ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 64


64 වන කොටස

1831 සැප්තැම්බර් 11, කර්ට්ලන්ඩ් ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් සභාවේ වැඩිහිටියන් හට දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා මිසුරි හි සිටියදී පසෙකට දමා තිබූ, ඔහුගේ බයිබලය පරිවර්තනය ක්‍රියාවලිය නැවත පටන්ගැනීම සඳහා, ඔහායෝ හි හීරාම් වෙත යාමට සූදානම් වෙමින් සිටියේය. සයොනය (මිසුරි) වෙත යාමට අණ ලැබූ සහෝදරයන්ගේ කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේදී පිටත්වීමට ඉතා උනන්දුවෙන් සූදානම් වෙමින් සිටියහ. මෙම කාර්යබහුල කාලයේදී, මෙම එළිදරව්ව ලැබිණි.

1–11, මහත් පාපය ඔවුන් තුළ නොපවතින පිණිස, එකිනෙකාට සමාව දීමට ශුද්ධවන්තයන්ට ආඥා කෙරේ; 12–22, පසුතැවිලි නොවන්නන්ව සභාව ඉදිරියට ගෙන ආ යුතුය; 23–25, දසයෙන් කොටස දෙන්නා ස්වාමින්වහන්සේගේ පැමිණීමේදී නොදැවෙන්නේය; 26–32, ශුද්ධවන්තයන්ට ණය වීමට විරුද්ධව අවවාද කරනු ලැබේ; 33–36, කැරලිකරුවන්ව සයොනයෙන් ඉවතට කපාදමනු ලබන්නේය; 37–40, සභාව විසින් ජාතීන් විනිශ්චය කරනු ලබයි; 41–43, සයොනය සමෘධිමත් වන්නේය.

1 බලන්න, මෙසේ ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා හට පවසන සේක, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, නුඹලා උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න, තවද නුඹලා සම්බන්ධව වූ මාගේ කැමැත්ත ලබාගන්න.

2 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ කැමැත්ත නුඹලා ලෝකය ජයගත යුතුවීමය; එසේහෙයින් මම නුඹලා මත දයාව දක්වන්නෙමි.

3 එහි නුඹලා අතරේ පාපයෙහි යෙදුන අය සිටින්නෝය; එහෙත් සැබවක් මම පවසන්නෙමි, මක්නිසාද එක අවස්ථාවකට, මාගේ ස්වකීය මහිමය උදෙසා, සහ ප්‍රාණයන්ගේ ගැලවීම උදෙසා, මම නුඹලාගේ පාපයන් උදෙසා නුඹලාට කමාව දී ඇත්තෙමි.

4 මම නුඹලාට කරුණාවන්ත වන්නෙමි, මක්නිසාද මම නුඹලා හට රාජ්‍යය දී ඇත්තෙමි.

5 තවද මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වෙතින්, මා ඔහු පත්කළ ආකාරය අනුව, ඔහු ජීවත් වනතුරු, එපමණකින් ඔහු මාගේ නියෝගයන්ට කීකරු වන්නේද, රාජ්‍යයේ අභිරහස් යතුරු ඔහුගෙන් ගනු නොලබන්නේය.

6 කාරණයකින් තොරව ඔහුට විරුද්ධව අවස්ථාවක් සොයන අය එහි සිටිති.

7 එසේවුවද, ඔහු පව්කර ඇත්තේය; එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මා ඉදිරියේ තම පාප පාපොච්ඡාරණය කරන, කමාව ඉල්ලන, මරණය වෙතට පව් නොකළ අයට, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ගේ පාපයන්ට කමාව දෙන්නෙමි.

8 මාගේ ගෝලයෝ, පැරණි කාලයේදී, එකිනෙකාට විරුද්ධව අවස්ථාවන් සෙව්වෝය තවද ඔවුන්ගේ හදවත් තුළ එකිනෙකාට කමාව නොදුන්නෝය; තවද මේ නපුර නිසා ඔවුන් පීඩා විඳ තවද දරුණු ලෙස දඬුවම් ලැබීය.

9 එසේහෙයින්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා එකිනෙකාට කමාකළ යුතුය; මක්නිසාද ඔහු එනම් ඔහුගේ සහෝදරයාට කමාව නොදෙන්නා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැරදිකරුවෙක්ව සිටින්නේය; මක්නිසාද එය ඔහු තුළ මහත් පාපයක්ව පවතින්නේය.

10 ස්වාමින්වහන්සේ වන, මම, කමාව දෙන්නාට මම කමාවන්නෙමි, එහෙත් සියලු මනුෂ්‍යයන්ට කමාව දීම නුඹලාගෙන් අවශ්‍ය වන්නේය.

11 තවද නුඹලා නුඹලාගේ හදවත් තුළ මෙසේ පැවසිය යුතු වන්නෝය—නුඹ සහ මා අතරෙහි ස්වාමින්වහන්සේ විනිශ්චය කරන සේක්වා, තවද නුඹගේ ක්‍රියාවන්ට අනුව නුඹට විපාක දෙනු ලැබේවා.

12 තවද එනම් ඔහුගේ පාපයන්ට පසුතැවිලි නොවෙන්නා, තවද ඒවා පාපොච්ඡාරණය නොකරන්නේද, නුඹලා සභාව ඉදිරියට ගෙනවිත්, ආඥාවට අනුව හෝ එළිදරව් අනුව, තවද නුඹලා හට ශුද්ධලියවිලි පවසන අකාරයට ඔහු හට කරන්න.

13 තවද මෙය නුඹලා කරනු ලබන්නේ දෙවියන්වහන්සේ මහිමයට පත්වන පිණිසය—එහෙත් දයානුකම්පාව නොමැතිව, නුඹලා කමාව නොදෙන නිසා නොවේ, එහෙත් එනම් නුඹලා නීතියේ ඇස් ඉදිරියේ ධර්මිෂ්ඨ වන පිණිසය, එනම් නුඹලාට නීතිය දානය කරන්නා වන උන්වහන්සේව නුඹලා අමනාප නොකරන පිණිසය—

14 සැබවක් මම පවසන්නෙමි, මෙම කාරණය උදෙසා නුඹලා මෙම දේවල් කරන්නෙහුය.

15 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ සේවක වූ එස්රා බූත් සමඟද, එසේම මාගේ සේවක අයිසෙක් මොර්ලි සමඟද, කෝපව සිටින්නෙමි, මක්නිසාද ඔවුන් නීතිය හෝ ආඥාව පැවැත්වූයේ නැත;

16 ඔවුහු ඔවුන්ගේ හදවත් වලින් නපුරුකම සෙව්වෙහුය, තවද ස්වාමින්වහන්සේ වන, මම, මාගේ ආත්මය වළකා ගතිමි. ඔවුහු දුෂ්ට නොවන්නාවූ ඒවා එනම් දුෂ්ට වූ දේවල් යැයි වරද තැබුවෙහුය; එසේවුවද, මාගේ සේවක අයිසෙක් මොර්ලි හට මම කමාව දී ඇත්තෙමි.

17 තවද එසේම මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ්, බලන්න ඔහු පාපයෙහි යෙදී ඇත්තේය, තවද ඔහුගේ ප්‍රාණය විනාශ කිරීමට සාතන් සොයන්නේය; එහෙත් මෙම දේවල් ඔවුන් හට දැන්වනු ලැබූ විට, තවද ඔවුන් නපුරු දේවල් සඳහා පසුතැවිලි වන්නේ නම්, ඔවුන්ට කමා කරනු ලබන්නේය.

18 තවද දැන්, සැබවක් මම පවසන්නෙමි එනම් මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට්, සති කිහිපයකින් පසුව, තවද ඔහු සයොන දේශයේ ඔහුගේ කටයුත්තට සහ ඔහුගේ කාර්යයට නැවත පැමිණීම මා තුළ යෝග්‍ය වන්නේය;

19 තවද එනම් ඔහු දුටුවාවූ තවද ඇසුවාවූ දේවල් මාගේ ගෝලයන් හට, එනම් ඔවුන් විනාශ නොවන පිණිස දන්වනු ලබන්නේය. තවද මෙම කාරණය නිසා මම මෙම දේවල් කතා කළෙමි.

20 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සේවක අයිසෙක් මොර්ලිව ඔහුට දැරිය හැකි ප්‍රමාණයට වඩා ඔහුව පරික්ෂාවට ලක්නොවන්නේය, තවද නුඹලාට වේදනාවක් වන ලෙස වැරදි ලෙස උපදේශ ලබාදෙන්නේද නැත, ඔහුගේ ගොවිපළ විකිණිය යුතු බවට මම ආඥාවක් ලබාදුන්නෙමි.

21 මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් ඔහුගේ ගොවිපළ විකිණීම මාගේ කැමැත්ත නොවන්නේය, මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මාගේ කැමැත්ත කර්ට්ලන්ඩ් දේශය තුළ වසර පහක කාලයක් ශක්තිමත් අයිතියක්ව පවත්වා ගැනීමය, මක්නිසාද මෙම පස්වසරක කාල පරාසයක් පුරාවට මම දුෂ්ටයන් නෙරපා නොහරින අතර, එමගින් සමහරෙක් ගලවාගැනීමට මට හැකිවන්නේය.

22 තවද එම දවසින් පසු, ස්වාමින්වහන්සේ වන, මම, සයොන දේශය වෙතට විවෘත හදවතකින් යන අයට කිසි වරදක් නොතබන්නෙමි; මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මට මනුෂ්‍ය දරුවන්ගේ හදවත් අවශ්‍ය වන්නේය.

23 බලන්න, දැන් මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන තුරු එම අද දවස යැයි නම්කරන අතර, තවද සැබවක් එය පරිත්‍යාගයේ දවසක්ය, තවද මාගේ ජනතාවගේ දසයෙන් කොටසේ දවසක්ය; මක්නිසාද දසයෙන් කොටස දෙන්නා උන්වහන්සේ පැමිණෙන දවසේදී දැවී නොයන්නේය.

24 මක්නිසාද අදින් පසු දැවෙන දවස පැමිණෙන්නේය—මෙය ස්වාමින්වහන්සේ කතා කරන අකාරයට අනුවය—මක්නිසාද සැබවක් මම පවසන්නෙමි, හෙට සියලු උඬඟු වූවන් සහ දුෂ්ටකම් කරන්නෝ පිදුරු මෙන් වන්නෝය; තවද මම ඔවුන්ව දවාලන්නෙමි, මක්නිසාද මම සේනා වල ස්වාමින්වහන්සේ වෙමි; තවද මම බැබිලෝනියෙහි ඉතිරිවන්නාවූ කිසිවෙක් ඉතිරි නොකරන්නෙමි.

25 එසේහෙයින්, නුඹලා මා විශ්වාස කරන්නේ නම්, නුඹලා අද යැයි නම්කරන දවසේ වෙහෙස වන්නෙහුය.

26 තවද එනම් මාගේ සේවකයන් වූ නිවෙල් කේ. විට්නි සහ සිඩ්නි ගිල්බර්ට්, මෙහි තිබෙන ඔවුන්ගේ වෙළඳසැල සහ ඔවුන්ගේ දේපළ විකිණීම සුදුසු නොවන්නේය; මක්නිසාද මෙය සභාවේ ඉතිරිව සිටින, මෙම ස්ථානයේ රැඳී සිටින අය, සයොන දේශය වෙතට ගමන් ගන්නා තුරු එය ප්‍රඥාවන්ත නොවන්නේය.

27 බලන්න, නුඹලාගේ සතුරන්ට ණයවීම ගැන, එය මාගේ නීති වල සඳහන්ය, නැතහොත් තහනම් කර ඇත්තේය;

28 එහෙත් බලන්න, ස්වාමින්වහන්සේ කැමති විට උන්වහන්සේ නොගත යුතු බවත්, උන්වහන්සේට හොඳ යැයි පෙනෙන පරිදි ගෙවිය යුතු බවත්, කිසිවිටෙක කියා නොමැත.

29 එසේහෙයින්, නුඹලා නියෝජිතයන් හෙයින්, නුඹලා ස්වාමින්වහන්සේගේ සේනාවෙහිය; තවද ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුව කුමනාකාර දෙයක් නුඹලා කරන්නේද, එය ස්වාමින්වහන්සේගේ කාර්යය වන්නේය.

30 තවද මෙම අවසන් දවස් වලදී, උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට සපයාදීමට උන්වහන්සේ නුඹලාව තෝරා ඇති සේක, එනම් ඔවුන් සයොන දේශයේ උරුමයක් ලබාගන්නා පිණිසය.

31 තවද බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා හට ප්‍රකාශ කරන්නෙමි, තවද මාගේ චවනයන් ස්ථිරය තවද අසමත් නොවන්නේය, එනම් ඔවුහු එය උරුමකර ගන්නෝය.

32 එහෙත් සියලුම දේවල් නියමිත කාලයේදී සිදුවිය යුතු වන්නේය.

33 එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය.

34 බලන්න, තවද ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ හදවත සහ කැමත්ත ඇති මනසක්ය; තවද කැමතිවන්නා සහ කීකරුවන්නා මෙම අවසන් දවස්හිදී සයොන දේශයේ යහපත අනුභව කරන්නේය.

35 තවද කැරලිකරුවන්ව සයොන දේශයෙන් පිටතට නෙරපා හරිනු ලබන්නේය, තවද පිටතට යවනු ලබන්නේය, තවද දේශය උරුමකර නොගන්නෝය.

36 මක්නිසාද, සැබවක් මම පවසන්නෙමි එනම් කැරලිකරුවෝ ඊප්‍රායිම්ගේ රුධිරයෙන් නොවන්නෝය, එසේහෙයින් ඔවුන්ව පිටතට උදුරා දමන්නේය.

37 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, මෙම අවසන් දවස් වලදී මාගේ සභාව විනිශ්චයකරුවකු කන්දක් මත හෝ උසස් ස්ථානයක සිටින්නාක් මෙන්, ජාතීන් විනිශ්චය කිරීමට සාදා ඇත්තෙමි.

38 මක්නිසාද එය මෙසේ සිදුවන්නේය, එනම් සයොනයේ පදිංචිකරුවෝ සයොනයේ සියලු කාරණාවන් සම්බන්ධව විනිශ්චය කරන්නෝය.

39 තවද බොරුකාරයන් සහ කෛරාටිකයන්ව ඔවුන් මගින් ඔප්පු කරනු ලබන්නේය, තවද ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් නොවන අයව දැනගන්නට සලස්වන්නේය.

40 තවද විනිශ්චයකරුවෙකු වන සභානායකවරයා වුවත්, තවද ඔහුගේ උපදේශකයන්ද, ඔවුන්ගේ භාරකාරත්වයේදී ඇදහිලිවන්ත නොවන්නේද, ඔවුන්ව හෙළාදකිනු ලැබ, තවද වෙනත් අයව ඔවුන් වෙනුවට පත්කරනු ලබන්නේය.

41 මක්නිසාද, බලන්න, මම නුඹලා හට පවසන්නෙමි එනම් සයොනය සමෘධිමත් වන්නේය, තවද ස්වාමින්වහන්සේගේ මහිමය ඇය මත වන්නේය;

42 තවද ඇය ජනතාව හට ධජයක් වන්නේය, තවද එහි ඇය වෙතට ස්වර්ගයෙන් යට සියලු ජාතීන් වෙතින් පැමිණෙනු ඇත.

43 තවද ඇය නිසා පොළොවේ ජාතීන් වෙව්ලන දවස පැමිණෙන්නේය, තවද ඇයගේ දරුණු අයවළුන් නිසා බියවන්නෝය. තවද ස්වාමින්වහන්සේ එය පවසා ඇති සේක. ආමෙන්.