ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 50


50 වන කොටස

1831 මැයි 9, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දුන් එළිදරව්වකි. මේ පොළොවේ පැතිර ඇති විවිධ ආත්මයන්ගේ ප්‍රකාශවීම් සමහරක් වැඩිහිටියන් තේරුම්නොගත් බවත් එමෙන්ම මෙම එළිදරව්ව එම කාරණය සම්බන්ධව ඔහුගේ විශේෂ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස දුන් බවත් ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය සඳහන් කරයි. මෙවැනි වූ ආත්මික සංසිද්ධීන් සාමාජිකයින් අතර අසාමාන්‍ය නොවන අතර, සමහර අය දර්ශන සහ එළිදරව් ලබන බවද කියා සිටියහ.

1–5, නොයෙක් ව්‍යාජ ආත්ම පොළොවේ පැතිර ඇත; 6–9, සභාවෙන් නෙරපා ඇති අයට සහ කෛයිරාටිකයන්ට දුක්වේ; 10–14, වැඩිහිටියන් ශුභාරංචිය ආත්මයාණන් මගින් දේශනා කළ යුතුය; 15–22, දේශනාකරන්නන් සහ අසන්නන් යන දෙගොල්ලන්ම ආත්මයාණන් මගින් අවබෝධය ලබාගනිති; 23–25, වර්ධනය කර නොගන්නා දෙය දෙවියන්වහන්සේගෙන් නොවේ; 26–28, ඇදහිලිවන්තයන් සියලු දෙයෙහි අයිතිකරුවන්ය; 29–36, පරිශුද්ධ වූවන්ගේ යාච්ඤා වලට පිළිතුරු ලැබේ; 37–46, ක්‍රිස්තුස්වහන්සේ යහපත් එඬේරාණන් සහ ඉශ්‍රායලයේ පර්වතය වන සේක.

1 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, තවද ජීවමාන දෙවියන්වහන්සේගේ හඬට කන්දෙන්න; සභාව සම්බන්ධව නුඹලා අසා සහ එකඟ වී පිළිගත් කාරණා අනුවද, පොළොව පුරා ගමන්ගත් එම ආත්මයන් ගැනද, නුඹලා හට දෙනු ලබන, එම ප්‍රඥාවේ වචනයන්ට සවන්දෙන්න.

2 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එහි බොරු ආත්මයන් වූ ආත්මයන් බොහෝමයක් ඇත්තේය, එනම් ඒවා ලෝකය රවටාලමින්, පොළොව තුළ ඉදිරියට ගොස් ඇත.

3 තවද එසේම එනම් ඔහු නුඹලාව පරාජය කරනු පිණිස, නුඹලාව රවටාලීමට සාතන් සොයා ඇත.

4 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා දෙස බැලුවෙමි, තවද මාගේ නාමය ප්‍රකාශ කරන සභාව තුළ පිළිකුල්කම් දුටිමි.

5 එහෙත් ජීවිතයේදී හෝ මරණයේදී, ඇදහිලිවන්තයන් සහ දරාගන්නාවූ ඔවුන් ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් සදාකාල ජීවනය උරුම කරගන්නෝය.

6 එහෙත් රැවටිලිකරුවන් සහ කෛරාටිකයන් වන ඔවුන්ට දුක්වේ, මක්නිසාද, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, මම ඔවුන්ව විනිශ්චයට ගෙන එන්නෙමි.

7 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එහි නුඹලා අතර කෛරාටිකයන් වේ, ඔවුන් සමහරෙක්ව රවටා ඇත්තේය, එය විරුද්ධකාරයාට බලය දී ඇත්තේය; එහෙත් බලන්න එවැන්නන්ව නැවත ලබාගනු ලබන්නේය;

8 එහෙත් කෛරාටිකයන්ව හඳුනාගෙන මාගේ කැමැත්තට අනුව, ජීවිතයේ හෝ මරණයේදී, නෙරපනු ලබන්නේය; තවද මාගේ සභාව වෙතින් නෙරපනු ලැබූවන්ට දුක්වේ, මක්නිසාද ලෝකය එවැන්නන්ව වසාගන්නේය.

9 එසේහෙයින්, සෑම මනුෂ්‍යයෙක්ම සත්‍ය සහ ධර්මිෂ්ඨ නොවන එය ඔහු මා ඉදිරියේ නොකිරීමට ප්‍රවේසම් වන්න.

10 තවද දැන් පැමිණෙන්න, ආත්මයාණන් මගින්, උන්වහන්සේගේ සභාවේ වැඩිහිටියන් හට, ස්වාමින්වහන්සේ පවසන සේක, එනම් නුඹලා තේරුම්ගන්නා පිණිස, තවද අපි එක්ව සාකච්ඡා කරමු;

11 මනුෂ්‍යයා එකිනෙකා සමඟ මුහුණට මුහුණ දී සාකච්ඡා කරන්නාක් මෙන් අපි සාකච්ඡා කරමු.

12 දැන්, මනුෂ්‍යයෙකු සාකච්ඡා කරන විට ඔහුව මනුෂ්‍යයා තේරුම්ගන්නේය, මක්නිසාද ඔහු මනුෂ්‍යයෙකු මෙන් සාකච්ඡා කරන්නේය; එමෙන්ම ස්වාමින්වහන්සේ වන, මමත් එසේමය, නුඹ තේරුම්ගන්නා පිණිස නුඹ සමඟ සාකච්ඡා කරන්නෙමි.

13 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන මම නුඹලාගෙන් මෙම ප්‍රශ්නය අසන්නෙමි—නුඹලාව නියම කරනු ලැබූයේ කුමකටද?

14 මාගේ ශුභාරංචිය ආත්මයාණන් මගින් දේශනා කිරීමටය, සැනසිලිදායකයාණන් පවා පෙරට යවනු ලැබූයේ එම සත්‍යය ඉගැන්වීමටය.

15 තවද එවිට නුඹලාට තේරුම්ගත නොහැකි ආත්මයන් නුඹලා ලැබූවෙහුය, තවද ඒවා දෙවියන්වහන්සේගෙන් ලබාගත්තේද; තවද නුඹලා මේ සම්බන්ධව යුක්තිසහගතද වී ඇත්ද?

16 බලන්න නුඹලා මෙම ප්‍රශ්නයට පිළිතුර නුඹලා විසින්ම දිය යුතුය; එසේවුවද, මම නුඹලා හට කරුණාවන්ත වන්නෙමි; නුඹලා අතරේ දුර්වල ඔහුව මෙයින් පසු ශක්තිමත් කරනු ලබන්නේය.

17 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මා විසින් නියම කරනු ලැබූ ඔහුව සත්‍යයේ වචනය සැනසිලිදායකයාණන් මගින් දේශනා කිරීමට, සැබෑකමේ ආත්මයෙන් ඉදිරියට යවන්නේය, ඔහු එය දේශනා කරන්නේ සැබෑකමේ ආත්මයෙන් හෝ වෙනත් ආකාරයකින්ද?

18 තවද එය වෙනත් ආකාරයකින් වන්නේ නම් එය දෙවියන්වහන්සේගෙන් නොවන්නේය.

19 තවද නැවතත්, එනම් ඔහු සැබෑකමේ වචනය ලබන්නේ නම්, ඔහු එය ලබන්නේ සැබෑකමේ ආත්මයෙන් හෝ වෙනත් ආකාරයකින්ද?

20 එය වෙනත් ආකාරයකින් නම් එය දෙවියන්වහන්සේගෙන් නොවන්නේය.

21 එසේහෙයින්, එනම් සැබෑකමේ ආත්මයෙන් වචනය ලබාගන්නා ඔහු එය සැබෑකමේ ආත්මය මගින් දේශනා කරන ආකාරයට ලබාගන්න බව, නුඹලාට තේරුම්ගැනීමට සහ දැනගැනීමට නොහැක්කේ ඇයි?

22 එසේහෙයින්, එනම් දේශනා කරන ඔහුද එනම් ලබන ඔහුද, එකිනෙකා තේරුම්ගෙන, තවද දෙදෙනාම වර්ධනය වී තවද එක්ව ප්‍රීති ප්‍රමුදිත වන්නෝය.

23 තවද එනම් එය වර්ධනයක් ලබා නොදෙන්නේද එය දෙවියන්වහන්සේගෙන් නොවන්නේය, තවද එය අන්ධකාරයය.

24 එනම් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සෑමදෙයක්ම ආලෝකය වේ; තවද එනම් ආලෝකය ලබන ඔහු, තවද දෙවියන්වහන්සේ තුළ පවතින්නේය, වැඩියෙන් ආලෝකය ලබන්නේය; තවද එම ආලෝකය දීප්තියෙන් දීප්තියට එම සම්පූර්ණ දවස වන තෙක් වර්ධනය වන්නේය.

25 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, තවද නුඹලා සත්‍ය දැනගන්නා පිණිස මම එය පවසන්නෙමි, එනම් නුඹලා නුඹලා අතරින් අන්ධකාරය පලවා හරින පිණිසය;

26 ඔහු එනම් දෙවියන්වහන්සේ නියම කරනු ලැබ තවද ඉදිරියට යවනු ලැබුවේද, ඔහු සුලු අයෙකු හා සියලුදෙනාගේ සේවකයා වුවද, එවැන්නා ශ්‍රේෂ්ඨයකු වීමට පත්කරනු ලබන්නේය.

27 එසේහෙයින්, ඔහු සියලු දේවල අයිතිකරුවාය; මක්නිසාද ස්වර්ගයේ සහ පොළොවේ යන දෙතැනම සියලු දේවල් ඔහුට යටත්වන්නේය, ජීවිතය සහ ආලෝකය, ආත්මය සහ බලය, උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පියාණන්වහන්සේගේ කැමැත්ත මගින් ඉදිරියට යවනු ලබන්නේය.

28 එහෙත් ඔහු සියලු පාපයන් වෙතින් පරිශුද්ධ කර සහ පිරිසිඳු කරනු ලබන්නේ නම් මිස, කිසිම මනුෂ්‍යයෙකු සියලු දේවලට අයිතිකරුවකු නොවන්නේය.

29 තවද නුඹලා සියලු පාපයන් වෙතින් පරිශුද්ධ කර සහ පිරිසිඳු කරනු ලැබ ඇත්නම්, නුඹලා යේසුස්වහන්සේගේ නාමයෙන් කුමනාකාර දෙයක් වුවත් ඉල්ලන්නේද එය කරනු ලබන්නේය.

30 එහෙත් මෙය දැනගන්න, නුඹලා ඉල්ලන කුමන දෙයක් වුවත් දෙනු ලබන්නේය; තවද මූලිකත්වයට නුඹලා පත්කරනු ලැබූ විට, නුඹලා හට ආත්මයන් යටත්වන්නේය.

31 එසේහෙයින්, එය මෙසේ සිදුවන්නේය, එනම් නුඹලා තේරුම්නොගන්නා ආත්ම එළිදරව් වීමක් නුඹ දකින්නේද, තවද එම ආත්මය නුඹ නොලබන්නේද, නුඹලා පියාණන්ගෙන් යේසුස්වහන්සේගේ නාමයෙන් අසන්න; තවද නුඹලා හට උන්වහන්සේ එම ආත්මය දෙනු නොලබන්නේද, එය දෙවියන්වහන්සේගෙන් නොවන බව නුඹලා එවිට දැනගන්නෝය.

32 තවද එම ආත්මය මත බලය, නුඹලාට දෙනු ලබන්නේය; තවද එම ආත්මය දෙවියන්වහන්සේගෙන් නොවන බව උස්වූ හඬකින් නුඹලා ප්‍රකාශ කළ යුතුය—

33 තවද නුඹලා පරාජය නොවන පිණිස, රළු දොස් පැවරීමකින් තොරවද, එමගින් නුඹලාව අල්ලා නොගන්නා පිණිස, පාරට්ටු කරගැනීමකින් හෝ ප්‍රීති ප්‍රමුදිත වීමකින්ද තොරවද කළ යුතුය.

34 ඔහු එනම් දෙවියන්වහන්සේගෙන් ලබන්නේද, ඔහු එය දෙවියන්වහන්සේට ගණන් දෙත්වා; දෙවියන්වහන්සේට ගණන් දීමට ඔහු සුදුසු වීම ගැන ඔහුට ප්‍රීති ප්‍රමුදිත වීමට ඉඩදෙන්න.

35 තවද මෙයින් පසුව නුඹලා ලබන, තවද නුඹලා විසින් ලැබූ මෙම දේවල් වලට ඇහුම්කන්දෙමින් සහ කරමින්—පියාණන්වහන්සේ නුඹලාට දෙනු ලැබූ රාජ්‍යයද, තවද උන්වහන්සේ විසින් නියම කරනු නොලැබුවාවූ සියලු දේවල් යටත් කිරීමට බලයද ලබන්නේය.

36 තවද බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවකයාගේ මුඛයෙන් මාගේ මෙම වචන දැන් අසන නුඹලා ආශිර්වාද ලද්දෙහුය, මක්නිසාද නුඹලාගේ පාපයන්ට නුඹලා සමාව ලබා ඇත.

37 ඔහු තුළ මම ඉතා ප්‍රසන්න වන, මාගේ සේවක ජෝසෆ් වෙක්ෆිල්ඩ්ටද, තවද මාගේ සේවක පාර්ලි පී. ප්‍රැට්ටද සභාවන් අතර ඉදිරියට යමින් ඔවුන්ට අනුශාසනාත්මක වචනයන් මගින් සවිමත් කිරීමට ඉඩදෙන්න;

38 එසේම මාගේ සේවක ජෝන් කොරිල්ද, හෝ මෙම පදවියට නියම කරනු ලැබූ මාගේ බොහෝ සේවකයන්ට, මාගේ මිදිවත්තේ සේවය කිරීමට ඉඩදෙන්න; තවද ඔවුන් හට මා විසින් පත්කරන ලද එයට කිසිම මනුෂ්‍යයෙකුට බාධා කිරීමට ඉඩනොදෙන්න—

39 එසේහෙයින්, මෙම කාරණය තුළ මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ව ධර්මිෂ්ඨ කරනු නොලබන්නේය; කෙසේවෙතත් ඔහුට පසුතැවිලි වීමට ඉඩදෙන්න තවද ඔහුට සමාව දෙනු ලබන්නේය.

40 බලන්න, නුඹලා කුඩා දරුවන්ය තවද නුඹලාට සියලු දේවල් දැන් දැරිය නොහැක්කේය; නුඹලා කරුණාව තුළද තවද සත්‍යයේ දැනුම තුළද වර්ධනය විය යුත්තේය.

41 කුඩා දරුවෙනි, බිය නොවන්න, මක්නිසාද නුඹලා මාගේය, තවද මම ලෝකය ජයගත්තෙමි, තවද නුඹලා මාගේ පියාණන් මා හට දෙනු ලැබූ දේවලින් කොටසකි;

42 තවද එනම් මාගේ පියාණන් මා හට දෙනු ලැබූ ඔවුන්ගෙන් කිසිවෙක් නැති නොවන්නේය.

43 තවද පියාණන්ද මමද එක් තැනැත්තෙකි, මම පියාණන්වහන්සේ තුළද පියාණන්වහන්සේ මා තුළද වන්නේය; තවද එපමණකින් නුඹලා ලබාගන්නේද, නුඹලා මා තුළද මා නුඹලා තුළද වන්නේය.

44 එසේහෙයින්, මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද මම යහපත් එඬේරාද, ඉශ්‍රායෙලයේ ගලද වන්නෙමි. මෙම පර්වතය මත ගොඩනගන්නේද ඔහු කිසිවිටකත් අසමත් නොවන්නේය.

45 තවද නුඹලා එනම් මාගේ හඬ අසන තවද මා දකින, තවද මා දැනගන්නා දවස පැමිණෙන්නේය.

46 එසේහෙයින්, බලා සිටින්න, එනම් නුඹලා සූදානම්ව සිටින පිණිසය. එය එසේම වන්නේය. ආමෙන්.