ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 52


52 වන කොටස

1831 ජුනි 6, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින්, සභාවේ වැඩිහිටියන් හට දෙනු ලැබූ එළිදරව්වකි. කර්ට්ලන්ඩ් හිදී, ජුනි 3 වන දින ආරම්භ වී 6 වන දින අවසන් වූ සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම සම්මන්ත්‍රණයේදී යේ තනතුරට පළමුවන විශේෂිත නියම කිරීම් කරනු ලැබුවෝය, තවද ව්‍යාජ හා රැවටිලිකාර ආත්මයන්ගේ ඇතැම් ප්‍රකාශවීම් හඳුනාගෙන තරවටු කරන ලදි.

1–2, ඊලඟ සම්මන්ත්‍රණය මිසුරි හිදී පැවැත්වීමට සැලසුම් කරන ලදි; 3–8, එක්ව ගමන් කිරීමට ඇතැම් වැඩිහිටියන්ව පත්කරන ලදි; 9–11, වැඩිහිටියන් විසින් ප්‍රේරිතයන් සහ අනාගතවක්තෘවරුන් ලියන ලද දේ ඉගැන්විය යුතුය; 12–21, ආත්මයාණන් මගින් අවබෝධ වූ අය ප්‍රශංසාවේ සහ ප්‍රඥාවේ ඵල පෙරට ගෙන එන්නෝය; 22–44, සම්මන්ත්‍රණය සඳහා මිසුරි කරා ගමන් ගන්නා අතරතුර පෙරට යමින් ශුභාරංචිය දේශනා කිරීමට විවිධ වැඩිහිටියන්ව පත්කරන ලදි.

1 බලන්න, උන්වහන්සේගේ ආත්මයාණන්ගේ හඬ මගින්, උන්වහන්සේ මෙම අවසන් දවස් වලදී කැඳවාගත් සහ තෝරාගත් වැඩිහිටියන් වෙතට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—

2 මෙසේ කියමින්: ස්වාමින්වහන්සේ වන, මම, අනෙක් සම්මන්ත්‍රණය වන තෙක් මෙතැන් පටන් නුඹලා කුමක් කළ යුතුදැයි මාගේ කැමැත්ත නුඹලා හට දැනගන්නට සලස්වන්නෙමි, යාකොබ්ගේ ඉතිරි වූවන්, තවද ගිවිසුමට අනුව උරුමක්කාරයන් වූ, මාගේ ජනතාව හට කැපකරනු ලබන දේශය මත වන, මිසුරි හි එය පවත්වන්නේය.

3 එසේහෙයින්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, සහ සිඩ්නි රිග්ඩන්ට ඔවුන්ගේ නිවෙස් වලින් පිටත්වීමට සූදානම් වීමට හැකිවූ විගසම ඔවුන්ගේ ගමන, තවද මිසුරි දේශයට ගමන්ගන්නට ඉඩදෙන්න.

4 තවද එපමණකින් ඔවුන් මා හට ඇදහිලිවන්ත වන්නේද, ඔවුන් කුමක් කළ යුතුදැයි ඔවුන් හට දැනගැනීමට සලස්වන්නෙමි;

5 තවද එය එසේම, එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, ඔවුන් හට නුඹලාගේ උරුමයේ දේශය දැනගැනීමට සලස්වන්නෙමි.

6 තවද එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත නොවන්නේද, මාගේ කැමැත්තට අනුව වුවත්, මට යහපත් යැයි පෙනෙන ආකාරයට, ඔවුන්ව නෙරපා දමනු ලබන්නෙමි.

7 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ලයිමන් වයිට් සහ මාගේ සේවක ජෝන් කොරිල් හට ඔවුන්ගේ ගමන ඉක්මණින් යෑමට සලස්වන්න;

8 තවද එසේම මාගේ සේවක ජෝන් මර්ඩොක්, සහ මාගේ සේවක හයිරම් ස්මිත් හට, ඔවුන්ගේ ගමන එම ස්ථානයටම ඩෙට්‍රොයිට් මාර්ගයෙන් ගමන්ගන්නට සලස්වන්න.

9 තවද වෙනත් කිසිවක් නොව නමුත් අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ලියන ලද එම දේවල් සහ ඇදහිල්ලේ යාච්ඤාව තුළින් සැනසිලිදායකයාණන් මගින් උගන්වනු ලැබූ දේවල් පමණක් පවසමින් ඔවුන්ට එතැන් සිට වචනය දේශනා කරමින් ගමන්ගන්නට ඉඩදෙන්න.

10 ඔවුන්ට දෙදෙනා දෙදෙනා බැගින් යන්නට සලස්වන්න, තවද මෙසේ ජලයෙන් බව්තීස්ම කරමින්, සහ ජලය අසලදී අත් තබමින්ද, ඔවුන්ට මාර්ගයේ සෑම සමූහයකටම දේශනා කිරීමට ඉඩදෙන්න.

11 මක්නිසාද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, මම මාගේ ධර්මිෂ්ඨකමේ කාර්යය පෙරට ගෙන ඒමේ කාලය කෙටි කරන්නෙමි, මක්නිසාද මම ජයග්‍රහණය වෙතට විනිශ්චය පෙරට පමණුවන දවස පැමිණෙන්නේය.

12 තවද මාගේ සේවක ලයිමන් වයිට් හට සැලකිලිමත් වන්නට ඉඩදෙන්න, මක්නිසාද ඔහුව තිරිඟු මෙන් පොළන්නට සාතන් ආශා වන්නේය.

13 තවද බලන්න, එනම් ඇදහිලිවන්ත වන්නාවූ ඔහුව බොහෝ දේවල් මත පාලකයා කරනු ලබන්නේය.

14 තවද නැවතත්, සියලු දේවලට ආදර්ශයක් මම නුඹලා හට දෙන්නෙමි, එනම් නුඹලා නොරැවටෙන පිණිසය; මක්නිසාද සාතන් පොළොවේ පැතිරී ඇත්තේය, තවද ඔහු ජාතීන් රවටමින් පෙරට යන්නේය—

15 එසේහෙයින් යාච්ඤා කරන ඔහු, කවරෙකුගේද ආත්මය පසුතැවී ඇත්තේද, එවැන්නා මාගේ නියෝගයන්ට කීකරු වන්නේද ඔහුව මම පිළිගෙන ඇත්තෙමි.

16 එනම් කතා කරන ඔහු, කවරෙකුගේද ආත්මය පසුතැවී ඇත්තේද, කවරෙකුගේද භාෂාව යටහත්ව තවද වර්ධනයක් ඇත්තේද, ඔහු මාගේ නියෝගයන්ට කීකරු වන්නේද එවැන්නා දෙවියන්වහන්සේගෙන්ය.

17 තවද නැවතත්, එනම් මාගේ බලය යටතේ වෙවුලන ඔහුව ශක්තිමත් කරනු ලබන්නේය, එසේම මම නුඹලා හට දෙනු ලැබූ එළිදරව් සහ සත්‍යයන්ට අනුව, තවද ප්‍රශංසාවේ සහ ප්‍රඥාවේ ඵල, පෙරට ගෙන එනු ලබන්නේය.

18 තවද නැවතත්, මෙම ආදර්ශයට අනුව වුවත්, එනම් ජයග්‍රහණය කළ ඔහු ඵල පෙරට ගෙන නොඑන්නේද, ඔහු මා කෙරෙන් නොවන්නේය.

19 එසේහෙයින්, මෙම ආදර්ශය මගින් නුඹලා සියලු අවස්ථාවන්හිදී සියලු ස්වර්ගයන් යට ආත්මයන් ගැන දැනගන්නෙහුය.

20 තවද එම දවස් පැමිණ ඇත්තේය; මනුෂ්‍යයන්ගේ ඇදහිල්ල අනුව එය ඔවුන්ට කරනු ලබන්නේය.

21 බලන්න, මෙම ආඥාව මා විසින් තෝරාගනු ලැබූ සියලු වැඩිහිටියන් වෙතට දෙනු ලබන්නේය.

22 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම දේශය වෙතට යන මාර්ගයේ වචනය දේශනා කරමින්, මාගේ සේවක තෝමස් බී. මාර්ෂ්ට සහ මාගේ සේවක එස්රා තයිරේට ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

23 තවද නැවතත්, මෙම දේශය වෙතට යන මාර්ගයේ වචනය දේශනා කරමින්, මාගේ සේවක අයිසෙක් මොර්ලිට සහ මාගේ සේවක එස්රා බූත්ට එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

24 තවද නැවතත්, මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්ට සහ මාටින් හැරිස්ට ඔවුන්ගේ ගමන මාගේ සේවක සිඩ්නි රිග්ඩන් සහ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සමඟින් යාමට සලස්වන්න.

25 මාගේ සේවක ඩේවිඩ් විට්මර්ට සහ හාර්වි විට්ලොක්ට එසේම ඔවුන්ගේ ගමන මෙම දේශයටම යන මාර්ගයේ, දේශනා කරමින් යාමට සලස්වන්න.

26 තවද මාගේ සේවක පාර්ලි පී. ප්‍රැට්ට සහ ඔර්සන් ප්‍රැට්ටද, එසේම ඔවුන්ගේ ගමන මෙම දේශයටම යන මාර්ගයේ, දේශනා කරමින් යාමට සලස්වන්න.

27 තවද මාගේ සේවක සොලමොන් හැන්කොක්ට සහ සිමියොන් කාටර්ටද එසේම එම දේශය වෙතටම, එම මාර්ගයේ දේශනා කරමින් ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

28 මාගේ සේවක එඩ්සන් ෆුලර්ට සහ ජේකබ් ස්කොට්ට එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

29 මාගේ සේවක ලෙවි ඩබ්. හැන්කොක්ට සහ සෙබඩී කොල්ට්‍රින්ට එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

30 මාගේ සේවක රෙනොල්ඩ්ස් කහූන්ට සහ සැමුවෙල් එච්. ස්මිත්ට එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

31 මාගේ සේවක විලර් බොර්ඩ්වින්ට සහ විලියම් කාටර්ට එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

32 තවද මාගේ සේවක නිවෙල් නයිට් සහ සෙලා ජේ. ග්‍රිෆින් යන දෙදෙනාව නියම කරනු ලැබ, තවද එසේම ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

33 එසේය, සැබවක් මම පවසන්නෙමි, මෙම සියල්ලන්ටම ඔවුන්ගේ විවිධ මාර්ග හරහා, ඔවුන්ගේ ගමන එකම ස්ථානයකට යාමට සලස්වන්න; තවද එක් මනුෂ්‍යයෙකු වෙනත් අයෙකුගේ අත්තිවාරම මත ගොඩනැගෙන්නටවත්, වෙනත් අයෙකුගේ ගමන් කිරීමවත් නොකළ යුතු වන්නේය.

34 ඇදහිලිවන්ත ඔහුව, එනම් එවැන්නාව ප්‍රවේසම් කොට බොහෝ ඵල සමඟින් ආශිර්වාද කරනු ලබන්නේය.

35 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක ජෝසෆ් වෙක්ෆිල්ඩ්ට සහ සොලමොන් හම්ෆ්‍රෙට නැගෙනහිර දේශයන් වෙතට ඔවුන්ගේ ගමන යාමට සලස්වන්න.

36 අනාගත වාක්‍යයන් සම්පූර්ණ වන පිණිස, ඔවුන් දුටු සහ ඇසූ සහ සැබවින්ම විශ්වාස කළ, අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ප්‍රකාශ කළ දේවල් හැර වෙනත් කිසිවක් ප්‍රකාශ නොකරමින්, ඔවුන්ට ඔවුන්ගේ පවුල් සමඟ වෙහෙසවීමට සලස්වන්න.

37 වරදට වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, හිමන් බෙසට් මත ප්‍රදානය කළා වූ දෙය ඔහුගෙන් රැගෙන, තවද එය සයිමන්ඩ්ස් රයිඩර්ගේ හිස මත ස්ථාපිත කරන්නට සලස්වන්න.

38 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ජෙරඩ් කාටර්ව පූජකවරයෙකු ලෙස නියම කිරීමට සලස්වන්න, තවද එසේම ජෝර්ජ් ජේම්ස්වද පූජකවරයෙකු ලෙස නියම කිරීමට සලස්වන්න.

39 ඉතිරි වූ වැඩිහිටියන්ට සභාවන් රැකබලාගැනීමටද, තවද ඔවුන්ට අවට ප්‍රදේශයන්හි වචනය ප්‍රකාශ කරන්නටද සලස්වන්න; තවද එනම් එහි රූප වැඳීම හෝ දුෂ්ටකම පැවැත්වීමට ඉඩනොදෙමින්, ඔවුන්ගේ ස්වකීය අත් වලින්ම වෙහෙස වෙන්නට ඔවුන්ට ඉඩදෙන්න.

40 තවද සියලු දේවල් වලදී දුප්පතුන් සහ අවශ්‍යතා ඇත්තවුන්ද, අසනීප වූවන් සහ පීඩිතයන්ද සිහිපත් කරන්න, මක්නිසාද මෙම දේවල් ඔහු නොකරන්නේද, එවැන්නා මාගේ ගෝලයා නොවන්නේය.

41 තවද නැවතත්, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් සහ එඩ්වර්ඩ් පැට්‍රිජ් යන අයට ඔවුන් සමඟ සභාව වෙතින් නිර්දේශයක් රැගෙන යන්නට සලස්වන්න. තවද එහි මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි උදෙසාද එකක් ලබාගන්නට සලස්වන්න.

42 තවද මෙසේ, මම පැවසූ ලෙස වුවත්, නුඹලා ඇදහිලිවන්ත නම් නුඹලා මිසුරි දේශය මත ප්‍රීති ප්‍රමුදිත වීමට නුඹලාව එක්රැස් කරන්නෙහුය, එය නුඹලාගේ උරුමයේ දේශයයි, එය දැන් නුඹලාගේ සතුරන්ගේ දේශයයි.

43 එහෙත්, බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, එම නගරය එහි නියම කාලයේදී ඉක්මන් කරන්නෙමි, තවද ඇදහිලිවන්තයන්ව ප්‍රීතිය සහ ප්‍රමෝධය සමඟින් කිරුළු පලඳවන්නෙමි.

44 බලන්න, දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මම වන්නෙමි, තවද මම ඔවුන්ව අන්තිම දවසේදී ඔසවන්නෙමි. එය එසේම වන්නේය. ආමෙන්.