ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 63


63 වන කොටස

1831 අගොස්තු 30, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා, සිඩ්නි රිග්ඩන්, සහ ඔලිවර් කවුඩ්‍රි අගොස්තු 27 දින ඔවුන් මිසුරි කරා ගිය ගමනට පසු කර්ට්ලන්ඩ් කරා ලඟාවිය. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙම එළිදරව්ව මෙසේ විස්තර කරයි: “සභාවේ මෙම ළදරු දවස් වලදී, එහි ඕනෑම මාර්ගයකින් අපගේ ගැලවීම සම්බන්ධව සියලුම කාරණාවන් ගැන ස්වාමින්වහන්සේගේ වචනය ලබාගැනීමට මහත් උනන්දුවක් විය; දැන් සයොන දේශය පෙනෙන පරිදි වඩාත්ම වැදගත් තාවකාලික වස්තුව වූ බැවින්, ශුද්ධවන්තයින් එක්රැස් කිරීම, එම ඉඩම මිලදී ගැනීම සහ වෙනත් කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මම ස්වාමින්වහන්සේගෙන් විමසුවෙමි.”

1–6, දුෂ්ටයන් මත කෝපයේ දවසක් පැමිණෙන්නේය; 7–12, සලකුණු පැමිණෙන්නේ ඇදහිල්ල මගිනි; 13–19, හදවතින් කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නන් ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන අතර තවද ඔවුන්ව ගින්දර විල තුළට දමනු ලබන්නේය; 20, ඇදහිලිවන්තයෝ අන්වෙසක් ගත් පොළොව මත උරුමය ලබාගන්නෝය; 21, අන්වෙසක් වූ කන්දෙහි සිදුවීම් වල සම්පූර්ණ වාර්තාව තවමත් එළිදරව් වී නොමැත; 22–23, කීකරු වූවෝ රාජ්‍යයේ අභිරහස් ලබන්නෝය; 24–31, සයොනයේ උරුමයන් මිලදී ගත යුතු වන්නෝය; 32–35, ස්වාමින්වහන්සේ යුද්ධයන් නියම කරන සේක, තවද දුෂ්ටයෝ දුෂ්ටයන්ව මරාදමනු ලබන්නෝය; 36–48, ශුද්ධවන්තයෝ සයොනයට රැස්ව තවද එය ගොඩනැගීමට මුදල් සපයන්නෝය; 49–54, ඇදහිලිවන්තයන්ට දෙවෙනි පැමිණීමේදී, නැවත නැගිටීම තුළ, සහ සහස්‍රය කාලයේදී ආශිර්වාදයන් සහතික කෙරෙයි; 55–58, මෙය අනතුරු හැඟවීමේ දවසක්ය; 59–66, අධිකාරිත්වයක් නොමැතිව ස්වාමින්වහන්සේගේ නාමය භාවිතා කරන අය මගින් එය නිකරුණේ භාවිතා වෙනු ලැබෙයි.

1 උවමනාවෙන් සවන්දෙන්න, අහෝ මාගේ ජනතාවෙනි, තවද නුඹලාගේ හදවත් විවෘත කරන්න තවද දුරින් සිටින අයද කන්දෙන්න; තවද සවන්දෙන්න, එනම් නුඹලාව ස්වාමින්වහන්සේගේ ජනතාව ලෙස හඳුන්වන නුඹලා, ස්වාමින්වහන්සේගේ වචනය සහ නුඹලා සම්බන්ධව උන්වහන්සේගේ කැමැත්ත අසන්න.

2 එසේය, සැබවක්, මම පවසන්නෙමි, දුෂ්ටයන් සහ කැරලිකරුවන්ට විරුද්ධව කෝපය ඇවිලී ඇත්තාවූ තැනැන්වහන්සේගේ වචනයන්ට සවන්දෙන්න.

3 උන්වහන්සේ රැගෙන යන ඔවුන්ව රැගෙනයාමට කැමති වන්නාවූද, තවද උන්වහන්සේ සුරක්ෂිත කරන ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නා වූද තැනැන්වහන්සේය;

4 උන්වහන්සේගේ කැමැත්තට සහ ප්‍රීතියට අනුව ගොඩනගන්නාවූද; තවද උන්වහන්සේ කැමති විට විනාශ කරන්නාවූද, තවද එම ප්‍රාණය නිරයට ඇද දැමීමට හැක්කාවූද තැනැන්වහන්සේය.

5 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ හඬින් පවසන්නෙමි, තවද එයට කීකරු විය යුත්තේය.

6 එසේහෙයින්, සැබවක් මම පවසන්නෙමි, දුෂ්ටයන්ට ඇහුම්කන්දෙන්නට සලස්වන්න, තවද කැරලිකරුවන්ව බියෙන් වෙව්ලීමට සලස්වන්න; තවද අවිශ්වාස කරන්නන්ට ඔවුන්ගේ තොල් වළකාගන්නට සලස්වන්න, මක්නිසාද ඔවුන් මත කෝපයේ දවස සුළි සුළඟක් මෙන් පැමිණෙන්නේය, තවද එනම් සියලු මාංශයන් මා දෙවියන්වහන්සේ බව දැනගන්නෝය.

7 තවද එනම් සලකුණු සොයනා ඔහු සලකුණු දකින්නේය, එහෙත් ගැලවීම වෙතට නොවන්නේය.

8 සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එහි නුඹලා අතරෙහි සලකුණු සොයන අය ඇත්තෝය, තවද ආරම්භයේදී සිට පවා එවැන්නෝ සිටියෝය;

9 එහෙත්, බලන්න, ඇදහිල්ල පැමිණෙන්නේ සලකුණු වලින් නොවේ, එහෙත් විශ්වාස කරන්නවුන් පසුපස සලකුණු පැමිණෙන්නේය.

10 එසේය, සලකුණු පැමිණෙන්නේ ඇදහිල්ල මගින්ය, එහෙත් මනුෂ්‍යයන්ගේ කැමැත්ත මගින් නොවේ, ඔවුන්ව ප්‍රසන්න කිරීමටද නොවේ, එහෙත් දෙවියන්වහන්සේගේ කැමැත්ත මගින්ය.

11 එසේය, සලකුණු පැමිණෙන්නේ ඇදහිල්ල මගින්, මහත් වූ ක්‍රියාවන් වෙතටය, මක්නිසාද ඇදහිල්ලෙන් තොරව දෙවියන්වහන්සේව ප්‍රසන්න කිරීමට කිසිඳු මනුෂ්‍යයෙකුට නොහැකිය; තවද දෙවියන්වහන්සේ කෝපවූවන් සමඟ උන්වහන්සේ එතරම් ප්‍රසන්න නොවන සේක; එසේහෙයින්, එවැන්නන්ට උන්වහන්සේ සලකුණු නොපෙන්වන සේක, නමුත් උන්වහන්සේ පෙන්වන්නේ ඔවුන්ගේ හෙළාදැකීම උදෙසා උදහස පමණය.

12 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, තවද ඒ මාගේ මහිමය උදෙසා මිනිසුන්ගේ යහපත සෙවූ අය කෙරෙහි මිස, නුඹලා අතර සිටින සලකුණු සහ ඇදහිල්ලේ විශ්මයන් සොයා ගිය අයවළුන් ගැන ප්‍රසන්න නොවෙමි.

13 එසේවුවද, මම ආඥාවන් දෙන්නෙමි, තවද බොහෝ අය මාගේ ආඥාවන් වෙතින් ඉවත් වී, තවද ඒවා නොපවත්වන්නෝය.

14 එහි නුඹලා අතරෙහි කාමමිථ්‍යාචාරය කරන්නන් සහ කරන්නියන් ඇත; ඔවුන්ගෙන් සමහරෙක් නුඹලා වෙතින් හැරී ඇති අතර, නුඹලා අතරෙහි සිටින අනෙකුත් අයව මෙයින් පසුව එළිදරව් කරනු ලබන්නේය.

15 ඔවුන් මතට විනිශ්චය උගුලක් ලෙස පැමිණ, තවද ඔවුන්ගේ මෝඩකම් ප්‍රකාශ වී, තවද ඔවුන්ගේ ක්‍රියාවන් ජනතාවගේ ඇස් ඉදිරියේ ඔවුන් පස්සේ නොපැමිණෙන පිණිස, එවැන්නවුන්ට ප්‍රවේසම් වී ඉක්මණින් පසුතැවිලි වෙන්නට සලස්වන්න.

16 තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට පෙර කී ලෙස, ඔහු එනම් කාන්තාවක් දෙස කාමයෙන් බලන්නේද, හෝ ඔවුන්ගේ හදවත් වලින් කාමමිථ්‍යාචාරය කරන්නේද, ඔවුන්ට ආත්මයාණන්වහන්සේව නොලැබෙන්නේය, එහෙත් ඇදහිල්ල ප්‍රතික්ෂේප කරමින් තවද බියට පත්වන්නෝය.

17 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, එනම් බිය ඇත්තන්, තවද අවිශ්වාස කරන්නන්, තවද සියලු බොරුකාරයන්, තවද බොරුවට ප්‍රේම කරන සහ බොරුවක් හදන කවරෙකු වුවත්, තවද කාමමිථ්‍යාවාරීන් සහ අනවින කරන්නන්, ඔවුන්ගේ කොටස එම ගින්දර සහ ගෙන්දම් සමඟ දැවෙන විලෙහිදී ලබන්නෝය, එය දෙවෙනි මරණය වන්නේය.

18 සැබවක් මම පවසන්නෙමි, එනම් ඔවුහු පළමු නැවත නැගිටීමෙහි කොටස්කරුවන් නොවන්නෝය.

19 තවද දැන් බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා හට පවසන්නෙමි එනම් මේ දේවල් නුඹලා අතරෙහි තිබෙන නිසා, නුඹලාව යුක්තිසහගත කර නැත.

20 එසේවුවද, එනම් ඔහු ඇදහිල්ලෙන් දරාගනිමින් තවද මාගේ කැමැත්ත කරන්නේද, එවැන්නා ජයගන්නේය, තවද අන්වෙසක් වන්නාවූ දවස පැමිණෙන විට පොළොව මත උරුමය ලබාගන්නේය;

21 එනම් ඒ මාගේ ප්‍රේරිතවරුන්ට කන්ද මත එම පෙන්වූ ආකාරයටම අනුව පවා, පොළොව අන්වෙසක් බවට පත්වන විටය; එහි සම්පූර්ණත්වය නුඹලා තවමත් ලබා නොමැත්තෙහුය.

22 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මම මාගේ කැමැත්ත නුඹලා හට දන්වනු ලබන බව මම පැවසූ ලෙස, බලන්න මම එය නුඹලා හට දන්වන්නෙමි, එය ආඥාවක් ලෙස නොව, මක්නිසාද එහි මාගේ ආඥාවන් පිළිපැදීමට උත්සහ නොකරන්නන් බොහෝ ඇත.

23 එහෙත් එනම් මාගේ ආඥාවන් පිළිපදින ඔහුට මම මාගේ රාජ්‍යයේ අභිරහස් දෙන්නෙමි, තවද ඒවා සදාකාල ජීවනය දෙසට උතුරන, ජීවනයේ ජලය උල්පතක් මෙන් ඔහු කෙරෙහි වන්නේය.

24 තවද දැන්, බලන්න, මෙය ස්වාමින්වහන්සේ වූ නුඹලාගේ දෙවියන්වහන්සේගේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් සම්බන්ධව කැමැත්ත වන්නේය, එනම් ඔවුන් සයොනයේ දේශය වෙතට එකට එක්රැස්විය යුතුය, නමුත් ඉක්මණින් නොව, එනම් එහි වසංගතයක් ගෙන එන, ව්‍යාකූලත්වයක් ඇති නොවන පිණිසය.

25 බලන්න, සයොන දේශය—ස්වාමින්වහන්සේ වන, මම, මාගේ ස්වකීය හස්තයෙන් එය උසුලා සිටින්නෙමි;

26 එසේවුවද, ස්වාමින්වහන්සේ වන, මම, සීසර්ට අයිති දේ සීසර්ට දෙමි.

27 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන මාගේ කැමැත්ත නම්, නුඹලා ලෝකයෙන් ප්‍රයෝජනයක් ලබන පිණිසත්, නුඹලා ලෝකයේ අයිතිවාසිකමක් ලබාගත යුතු වන පිණිසත්, එසේම ඔවුහු කෝපයෙන් නොකැලඹෙන පිණිසත්, නුඹලා ඉඩම් මිලදී ගැනීමය.

28 මක්නිසාද සාතන් එය නුඹලාට විරුද්ධව කෝපවීමට, තවද රුධිරය වැගිරවීමට, ඔවුන්ගේ හදවත් වල තබන්නේය.

29 එසේහෙයින්, සයොන දේශය ලබාගන්නේ මිලදී ගැනීමෙන් හෝ රුධිරය මගින් හෝ නොවේ, එසේ නැතහොත් එහි නුඹලා උදෙසා උරුමයක් නොවන්නේය.

30 තවද එය සිදුවන්නේ මිලදී ගැනීම මගින් නම්, බලන්න නුඹලා ආශිර්වාද ලද්දෙහුය;

31 තවද රුධිරය මගින් නම්, රුධිරය වැගිරවීම නුඹලාට තහනම් නිසා, බලව, නුඹලාගේ සතුරන් නුඹලා මත වන්නෝය, තවද නුඹලා නගරයෙන් නගරයට, තවද සිනගෝගයෙන් සිනගෝගයට පීඩාවට පත්වන්නෝය, තවද උරුමය ලබාගැනීමට ස්වල්පදෙනෙකු පමණක් ඉතිරි වන්නෝය.

32 ස්වාමින්වහන්සේ වන, මම, දුෂ්ටයන් සමඟ කෝපව ඇත්තෙමි; මම මාගේ ආත්මය පොළොවේ පදිංචිකරුවන් වෙතින් නවතා ගන්නෙමි.

33 මම මාගේ කෝපයෙන් පොරොන්දු වී ඇත්තෙමි, තවද පොළෝ තලය මත යුද්ධයන් නියම කර ඇත්තෙමි, තවද දුෂ්ටයයෝ දුෂ්ටයන්ව මරන්නෝය, තවද සියලු මනුෂ්‍යයන් මත බිය පැමිණෙන්නේය.

34 තවද එසේම ශුද්ධවන්තයන්ද ගැලවී යන්නේ අමාරුවෙනි; එසේවුවද, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් සමඟ වන්නෙමි, තවද මාගේ පියාණන්ගේ අභිමුඛයෙන් ස්වර්ගයෙන් පහතට පැමිණ දුෂ්ටයන්ව නොනිවෙන ගින්නෙන් දවාලන්නෙමි.

35 තවද බලන්න, එය තවම නොවුනත්, ඉක්මණින්ම සිදුවන්නේය.

36 එසේහෙයින්, මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, මෙම සියලු දේවල් පොළෝ තලය මත නියම කර ඇති බව දැකීමෙන්, එනම් මාගේ ශුද්ධවන්තයන් සයොන දේශය මත එක්රැස් වනවාට මම කැමැත්තෙමි.

37 තවද එනම් සෑම මනුෂ්‍යයෙක්ම ධර්මිෂ්ඨකම සිය අතින් රැගෙන තවද ඇදහිලිවන්තකම ඔහුගේ ඉඟටිය මත ගත යුතුය, තවද පොළොවේ පදිංචිකරුවන් හට අනතුරු හැඟවීමේ හඬක් එසවිය යුතුය; තවද වචනය සහ පලායාම මගින් දෙකෙන්ම දුෂ්ටයන් මත මහත් විනාශය පැමිණෙන බව ප්‍රකාශ කළ යුතුය.

38 එසේහෙයින්, මෙම ගොවිපොළෙහි පදිංචිව සිටින, මාගේ ගොලයන් හට ඔවුන්ගේ තාවකාලික අවශ්‍යතා සූදානම් කරගැනීමට ඉඩදෙන්න.

39 මම ඔවුන්ට ආඥා කරන තුරු නොයන පිණිස, මම මා කෙරෙහි වෙන්කරගත් අය හැර, එහි අභිමුඛයෙහි පදිංචිව සිටින්නාවූ අය සමඟ, සයොන දේශයට ඔහුගේ ගමන යාමට, පැමිණෙන ගිම්හාන කාලයේදී ඔහු සූදානම් වන පිණිස, එය බාරව සිටින, මාගේ සේවක ටයිටස් බිලින්ග්ස් හට, එම දේපළ විකුණා දමන්නට සලස්වන්න.

40 තවද එම ඉතිරි කරගත හැකි සියලුම මුදල්, එය ස්වල්පයක් හෝ බොහොමයක් වුවද එය මට කාරණාවක් නොවන්නේය, ඒවා ලබාගැනීමට මා විසින් පත්කරන ලද ඔවුන් වෙත, සයොන දේශය වෙතට යවන්න.

41 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ හට සයොන දේශය වෙතට යන අයවළුන් කවුරුන්දැයි සහ නවතින මාගේ ගෝලයන් කවුරුන්දැයි තේරුම්ගැනීමේ ආත්මය ඇති බලය දෙන්නෙමි.

42 මාගේ සේවක නිවෙල් කේ. විට්නිට ඔහුගේ වෙළඳසැල නැතහොත් වෙනත් වචන වලින්, එම වෙළඳසැල තබාගන්නට ඉඩදෙන්න, නමුත් ඒ කුඩා කාලයකට පමණක් වන්නේය.

43 එසේවුවද, සයොන දේශයට යැවීම සඳහා, ඔහුට හැකි පමණ සියලුම මුදල් ලබාදීමට ඔහුට ඉඩදෙන්න.

44 බලන්න, මෙම දේවල් ඔහුගේ ස්වකීය හස්තයේ වන්නේය, ප්‍රඥාව අනුව ඔහුට කරන්නට සලස්වන්න.

45 සැබවක් මම පවසන්නෙමි, එනම් ගමන්ගන්නා ගෝලයන් වෙතට ඔහුව නියෝජිතයකු ලෙස නියම කරන්නට සලස්වන්න, තවද මෙම බලය වෙතට ඔහුව නියම කරන්නට සලස්වන්න;

46 තවද දැන් මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි සමඟ, ඔවුන් හට මෙම දේවල් විස්තර කරමින්, සීඝ්‍රයෙන් සභාවන් බැහැදැකීමට යන්න. බලන්න, මම මගපෙන්වූ ආකාරයට වුවත් මුදල් ලබාගැනීම, මාගේ කැමැත්ත වන්නේය.

47 එනම් ඇදහිලිවන්තව සහ දරාසිටින්නා වූ ඔහු ලෝකය ජයගන්නේය.

48 එනම් සයොන දේශය වෙතට වස්තූන් යවන්නාවූ ඔහු මෙම ලෝකයේදී උරුමය අයත්කර ගන්නේය, තවද ඔහුගේ ක්‍රියා ඔහු පසුපස එන්නේය, තවද එසේම මතු ලෝකය තුළද විපාකයක් ලබන්නේය.

49 එසේය, තවද ස්වාමින්වහන්සේ තුළ මරණය ලැබූවන් ආශිර්වාද ලද්දෝය, මෙතැන් සිට, ස්වාමින්වහන්සේ පැමිණෙන විට, තවද පැරණි දේවල් පහව යනවිට, තවද සියලු දේවල් අලුත් වන විට, ඔවුහු මරණයෙන් නැවත නැගිටින්නෝය තවද නැවතත් පසුව මරණයට පත්නොවන්නෝය, තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ, ශුද්ධ වූ නගරය තුළ, උරුමයක් ලබන්නෝය.

50 තවද එනම් ස්වාමින්වහන්සේ පැමිණෙන විට ජීවත් වන තවද ඇදහිලිවන්ත වූ ඔහු, ඔහු ආශිර්වාද ලද්දේය; එසේවුවද, මනුෂ්‍යයකුගේ වයසේදී මරණයට පත්වීමට ඔහුට නියමකර ඇත.

51 එසේහෙයින්, දරුවන් ඔවුන් වයසට පත්වන තුරු වැඩෙන්නෝය; වයසක මනුෂ්‍යයෝ මරණයට පත්වන්නෝය; එහෙත් ඔවුන් දුහුවිල්ලෙහි නිදියන්නේ නැත, එහෙත් ඔවුන්ව ඇසිපිය ගැසීමකින් වෙනස් කරනු ලබන්නේය.

52 එසේහෙයින්, මෙම කාරණය නිසා මරණයෙන් නැවත නැගිටීම ගැන ප්‍රේරිතවරුන් ලෝකයාට දේශනා කළහ.

53 නුඹලා සෙවිය යුතු කාරණා මෙම කාරණා වන්නේය; තවද, ස්වාමින්වහන්සේගේ ආකාරයට අනුව කතා කරන්නේ නම්, ඒවා දැන් අත ලඟය, තවද එය පැමිණීමේ කාලය ඉදිරියේය, එලෙසම එය මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙන දවස වුවත් වන්නේය.

54 තවද එම පැය එන තුරු ප්‍රඥාවන්තයන් අතර එහි අනුවණ කන්‍යාවියන්ද ඇත; තවද එහි ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන්ගේ සම්පූර්ණ වෙන්වීමේ පැය පැමිණෙන්නේය; තවද එම දවසේදී දුෂ්ටයන් ගලවා දමමින් නොනිවෙන ගින්දර තුළට ඔවුන්ව දැමීමට මම මාගේ දේවදූතයන් යවන්නෙමි.

55 තවද දැන් බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ සේවක සිඩ්නි රිග්ඩන් සමඟ ප්‍රසන්න නොවෙමි; ඔහු ඔහුගේ හදවත තුළ ඔහුවම ඔසවාගෙන ඇත්තේය, තවද උපදේශයන් ලබානොගන්නේය, එහෙත් ආත්මයාණන්ව අමනාප කරන්නේය;

56 එසේහෙයින් ඔහුගේ ලිවීම් ස්වාමින්වහන්සේ හට පිළිනොගැනේ. තවද ඔහු තවෙකක් සාදන්නේය; තවද ස්වාමින්වහන්සේ එය ලබානොගන්නේ නම්, බලන්න මා ඔහුව පත්කරනු ලැබූ එම තනතුරෙහි තවදුරටත් ඔහු නැගී නොසිටින්නේය.

57 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නිහතමානීකමින් යුතුව, ඔවුන්ගේ හදවත් වලින්, පව්කාරයන්ට පසුතැවිල්ලට අනතුරු ඇඟවීමට ආශා වන අයවළුන්ට, ඔවුන්ව මෙම බලයට වෙතට නියම වීමට සලස්වන්න.

58 මක්නිසාද මෙය අනතුරු හැඟවීමේ දවස වන්නේය, තවද වචන බොහොමයකගේ දවසක් නොවන්නේය. මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, අවසන් දවස්හිදී අවඥාවට ලක්නොවන්නෙමි.

59 බලන්න, මම ඉහළින් වන්නෙමි, තවද මාගේ බලය පහළටද දරන්නෙමි. මම සියල්ලට ඉහළින් වෙමි, තවද සියල්ලේදීද, සහ සියල්ල තුළින්ද, සහ සියලු දේවල්ද විමසන්නෙමි, තවද සියලු දේවල් මා හට යටත්වන එම දවස පැමිණෙන්නේය.

60 බලන්න, මම ඇල්ෆා සහ ඔමේගාය, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේද වෙමි.

61 එසේහෙයින්, සියලු මනුෂ්‍යයන් ඔවුන් මාගේ නාමය ඔවුන්ගේ තොල් මත ගන්නේ කෙසේදැයි ප්‍රවේශම් වෙත්වා—

62 මක්නිසාද බලන්න, සැබවක් මම පවසන්නෙමි, එනම් එහි මෙම හෙළාදැකීමට පත්ව ඇති, ස්වාමින්වහන්සේගේ නාමය භාවිතා කරන, අධිකාරී බලයක් නොමැතිව, එය නිකරුණේ භාවිතා කරන බොහෝ අය ඇත.

63 එසේහෙයින්, සභාව ඔවුන්ගේ පාපයන්ට පසුතැවිලි වෙත්වා, තවද ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ව ගණන්ගන්නෙමි; එසේ නොවන්නේ නම් ඔවුන්ව කපාදමනු ලබන්නේය.

64 සිහිකරන්න එනම් ඉහළින් පැමිණෙන්නාවූ එම දෙය ශුද්ධවන්තය, තවද සැලකිල්ලෙන් සහ ආත්මයාණන්ගේ සීමාකිරීම මගින් කතා කළ යුතු වන්නේය; තවද ඒ තුළ හෙළාදැකීමක් නොවන්නේය, තවද නුඹලා ආත්මයාණන් ලබන්නේ යාච්ඤාව තුළින්ය; එසේහෙයින්, මෙයින් තොරව එහි පවතින්නේ හෙළාදැකීමක්ය.

65 මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් හට, ආත්මයාණන්වහන්සේ තුළින් යාච්ඤාවෙන් ඔවුන්ට උගන්වන ආකාරයට, ඔවුන්ට නිවසක් සොයන්නට සලස්වන්න.

66 මෙම දේවල් ඉවසිලිවන්තභාවය තුළින් ජයග්‍රහණය කිරීමට ඇත්තේය, එනම් ඒවා ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාලික තේජස් භාරයක් ලබන පිණිසය, එසේ නොවන්නේ නම්, මහත් හෙළාදැකීමක් වන්නේය. ආමෙන්.