ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 76


76 වන කොටස

1832 පෙබරවාරි 16, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ දර්ශනයකි. මෙම දර්ශනයේ ඔහුගේ වර්තාවේ පෙරවදන තබමින්, අනාගතවක්තෘවරයාගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි: “මම ඇම්හර්ස්ට් සම්මන්ත්‍රණයෙන් ආපසු පැමිණි පසු, මම නැවත ශුද්ධලියවිලි පරිවර්තනය ආරම්භ කළෙමි. ලැබී තිබූ එම විවිධ එළිදරව් වෙතින්, එය එනම් මනුෂ්‍යයාගේ ගැලවීම ගැන සඳහන් වූ බොහෝ වැදගත් කරුණු බයිබලය වෙතින්, එය සම්පාදනය කිරීමට ප්‍රථම එයින් ඉවතට ගෙන හෝ නැතිවී තිබූ බව පෙනීමට තිබිණි. ඉතිරි වූ සත්‍යයන් කුමක් වීද ඒවායින් එය ස්වයං-ප්‍රත්‍යක්ෂව පෙනෙන්නට තිබිණි, ශරීරයේ සිටියදී කරන ලද ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේ සෑම කෙනෙකුටම විපාක දුන්නේ නම්, ශුද්ධවන්තයන්ගේ සදාකාලික නිවස සඳහා අදහස් කරන පරිදි ‘ස්වර්ගය’ යන යෙදුමේ, රාජ්‍යයන් එකකට වඩා ඇතුළත් වියයුතු බව පෙනී ගියේය. ඒ අනුව… ශුද්ධ වූ යොහාන්ගේ ශුභාරංචිය පරිවර්තනය කරන විට, මා සහ වැඩිහිටි රිග්ඩන් පහත දර්ශනය දුටුවෝය.” මෙම දර්ශනය දෙන අවස්ථාවේදී, අනාගතවක්තෘවරයා යොහාන් 5:29 පරිවර්තනය කරමින් සිටියේය.

1–4, ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේය; 5–10, රාජ්‍යයේ අභිරහස් සියළු ඇදහිලිවන්තයන්ට එළිදරව් කරනු ලැබේ; 11–17, ධර්මිෂ්ඨයන්ගේ සහ අධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමේදී සියල්ලෝම පෙරට පැමිණෙන්නෝය; 18–24, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් බොහෝ ලෝකයන්හි පදිංචිකරුවන් දෙවියන්වහන්සේ වෙතට ජාතක පුත්‍රයන් සහ දූවරුන් වන්නෝය; 25–29, දෙවියන්වහන්සේගේ දේවදූතයෙක් වැටී යක්ෂයා බවට පත්වූවේය; 30–49, විනාශයේ පුත්‍රයන් සදාකාලික විනාශය විඳින්නෝය; අනෙක් සියල්ලෝම යම් ආකාරයක ගැලවීමේ තත්වයක් ලබාගන්නෝය; 50–70, සෙලෙස්ටියල් රාජ්‍යයේ ඔසවාගනු ලැබූ ප්‍රාණීන්ගේ මහිමය සහ විපාකය පිළිබඳ විස්තර කරනු ලබයි; 71–80, ටෙරෙස්ට්‍රියල් රාජ්‍යය අත්කරගන්නා එම අයවළුන් පිළිබඳ විස්තර කරනු ලබයි; 81–113, ටෙලෙස්ටියල්, ටෙරෙස්ට්‍රියල් සහ සෙලෙස්ටියල් මහිමයන්ගේ සිටින අයවළුන්ගේ තත්ව පිළිබඳ විස්තර කරනු ලබයි; 114–119, ඇදහිලිවන්තයන්ට ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අභිරහස් දැකීමට සහ තේරුම්ගැනීමට හැකිවන්නේය.

1 සවන්දෙන්න, අහෝ නුඹලා ස්වර්ගයනි, තවද කන්දෙන්න, අහෝ පොළොව, තවද එහිවූ පදිංචිකරුවන් වූ නුඹලා ප්‍රීතිවන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේය, තවද උන්වහන්සේ හැර එහි වෙන ගැලවුම්කරුවෙකු නොමැත්තේය.

2 උන්වහන්ස්ගේ ප්‍රඥාව ශ්‍රේෂ්ඨය, උන්වහන්සේගේ මාර්ගයන් විශ්මජනකය, තවද උන්වහන්සේගේ ක්‍රියාවන්ගේ තරම කිසිවෙකුටත් සොයාගත නොහැකිය.

3 උන්වහන්ස්ගේ අරමුණු අසමත් නොවන්නේය, එහි උන්වහන්සේගේ හස්තය වළක්වන කිසිවෙකුත් නොවන්නේය.

4 සදාකාලයෙන් සදාකාලයට උන්වහන්සේ ඒකාකාරය, තවද උන්වහන්සේගේ වර්ෂයන් කිසිවිටෙකත් අසමත් නොවන්නේය.

5 මක්නිසාද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—ස්වාමින්වහන්සේ වන, මම, මට බියවන්නන් වෙතට කරුණාවන්තය තවද දයාවන්තය, තවද අවසානය දක්වා ධර්මිෂ්ඨකමින් සහ සත්‍යයෙන් මට සේවය කරන්නවුන්ට ගෞරව කිරීමට ප්‍රසන්න වන්නෙමි.

6 ඔවුන්ගේ විපාකය ශ්‍රේෂ්ඨ වන්නේය, තවද ඔවුන්ගේ මහිමය සදාකාලික වන්නේය.

7 තවද සියලු අභිරහස්, එසේය, පැරණි දවස් වල සිට මාගේ රාජ්‍යයේ සැඟවී තිබූ තවද පැමිණෙන්නට තිබෙන්නාවූ යුගයන් වල, සියලු අභිරහස් මම ඔවුන් හට එළිදරව් කරන්නෙමි, මාගේ රාජ්‍යයට අදාළ සියලු දේ ගැන මාගේ කැමැත්තෙහි යහපත් සතුට මම ඔවුන්ට දන්වන්නෙමි.

8 එසේය, සදාකාලයේ පුදුමයන් වුවත් ඔවුන් දැනගන්නෝය, තවද බොහෝ පරම්පරාවන් වල දේවල් වුවත්, පැමිණෙන්නට තිබෙන්නාවූ සියල්ල මම ඔවුන් හට පෙන්වන්නෙමි.

9 තවද ඔවුන්ගේ ප්‍රඥාව මහත් වන්නේය, ඔවුන්ගේ තේරුම්ගැනීම ස්වර්ගයට ලඟාවන්නේය; ඔවුන් ඉදිරියේ ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාව විනාශ වන්නේය, තවද ප්‍රඥාවන්තයින්ගේ තේරුම්ගැනීම ශුන්‍යත්වයට පැමිණෙන්නේය.

10 මක්නිසාද මාගේ ආත්මය මගින් මම ඔවුන්ව ආලෝකමත් කරන්නෙමි, තවද, ඇස නොදැක්කාවූ, කන නොඇසුවාවූ, තවමත් මනුෂ්‍යයන්ගේ හදවත් වලට ඇතුළත් නොවූ එම දේවල් වුවත්—මාගේ බලයෙන් මාගේ කැමැත්තේ රහස් මම ඔවුන් හට දැනගැනීමට සලස්වන්නෙමි.

11 ස්වාමින්වහන්සේගේ එක්දහස් නවසිය තිස්දෙවන වසරේ, පෙබරවාරි දහසය වන දින, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් වන අප, ආත්මයාණන් තුළ සිටිමින්—

12 දෙවියන්වහන්සේගේ දේවල් දැකීමට සහ තේරුම්ගැනීමට හැකිවන පිණිස, ආත්මයාණන්ගේ බලය මගින් අපගේ ඇස් විවෘත කරනු ලැබ තවද තේරුම්ගැනීම ආලෝකමත් විය—

13 එමෙන්ම ලෝකය ආරම්භයේ සිටම, පියාණන්වහන්සේගේ ළයෙහි සිටියා වූ, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් තුළින්, දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද, ලෝකයට පෙර ආරම්භයේ පටන් වූ එම දේවල් වුවත්;

14 අපි උන්වහන්සේ ගැන සාක්ෂි දරන්නෙමු; තවද අප දරන සාක්ෂිය පුත්‍රයාණන් වන, අප දුටු තවද ස්වර්ගීය දර්ශනයකින් අප කතා කරන ලද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය වන්නේය.

15 මක්නිසාද කාලයකට ස්වාමින්වහන්සේ අප හට පත්කර තිබූ, එම පරිවර්තනයේ ක්‍රියාවලියේ අප යෙදී සිටින අතරතුර, අපි යොහාන්ගේ පස්වන පරිච්ඡේදයේ විසිනවවන පදයට පැමිණියෙමු, එය අප හට දෙනු ලැබූයේ පහත අකාරයටය—

16 මළවුන්ගේ නැවත නැගිටීම ගැන කතා කරමින්, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ හඬ අසන්නාවූ එම අයවළුන් සම්බන්ධවය:

17 තවද යහපත කර ඇති ඔවුන්, ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමෙහිද; තවද නපුර කර ඇති ඔවුන්, අධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමෙහිද; පෙරට පැමිණෙන්නෝය.

18 දැන් මෙය අපව පුදුම කරලුවේය, මක්නිසාද එය ආත්මයාණන්ගෙන් අපට දෙනු ලැබූවේය.

19 තවද අප මෙම දේවල් මෙනෙහි කරමින් සිටියදී, ස්වාමින්වහන්සේ අපගේ තේරුම්ගැනීමේ දෑස ස්පර්ෂ කළ සේක තවද ඒවා විවෘත විය, තවද ස්වාමින්වහන්සේගේ මහිමය අවට වටේට බැබළිනි.

20 තවද පියාණන්වහන්සේගේ දකුණු භාගයේ, පුත්‍රයාණන්වහන්සේගේ මහිමය අපි දුටුවෙමු, තවද උන්වහන්සේගේ පූර්ණත්වය ලැබුවෙමු;

21 තවද උන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ පරිශුද්ධ වූ, දෙවියන්වහන්සේව සහ බැටළුපැටවාණන්ව නමස්කාර කරන, සදාකාලයෙන් සදාකාලයට උන්වහන්සේව නමස්කාර කරන, ශුද්ධ වූ දේවදූතයන්ව දුටුවෙමු.

22 තවද දැන්, උන්වහන්සේ ගැන දෙනු ලැබූ බොහෝ සාක්ෂි වලින් පසු, සියල්ලේම අවසානයට, අප උන්වහන්සේ ගැන දෙන සාක්ෂිය මෙය වන්නේය: එනම් උන්වහන්සේ ජීවත් වන සේක!

23 මක්නිසාද දෙවියන්හන්සේගේ දකුණුපස, අපි උන්වහන්සේව දුටුවෙමු; තවද උන්වහන්සේ පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් බව සාක්ෂි දරන හඬ අපි ඇසුවෙමු—

24 එනම් උන්වහන්සේ මගින්, තවද උන්වහන්සේ තුළින්, තවද උන්වහන්සේගෙන්, ලෝකයන් මැවීය තවද මවා ඇත්තේය, තවද එහි වූ පදිංචිකරුවන් දෙවියන්වහන්සේ වෙතට ජාතක වූ පුත්‍රයන් සහ දූවරුන් වන්නෝය.

25 තවද එසේම මෙයද අපි දුටුවෙමු, තවද සාක්ෂි දරන්නෙමු, එනම් පියාණන්වහන්සේ ප්‍රේම කළ තවද පියාණන්වහන්සේගේ ළයෙහි සිටි ඒකජාතක පුත්‍රයාණන්ට විරුද්ධව කැරලි ගැසූ, දෙවියන්වහන්සේගේ අභිමුඛයේ අධිකාරිත්වය ඇතිව සිටි දෙවියන්වහන්සේගේ දේවදූතයෙක්ව, දෙවියන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ අභිමුඛයෙන් පහතට නෙරපා දමනු ලැබීය,

26 තවද සදාකාල විනාශය යැයි නම් කරන ලද්දේය, ස්වර්ගයන් ඔහු උදෙසා වැලපිනි—ඔහු අළුයම පුත්‍රයා වූ, ලුසිෆර් විය.

27 තවද අපි දුටුවෙමු, තවද බලව, ඔහු වැටී සිටියේය! අළුයම පුත්‍රයෙකු වුවද, වැටී සිටියේය!

28 තවද අප තවමත් ආත්මයාණන්ගෙන් පූර්ණව සිටියදීම, එනම් අප මෙම දර්ශනය ලිවිය යුතු බවට ස්වාමින්වහන්සේ ආඥා කළ සේක; මක්නිසාද එම පැරණි සර්පයා වූද, තවද යක්ෂයා වූද, දෙවියන්වහන්සේට විරුද්ධව අරගල කළා වූද, තවද අපගේ දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යය ගැනීමට සෙවූ, සාතන්ව අපි දුටුවෙමු—

29 එසේහෙයින්, ඔහු දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් සමඟ සටන් කරන්නේය, තවද ඔවුන්ව අවටින් වටේට වට කරනු ලබන්නේය.

30 තවද ඔහු සමඟ සටන් කොට පරාජය කළාවූ අයවළුන්ගේ වේදනාවන් පිළිබඳ දර්ශනයක් අපි දුටුවෙමු, එවිට මෙසේ ස්වාමින්වහන්සේගේ හඬ අප වෙතට පැමිණියේය:

31 මාගේ බලය දන්නාවූ සියල්ලන් සම්බන්ධව ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, තවද එහිවූ භුක්ති විඳින්නන් ලෙස පත්කරන ලද, තවද මාගේ සත්‍යය ප්‍රතික්ෂේප කළ සහ මාගේ බලයට අකීකරු වී, යක්ෂයාගේ බලය තුළට ඔවුන්ගේම පරාජය වින්දෝය—

32 විනාශයේ පුත්‍රයන් වූ ඔවුන් ඔවුන්මය, එනම් ඔවුන් සම්බන්ධයෙන් එය ඔවුන් කිසිදිනෙක ඉපදුනේ නොමැතිනම් යහපත් යැයි මම පවසන්නෙමි;

33 මක්නිසාද ඔවුන් කෝපයේ වාහකයන්ය, සදාකාලය තුළ යක්ෂයා සහ ඔහුගේ දූතයන් සමඟ දෙවියන්වහන්සේගේ කෝපය විඳීමට නියමිත වූවන්ය;

34 මා පැවසූ ඔවුන් සම්බන්ධව එහි මෙම ලෝකයේ හෝ පැමිණෙන ලෝකයෙහි ඔවුන්ට සමාවක් නොමැත්තේය—

35 ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබූ පසු එය ප්‍රතික්ෂේප කරමින්, තවද පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරමින්, ඔවුන් වෙතට උන්වහන්සේව කුරුසිපත් කරමින් තවද උන්වහන්සේව විවෘත ලැජ්ජාවට පත්කරන්නෝය.

36 මොවුන් යක්ෂයා සහ ඔහුගේ දූතයන් සමඟ, ගෙන්දගමින් දැවෙන විල තුළට යවනු ලබන ඔවුන්ය—

37 තවද දෙවන මරණයට යම් බලයක් ඇත්තේ ඔවුන්ට පමණක්මය;

38 එසේය, සැබවක්, උන්වහන්සේගේ කෝපය විඳි පසු, උන්වහන්සේගේ යථා කාලයේදී මිදීමක් නොලබන්නේ ඔවුන් පමණක්ය.

39 මක්නිසාද ලෝකයන් සාදනු ලැබීමට පෙර පියාණන්ගේ ළයෙහි සිටි, මරනු ලැබුවා වූ, බැටළු පැටවාණන්ගේ ජයග්‍රහණය සහ මහිමය තුළින්, අනෙක් සියල්ලන්වම මරණයෙන් නැවත නැගිටුවනු ලැබ පෙරට ගෙන එනු ලබන්නෝය.

40 තවද මෙය ශුභාරංචියය, සුභ ආරංචියය, එය අප හට ස්වර්ගය වෙතින් පිටතට හඬකින් සාක්ෂි දැරීය—

41 එනම් ලෝකය උදෙසා කුරුසිපත් වීමටත්, තවද ලෝකයේ පාපයන් දැරීමටත්, තවද ලෝකය පරිශුද්ධ කිරීමටත්, තවද එය සියලු අධර්මිෂ්ඨකමින් පවිත්‍ර කිරීමටත්, යේසුස්වහන්සේ වූ, උන්වහන්සේ ලෝකය තුළට පැමිණි සේක;

42 එනම් පියාණන්වහන්සේ විසින් උන්වහන්සේගේ බලය තුළට දුන් තවද උන්වහන්සේ විසින් මවන ලද සියල්ලන්ම උන්වහන්සේ තුළින් ගැලවීම ලබාගන්නා පිණිසය;

43 උන්වහන්සේ පියාණන්වහන්සේව මහිමවත් කරන සේක, තවද පියාණන්වහන්සේ එළිදරව් කරන ලද පුත්‍රයාණන්වහන්සේව ප්‍රතික්ෂේප කරන විනාශයේ පුත්‍රයන් හැර, උන්වහන්සේගේ හස්තයෙහි සියලු මැවීම් රකින සේක.

44 එසේහෙයින්, ඔවුන්ගේ වධ හිංසාව වන, ඔවුන්ගේ පණුවන් නොමැරෙන, තවද නොනිමෙන එම ගින්න ඇති එහි, සදාකාලයටම යක්ෂයා සහ ඔහුගේ දූතයන් සමඟ පැවතීමට, සදාකාල දඬුවම වන, අවසානයක් නොමැති දඬුවම වන, එම සදාකාලික දඬුවම වෙතට යන ඔවුන්ව හැර—සියල්ලන්වම උන්වහන්සේ ගලවන සේක—

45 තවද එහි වූ අවසානය, නැතිනම් එහි වූ ස්ථානය, හෝ ඔවුන්ගේ වේදනාව, කිසිඳු මනුෂ්‍යයෙකු නොදන්නේය;

46 එහි හවුල්කරුවන් බවට පත්කළ අයට හැර; එය එළිදරව් කරනු ලැබ නොමැත්තේය, එසේ නොකරන්නේය, නැතිනම් මනුෂ්‍යයාට එළිදරව් කරනු නොලබන්නේය;

47 එසේවුවද, ස්වාමින්වහන්සේ වන, මම, බොහෝ අයවළුන්ට එය දර්ශනයක් මගින් පෙන්වන්නෙමි, එහෙත් එය නැවතත් ඉක්මණින්ම අවසන් කරන්නෙමි;

48 එසේහෙයින්, එහි අවසානය, එහි පළල, එහි උස, එහි ගැඹුර, තවද එහි වූ අභිරහස්, මෙම හෙළාදැකීමට නියම කරනු ලැබූ අයවළුන් මිස, ඔවුන්ද එමෙන්ම කිසිඳු මනුෂ්‍යයෙකුද තේරුම් නොගන්නෝය.

49 තවද අපි එම හඬ ඇසීමු, එය මෙසේ පැවසීය: එම දර්ශනය ලියන්න, මක්නිසාද බලව, අභක්තියකයන්ගේ වේදනාවේ දර්ශනයේ අවසානය මෙය වන්නේය.

50 තවද නැවතත් අපි සාක්ෂි දරන්නෙමු—මක්නිසාද අපි දුටුවෙමු තවද ඇසුවෙමු, තවද ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීම වෙතින් පෙරට පැමිණෙන ඔවුන් පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සාක්ෂිය මෙය වන්නේය—

51 ඔවුන් යේසුස්වහන්සේගේ සාක්ෂිය ලැබූ, තවද උන්වහන්සේගේ නාමය විශ්වාස කළ සහ උන්වහන්සේගේ භූමදානයේ ආකාරයට අනුව, උන්වහන්සේගේ නාමයෙන් ජලයෙහි ගිලී බව්තීස්ම වූ ඔවුන් වන්නෝය, තවද ඒ උන්වහන්සේ දෙනු ලැබූ ආඥාව ආකාරයටය—

52 එනම් එම ආඥාවන් පිළිපැදීමෙන් ඔවුන්ගේ සියලු පාපයන් වෙතින් සේදී තවද පිරිසිඳු වන පිණිසය, තවද මෙම බලය වෙතට නියම කර ඇති සහ මුද්‍රා කර ඇති ඔහුගේ දෑත් තබමින් ශුද්ධාත්මයාණන්වහන්සේව ලබන පිණිසය;

53 තවද ඒ ඇදහිල්ල මගින් ජයගනු ලැබූවන්ය, තවද ධර්මිෂ්ඨ සහ සත්‍යවන්ත සියල්ලන් මත පියාණන්වහන්සේ විසින් වගුරුවනු ලබන, පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් මුද්‍රා කරනු ලැබූවන්ය.

54 ඔවුන් එනම් කුළුඳුලාණන්ගේ සභාවේ අයවළුන් වූ ඔවුන්මය.

55 ඔවුන් පියාණන්වහන්සේ විසින් ඔවුන්ගේ අත් වලට සියලු දේවල් දෙනු ලැබූ ඔවුන්මය—

56 ඔවුන් උන්වහන්සේගේ පූර්ණත්වය, තවද උන්වහන්සේගේ මහිමය ලැබූ, පූජකවරුන් සහ රජවරුන් වූ ඔවුන්මය;

57 තවද ඔවුන් ඒකජාතක පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව, ඊනොක්ගේ පිළිවෙලට අනුව, මෙල්කිසදෙක්ගේ පිළිවෙලට අනුව, මහෝත්තම වූ තැනැන්වහන්සේගේ පූජකවරුන්ය.

58 එසේහෙයින්, එය ලියන ලද ලෙස, ඔවුන් දෙවිවරුන්ය, එසේම දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ය—

59 එසේහෙයින්, ජීවිතයේ හෝ මරණයෙහි වුවත්, හෝ වර්තමානයේ දේවල් වුවත්, හෝ පැමිණෙන්නට ඇති දේවල් වුවත්, සියලු දේවල් ඔවුන්ගේය, සියල්ල ඔවුන්ගේය තවද ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේය, තවද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.

60 තවද ඔවුන් සියලු දේවල් ජයගන්නෝය.

61 එසේහෙයින්, කිසිඳු මනුෂ්‍යයෙකු මනුෂ්‍යයා තුළ මහිමය නොබලත්වා, එහෙත් ඔහු උන්වහන්සේගේ පාද පාමුල සියලු සතුරන් යටත් කළා වූ, දෙවියන්වහන්සේගේ මහිමය බලත්වා.

62 මොවුන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සහ ඔහුගේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ සදාකලයෙන් සදාකාලයට වාසය කරන්නෝය.

63 උන්වහන්සේගේ ජනතාව මත පොළොවේ රජකම් කිරීමට ස්වර්ගයේ වලාකුළු තුළින් උන්වහන්සේ පැමිණෙන විට, මොවුන් උන්වහන්සේ සමඟ උන්වහන්සේ රැගෙන එන ඔවුන්ය.

64 මොවුන් පළමුවන නැවත නැගිටීමේ කොටස්කරුවන් වන ඔවුන්ය.

65 මොවුන් ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමේ පෙරට පැමිණෙන ඔවුන්ය.

66 මොවුන් සයොන කන්ද වෙතටද, තවද අති ශුද්ධ ස්ථානය වූ, ස්වර්ගීය ස්ථානය වූ, ජීවමාන දෙවියන්වහන්සේගේ නගරය වෙතටද පැමිණෙන ඔවුන්ය.

67 මොවුන් ගණන් කළ නොහැකි දේවදූතයන් සමූහයක් සමඟ, ප්‍රධාන එක්රැස්වීමට සහ තවද කුලුඳුලාණන්ගේ සහ, ඊනොක්ගේ සභාවට පැමිණෙන ඔවුන්ය.

68 දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ සියල්ලන්ගේ විනිශ්චයකරුවන් වන, ස්වර්ගයේ ඔවුන්ගේ නාමයන් ලියවී ඇත්තේ මොවුන්ගේය.

69 මොවුන් උන්වහන්සේගේ ස්වකීය රුධිරය වැගිරවීම තුළින් මෙම පරිපූර්ණ වන්දිගෙවීම ක්‍රියාත්මක කරන ලද, නව ගිවිසුමේ මැදහත්කරුවාණන් වන යේසුස්වහන්සේ තුළින් පරිපූර්ණ කරනු ලැබුවා වූ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් වන ඔවුන්ය.

70 හිරුගේ මහිමය මෙන් ඇත්තාවූ, සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වන, දෙවියන්වහන්සේගේ මහිමයේ වුවත්, අහසේ හිරුගේ මහිමය මෙන් ලෙස ලියා ඇති උන්වහන්සේගේ මහිමය මෙන් වූ, මොවුන් සෙල්ස්ටියල් ශරීරයන් ඇති ඔවුන්ය.

71 තවද නැවතත්, අපි ටෙරෙස්ට්‍රියල් ලෝකය දුටුවෙමු, තවද බලන්න තවද බලව, අහසෙහි හිරුගෙන් සඳ වෙනස්වන්නාක් මෙන්, පියාණන්ගේ පූර්ණත්වය ලද කුළුඳුලාණන්ගේ සභාවෙන් මහිමය වෙනස් වන්නාවූ මහිමයක් ඇති මොවුන් ටෙරෙස්ට්‍රියල් වෙතින් වූ ඔවුන්ය.

72 බලන්න, මොවුන් නීතිය නොමැතිව මරණයට පත්වූ ඔවුන්ය;

73 තවද එනම් මාංශයෙන් යුත් වූ මනුෂ්‍යයන් ආකාරයට විනිශ්චය ලබන පිණිස, පුත්‍රයාණන් විසින් බැහැදැක, තවද ශුභාරංචිය ඔවුන් හට ඉගැන්වූවා වූ, සිරයේ තබනු ලැබූ මනුෂ්‍ය ආත්මයන්ය;

74 මාංශයෙන් යුතුව සිටියදී යේසුස්වහන්සේගේ සාක්ෂිය නොලැබ, එහෙත් එය පසුව ලැබුවාවූ අයවළුන්ය.

75 මොවුන් පොළොවේ ගෞරවාන්විත වූ මනුෂ්‍යයන්ය, මනුෂ්‍යයන්ගේ කෛරාටික කම නිසා අන්ධකරන ලද ඔවුන්ය.

76 මොවුන් උන්වහන්සේගේ මහිමය ලබන, එහෙත් උන්වහන්සේගේ පූර්ණත්වය නොලබන ඔවුන්ය.

77 මොවුන් පුත්‍රයාණන්ගේ පැමිණීම ලබන, එහෙත් පියාණන්ගේ පූර්ණත්වය නොලබන ඔවුන්ය.

78 එසේහෙයින්, ඔවුන්ගේ ශරීර ටෙරෙස්ට්‍රියල්ය, තවද සෙලෙස්ටියල් ශරීර නොවන්නේය, තවද සඳෙන් හිරුගේ මහිමය වෙනස්වන්නාක් මෙන් වෙනස් වන්නේය.

79 මොවුන් යේසුස්වහන්සේගේ සාක්ෂිය තුළ එඩිතර නොවූවන්ය; එසේහෙයින්, ඔවුන් අපගේ පියාණන්වහන්සේගේ රාජ්‍යය මත කිරුළ ලබා නොගන්නෝය.

80 තවද දැන් මෙය ටෙරෙස්ට්‍රියල් ගැන අප දුටු දර්ශනයේ අවසානය විය, එනම් අප ආත්මයාණන්වහන්සේ තුළ සිටියදීම ලිවීමට ස්වාමින්වහන්සේ අපට ආඥා කළ සේක.

81 තවද නැවතත්, අපි ටෙලෙස්ටියල් මහිමය දුටුවෙමු, අහසේ සඳේ මහිමයෙන් තරු වල මහිමය වෙනස් වන්නාක් මෙන්, එහි මහිමය එනම් අඩුය.

82 මොවුන් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නොලැබූ, එසේම යේසුස්වහන්සේගේ සාක්ෂියද නොලැබූ ඔවුන්ය.

83 මොවුන් ශුද්ධාත්මයාණන්වහන්සේව ප්‍රතික්ෂේප නොකළා වූ ඔවුන්ය.

84 මොවුන් පහත නිරය වෙතට නෙරපූ ඔවුන්ය.

85 මොවුන් බැටළු පැටවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ වූ ස්වාමින්වහන්සේ, උන්වහන්සේ ක්‍රියාවන් අවසන්ව, අන්තිම නැවත නැගිටීම වන තුරු යක්ෂයා වෙතින් මුදවාගනු නොලබන්නාවූ, ඔවුන්ය.

86 මොවුන් උන්වහන්සේගේ පූර්ණත්වය සදාකාලික ලෝකය තුළ නොලබන්නාවූ, එහෙත් ටෙරෙස්ට්‍රියල් දේවසේවය තුළින් ශුද්ධාත්මයාණන්වහන්සේව ලබන්නාවූ ඔවුන්ය;

87 තවද ටෙරෙස්ට්‍රියල් එය සෙලෙස්ටියල් දේවසේවය තුළින් ලබන්නේය.

88 තවද එසේම ඔවුන්ට දේවසේවය කිරීමට පත්කර ඇති දේවදූතයන් තුළින්, හෝ ඔවුන් වෙනුවෙන් දේවසේවය කිරීමට පත්කර ඇති ආත්මයන් තුළින් ටෙලෙස්ටියල් එය ලබන්නේය; මක්නිසාද ඔවුන් ගැලවීමේ උරුමක්කරුවන් වන පිණිසය.

89 තවද මෙසේ එම සියලු තේරුම්ගැනීම් අභිබවන, ටෙලෙස්ටියල් මහිමය, ස්වර්ගීය දර්ශනයක් තුළින්, අපි දුටුවෙමු;

90 තවද එය දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන්නාවූ ඔහු මිස වෙනත් කිසිඳු මනුෂ්‍යයෙකු එය නොදන්නේය.

91 තවද මෙසේ මහිමයෙන්, තවද බලයෙන්, තවද ශක්තියෙන් සහ ආධිපත්‍යයෙන්ද වුවත්, සියලු දේවල් තුළින් ටෙලෙස්ටියල් මහිමය පරදවන එම ටෙරෙස්ට්‍රියල් මහිමය අපි දුටුවෙමු.

92 තවද මෙසේ අපි එය සියලු දේවල් වලින් ශ්‍රේෂ්ඨ වූ, සෙලෙස්ටියෙල් මහිමය දුටුවෙමු—පියාණන්වහන්සේ වන, දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ සිංහාසනයේ සදාකාලයෙන් සදාකාලයට රජකරන්නේ එහිය;

93 තවද සදාකාලයෙන් සදාකාලයට උන්වහන්සේට මහිමය දෙන, සියලු දේවල් උන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ යටහත් ගෞරවයෙන් වැඳ වැටෙන්නේ එහිය.

94 උන්වහන්සේගේ අභිමුඛයේ සිටින මොවුන් කුළුඳුලාණන්ගේ සභාවේ ඔවුන්ය; තවද උන්වහන්සේගේ පූර්ණත්වය සහ උන්වහන්සේගේ කරුණාව ලැබ, ඔවුන්ව දකින ආකාරයටම ඔවුන් දකින්නෝය, තවද ඔවුන්ව දන්නා ආකාරයටම දැනගන්නෝය;

95 තවද උන්වහන්සේ ඔවුන්ව බලයෙන්, ශක්තියෙන්, හා ආධිපත්‍යයෙන් සමාන කරන සේක.

96 තවද හිරුගේ මහිමය එකක් වන්නාක් මෙන් වුවත්, සෙලෙස්ටියල් මහිමය එකක්ය.

97 තවද සඳෙහි මහිමය එකක් වන්නාක් මෙන් වුවත්, ටෙරෙස්ට්‍රියල් මහිමය එකක්ය.

98 තවද තරු වල මහිමය එකක් වන්නාක් මෙන් වුවත්, ටෙලෙස්ටියල් මහිමය එකක් වන්නේය; මක්නිසාද එක් තාරකාවක් වෙනත් තාරකාවකින් මහිමයෙන් වෙනස් වන්නාක් මෙන්, ටෙලෙස්ටියල් ලෝකයේ සිටින්නන්ගේ මහිමය එකකින් අනෙක වෙනස් වන්නේය;

99 මක්නිසාද මොවුන් පාවුල්ගේ, තවද අපොල්ලොස්ගේ, සහ කෙයාපස්ගේ ඔවුන්ය.

100 සමහරෙකු ක්‍රිස්තුස්වහන්සේගේද තවද සමහරෙකු යොහාන්ගේද, තවද සමහරෙකු මෝසෙස්ගේද, තවද සමහරෙකු එලියාගේද, තවද සමහරෙකු එසියාස්ගේද, තවද සමහරෙකු යෙසායාගේද, තවද සමහරෙකු ඊනොක්ගේද ලෙස—මොවුන් එක්කෙනෙකු සමහරෙකුගේද තවකෙකු සමහරෙකුගේද යැයි පවසන ඔවුන්ය;

101 එහෙත් ශුභාරංචියවත්, යේසුස්වහන්සේගේ සාක්ෂියවත්, අනාගතවක්තෘවරුන්වවත්, සදාකාලික ගිවිසුමවත් ලබන්නේ නැත.

102 සියල්ලටම අවසානයේ, මොවුන් සියල්ලන් වලාකුළට ලබාගනු ලැබ, කුළුඳුලාණන්ගේ සභාව සමඟ එක්ව, ශුද්ධවන්තයන් සමඟ රැස්කරගනු නොලබන ඔවුන් වන්නෝය.

103 මොවුන් බොරුකරුවන්, තවද අනවිනකරුවන්, තවද කාමමිථ්‍යාචාරය කරන්නන්, තවද අශිෂ්ඨව හැසිරෙන්නන්, තවද බොරු කීමට ප්‍රේම කරන්නන් වන ඔවුන්ය.

104 මොවුන් පොළොවේ දෙවියන්වහන්සේගේ කෝපය විඳින ඔවුන්ය.

105 මොවුන් සදාකාලික ගින්නේ පලිගැනීම විඳින ඔවුන්ය.

106 මොවුන් පූර්ණත්වයේ කාලය දක්වා, ක්‍රිස්තුස්වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාද පාමුල යටත් කරගෙන, තවද උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කරන තුරු, සර්වබලධාරී දෙවියන්වහන්සේගේ කෝපය විඳිමින් තවද නිරයට පහතට දමනු ලබන ඔවුන්ය;

107 උන්වහන්සේ තවද එම රාජ්‍යය භාරදෙමින්, තවද නොකැළැල්ව පියාණන්වහන්සේට ඉදිරිපත් කරන විට, මෙසේ පවසන සේක: මම ජයග්‍රහණය කළෙමි තවද, සර්වබලධාරී දෙවියන්වහන්සේගේ කෝපයේ දැඩිභාවයේ මිදි මඩින යන්ත්‍රය වන, මිදි මඩින යන්ත්‍රය තනියම පෑගුවෙමි.

108 එවිට සදාකලයෙන් සදාකාලයට උන්වහන්සේගේ බලයෙන් සිංහාසනයේ වාඩිවී සිටිමින් රජකම් කරන පිණිස, උන්වහන්සේව උන්වහන්සේගේ මහිමයේ ඔටුන්නෙන් ඔටුනු පලඳවනු ලබන සේක.

109 එහෙත් බලන්න, තවද බලව, ටෙලෙස්ටියල් රාජ්‍යයේ මහිමය සහ පදිංචිකරුවන්ව අපි දුටුවෙමු, එනම් ඔවුන් ස්වර්ගීය අහසේ තාරකා මෙන් හෝ වෙරළේ වැලි මෙන් අසංඛ්‍යාත්මක වූවෝය;

110 තවද ස්වාමින්වහන්සේගේ හඬ මෙසේ පවසනවා ඇසිණි: සියල්ලන්ම දණ නමන්නෝය, තවද සදාකාලයෙන් සදාකාලයට සිංහාසනයේ වාඩිවී සිටින තැනැන්වහන්සේට සෑම දිවක්ම පාපොච්ඡාරණය කරන්නේය;

111 මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුන්ව විනිශ්චය කරනු ලබන්නේය, තවද සෑම මනුෂ්‍යයෙකුම සකස් කර ඇති එම මන්දිර වල, ඔහුගේම ස්වකීය ක්‍රියාවන්ට අනුව, ඔහුගේම ස්වකීය ආධිපත්‍යය ලබන්නේය;

112 තවද ඔවුන් මහෝත්තම වූ තැනැන්වහන්සේගේ සේවකයන් වන්නෝය; එහෙත් දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ වසන, අවසානයක් නොමැති එම ලෝකයන්ට ඔවුන්ට පැමිණිය නොහැකි වන්නෝය.

113 අප දුටුවා වූ එම දර්ශනයේ අවසානය මෙය වේ, එය අප තවමත් ආත්මයාණන් තුළ සිටියදීම ලිවීමට අපට ආඥා කෙරිණි.

114 නමුත් ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාරය, තවද උන්වහන්සේ අපට පෙන්වූ උන්වහන්සේගේ රාජ්‍යයේ අභිරහස්, ඒවා මහිමය තුළ සෑම තේරුම්ගැනීමක්මද, තවද බලයද, තවද ආධිපත්‍යයද පසුකර යන්නේය;

115 අප තවමත් ආත්මයාණන් තුළ සිටියදී එම දේවල් අප ලිවිය නොයුතු බව උන්වහන්සේ ආඥා කළ සේක; තවද ඒවා නීතිය අනුව මනුෂ්‍යයෙකු ප්‍රකාශ නොකළ යුතු වන්නේය;

116 ඒවා දැනගැනීමට සැලැස්වීමට මනුෂ්‍යයාට හැකියාවක් නොමැත්තේය, මක්නිසාද ඒවා දැකිය සහ තේරුම්ගත හැක්කේ, උන්වහන්සේ ප්‍රේම කරන සහ උන්වහන්සේ ඉදිරියේ ඔවුන්වම පවිත්‍ර කරගන්නාවූ අයවළුන්ට දෙවියන්වහන්සේ දානය කරන, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින් පමණි;

117 එනම් ඔවුන් උදෙසා දැකීමට සහ තේරුම්ගැනීමට උන්වහන්සේ විසින් මෙම වරප්‍රසාදය ලබාදෙන අයවළුන්ටය;

118 එනම් ආත්මයාණන්වහන්සේගේ බලය සහ එළිදරව් වීම තුළින්, මාංශයෙන් යුතුව සිටියදීම, ඔවුන්ට මහිමාන්විත ලෝකය තුළ උන්වහන්සේගේ අභිමුඛය දැරීමට හැකිවන පිණිසය.

119 තවද දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන් හට මහිමයද, තවද ගෞරවයද, තවද ආධිපත්‍යයද සදාකාලයෙන් සදාකාලයට වේවා. ආමෙන්.