ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 77


77 වන කොටස

1832 මාර්තු පමණ, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා හට දෙනු ලැබූ එළිදරව්වකි. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි, “ශුද්ධලියවිලි පරිවර්තනය සම්බන්ධව, ශුද්ධ වූ යොහාන්ගේ එළිදරව්ව පිළිබඳව මට පහත පැහැදිලි කිරීම ලැබුණි.”

1–4, මෘගයන්ට ආත්මයන් ඇත්තේය තවද සදාකාලික ප්‍රීතියකින් වාසය කරනු ඇත; 5–7, මෙම පොළොවට අවුරුදු 7,000 ක තාවකාලික පැවැත්මක් ඇත; 8–10, විවිධ දේවදූතයන් ශුභාරංචිය නැවත පිහිටුවමින් පොළොව මත දේවසේවය කරන්නෝය; 11, 144,000 ක මුද්‍රා කිරීම; 12–14, ක්‍රිස්තුස්වහන්සේ වසර හත්දහස ආරම්භයේ පැමිණෙන සේක; 15, අනාගතවක්තෘවරුන් දෙදෙනෙක්ව යුදෙව් ජාතිය වෙතින් නැගිටුවනු ඇත.

1 ප්‍ර. එළිදරව් 4 වන පරිච්ඡේදයේ, සහ 6 වන පදයේ යොහාන් විසින් සඳහන් කරන වීදුරු සමුද්‍රය කුමක්ද?උ. එය පරිශුද්ධ, අමරණීය තවද සදාකාලික ස්වභාවයේ වන පොළොව වන්නේය.

2 ප්‍ර. එම පදයේම සඳහන්, සත්වයන් සතරදෙනා මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. ඒවා එළිදරව් කරන්නා වන යොහාන්, මගින් දෙවියන්වහන්සේගේ පාරාදීසය වූද, මනුෂ්‍යයාගේ සහ මෘගයන්ගේද, තවද බඩගායන සත්වයන්ගේ සහ අහසේ පක්ෂීන්ගේ ප්‍රීතිය වූද, ස්වර්ගය විස්තර කරන සංකේතාත්මක ප්‍රකාශන වේ; තවද එනම් ඒවා තාවකාලික ආකාරයට තිබෙන ආත්මික දේවල් වන්නේය; තවද එනම් ඒවා ආත්මික ආකාරයට තිබෙන තාවකාලික දේවල්ද වන්නේය; මනුෂ්‍යයාගේ ආත්මය ඔහුගේ ශරීරාකාරයට සමාන වන්නේය, මෘගයාගේ ආත්මයද, තවද දෙවියන්වහන්සේ විසින් මවන ලද එම වෙනත් සියලු සතුන්ද එසේම වන්නේය.

3 ප්‍ර. මෘගයන් සතරදෙනා යම් විශේෂිත මෘගයන්ට සීමා වී ඇත්ද, නැතිනම් ඔවුන් වර්ගයක් හෝ පෙළපතක් නියෝජනය කරන්නේද?උ. ඔවුන්ගේ සදාකාලික ප්‍රීතියෙහි වින්දනය තුළ, ඔවුන්ට නියම වූ අනුපිළිවෙලෙහි හෝ මැවීමේ ක්ෂේත්‍රය තුළ, ජීවීන් වර්ගයන්ගේ මහිමය නියෝජනය කිරීමට, යොහාන්ට පෙන්වනු ලැබූ ඔවුන් වෙනස් මෘගයන් සතරදෙනෙකුට සීමා වන්නේය.

4 ප්‍ර. එම මෘගයන්ට තිබූ ඇස් සහ පියාපත් මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. ඔවුන්ගේ ඇස් ආලෝකය සහ දැනුම නියෝජනය කරන්නේය, එනම්, ඔවුන් දැනුමෙන් පිරිපුන්ය; තවද ඔවුන්ගේ පියාපත්, ගමන් කිරීමට, ක්‍රියා කිරීමට, සහ තවත් දේ සඳහා බලය නියෝජනය කරන්නේය.

5 ප්‍ර. යොහාන් විසින් සඳහන් කරන, වැඩිහිටියන් විසිහතරදෙනා මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. යොහාන් දුටු මෙම වැඩිහිටියන්, දේවසේවා කාර්යයේ ඇදහිලිවන්ත වූ, තවද මරණයට පත්වූ, සභාවන් සතට අයිති වූ, තවද ඉන්පසු දෙවියන්වහන්සේගේ පාරාදීසයේ සිටියාවූ; වැඩිහිටියන් බව අපි තේරුම්ගත යුතු වන්නෙමු.

6 ප්‍ර. යොහාන් දුටු එම පිටත මුද්‍රා සතක් මගින් මුද්‍රා කෙරූ, පොත මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. එළිදරව් කරනු ලැබුවා වූ දෙවියන්වහන්සේගේ කැමැත්ත, අභිරහස් සහ ක්‍රියාවන්; වසර හත්දහසක එහි අඛණ්ඩ පැවැත්ම, හෝ එහි තාවකාලික පැවැත්ම අතරතුර, උන්වහන්සේගේ පරිපාලනයේ සැඟවුණු දේවල්, එහි ඇතුළත් බව අ තේරුම්ගත යුතු වන්නෙමු.

7 ප්‍ර. එය මුද්‍රා කරනු ලැබුවාවූ මුද්‍රා හත මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. එම ප්‍රථම මුද්‍රාවෙහි ඇතුළත් වන්නේ පළමු වසර දහස සම්බන්ධ දේවල් බව අපි තේරුම්ගත යුතුය, තවද දෙවැන්නද එසේම දෙවන වසර දහස සම්බන්ධවය, තවද මේ ආකාරයෙන් සත්වැන්න දක්වා එලෙසම වන්නේය.

8 ප්‍ර. එළිදරව් හි 7 වන පරිච්ජේදයේ 1 වන පදයේ සඳහන්, දේවදූතයන් සතරදෙනා මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. ඔවුන්, ජීවිතය ගැලවීමට හෝ විනාශ කිරීමට, පොළොවේ කොටස් සතර මත බලය දෙනු ලැබූ, දෙවියන්වහන්සේ විසින් පෙරට යවන ලද දේවදූතයන් සතරදෙනා බව අපි තේරුම්ගත යුතු වන්නෙමු; ඔවුන්, ස්වර්ගයන් වෙතින් එළිදරව් පැමිණීම අවහිර කිරීමට, මතු ජීවිතය සඳහා මුද්‍රා කිරීමට, හෝ අන්ධකාරයේ ප්‍රදේශයන් වෙත පහත හෙලීමට බලය ඇති; සියලු ජාතීන්ටත්, ගෝත්‍රයන්ටත්, භාෂාවන්ටත්, තවද සෙනඟටත් කැපකිරීමට සදාකාලික ශුභාරංචිය ඇති මොවුන්ය.

9 ප්‍ර. එළිදරව් 7 වන පරිච්ඡේදයේ 2 වන පදයේ, නැගෙනහිරෙන් නැගී එන දේවදූතයා මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. නැගෙනහිරින් නැගී එන එම දේවදූතයා, ඉශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස මත ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව දෙනු ලැබූ ඔහු බව අපි තේරුම්ගත යුතු වන්නෙමු; එසේහෙයින්, ඔහු සදාකාලික ශුභාරංචිය ඇත්තාවූ දේවදූතයන් සතරදෙනා වෙතට මෙසේ කියමින්, මොරගසන්නේය; අපගේ දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා තබන තුරු පොළොවටවත්, මුහුදටවත්, ගස් වලටවත් අනතුරු නොකරන්න. තවද, එය නුඹ ලබන්නේ නම්, මේ, ඉශ්‍රායෙලයේ ගෝත්‍රයන් එක්රැස් කරන්නට සහ සියලුම දේවල් නැවත පිහිටුවීමට පැමිණීමට නියමිතව තිබූ එලියාය.

10 ප්‍ර. මෙම පරිච්ඡේදයේ සඳහන් දේවල් සම්පූර්ණ වන්නේ කුමන කාලයේද?උ. ඒවා සම්පූර්ණ වන්නේ වසර හයදහස තුළදීය, හෝ හයවන මුද්‍රාව විවෘත වීමේදීය.

11 ප්‍ර. සෑම ගෝත්‍රයකින්ම දොළොස්දහසක් ලෙස—ඉශ්‍රායෙලයේ සියලු ගෝත්‍ර වලින්, එක්ලක්ෂ හතලිස්-හතර දහසක් මුද්‍රා තැබීම යන්නෙන් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. එම මුද්‍රා කර ඇති අයවළුන්, සදාකාලික ශුභාරංචියට සේවය කිරීමට, දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ ආකාරය වෙතට නියම කරනු ලැබ ඇති, උත්තම පූජකවරුන් බව අපි තේරුම්ගත යුතු වන්නෙමු; මක්නිසාද මොවුන්, කුළුඳුලාණන්ගේ සභාවට පැමිණෙන බොහෝදෙනා ගෙන ඒමට, පොළොවේ ජාතීන් මත බලය ලබාදී ඇති එම දේවදූතයන් මගින්, සියලු ජාතීන්ගෙන්, ගෝත්‍රයන්ගෙන්, භාෂාවන්ගෙන්, තවද සෙනඟ අතරින් නියම කර ඇති ඔවුන්ය.

12 ප්‍ර. එළිදරව් 8 වන පරිච්ඡේදය සඳහන් කරන, හොරණෑවන් ශබ්ද කිරීම මගින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. දෙවියන්වහන්සේ ලෝකය සෑදුවේ දවස් සයකින් බවත්, තවද උන්වහන්සේ සත්වන දවසේ උන්වහන්සේගේ කාර්යය අවසන් කොට, තවද එය පරිශුද්ධ කළ බවත්, තවද එසේම පොළොවේ දුහුවිල්ලෙන් පිටතට මනුෂ්‍යයාව මැවූ බවත්, ඒ ආකාරයෙන්ම, වසර සත්දහස ආරම්භයේදීම ස්වාමින් වූ දෙවියන්වහන්සේ පොළොව පරිශුද්ධ කොට, තවද මනුෂ්‍යයාගේ ගැලවීම සම්පූර්ණ කොට, තවද සියලු දේවල් විනිශ්චය කොට, සියලු දේවලම අවසානයට, සියලුම දේවල් උන්වහන්සේ මුද්‍රා කරන විට, උන්වහන්සේ විසින් උන්වහන්සේගේ බලයට පත් නොකළ දේ හැර, තවද සියලු දේවල් මුදවා ගන්නා බවත් අපි තේරුම්ගත යුතු වන්නෙමු; තවද දේවදූතයන් සත්දෙනාගේ හොරණෑවන්ගේ ශබ්දය නම්, උන්වහන්සේගේ පැමිණීමේ කාලයට පෙර මාර්ගය පිළියෙල කරන—වසර සත්දහස ආරම්භයේ, උන්වහන්සේගේ කාර්යයේ සූදානම් කිරීම සහ අවසාන කිරීම වන්නේය.

13 ප්‍ර. එළිදරව් 9 වන පරිච්ඡේදයේ ලියවී ඇති දේවල්, සම්පූර්ණ විය යුතු වන්නේ කවදාද?උ. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර, සත්වන මුද්‍රාව විවෘත කළ පසු ඒවා සම්පූර්ණ වන්නේය.

14 ප්‍ර. එළිදරව් 10 වන පරිච්ජේදයේ සඳහන් වන, යොහාන් විසින් කාදමනු ලැබූ කුඩා පොතින් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. ඉශ්‍රායෙල් ගොත්‍රයන් රැස්කරගැනීම උදෙසා ඔහුට එය, ධර්මදූතයක් බවත්, තවද නියෝගයක් බවත් අපි තේරුම්ගත යුතු වන්නෙමු; බලන්න, එය ලියා තිබෙන ලෙස, සියලු දේවල් නැවත පිහිටුවීමට පැමිණිය යුතුම වන, මොහු එලියාය.

15 ප්‍ර. එළිදරව් 11 වන පරිච්ඡේදය තුළ, සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් අපි තේරුම්ගත යුත්තේ කුමක්ද?උ. තවද ඔවුන්ගේ පියවරුන්ගේ දේශයේදී රැස්ව යෙරුසලම නගරය ගොඩනැගූ පසු යුදෙව්වරුන්ට අනාවැකි කීමටත්, තවද නැවත පිහිටුවන කාලය වන විටදී, ඔවුන් යුදෙව් ජාතිය වෙතට අවසන් දවස් වලදී නැගිටුවනු ලබන අනාගතවක්තෘවරුන් දෙදෙනාය.