පරිවර්තනය කළ පසු නුඹ කාලයකට, මම නුඹට නැවත ආඥාකරන තුරු, නැවතිය යුතුය; ඉන්පසු නුඹට නැවතත් පරිවර්තනය කළ හැකිය.

31 තවද නුඹ මෙය නොකරන්නේ නම්, බලන්න, නුඹට වෙනත් දීමනා නොවන්නේය, තවද මම නුඹට භාරකර ඇති දේවල් නුඹගෙන් නැවත ගන්නෙමි.

32 තවද දැන්, නුඹව විනාශ කිරීමට වැතිර බලාසිටින්නන් මම කලින් දකින්නෙමි, එසේය, මාගේ සේවක මාටින් හැරිස් මාගේ හස්තයෙන් සාක්ෂියක් ලැබීමට ඔහුව යටහත්කර නොගන්නේ නම්, එසේය ඔහු වරදට වැටෙනු ඇති බව මම කලින් දකින්නෙමි;

33 තවද එහි පොළෝ තලය මතින් නුඹව විනාශ කිරීමට වැතිරී බලාසිටින බොහෝදෙනෙක් ඇත්තේය; තවද මෙම කාරණය නිසා, එනම් නුඹගේ දවස් දිගුවන පිණිස, මම නුඹ හට මෙම ආඥාවන් දී ඇත්තෙමි.

34 එසේය, මෙම කාරණය උදෙසා මම කියා ඇත්තෙමි; නවතින්න, මම නුඹට ආඥා කරනතුරු නැවතී සිටින්න, මම නුඹට ආඥා කරන එම දේවල් නුඹ සම්පූර්ණ කරන පිණිස මම නුඹට අවශ්‍ය දේ දෙනු ලබන්නෙමි.

35 තවද නුඹ මාගේ ආඥාවන් පිළිපැදීමට ඇදහිලිවන්ත වන්නේ නම්, නුඹව අවසාන දවසේදී ඔසවන්නෙමි. ආමෙන්.