ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 80


80 වන කොටස

1832 මාර්තු 7, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ස්ටෙෆන් බර්නෙට් හට දෙනු ලැබූ එළිදරව්වකි.

1–5, ඔවුන් තෝරාගන්නා කුමනාකාර ස්ථානයක දේශනා කිරීමට ස්ටෙෆන් බර්නෙට් සහ ඊඩ්න් ස්මිත්ව කැඳවනු ලබයි.

1 සැබවක්, මාගේ සේවක ස්ටෙෆන් බර්නෙට් හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ යන්න, ලෝකය වෙතට යන්න තවද නුඹගේ හඬේ ශබ්දය යටතට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුටම ශුභාරංචිය දේශනා කරන්න.

2 තවද සහකාරයෙකු උදෙසා නුඹ ආශාවන පමණකින්, මම මාගේ සේවක ඊඩන් ස්මිත්ව නුඹ හට දෙන්නෙමි.

3 එසේහෙයින්, නුඹලා යන්න තවද මාගේ ශුභාරංචිය දේශනා කරන්න, උතුරට හෝ දකුණට වුවත්, නැගෙනහිරට හෝ බටහිරට වුවත්, එය කාරණයක් නොවන්නේය, මක්නිසාද නුඹලාට වරදක් නොවන්නේය.

4 එසේහෙයින්, නුඹලා විසින් අසන ලද එම දේවල් ප්‍රකාශ කරන්න, තවද සැබවින්ම විශ්වාස කරන්න, තවද සත්‍ය බව දැනගන්න.

5 බලන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, නුඹලාගේ ගැලවුම්කරුවාණන්, නුඹලාව කැඳවා ඇති උන්වහන්සේගේ කැමැත්ත ‍මෙය වන්නේය. ආමෙන්.