ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 84


84 වන කොටස

1832 සැප්තැම්බර් 22 සහ 23, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. සැප්තැම්බර් මාසයේදී, වැඩිහිටියන් ඔවුන්ගේ නැගෙනහිර ප්‍රාන්ත වල ධර්මදූත සේවයෙන් නැවත හැරී එන්නට ආරම්භ කර තවද ඔවුන්ගේ වෙහෙසවීම් වල වාර්තාවන් කළහ. ඔවුන් එක්ව සිටි මෙම ප්‍රමෝදිත කාලයේදී පහත නිවේදනය ලැබිණි. අනාගතවක්තෘවරයා එය පූජකවරය පිළිබඳ එළිදරව්වක් ලෙස සටහන් කළේය.

1–5, නව යෙරුසලම සහ දේවමාළිගාව මිසුරි හි ගොඩනගනු ලබන්නේය; 6–17, මෝසෙස්ගේ සිට ආදම් දක්වා පූජකවරයේ පෙළපත දෙනු ලැබේ; 18–25, උසස් පූජකවරය දෙවියන්වහන්සේගේ දැනුමේ යතුරු දරන්නේය; 26–32, සුළු පූජකවරය දේවදූතයන්ගේ දේවසේවයේ යතුරු සහ ශුභාරංචිය සූදානම් කිරීමේ යතුරු දරන්නේය; 33–44, මනුෂ්‍යයෝ පූජකවරයේ දිව්රීම් සහ ගිවිසුම් තුළින් සදාකාල ජීවනය ලබාගනිති; 45–53, ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය මනුෂ්‍යයාව ආලෝකමත් කරන්නේය, තවද ලෝකය පාපයේ වැතිර ඇත්තේය; 54–61, ශුද්ධවන්තයන් ඔවුන්ට ලැබුනාවූ එම දේවල් ගැන සාක්ෂි දැරිය යුතුය; 62–76, ඔවුන් ශුභාරංචිය දේශනා කළ යුතුය, තවද ඔවුන්ට සලකුණු ලැබෙන්නේය; 77–91, වැඩිහිටියෝ පසුම්බියක් හෝ මල්ලකින් තොරව පෙරට යන්නෝය, තවද ස්වාමින්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන සේක; 92–97, ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් වසංගත සහ ශාප බලා සිටියි; 98–102, සයොනය මිදීමේ නව ගීතය දෙනු ලැබේ; 103–110, සෑම මනුෂ්‍යයෙකුටම ඔහුගේ ස්වකීය තනතුරෙහි සිටිමින් තමාගේ කැඳවීමේ කටයුතු කරන්නට සලස්වන්න; 111–120, ස්වාමින්වහන්සේගේ සේවකයෝ අවසන් දවස් වල පාළුකරන පිළිකුල්කම් ප්‍රකාශ කළ යුතු වන්නෝය.

1 ඔවුන් ඔවුන්ගේ හදවත් ඔසවමින් එමෙන්ම ඔවුන්ගේ හඬ ඉහළට එසවූ විට, උන්වහන්සේගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ වැඩිහිටියන් හයදෙනා වෙතට වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වකි.

2 එසේය, එය උන්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කතා කොට ඇති පරිදි, උන්වහන්සේගේ ජනතාවගේ නැවත පිහිටුවීම සඳහා අවසාන දවස් වල ස්ථාපිත කරන ලද උන්වහන්සේගේ සභාව සම්බන්ධයෙන්, සහ නව යෙරුසලම නගරය බවට පත්වන, සයොන කන්දේ නැගී සිටීමට උන්වහන්සේගේ ශුද්ධවන්තයින්ව එක්රැස් කරවීමට වූ උන්වහන්සේගේ වචනයයි.

3 එම නගරය ගොඩනගනු ලබන්නේ, ස්වාමින්වහන්සේගේ ඇඟිල්ල මගින් පෙන්වනු ලබන, තවද ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ සහ ස්වාමින්වහන්සේ ඉතාමත් ප්‍රසන්න වන අනෙක් අයගේ අතින් කැපකරනු ලැබෙන, මිසුරි ජනපදයේ බටහිර සීමාවන් තුළ වූ, දේවමාළිගා භූමියෙන් ආරම්භ කිරීමෙන්ය.

4 සැබවක් ස්වාමින්වහන්සේගේ වචනය මෙය වන්නේය, මෙම පරම්පරාව තුළ ගොඩනැගෙන මෙම දේවමාළිගාව, තවද එම දේවමාළිගාවේ ස්ථානය වුවත් වන, මෙම ස්ථානයෙන් ආරම්භ කරනු ලැබ, ශුද්ධවන්තයින් එක්රැස් කිරීම මගින් මෙම නව යෙරුසලම ගොඩනැගිය යුතු වන්නේය.

5 මක්නිසාද සැබවක් ස්වාමින්වහන්සේ වෙතට නිවසක් සාදන තුරු මෙම පරම්පරාව පහව නොයන්නේය, තවද එය මත වලාකුළක් නවතින්නේය, එම වලාකුළ ස්වාමින්වහන්සේගේ මහිමය වුවත් වන්නේය, එය එම නිවස පුරවන්නේය.

6 තවද මෝසෙස්ගේ පුත්‍රයන්, උසස් පූජකවරයට අනුව එය ඔහුගේ මාමන්ඩිය වූ, යෙත්‍රෝගේ හස්තයෙන් ලැබීය;

7 තවද යෙත්‍රෝ එය ලැබූයේ කාලෙබ්ගේ හස්තය යටතෙනි;

8 තවද කාලෙබ් එය ලැබූයේ එලීහුගේ හස්තය යටතෙනි;

9 තවද එලීහු යෙරෙමියාගේ හස්තය යටතෙනි;

10 තවද යෙරෙමියා ගාද්ගේ හස්තය යටතෙනි;

11 තවද ගාද් එසායස්ගේ හස්තය යටතෙනි;

12 තවද එසායස් එය ලැබූයේ දෙවියන්වහන්සේගේ හස්තය යටතෙනි.

13 එසායස් ජීවත්වූයේද ආබ්‍රහම්ගේ දවස් වලදීය, තවද ඔහුගෙන් ආශිර්වාද ලද්දේය—

14 එම ආබ්‍රහම් පූජකවරය ලැබූයේ මෙල්කිසදෙක් පූජකවරයා තුළින්ය, ඔහු එය ලැබූයේ නෝවා දක්වා වූ, ඔහුගේ පියවරුන්ගේ පෙළපත තුළින්ය;

15 තවද ඔවුන්ගේ පියවරුන්ගේ පෙළපත තුළින්, නෝවා වෙතින් ඊනොක් දක්වාය;

16 තවද ඊනොක් වෙතින් ආබෙල් දක්වාය, ඔහුගේ සහෝදරයාගේ කුමන්ත්‍රණයක් මගින් මරනු ලැබූවේ ඔහුවය, ඔහු එම පූජකවරය ලැබූයේ දෙවියන්වහන්සේගේ ආඥාවන් මගින්ය, තවද පළමු මනුෂ්‍යයා වූ, ඔහුගේ පියාවූ ආදම්ගේ හස්තයෙන්ය—

17 එම පූජකවරය දෙවියන්වහන්සේගේ සභාව තුළ සියලු පරම්පරාවන්හි පවතින්නේය, තවද එයට ආරම්භයක දවස් හෝ වසර වල අවසානයක් නොමැත්තේය.

18 තවද ස්වාමින්වහන්සේ ආරොන් සහ ඔහුගේ වංශය මත, එසේම ඔවුන්ගේ සියලු පරම්පරාවන් මත පූජකවරයක් පිහිටුවන ලදි, එම පූජකවරය දෙවියන්යන්වහන්සේගේ ශුද්ධ වූ පිළිවෙලට අනුව එම පූජකවරය සමඟ එසේම පවතිමින් සදාකාලයටම රැඳී පවතින්නේය.

19 තවද මෙම උසස් පූජකවරය ශුභාරංචිය ක්‍රියාවෙහි යොදවන්නේය, තවද දෙවියන්වහන්සේගේ දැනුමේ එම යතුර මෙන්ම, රාජ්‍යයේ අභිරහස් වල යතුරද දරන්නේය.

20 එසේහෙයින්, එහිවූ නියෝගයන්ට අනුව, දේවත්වයේ බලය එළිදරව් කරනු ලබන්නේය.

21 තවද එහිවූ නියෝගයන් සහ පූජකවරයේ අධිකාරිත්වය නොමැතිව, මාංශයෙන් යුත් මනුෂ්‍යයන් වෙතට දේවත්වයේ බලය එළිදරව් නොකරන්නේය;

22 මක්නිසාද මෙයින් තොරව කිසිම මනුෂ්‍යයෙකුට පියාණන් වූ, දෙවියන්වහන්සේගේ මුහුණ දැක, තවද ජීවත් විය නොහැක.

23 දැන් මෝසෙස් වනාන්තරයේදී ඉශ්‍රායෙල් දරුවන්ට මෙය පැහැදිලිව උගන්වමින්, තවද එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ මුහුණ දකින පිණිස ඔහුගේ ජනතාව පරිශුද්ධ කිරීමට උද්යෝගයෙන් සෙවීය;

24 එහෙත් ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩිකරගත් නිසා තවද උන්වහන්සේගේ අභිමුඛත්වය දරාගැනීමට නොහැකි විය; එසේහෙයින්, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කෝපයෙන්, මක්නිසාද උන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිලී, එනම් ඔවුන් වනාන්තරයේ සිටියදී උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු යුතු නොවීමට දිවුරන ලදි, එම විශ්‍රාමය උන්වහන්සේගේ මහිමයේ සම්පූර්ණත්වයය.

25 එසේහෙයින්, උන්වහන්සේ ඔවුන්ගේ මධ්‍යයෙන් මෝසෙස්වද, එසේම ශුද්ධ වූ පූජකවරයද පිටතට ගත්තේය;

26 තවද සුළු පූජකවරය පැවතිණි, එම පූජකවරය දේවදූතයන්ගේ දේවසේවයද ශුභාරංචිය සූදානම් කිරීමේ යතුරද දරන්නේය;

27 එම ශුභාරංචිය පසුතැවිල්ලේද සහ බව්තීස්මයේද, තවද පව් කමාවේද ශුභාරංචියයි, තවද ලෞකික ආඥාවන්ගේ නීතියයි, දෙවියන්වහන්සේ විසින් ඔසවන ලද, ඔහුගේ මවගේ කුසෙහි පටන්ම ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණව සිටි, යොහාන් දක්වා, ඉශ්‍රායෙලයේ දරුවන් අතර ආරොන්ගේ පරම්පරාව සමඟ පවතින පිණිස ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කෝපයෙන් සැලැස්වූ එම ශුභාරංචියයි.

28 මක්නිසාද ඔහුව බව්තීස්ම කරන ලද්දේ ඔහුගේ ළදරු කාලයේදීමය, තවද මෙම බලය වෙතට ඔහුගේ වයස දවස් අටේදී දෙවියන්වහන්සේගේ දේවදුතයෙකු මගින් නියම කරනු ලැබීය, යුදෙව්වන්ගේ රාජ්‍යය පෙරලීමට සහ උන්වහන්සේගේ ජනතාවගේ මුහුණ ඉදිරියේ ස්වාමින්වහන්සේගේ මාර්ගය කෙලින් කිරීමට සහ ස්වාමින්වහන්සේගේ පැමිණීමට ඔවුන්ව සූදානම් කිරීම උදෙසා උන්වහන්සේගේ හස්තයෙන් සියලු බලය දෙන ලද්දේය.

29 තවද නැවතත්, වැඩිහිටියා සහ සභානායකවරයාගේ තනතුරු උසස් පූජකවරය වෙතට අයත් වූ අවශ්‍ය වූ අනුබද්ධයන් වන්නේය.

30 තවද නැවතත්, ගුරුවරයා සහ උපස්ථායකයාගේ තනතුරු, ආරොන් සහ ඔහුගේ පුතුන් මත සහතික කළා වූ, සුළු පූජකවරයේ අවශ්‍යම වූ අනුබද්ධයන් වන්නේය.

31 එසේහෙයින්, මෝසෙස්ගේ පුත්‍රයන් සම්බන්ධව මා ප්‍රකාශ කළාක් මෙන්—මක්නිසාද මෝසෙස්ගේ පුත්‍රයන් සහ එසේම ආරොන්ගේ පුත්‍රයන් ස්වාමින්වහන්සෙගේ ගෘහය තුළ පිළිගත හැකි ඔප්පු කිරීමක් සහ පූජාවක් ඔප්පු කළ යුතු වන්නෝය, එම ගෘහය මෙම පරම්පරාව ස්වාමින්වහන්සේ වෙතට, මා විසින් පත්කරන ලද කැපකරන ලද ස්ථානයෙහි ගොඩනගන්නේය—

32 තවද මෝසෙස්ගේ සහ ආරොන්ගේ පුත්‍රයන් ස්වාමින්වහන්සේගේ මහිමයෙන්, ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සයොන කන්ද මත පූර්ණ වන්නෝය, නුඹලා ඔවුන්ගේ පුත්‍රයන්ය; තවද එසේම බොහෝ අයවළුන්ව මා විසින් කැඳවා තවද මාගේ සභාව ගොඩනැගීමට පෙරට යවා ඇත්තෙමි.

33 මක්නිසාද කවරෙකු වුවත් මා විසින් එම පවසන ලද, මෙම පූජකවරයන් යුගලය අයත්කර ගැනීම වෙතට ඇදහිලිවන්ත වන්නේද, තවද ඔවුන්ගේ කැඳවීම මහිමවත් කරන්නේද, ඔවුන්ගේ ශරීරයන් ආත්මයාණන් මගින් අලුත් කරගැනීම පිණිස ඔවුන්ව පරිශුද්ධ කරනු ලබන්නේය.

34 ඔවුන් මෝසෙස්ගේ සහ ආරොන්ගේ පුත්‍රයන්ද තවද ආබ්‍රහම්ගේ වංශයද, තවද එම සභාව සහ රාජ්‍යයද තවද දෙවියන්වහන්සේගේ තෝරාගත්තවුන්ද වන්නෝය.

35 තවද එසේම මෙම පූජකවරය ලබාගන්නා ඔවුන් සියල්ලෝම මා ලබාගන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක;

36 මක්නිසාද මාගේ සේවකයන් ලබාගන්නා ඔහු මා ලබාගන්නේය;

37 තවද මා ලබාගන්නා ඔහු මාගේ පියාණන්වහන්සේව ලබාගන්නේය;

38 තවද මාගේ පියාණන්වහන්සේව ලබාගන්නා ඔහු මාගේ පියාණන්ගේ රාජ්‍යය ලබන්නේය; එසේහෙයින් මාගේ පියාණන්වහන්සේට අයත් සියල්ල ඔහු හට දෙනු ලබන්නේය.

39 තවද මෙය එම පූජකවරයට අයත් පොරොන්දුව සහ ගිවිසුමට අනුවය.

40 එසේහෙයින්, එම පූජකවරය ලැබූ එම සියල්ලෝ, මාගේ පියාණන්වහන්සේගේ මෙම පොරොන්දුව සහ ගිවිසුම ලබන්නෝය, එය උන්වහන්සේට බිඳිය නොහැකි වන්නේය, එලෙසම එය වෙනස් කළ නොහැකිද වන්නේය.

41 නමුත් කවරෙකු වුවත් මෙම ගිවිසුම ලැබුණු පසුව එය බිඳින්නේද, තවද ඒ වෙතින් සම්පූර්ණයෙන් හැරෙන්නේද, මෙම ලෝකයේ හෝ පැමිණෙන ලෝකයේ පාපයන්ට සමාවක් නොලබන්නේය.

42 තවද නුඹලා හට ලැබුණු එම පූජකවරය වෙතට නොපැමිණෙන එම සියල්ලන්ට දුක් වන්නේය, මාගේ ස්වකීය හඬින් ස්වර්ගයෙන් පිටතට, එය මම දැන් නුඹලා මත වර්තමානයේදී ස්ථිර කරන්නෙමි; තවද ස්වර්ගීය සේනාවන්ටද මාගේ දේවදූතයන්ටද නුඹලා සම්බන්ධව වුවත් මම භාරදී ඇත්තෙමි.

43 තවද මම දැන් සදාකාල ජීවනයේ වචනයන්ට උද්යෝගිමත්ව ඇහුම්කන් දීමට, නුඹලා සම්බන්ධව ප්‍රවේසම් වීමට නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

44 මක්නිසාද නුඹලා දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිටවන්නාවූ සෑම වචනයක් මගින්ම ජීවත් වනු ලබන්නෝය.

45 මක්නිසාද ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යයය, තවද සත්‍යය වූ කවරාකාර දෙයක් වුවත් ආලෝකය වන්නේය, තවද ආලෝකය වූ කවරාකාර දෙයක් වුවත් ආත්මයාණන් වන්නේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය පවා වන්නේය.

46 තවද එම ආත්මයාණන් එනම් ලෝකයට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුටම දෙනු ලබන්නේය; එනම් එම ආත්මයාණන්ගේ හඬට උවමනාවෙන් සවන්දෙන්නේද, තවද එම ආත්මයාණන් ලෝකය තුළ සෑම මනුෂ්‍යයෙකුවම ආලෝකමත් කරන්නේය.

47 තවද එම ආත්මයාණන්ගේ හඬට උවමනාවෙන් සවන්දෙන සියලුදෙනා දෙවියන්වහන්සේ වෙතට, පියාණන්වෙහන්සේ වෙතට වුවත් පැමිණෙන්නෝය.

48 තවද පියාණන්වහන්සේ ඔහුට නුඹලා මත උන්වහන්සේ නැවත අලුත් කළ සහ ස්ථිර කළ ගිවිසුම් උගන්වන්නේය, එය නුඹලා මත ස්ථිර කරන ලද්දේ නුඹලාගේ යහපත උදෙසාය, තවද නුඹලාගේ යහපත උදෙසා පමණක් නොව, එහෙත් මුළු ලෝකයේම යහපත උදෙසාය.

49 තවද මුළු ලෝකයම පාපයෙහි වැතිර සිටින්නේය, තවද අන්ධකාරය යටතේ සහ පාපයේ වහල්භාවය යටතේ කෙඳිරි ගාන්නේය.

50 තවද මේ මගින් ඔවුන් පාපයේ වහල්භාවය යටතේ බව නුඹලා දැනගන්නෝය, මක්නිසාද ඔවුන් මා වෙත පැමිණෙන්නේ නැත.

51 මක්නිසාද මා වෙත නොපැමිණෙන කවරෙකු වුවද ඔහු පාපයේ වහල්භාවය යටතේය.

52 තවද මාගේ හඬ නොලබන කවරෙකු වුවද මාගේ හඬ හඳුනන්නෙකු නොවන්නේය, තවද ඔහු මාගෙන් නොවන්නේය.

53 තවද මේ මගින් නුඹලා ධර්මිෂ්ඨයා දුෂ්ටයා වෙතින් දැනගන්නෝය, තවද එනම් මුළු ලෝකයම වර්තමානයේදී වුවත් පාපය සහ අන්ධකාරය යටතේ කෙඳිරි ගාන්නේය.

54 තවද නුඹලාගේ මනසවල් පසුවූ කාලයේ අවිශ්වාසය නිසා අන්ධකාරව තිබිණි, තවද ඒ නුඹලා හට ලැබුණු දේවල් නුඹලා පහසුවට සලකනු ලැබූ නිසාය—

55 එම නිෂ්එලත්වය සහ අවිශ්වාසය මුළු සභාවම හෙළාදැකීමකට පමුණුවා ඇත්තේය.

56 තවද මෙම හෙළාදැකීම සයොනයේ දරුවන් මත, සියල්ලන් මත වුවත්, පැවතෙන්නේය.

57 තවද ඔවුන් මොර්මොන්ගේ පොත සහ මම ඔවුන් හට දී ඇති පෙර ආඥාවන්ට වුවත්, කීමට පමණක් නොවේ, නමුත් එනම් මා විසින් ලියන ලද ආකාරයට ක්‍රියාකරමින්, එම නව ගිවිසුම සිහිපත් කරමින් ඔවුන් පසුතැවිලි වන තුරු, මෙම හෙළාදැකීමට යටත්ව පවතින්නෝය—

58 එනම් ඔවුන් ඔවුන්ගේ පියාණන්ගේ රාජ්‍යයට සුදුසු ඵල පෙරට ගෙන එන පිණිසය; එසේනොවුනහොත් සයොනයේ දරුවන් මත වත්කිරීම සඳහා එහි දඬුවමක් සහ විනිශ්චයක් පවතිනු ඇත.

59 මක්නිසාද එම රාජ්‍යයේ දරුවන් මාගේ ශුද්ධ වූ දේශය අපවිත්‍ර කරයිද? සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, නැත.

60 සැබවක්, සැබවක්, දැන් මාගේ වචන අසන්නාවූ නුඹලා හට මම පවසන්නෙමි, නුඹලා මාගේ හඬය, මෙම දේවල් නුඹලා ලබන පමණින් නුඹලා ආශිර්වාද ලද්දෝය.

61 මක්නිසාද මම නුඹලාට නුඹලාගේ පාපයන්ට මෙම ආඥාව සමඟ සමාව දෙන්නෙමි—එනම් නුඹලා හට පවසනු ලැබුවා වූ මේ දේවල් මුලු ලෝකයටම සාක්ෂි දරමින්, නුඹලාගේ මනසින් ස්ථිරව පවතිමින් යාච්ඤාවේ ආත්මයෙන් නුඹලා පැවතිය යුතු වන්නෝය.

62 එසේහෙයින්, නුඹලා මුලු ලෝකය වෙතටම යන්න; තවද නුඹලාට යෑමට නොහැකි කවරාකාර ස්ථානයකට වුවද, එනම් නුඹලා වෙතින් මුලු ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුටම එම සාක්ෂිය යන පිණිස නුඹලා එය යැවිය යුතු වන්නෝය.

63 තවද මම මාගේ ප්‍රේරිතවරුන් හට කීවාක් මෙන් වුවත්, මම නුඹලා හට පවසන්නෙමි, මක්නිසාද නුඹලා මාගේ ප්‍රේරිතයන්ය, එමෙන්ම දෙවියන්වහන්සේගේ උත්තම පූජකයන්ය; නුඹලා දෙවියන්වහන්සේ විසින් මා හට දුන් ඔවුන්ය; නුඹලා මාගේ මිත්‍රයන්ය;

64 එසේහෙයින්, මම මාගේ ප්‍රේරිතයන්ට කී ලෙස මම නැවතත් නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලාගේ වචන විශ්වාස කරන සෑම ප්‍රාණයක්ම, තවද පව් කමාව උදෙසා ජලයෙන් බව්තීස්මය ලබන්නේද, ශුද්ධාත්මයාණන්වහන්සේ ලබන්නේය.

65 තවද මෙම සලකුණු එනම් විශ්වාස කරනවුන් අනුව යන්නේය—

66 මාගේ නාමයෙන් ඔවුන් බොහෝ පුදුමාකාර ක්‍රියාවන් කරන්නෝය;

67 මාගේ නාමයෙන් ඔවුන් යක්ෂයන් දුරුකරන්නෝය;

68 මාගේ නාමයෙන් ඔවුන් අසනීප වූවන් සුවකරන්නෝය;

69 මාගේ නාමයෙන් ඔවුන් අන්ධයන්ගේ ඇස් විවෘත කරන්නෝය, තවද බිහිරන්ගේ කන් ඇරවන්නෝය;

70 තවද ගොළුවන්ගේ දිව කතා කරන්නේය;

71 තවද කිසියම් මනුෂ්‍යයකු ඔවුන් හට වස දෙන්නේද එය ඔවුන්ට අනතුරක් නොකරන්නේය;

72 තවද සර්පයන්ගේ විසට ඔවුන්ට අනතුරක් කිරීමට බලයක් නොමැත්තේය.

73 එහෙත් ආඥාවක් මම ඔවුන් හට දෙන්නෙමි, එනම් ඔවුන් මෙම දේවල් ගැන ඔවුන්වම පාරට්ටු කර නොගත යුතු වන්නෝය, එමෙන්ම ලෝකය ඉදිරියේ ඒවා ගැන කතා නොකළ යුතු වන්නෝය; මක්නිසාද මෙම දේවල් නුඹලාට දෙනු ලැබූයේ නුඹලාගේ ප්‍රයෝජනය සහ ගැලවීම උදෙසාය.

74 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, තවද එනම් ඔවුන් ශුද්ධාත්මය ලැබීම පිණිස, ඔවුන්ගේ පාපයේ ගැලවීම උදෙසා, මාගේ නාමයෙන් ජලයෙන් බව්තීස්ම නොවන, නුඹලාගේ වචන මත විශ්වාස නොකරන ඔවුන්ව, විනාශයට පත්කරනු ලබන්නේය, තවද මාගේ පියාණන් සහ මම සිටින මාගේ පියාණන්ගේ රාජ්‍යයට නොපැමිණෙන්නෝය.

75 තවද මෙම එළිදරව්ව නුඹලා හට වන්නේය, තවද ආඥාව මෙම පැයෙහි සිට මුළු ලෝකය වෙතටම බලපවත්වන්නේය, තවද ශුභාරංචිය එය නොලැබුවා වූ සියල්ලන් හටම වන්නේය.

76 එහෙත්, රාජ්‍යය දෙනු ලැබුවා වූ සියල්ලන් හටම සැබවක් මම පවසන්නෙමි—නුඹලා වෙතින් එය ඔවුන් වෙතට දේශනා කරනු ලැබිය යුතු වන්නේය, එනම් ඔවුන්ගේ පෙර නපුරු ක්‍රියාවන්ගෙන් ඔවුන් පසුතැවිලි වන පිණිසය; මක්නිසාද ඔවුන්ගේ අවිශ්වාසයේ නපුරු හදවත් නිසා ඔවුන්ටද, තවද සයොනයේ නුඹලාගේ සහෝදරයන් නුඹලාට විරුද්ධව ඔවුන්ගේ විරුද්ධකම මම නුඹලාව යැවූ කාලයේ පටන් තිබෙන නිසා ඔවුන්ටද, තරවටු කරනු ලැබිය යුතුව ඇත්තේය.

77 තවද නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, මක්නිසාද මෙතැන් සිට මම නුඹලාව මිත්‍රයන් ලෙස හඳුන්වන්නෙමි, මම මෙම ආඥාව නුඹලා හට දීම යෝග්‍ය වන්නේය, එනම් නුඹලා ඔවුන් සමඟ මා සිටිය දවස් වලදී මෙන් මාගේ මිත්‍රයන් ලෙස වුවත් පැමිණ, මාගේ බලයෙන් ශුභාරංචිය දේශනා කරමින් ගමන් කළ යුතු වන පිණිසය;

78 මක්නිසාද මම ඔවුන්ට පසුම්බියක් හෝ මල්ලක්, නැතහොත් කබායන් දෙකක් ගෙනයාමට ඉඩ නොදෙන්නෙමි.

79 බලන්න, ලෝකයට පරික්ෂා කිරීමට මම නුඹලාව පිටතට යැවුවෙමි, තවද වෙහෙසවන්නා ඔහුගේ වේතනයට වටින්නේය.

80 තවද ඕනෑම මනුෂ්‍යයෙකු ගොස් මෙම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්නේද, තවද සියලු දේවල් වලදී ඇදහිලිවන්තව පැවතීමට අසමත් නොවන්නේද, මනසින් වෙහෙසට පත්නොවී, එමෙන්ම අන්ධකාරයට පත්නොවී, ශරීරයෙන්, අස්ථියෙන්, හෝ සන්ධියෙන් වෙහෙසට පත්නොවන්නේය; තවද ඔහුගේ හිසෙහි කෙස් ගසක් නොදැනී බිමට නොවැටෙන්නේය. තවද ඔවුන් බඩගිනි හෝ පිපාසිත නොවන්නෝය.

81 එසේහෙයින්, මක්නිසාද නුඹලා කුමක් කමුද, හෝ නුඹලා කුමක් බොමුද, හෝ කොතනින් නුඹලා අඳිමු දැයි හෙට උදෙසා කණස්සලු නොවන්න.

82 මක්නිසාද, කෙතේ මානෙල් ගැන සිතන්න, ඒවා කෙසේ වර්ධනය වන්නේද, ඒවා වෙහෙස නොවන්නේය, ඒවා නූල් කටින්නේද නැත; තවද ලෝකයේ රාජ්‍යයන්, ඒවායේ සියලු මහිමයෙන්, මේ කිසිඳු එකක් මෙන් පෙළගස්වා නොමැත්තේය.

83 මක්නිසාද ස්වර්ගයේ සිටින, නුඹගේ පියාණන්වහන්සේ, එනම් නුඹට මේ සියල්ල අවශ්‍ය බව දන්නෙහිය.

84 එසේහෙයින්, හෙට දවසටම එහි දේවල් ගැන කණස්සලු වන්නට ඉඩහරින්න.

85 නුඹලා කුමක් කිව යුතුදැයි කණස්සලු නොවන්න; එහෙත් ජීවනයේ වචන නිතර නුඹලාගේ මනසෙහි රැස්කරගන්න, තවද සෑම මනුෂ්‍යයෙකුටම බෙදාහැරිය යුතු වන එම කොටස එම පැයේදීම නුඹලාට දෙනු ලබන්නේය.

86 එසේහෙයින්, මෙම ආඥාව දෙවියන්වහන්සේ විසින් සභාවේ දේවසේවය උදෙසා කැඳවනු ලැබුවා වූ සියලු ඇදහිලිවන්තයන් වෙතටය, රාජ්‍යයේ මෙම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙරට යන්නාවූ නුඹලා අතරින් කිසිවෙකුටත්, මේ පැයෙහි සිට පසුම්බියක් හෝ මල්ලක් ගෙනයාමට ඉඩනොදෙන්න.

87 බලන්න, මම නුඹලාව පිටතට යවන්නේ ලෝකයට ඔවුන්ගේ සියලු අධර්මිෂ්ඨ ක්‍රියා ගැන තරවටු කිරීමටය, තවද ඔවුන්ට පැමිණෙන්නාවූ විනිශ්චය ගැන ඉගැන්වීමටය.

88 තවද කවරෙකු වුවත් නුඹව පිළිගන්නේද, එහි මමද සිටින්නෙමි, මක්නිසාද මම නුඹගේ මුහුණ ඉදිරියෙන් යන්නෙමි. මම නුඹගේ දකුණු පසින්ද තවද නුඹගේ වම් පසින්ද සිටින්නෙමි, තවද මාගේ ආත්මය නුඹලාගේ හදවත් වල තිබෙන්නේය, තවද නුඹලාව උසුලන්නට මාගේ දේවදූතයන් නුඹලා අවට සිටින්නෝය.

89 කවරෙකු හෝ නුඹලා පිළිගන්නේද මා පිළිගන්නේය; තවද එවැන්නා නුඹලාට කෑම දෙන්නේය, තවද නුඹලාව අන්දවන්නේය, තවද නුඹලාට මුදල් දෙන්නේය.

90 තවද නුඹලාට කෑම දෙන ඔහු, හෝ නුඹලාව අන්දවන, හෝ නුඹලාට මුදල් දෙන්නා කිසිවිටෙකත් ඔහුගේ විපාකය නැතිකර නොගන්නේය.

91 තවද මෙම දේවල් නොකරන ඔහු මාගේ ගෝලයෙක් නොවන්නේය; මේ මගින් මාගේ ගෝලයන්ව නුඹලා දැනගන්නෝය.

92 ඔහු එනම් නුඹලාව පිළිනොගන්නේද, ඔහු වෙතින් නුඹලාම පිටත්ව යන්න, තවද නුඹලාගේ පාදයන් ජලයෙන් වුවත්, පවිත්‍ර ජලයෙන්, උණුසුමෙන් හෝ සීතලෙන් පිරිසිඳු කරගන්න, තවද ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන්වහන්සේට එම සාක්ෂිය දරන්න, තවද එම මනුෂ්‍යයා වෙතට නැවතත් හැරී නොයන්න.

93 තවද කවරාකාර ග්‍රාමයකට හෝ නගරයකට නුඹලා ඇතුළු වන්නේද, එසේම කරන්න.

94 එසේවුවද, උද්‍යෝගිමත්ව සොයන්න තවද අත්නොහරින්න; තවද නුඹලාව, හෝ නුඹලාගේ වචන, හෝ මා සම්බන්ධව නුඹලාගේ සාක්ෂිය, ප්‍රතික්ෂේප කරන එම නිවසට, හෝ එම ග්‍රාමයට හෝ නගරයට දුක්වේ.

95 මම නැවතත් පවසන්නෙමි, තවද නුඹලාව, හෝ නුඹලාගේ වචන, හෝ මා සම්බන්ධව නුඹලාගේ සාක්ෂිය, ප්‍රතික්ෂේප කරන එම නිවසට, හෝ එම ග්‍රාමයට හෝ නගරයට, දුක්වේ;

96 මක්නිසාද සර්වබලධාරී වූ, මම, ඔවුන්ගේ දුෂ්ටකම් වලට ඔවුන්ට දඬුවම් කරන්නට, මගේ හස්තය ජාතීන් මත තැබුවෙමි.

97 තවද පීඩාවන් පෙරට යන්නේය, තවද ඵ්වා මාගේ ක්‍රියාවන් සම්පූර්ණ කරන තුරු පොළොව වෙතින් නොගන්නෙමි, ඒවා ධර්මිෂ්ඨකම තුළ ඉක්මණින් කපාදමන්නෙමි—

98 සියල්ලෝ මා දැනගන්නා තුරු, එයින් බේරී පවතින කවරෙකු වුවත්, කුඩා කෙනාගේ සිට ශ්‍රේෂ්ඨයා දක්වා වුවත්, තවද ස්වාමින්වහන්සේගේ දැනැගැන්මෙන් පූර්ණ වන්නෝය, තවද ඔවුන්ගේම ඇසින් දකින්නෝය, තවද ඔවුන්ගේ හඬ ඔසවමින්, තවද හඬින් එක්රැස්ව මෙම නව ගීතය ගයමින්, කියන්නෝය;

99 ස්වාමින්වහන්සේ නැවත සයොනය ගෙන්වා ඇත;ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ජනතාව වූ ඉශ්‍රායෙලය, මුදවා ඇත,කරුණාවේ තෝරාගැනීම අනුව,එය ඇදහිල්ල මගින් ඉදිරියට ගෙන ආතවද ඔවුන්ගේ පියවරුන්ගේ ගිවිසුමය.

100 ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ජනතාව මුදවා ඇත;තවද සාතන්ව බැඳ ඇත්තේය තවද කාලය තවත් නොමැත්තේය.ස්වාමින්වහන්සේ සියලු දේවල් එකක් ලෙස රැස්කර ඇත.ස්වාමින්වහන්සේ සයොනය ඉහළින් පහළට ගෙන්වා ඇත.ස්වාමින්වහන්සේ සයොනය පහළින් ඉහළට ගෙන්වා ඇත.

101 පොළොව දරාගනිමින් තවද ඇයගේ ශක්තිය පමුණුවා ඇත;තවද සත්‍යය ඇයගේ අභ්‍යන්තරයේ පිහිටා ඇත;තවද ස්වර්ගයන් ඇය මත මදහස පා ඇත;තවද ඇය ඇයගේ දෙවියන්වහන්සේගේ මහිමයෙන් වස්ත්‍ර ගැන්වී ඇත;මක්නිසාද උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව අතරේ නැගීසිටින සේක.

102 මහිමය, තවද ගෞරවය, තවද බලය සහ ශක්තිය,අපගේ දෙවියන්වහන්සේව හඳුන්වයි; මක්නිසාද උන්වහන්සේ දයාවෙන් පූර්ණය,යුක්තිය, කරුණාව සහ සත්‍යය, සහ සමාදානය,සදාකාලයෙන් සදාකාලයටය, ආමෙන්.

103 තවද නැවතත්, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සදාකාලික ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙරට යන්නාවූ සෑම මනුෂ්‍යයෙකුටම, එනම් එපමණකින් ඔවුන්ට පවුල් තිබේ නම්, තවද මුදල් දීමනාවක් ලෙස ලබන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔවුන්ට මගපෙන්වන ආකාරයට, එනම් ඔවුන් එය ඔවුන්ගේ ප්‍රයෝජනය උදෙසා යැවිය යුතුවීම නැතිනම් ඔවුන්ගේ සුභසාධනය උදෙසා භාවිතා කළ යුතුවීම යෝග්‍ය වන්නේය, මක්නිසාද එය මා හට යහපත් යැයි පෙනෙන්නේය.

104 තවද පවුල් නැති ඔවුන් සියල්ලන් මුදල් ලබන්නේ නම්, සයොනයේ සභානායකවරයාට, හෝ ඔහායෝ හි සභානායකවරයාට එය යැවිය යුතුය, එනම් එය එළිදරව් වීම් සහ එහිවූ දේ මුද්‍රණය කොට පෙරට ගෙන ඒමට, සහ සයොනය පිහිටුවාලීම උදෙසා කැපකිරීමටය.

105 තවද කිසියම් මනුෂ්‍යයෙක් නුඹට කිසියම් කබායක්, හෝ ඇඳුමක් දෙයි නම්, පරණ දේ රැගෙන එය දුප්පතුන්ට දෙන්න, තවද ප්‍රීති වෙමින් නුඹගේ මාර්ගයේ යන්න.

106 තවද නුඹලා අතරේ කිසියම් මනුෂ්‍යයෙක් ආත්මයෙන් ශක්තිමත් වන්නේද, ඔහුට ඔහු සමඟ එනම් දුර්වලයෙක් ගෙන යාමට ඉඩදෙන්න, එනම් ඔහු සියලු මෘදුකමෙන් වැඩී, එනම් එසේම ඔහුද ශක්තිමත් බවට පැමිණීමටය.

107 එසේහෙයින්, සුළු පූජකවරය වෙතට නියම කරනු ලැබුවා වූ අයවළුන්ව නුඹලා සමඟ රැගෙන යන්න, තවද නුඹලා යාමට පෙර රැස්වීම් සැලසුම් කිරීමටද, තවද මාර්ගය සූදානම් කිරීමටද, සහ නුඹලාට සම්පූර්ණ කිරීමට නොහැකි විට එම රැස්වීම් සම්පූර්ණ කිරීමටද ඔවුන්ව යවන්න.

108 බලන්න, එනම් පැරණි දවස් වලදී, මාගේ ප්‍රේරිතයන් මා වෙතට මාගේ සභාව ගොඩනැගුවේ මේ ආකාරයටය.

109 එසේහෙයින්, සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේම ස්වකීය තනතුරෙහි නැඟී සිටිත්වා, තවද ඔහුගේ කැඳවීමේ වෙහෙස වෙත්වා; තවද හිස දෙපා වෙතට එයට දෙපා අවශ්‍ය නොවන්නේ යැයි නොකියත්වා; මක්නිසාද දෙපා නොමැතිව ශරීරයට හිටගන්නට හැකිවන්නේ කෙසේද?

110 එසේම ශරීරයට සියලු සමාජිකයන්ගේ අවශ්‍යතාවය ඇත්තේය, එනම් සියල්ලන්ම එක්ව වර්ධනය වීමටය, එනම් එම පද්ධතිය පරිපූර්ණව පැවතීමටය.

111 තවද බලන්න, උත්තම පූජකයන්ද, තවද එසේම වැඩිහිටියන්ද, තවද එසේම සුළු පූජකයන්ද, ගමන් කළ යුතු වන්නෝය; එහෙත් උපස්ථායකයන් සහ ගුරුවරුන්ව සභාව රැකබලා ගැනීමටද, නැවතී සභාවට දේවසේවය කරන්නන් බවටද පත්කළ යුතුය.

112 තවද සභානායකවරයා වන, නිවෙල් කේ. විට්නි, එසේම දුප්පතුන්ව සොයමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට මෙහෙකරමින්, පොහොසතුන් සහ අඩම්බරකාරයන්ව යටහත් කරමින් සියලු සභාවන් අතර අවට ගමන් කළ යුතු වන්නේය.

113 ඔහු එසේම කටයුතු භාරගෙන සහ ඔහු මගපෙන්වන ආකාරයට ඔහුගේ ලෞකික කටයුතු කිරීමට නියෝජිතයෙකුව යෙදවිය යුතු වන්නේය.

114 එසේවුවද, සභානායකවරයාට නිව්යෝර්ක් නගරයටද, එමෙන්ම ඇල්බනි නගරයටද, තවද එමෙන්ම බොස්ටන් නගරයටද ගොස් එම නගර වල ජනතාවට ශුභාරංචියේ හඬ සමඟ, මහත් හඬකින්, ඔවුන් මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නම් පැමිණෙන්නට ඇති මහත් විනාශය සහ සම්පූර්ණයෙන්ම අහෝසි වීම ගැන අනතුරු ඇඟවීමට සලස්වන්න.

115 මක්නිසාද ඔවුන් මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන්ගේ විනිශ්චයේ පැය ලඟය, තවද ඔවුන්ගේ නිවෙස් ඔවුන්ට පාළුකොට අත්හරිනු ලැබෙන්නේය.

116 ඔහුට මා තුළ විශ්වාස කරන්නට ඉඩදෙන්න තවද ඔහු ව්‍යාකූල නොවන්නේය; තවද ඔහුගේ හිසේ කෙස් ගසක්වත් නොදැන බිමට නොවැටෙන්නේය.

117 තවද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ අනෙක් සේවකයිනි, නුඹලාගේ විවිධ කැඳවීම් අනුව, නුඹලාගේ අවස්ථාවන් ඉඩදෙන පරිදි නුඹලා ඉදිරියට යන්න, ලෝකයට ඔවුන්ගේ සියලු අධර්මිෂ්ඨ සහ අභක්තික ක්‍රියාවන් ගැන ධර්මිෂ්ඨකමින් තරවටු කරමින්, අවසාන දවස් වල පිළිකුල්කම් වල මහත් විනාශය ගැන පැහැදිලිව සහ තේරුම්ගත හැකිවන පරිදි ඉදිරිපත් කරමින්, ශ්‍රේෂ්ඨ සහ විශිෂ්ට නගර සහ ගම් වලට යන්න.

118 මක්නිසාද, නුඹලා සමඟ, මම ඔවුන්ගේ රාජ්‍යයන් ඉරා දමන්නෙමි; මම පොළොව සොලවනවා පමණක් නොව, නමුත් තාරකාමය ස්වර්ගයන්ද සොලවන්නෙමි යැයි, සර්වබලධාරී ස්වාමින්වහන්සේ පවසන සේක.

119 මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, ස්වර්ගයන්ගේ බලය ක්‍රියාත්මක කිරීමට මාගේ හස්තය ඉදිරියට දමා ඇත; නුඹලාට එය දැන් දැකිය නොහැකිය, එහෙත් ටික කාලයකින් පසුව නුඹලා එය දකිනු ඇත, තවද ඒ මා බවත්, මා පැමිණෙන බවත් තවද මාගේ ජනතාව සමඟ රජකම් කරන බවත් දැනගනු ලබන්නෝය.

120 මම ඇල්ෆා සහ ඔමේගා වෙමි, ආරම්භයද අවසානයද වෙමි. ආමෙන්.