ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 68


68 වන කොටස

1831 නොවැම්බර් 1, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින්, ඔර්සන් හයිඩ්, ලූක් එස්. ජොන්සන්, ලයිමන් ඊ. ජොන්සන් සහ, විලියම් ඊ. මැක්ලෙලින් පිළිබඳ ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට කළ යාච්ඤාවට පිළිතුරු ලෙස දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්වෙන් කොටසක් මෙම මිනිසුන් සිව්දෙනා වෙත යොමුවුවද, අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් සමස්ත සභාවටම අදාළ වේ. මෙම එළිදරව්ව ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ පුළුල් කරන ලද්දේ එය 1835 දී දහම සහ ගිවිසුම් සංස්කරණය කොට ප්‍රකාශයට පත්කරන විටය.

1–5, වැඩිහිටියන්ගේ වචන ශුද්ධාත්මයාණන් මගින් ක්‍රියාකරන විට ඒවා ශුද්ධලියවිලි වන්නේය; 6–12, වැඩිහිටියන් දේශනා කිරීම සහ බව්තීස්ම කිරීම කළ යුතු වන්නෝය, තවද සලකුණු සත්‍ය ඇදහිලිවන්තයන් පසුපස යන්නේය; 13–24, ආරොන්ගේ පුතුන් අතර කුළුඳුලා මූලාසනය උසුලන සභානායකවරයා ලෙස, පළමු සභාපතිත්වයේ මගපෙන්වීම යටතේ සේවය කරනු ඇත (එනම්, සභානායකවරයා ලෙස සභාපතිත්වයේ යතුරු උසුලනු ඇත); 25–28, දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ට ශුභාරංචිය ඉගැන්වීමට ආඥා කොට ඇත; 29–35, ශුද්ධවන්තයෝ සබත පවත්වමින්, උද්‍ගයෝයෙන් වෙහෙස වෙමින්, යාච්ඤා කිරීම කළයුතු වන්නෝය.

1 මාගේ සේවක, ඕර්සන් හයිඩ්ව, ජනතාවෙන් ජනතාව වෙතටද, තවද දේශයෙන් දේශයටද, දුෂ්ටයන්ගේ සභාවන්හිද, ඔවුන්ගේ සිනගෝගයන් තුළද, ඔවුන් සමඟ කරුණු පැහැදිලි කරමින් සහ සියලු ශුද්ධලියවිලි ඔවුන් හට විස්තර කරමින්, සදාකාලික ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මය විසින්, ඔහුගේ නියම කිරීම තුළින් කැඳවා ඇත්තෙහිය.

2 තවද, බලන්න, තවද බලව, ඔවුන්ගේ ධර්මදූතය විසින් පෙරට යාමට පත්කර ඇති ඔවුන් වෙතට, මෙම පූජකවරයට නියම කරනු ලැබූ සියල්ලන් වෙතටම මෙය ආදර්ශයක් වන්නේය—

3 තවද මෙය ඔවුන් හට ආදර්ශයක් වන්නේය, එනම් ඔවුන්ව ශුද්ධාත්මයාණන් මගින් මෙහෙයවන පරිදි ඔවුන් කතා කළ යුතු වන්නෝය.

4 තවද ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලැබූ විට ඔවුන් කතා කරන කුමක් වුවද එය ශුද්ධලියවිලි වන්නේය, එය ස්වාමින්වහන්සේගේ කැමැත්තද, ස්වාමින්වහන්සේගේ මනසද, ස්වාමින්වහන්සේගේ වචනයද, ස්වාමින්වහන්සේගේ හඬද, සහ ගැලවීම වෙතට දෙවියන්වහන්සේගේ බලයද වන්නේය.

5 බලන්න, නුඹලා අහෝ මාගේ සේවකයෙනි, මෙය නුඹලා හට දෙවියන්වහන්සේගේ පොරොන්දුවය.

6 එසේහෙයින්, ධෛර්යමත්ව සිටින්න, තවද බිය නොවන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම නුඹලා සමඟ වන්නෙමි, තවද නුඹලා සමඟ සිටින්නෙමි; තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මම, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන බවත්, මම එසේව සිටි බවත්, එසේම සිටින බවත්, තවද එසේ පැමිණීමට සිටින්නේද මා බවත් ලෙස, නුඹලා මා ගැන සාක්ෂි දරන්නෝය.

7 මෙය නුඹලා හට ස්වාමින්වහන්සේගේ වචනයයි, මාගේ සේවක ඔර්සන් හයිඩ් හටද, තවද එසේම මාගේ සේවක ලූක් ජොන්සන් හටද, තවද මාගේ සේවක ලයිමන් ජොන්සන් හටද, තවද මාගේ සේවක විලියම් ඊ. මැක්ලෙලින් හටද, තවද මාගේ සභාවේ සියලුම ඇදහිලිවන්ත වැඩිහිටියන් හටද වන්නේය—

8 නුඹලා ලෝකයේ සියලු තැන්හි ගොස්, සෑම මනුෂ්‍යයෙකුටම ශුභාරංචිය දේශනා කරන්න, මා විසින් නුඹලා හට දෙනු ලැබූ එම අධිකාරිත්වයෙන් ක්‍රියාකරමින්, පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් බව්තීස්ම කරන්න.

9 තවද ඔහු එනම් විශ්වාස කොට බව්තීස්මය ලබන්නාව ගලවනු ලබන්නේය, තවද එනම් විශ්වාස නොකරන්නාව විනාශයට පත්කරනු ලබන්නේය.

10 තවද විශ්වාස කරන ඔහු එනම් ලියන ලද ආකාරයෙන් වුවත්, පැමිණෙන සලකුණු සමඟින් ආශිර්වාද ලබන්නේය.

11 තවද නුඹලා හට කාල වල සලකුණුද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේ සලකුණුද දැනගැනීම පිණිස දෙනු ලැබ ඇත්තෙහිය.

12 තවද පියාණන්වහන්සේ සාක්ෂි දරන බොහෝ අය තරමටම, සදාකාල ජීවනය වෙතට ඔවුන්ව මුද්‍රා කිරීමට බලය නුඹලාට දෙනු ලැබ ඇත්තෙහිය. ආමෙන්.

13 තවද දැන්, ගිවිසුම් සහ ආඥාවන්ට අමතර කාරණා සම්බන්ධවය, ඒ මේවා වන්නේය—

14 මෙයින් පසුව ඉතිරිවන්නාවූ, ස්වාමින්වහන්සේගේ යථා කාලයේදී, පළමුවැන්නා ආකාරයටම මෙන් දේවසේවය කරනු ලැබීමට, සභාව වෙතට අනෙකුත් සභාපතිවරුන්ව තනතුරු වලට වෙන්කරනු ලැබිය යුතු වන්නේය.

15 එසේහෙයින් සුදුසු වූ ඔවුහු උත්තම පූජකවරුන් වන්නෝය, තවද ඔවුන් ආරොන්ගෙන් පැවත එන්නන් නොවන්නේ නම්, ඔවුන්ව මෙල්කිසදෙක් පූජකවරයේ පළමු සභාපතිත්වය මගින් පත්කරනු ලැබිය යුතු වන්නේය.

16 තවද ඔවුන් ආරොන්ගේ පැවත එන්නන් වී, ඔවුන් ආරොන්ගේ පුත්‍රයන් අතර කුළුඳුලන් නම්, ඔවුන්ට සභාපතිත්වයට නීත්‍යානුකූල හිමිකමක් ඇත;

17 මක්නිසාද මෙම පූජකවරයේ සභාපතිත්වයේ අයිතිය සහ එහි යතුරු නොහොත් අධිකාරී බලය දරන්නේ කුළුඳුලාය.

18 කිසිම මනුෂ්‍යයෙකු හට ඔහු, ආරොන්ගේ සැබෑ පැවතෙන්නෙකු හෝ කුළුඳුලෙකු හෝ වීමෙන් හැර, මෙම පූජකවරයේ යතුරු දැරීමට, මෙම තනතුරට, ඔහුට නීත්‍යානුකූල හිමිකමක් නැත්තේය.

19 එහෙත්, ආරොන්ගේ පරම්පරාවෙන් පැවත එන්නෙක් සොයාගැනීමට නොහැකි වූ විට, සභානායක තනතුරෙහි ඔහු ක්‍රියාකරනු ලබන සියලුම සුළු තනතුරු මත ක්‍රියාකිරීමටද මෙල්කිසදෙක් පූජකවරයේ උත්තම පූජකයෙකුට අධිකාරීත්වය ඇත, ඒ ඔහු මෙම බලයට, මෙල්කිසදෙක් පූජකවරයේ පළමු සභාපතිත්වයේ හස්තයන් යටතේ, කැඳවා තවද වෙන්කොට තවද නියම කොට ඇති නිසාය.

20 තවද ආරොන්ගෙන් පැවත එන්නෙක්, එසේම, මෙම සභාපතිත්වයෙන් පත්විය යුතුම වන්නේය, තවද සුදුසු යැයි සෙයාගත් විට, තවද ආලේප කොට, තවද මෙම සභාපතිත්වයේ හස්තයන් යටතේ නියම කරනු ලැබිය යුතු වන්නේය, එසේ නොමැතිනම් ඔවුන්ගේ පූජකත්වයේ සේවය කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල අවසරයක් නොමැත.

21 එහෙත්, ඔවුන්ගේ පූජකවරයේ අයිතිය සම්බන්ධයෙන් නීතියේ පැවැත්ම අනුව පැවත එන්නේ පියාගෙන් පුත්‍රයාටය, ඔවුන්ගේ පරම්පරා පවැත්ම ඕනෑම විටක ඔප්පු කළ හැකි නම් ඔවුන්ට තම ආලේප කිරීම ඉල්ලා සිටිය හැකිය, හෝ ඉහත නම් කරනු ලැබූ සභාපතිත්වයට ස්වාමින්වහන්සේගේ හස්තයන් යටතේ එළිදරව් කිරීම සහතික කිරීමක් වන්නේ නම් ඔවුන්ට එය ලබාගත හැකිවන්නේය.

22 තවද නැවතත්, සභාවේ පළමු සභාපතිත්වය ඉදිරියේ හැර, මෙම දේවසේවය උදෙසා වෙන්කර ඇති සභානායකවරයෙකුව හෝ උත්තම පූජකවරයෙකුව කිසියම් අපරාධයක් උදෙසා දඬුවමකට හෝ හෙළා නොදැකිය යුතු වන්නේය.

23 තවද අභියෝගයට ලක්කළ නොහැකි සාක්ෂියක් මගින්, මෙම සභාපතිත්වය ඉදිරියේ එපමණකින් ඔහු වැරදි යැයි සොයාගනු ලබාගන්නේද, ඔහුව හෙළාදකිනු ලබන්නේය;

24 තවද සභාවේ ගිවිසුම් සහ ආඥාවන්ට අනුව, ඔහු පසුතැවිලි වන්නේ නම් ඔහුට සමාව දෙනු ලබන්නේය.

25 තවද නැවතත්, එපමණකින් දෙමාපියන්ට සයොනයේ හෝ සංවිධානය වූ ඇයගේ ඕනෑම ස්ටේකයක, දරුවන් වේ නම්, ඔවුන් අවුරුදු අටක් වයස් වූ විට, ඔවුන්ට පසුතැවිලි වීමේ මූලධර්මය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල, සහ බව්තීස්මය සහ අත් තැබීම මගින් ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ගැනද තේරුම්ගැනීමට ඔවුන්ට උගන්වන්නේ නැතිනම්, එම පාපය දෙමාපියන්ගේ හිස් මත වන්නේය.

26 මක්නිසාද මෙය සයොනයේ, හෝ සංවිධානය කළා වූ ඔනෑම ස්ටේකයක පදිංචිකරුවන්ට නීතියක් වන්නේය.

27 තවද ඔවුන්ගේ දරුවෝ වයස අවුරුදු අටක් වන විට ඔවුන්ගේ පව් කමාව උදෙසා බව්තීස්මය ලබා, තවද අත් තැබීම ලැබිය යුතු වන්නෝය.

28 තවද ඔවුහු එසේම ඔවුන්ගේ දරුවන්ට යාච්ඤා කිරීමටද, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඍජුව ගමන් කිරීමටද උගන්වන්නෝය.

29 තවද සයොනයේ පදිංචිකරුවෝ එසේම සබත් දවස පවත්වමින් එය ශුද්ධව තබන්නෝය.

30 තවද සයොනයේ පදිංචිකරුවන්ද එසේම එපමණකින් ඔවුන්ව පත්කරනු ලැබ ඇති වෙහෙසවීම් ඇත්තේද, ඔවුන්ගේ වෙහෙසවීම් සියලු ඇදහිලිවන්තකමින් මතකතබාගත යුතු වන්නෝය; මක්නිසාද අලසයාව ස්වාමින්වහන්සේ ඉදිරියේ සිහිකරනු ලබන්නේය.

31 දැන්, ස්වාමින්වහන්සේ වන, මම, සයොනයේ පදිංචිකරුවන් සමඟ එතරම් ප්‍රසන්නකමක් නොමැත්තෙමි, මක්නිසාද ඔවුන් අතර එහි අලසයෝ සිටිති; තවද ඔවුන්ගේ දරුවන්ද එසේම දුෂ්ටකමින් වැඩෙන්නෝය; ඔවුන්ද එසේම සදාකාලිත්වයේ පොහොසත්කම උවමනාවෙන් නොසොයන්නෝය, එහෙත් ඔවුන්ගේ දෑස් තණ්හාවෙන් පිරී ඇත.

32 මෙම දේවල් මෙසේ වියයුතු නැත, තවද ඔවුන් අතරින් මේවා ඉවත් කළ යුතුය; එසේහෙයින්, මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රිට මෙම ප්‍රකාශ සයොන දේශය වෙතට රැගෙන යාමට සලස්වන්න.

33 තවද ආඥාවක් මම ඔවුන් හට දෙන්නෙමි—එනම් ඔවුන් එනම් එම කාලයේදී ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ යාච්ඤාවන් නොපවත්වන්නේ නම්, මාගේ ජනතාවගේ විනිශ්චයකරු ඉදිරියේ ඔහුව සිහිපත් කරනු ලබන්නේය.

34 මෙම ප්‍රකාශ සත්‍ය සහ විශ්වාසවන්තය; එසේහෙයින්, ඒවා කැඩීම හෝ ඒවා පිටතට ගැනීම නොකරන්න.

35 බලන්න, මම ඇල්ෆා සහ ඔමේගා වෙමි, තවද මම ඉක්මණින් පැමිණෙන්නෙමි. ආමෙන්.