ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 66


66 වන කොටස

1831 ඔක්තෝම්බර් 29, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ජෝසෆ් ස්මිත් නොදන්නා ප්‍රශ්ණ පහක් සඳහා පිළිතුරු, අනාගතවක්තෘවරයා තුළින් දැනගැනීම සඳහා විලියම් ඊ. මැක්ලෙලින් රහසින්ම ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා තිබිණි. මැක්ලෙලින්ගේ ඉල්ලීම පරිදි, අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසූ අතර මෙම එළිදරව්ව ලැබුණි.

1–4, එම සදාකාලික ගිවිසුම ශුභාරංචියේ පූර්ණත්වය වන්නේය; 5–8, වැඩිහිටියන් දේශනා කරමින්, සාක්ෂි දරමින් ජනතාව සමඟ කරුණු විමසිය යුතු වන්නෝය; 9–13, ඇදහිලිවන්ත දේවසේවයේ සේවය සදාකාල ජීවනයේ උරුමය සහතික කරන්නේය.

1 බලන්න, ස්වාමින්වහන්සේ මාගේ සේවක විලියම් ඊ. මැක්ලෙලින් හට මෙසේ පවසන සේක—මාගේ සත්‍යයන් ලබා, තවද එපමණකින් නුඹ නුඹගේ අයුතුකම් වලින් ඉවතට හැරෙන්නේද, නුඹ ආශිර්වාද ලද්දෙහි යැයි, එසේය, නුඹගේ මිදුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ, බොහෝ දෙනෙකු මාගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නාවූ ලෙස, ලෝකයේ ගැලවුම්කරුවාණන් එසේ පවසන සේක.

2 සැබවක් මම නුඹ හට පවසන්නෙමි, පුරාණයේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් එසේ ලියා ඇති පරිදි, අන්තිම දවස් වලදී එළිදරව් වීමට ඇති මහිමයන්ගේ හවුල්කරුවන් බවට පත්වන්නට සහ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිස, මනුෂ්‍ය දරුවන් අතර පෙරට යවා ඇති, මාගේ සදාකාලික ගිවිසුම, මාගේ ශුභාරංචියේ පූර්ණත්වය පවා ලැබූ නුඹ ආශිර්වාද ලද්දෙහිය.

3 සැබවක් මම නුඹ හට පවසන්නෙමි, මාගේ සේවක විලියම්, එනම් නුඹ පිරිසිඳුය, එහෙත් සම්පූර්ණයෙන්ම නොවේ; එසේහෙයින් මාගේ විනිශ්චයට ප්‍රසන්න නොවන එම දේවල් ගැන, පසුතැවිලි වන්න යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක, මක්නිසාද ස්වාමින්වහන්සේ ඒවා නුඹ හට පෙන්වන සේක.

4 තවද දැන්, සැබවක්, ස්වාමින්වහන්සේ වන, මම, මා නුඹගෙන් කැමති වන්නාවූ දේ නැතහොත් නුඹ සම්බන්ධව මාගේ කැමැත්ත කුමක්දැයි පෙන්වන්නෙමි.

5 බලන්න, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, එනම් මාගේ කැමත්ත වන්නේ නුඹ දේශයෙන් දේශයට, තවද නගරයෙන් නගරයට, එසේය, ප්‍රකාශ නොකළා වූ එම ප්‍රදේශ අවට මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමය.

6 මෙම ස්ථානයේ බොහෝ දවස් රැඳී නොසිටින්න; තවමත් සයොන දේශය වෙතට නොයන්න; එහෙත් එපමණකින් නුඹට යැවිය හැකි වන්නේද, යවන්න; නැතහොත්, නුඹගේ දේපළ ගැන නොසිතන්න.

7 නැගෙනහිර දේශයන් වෙතට ගමන් කරන්න, සියලු ජනතාවන් වෙතට ඔවුන්ගේ සිනගෝගයන් තුළ, ජනතාව සමඟ කරුණු විමසමින්, සියලු ස්ථානයන්හි සාක්ෂි දරන්න.

8 මාගේ සේවක සැමුවෙල් එච්. ස්මිත්ට නුඹ සමඟ යාමට ඉඩදෙන්න, තවද ඔහුව අමතක නොකරන්න, තවද නුඹගේ උපදෙස් ඔහුට දෙන්න; තවද ඇදහිලිවන්ත වන ඔහුව සියලු ස්ථානයන්හිදී ශක්තිමත් කරනු ලබන්නේය; තවද ස්වාමින්වහන්සේ වන, මම, නුඹ සමඟ ගමන් කරන්නෙමි.

9 රෝගීන් මත නුඹගේ හස්තය තබන්න, තවද ඔවුන් සුවපත්වනු ඇත. ස්වාමින්වහන්සේ වන, මම නුඹව යවන තුරු නැවත හැරී නොඑන්න. පීඩාවෙහිදී ඉවසිලිවන්ත වන්න. ඉල්ලන්න, තවද නුඹට ලැබෙන්නේය; තට්ටු කරන්න, තවද එය නුඹට විවෘත කරනු ලබන්නේය.

10 කරදර වීමට නොසොයන්න. සියලු අධර්මිෂ්ඨකම් ඉවතලන්න. නුඹව කලඹවන එම පරික්ෂාව වූ—කාමමිථ්‍යාචාරය නොකරන්න.

11 මෙම පැවසීම් පිළිපදින්න, මක්නිසාද ඒවා සත්‍යය සහ ඇදහිලිවන්තය; තවද නුඹ නුඹගේ තනතුර මහිමවත් කළ යුතු වන්නේය, තවද බොහොමයක් ජනතාවව ඔවුන්ගේ හිස මත සදාකාලික ප්‍රීතිමත් සංගීතය සමඟ සයොනයට තල්ලු කළ යුතු වන්නේය.

12 මෙම දේවල් තුළ අවසානය දක්වා වුවත් දිගටම පවතින්න, තවද නුඹ කරුණාවෙන් හා සත්‍යයෙන් පිරිපුන්, මාගේ පියාණන්වහන්සේගේ දකුණු හස්තයෙහි සදාකාල ජීවනයේ කිරුළ ලබාගන්නෙහිය.

13 සැබවක්, ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ, නුඹගේ මිදුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පවසන සේක. ආමෙන්.