ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 82


82 වන කොටස

1832 අප්‍රියෙල් 26, ඉන්ඩිපෙන්ඩන්ස්, ජැක්සන් ප්‍රාන්තය, මිසුරි හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම අවස්ථාව සභාවේ උත්තම පූජකයන්ගේ හා වැඩිහිටියන්ගේ මන්ත්‍රණ සභාවක් විය. මෙම මන්ත්‍රණ සභාවේදී, ජෝසෆ් ස්මිත්ව උසස් පූජකවරයේ සභාපති ලෙස තහවුරු කරන ලදි, එම තනතුරට මීට පෙර 1832 ජනවාරි 25, ඇම්හර්ස්ට් ඔහායෝ හිදී, පැවති උත්තම පූජකවරුන්, වැඩිහිටියන් හා සාමාජිකයින්ගේ සම්මන්ත්‍රණයකදී ඔහුව උසස් පූජකත්වයේ සභාපතිවරයා ලෙස වෙන්කරන ලදව තිබුණි (75 වන කොටසේ ශීර්ෂය බලන්න). සභාවේ වෙළඳාම සහ ප්‍රකාශන ප්‍රයත්නයන් පාලනය කිරීම සඳහා—එක්සත් සමාගම ලෙස හැඳින්වෙන (ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ “සමාගම” යන පදය පසුව “සැලසුම” ලෙස වෙනස් විය)—ආයතනයක් පිහිටුවීම සඳහා කලින් කළ එළිදරව්වේ (78 වන කොටසේ) දී ඇති උපදෙස් මෙම එළිදරව්වේ යළිත් අවධාරණය කරයි.

1–4, බොහෝ ලෙස දෙනු ලබන්නේද, බොහෝ ලෙස බලාපොරොත්තු වනු ලබන්නේය; 5–7, අන්ධකාරය ලෝකය තුළ රජ කරන්නේය; 8–13, උන්වහන්සේ කියන දේ අප කරන විට ස්වාමින්වහන්සේ බැඳී ඇත්තේය; 14–18, සයොනය අලංකාරයෙන් සහ ශුද්ධත්වයෙන් වර්ධනය වන්නේය; 19–24, සෑම මිනිසෙකුම තම අසල්වැසියාගේ සුභසාධනය සෙවිය යුතුය.

1 සැබවක්, සැබවක්, මාගේ සේවකයෙනි, මම නුඹලා හට පවසන්නෙමි, එනම් එපමණකින් නුඹලා නුඹලාගේ වැරදි වලට එකිනෙකාට කමා වන්නේ නම්, ස්වාමින්වහන්සේ වන, මම, එලෙසම නුඹලාට කමා වන්නෙමි.

2 එසේවුවද, එහි නුඹලා අතරෙහි බොහෝ ලෙස පාපයෙහි යෙදුනවුන් සිටින්නෙහිය; එසේය, නුඹලා සියල්ලන් වුවත් පාපයෙහි යෙදී ඇත්තෝය; එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙතැන් සිට සැලකිලිමත් වන්න, නුඹලාගේ හිස් මත දරුණු විනිශ්චය නොවැටෙන පිණිස, තවද පාපයෙන් වැළකී සිටින්න.

3 මක්නිසාද බොහෝ ලෙස දී ඇති කවරෙකුගෙන් වුවද ඔහුගෙන් බොහෝ ලෙස බලාපොරොත්තු වනු ලබන්නේය; තවද මහත් වූ ආලෝකයට විරුද්ධව පව් කරන කවරෙකුව වුවද ඔහුව මහත් සේ හෙළාදකිනු ලබන්නේය.

4 නුඹලා එළිදරව් උදෙසා මාගේ නාමයට හඬගසන්නෝය, තවද මම නුඹලාට ඒවා දෙන්නෙමි; තවද එපමණකින් මම නුඹලාට දෙනු ලබන එම, මාගේ කීම් නුඹලා නොපිළිපදින්නේද, නුඹලා වරදකරුවන් බවට පැමිණෙන්නෝය; තවද යුක්තිය සහ විනිශ්චය මාගේ නීතියට සම්බන්ධ වී ඇති දඬුවම වන්නේය.

5 එසේහෙයින්, මම එක්කෙනෙකු හට කුමක් පවසන්නේද මම සියල්ලන්ටම පවසන්නෙමි: අවදිව සිටින්න, මක්නිසාද විරුද්ධකාරයා ඔහුගේ ආධිපත්‍ය විහිදුවන්නේය, තවද අන්ධකාරය රජකම් කරන්නේය;

6 තවද දෙවියන්වහන්සේගේ කෝපය පොළොවේ පදිංචිකරුවන්ට විරුද්ධව ඇවිලෙන්නේය; තවද කිසිවෙකු යහපත නොකරන්නේය, මක්නිසාද සියල්ලෝ මාර්ගයෙන් පිටතට ගොස් ඇත.

7 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා මත පාපයන් කිසිවක් නොතබන්නෙමි; නුඹලාගේ මාර්ගයන්හි යන්න තවද පව් නොකරන්න; එහෙත් පාපයෙහි යෙදෙන්නාවූ එම ප්‍රාණය වෙතට පැරණි පාපයන්ද හැරී එන්නේ යැයි, ස්වාමින් වූ නුඹලාගේ දෙවියන්වහන්සේ පවසන සේක.

8 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා සම්බන්ධව මාගේ කැමැත්ත නුඹලා තේරුම්ගන්නා පිණිස, මම නුඹලා හට නව ආඥාවක් දෙන්නෙමි;

9 නැතහොත්, වෙනත් වචන වලින්, නුඹලා මා ඉදිරියේ කෙසේ ක්‍රියා කළයුතු වන්නේදැයි මම නුඹලා හට මගපෙන්වීම් දෙන්නෙමි, එනම් එය නුඹලාගේ ගැලවීම උදෙසා හැරී එන පිණිස වන්නේය.

10 මම පවසන්නාවූ දේ නුඹලා කරන විට, ස්වාමින්වහන්සේ වන, මම, බැඳී ඇත්තෙමි; එහෙත් මම පවසන්නාවූ දේ නුඹලා නොකරන විට, නුඹලාට පොරොන්දුවක් නොමැත්තේය.

11 එසේහෙයින්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් සහ නිවෙල් කේ. විට්නි, ඒ. සිඩ්නි ගිල්බර්ට් සහ සිඩ්නි රිග්ඩන්, සහ මාගේ සේවක ජෝසෆ් ස්මිත්, සහ ජෝන් විට්මර් සහ ඔලිවර් කවුඩ්‍රි, සහ ඩබ්. ඩබ්. ෆෙල්ප්ස් සහ මාර්ටින් හැරිස්, නුඹලාගේ විවිධ භාරකාරත්වයන් තුළ, විනිශ්චය ක්ෂණයකින් පැමිණෙන්නේ නම් මිස, එනම් එය වරදකින් බිඳිය නොහැකි බැඳීමක් සහ ගිවිසුමක් මගින් බැඳීමකට එක්වීම යෝග්‍ය වන්නේය—

12 එනම් ඒ සයොන දේශයේ සහ කර්ට්ලන්ඩ් දේශයේ යන දෙකෙහිම සභාපතිත්වයේ සියලු දේවල් සම්බන්ධව සහ, දුප්පතුන්ගේ කාරණාවන් පාලනය කිරීමටය;

13 මක්නිසාද මම කර්ට්ලන්ඩ් දේශය මාගේ ස්වකීය කාලයේදී මහෝත්තම වූ තැනැන්වහන්සේගේ ශුද්ධවන්තයන්ගේ යහපත උදෙසා, සහ සයොනයේ ස්ටේකයක් උදෙසා කැප කළෙමි.

14 මක්නිසාද සයොනය අලංකාරයෙන්ද, තවද ශුද්ධත්වයෙන්ද වර්ධනය විය යුතුය; ඇයගේ සීමාවන් විශාල විය යුතු වන්නේය; ඇයගේ කූඥයන් සවිමත් විය යුතු වන්නේය; එසේය, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, සයොනය නැගී සිටිමින් ඇයගේ අලංකාර වස්ත්‍ර පැලඳගත යුතුම වන්නේය.

15 එසේහෙයින්, මම නුඹලා හට මෙම ආඥාව දෙන්නෙමි, එනම් නුඹලා මෙම ගිවිසුම මගින් බැඳී සිටින්නෙහුය, තවද එය සිදුකරනු ලබන්නේ ස්වාමින්වහන්සේගේ නීතීන්ට අනුවය.

16 බලන්න, ප්‍රඥාව මෙහිය එසේම මා තුළය ඒ නුඹලාගේ යහපත උදෙසාය.

17 තවද නුඹලා එක සමාන වියයුතු වන්නෝය, නැතහොත් වෙනත් වචන වලින්, සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ උවමනාවන් සහ ඔහුගේ අවශ්‍යතාවයන්ට අනුව, එපමණකින් ඔහුගේ උවමනාවන් ධර්මිෂ්ඨ වන්නේ නම්, මක්නිසාද නුඹලාගේ භාරකාරත්වයේ කාරණා කළමනාකාරිත්වය ප්‍රයෝජනය උදෙසා, නුඹලාට දේපළ වලට සමාන අයිතියක් ඇත—

18 තවද මෙම සියල්ල ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවේ ප්‍රයෝජනය උදෙසාය, එනම් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ දීමනාවේ වර්ධනය වන පිණිසය, එනම් සෑම මනුෂ්‍යයෙකුම වෙනත් දීමනාවන්ද ලබාගෙන, එසේය, සිය ගුණයකින් වුවත්, ස්වාමින්වහන්සේගේ ගබඩා ගෘහයට දැමීමටය, එනම් එය මුළු සභාවටම පොදු දේපළක් වීමටය—

19 සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අසල්වැසියාගේ උවමනාවන් සොයමින්, තවද සියලු දේවල් දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව ක්‍රියා කිරීමටය.

20 නුඹලා පව් නොකරන තුරු, මෙම නියමය මම නුඹලා වෙතට සහ නුඹලාගේ අනුප්‍රාප්තිකයන් වෙතට සදාකාලික නියෝගයක්ව පත්කරන්නේය.

21 තවද මෙම ගිවිසුමට විරුද්ධව පව් කරන ප්‍රාණය, තවද එයට විරුද්ධව ඔහුගේ හදවත දැඩි කරගන්නේද, මාගේ සභාවේ නීතීන්ට අනුව කටයුතු කරනු ඇත, තවද මිදීමේ දවස වනතුරු සාතන්ගේ පීඩාවන්ට වෙතට දෙනු ලබන්නේය.

22 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙය ප්‍රඥාව වන්නේය, නුඹලා අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් ඇතිකරගන්න, තවද ඔවුන් නුඹලාව විනාශ නොකරනු ඇත.

23 විනිශ්චය මා සමඟ පමණක් තබන්න, මක්නිසාද එය මාගේය තවද මම නැවත ගෙවන්නෙමි. සාමය නුඹලා සමඟ වේවා; මාගේ ආශිර්වාදයන් නුඹලා සමඟ දිගටම පවතීවා.

24 මක්නිසාද නුඹලා නුඹලාගේ ස්ථිරත්වය වෙතින් නොවැටුනහොත්, එම රාජ්‍යය වුවත් නුඹලාගේ වන්නේය, තවද සදාකාලයටමය. එය එසේම වන්නේය. ආමෙන්.