ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 85


85 වන කොටස

1832 නොවැම්බර් 27, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කොටස අනාගතවක්තෘවරයා, ඉන්ඩිපෙන්ඩන්ස්, මිසුරි හි, ජීවත් වූ විලියම් ඩබ්. ෆෙල්ප්ස් හට ලියන ලද ලිපියක උපුටාගැනීමකි. සයොනය වෙත පදිංචියට ගිය නමුත් ඔවුන්ගේ අයිතීන් කැපකිරීමේ ආඥාව අනුගමනය නොකළ සහ සභාවේ ස්ථාපිත නියෝගයට අනුව ඔවුන්ගේ උරුමය නොලැබූ ශුද්ධවන්තයන් පිළිබඳ ප්‍රශ්න වලට එය පිළිතුරු සපයයි.

1–5, සයොනයේ උරුමය ලබාගත යුත්තේ කැපකිරීම තුළිනි; 6–12, බලවත් වූ සහ ශක්තිමත් වූ කෙනෙකු ශුද්ධවන්තයන්ට සයොනය තුළ ඔවුන්ගේ උරුමය ලබාදෙන සේක.

1 උන්වහන්සේ පත්කරනු ලැබුවා වූ, ස්වාමින්වහන්සේගේ ලිපිකරුවාගේ වගකීම වනුයේ, සයොනය තුළ සිදුවන සියලු දේවල් පිළිබඳ, සහ කැපකරනු ලැබුවා වූ සියල්ලන්ගේ දේපළ සහ සභාපතිවරයාගෙන් ලැබුණු නීත්‍යානුකූල උරුමයන් පිලිබඳ ඉතිහාසයගත වාර්තාවක් සහ සාමාන්‍ය සභා වාර්තාවක් තැබීමය.

2 තවද එසේම ඔවුන්ගේ ජීවන ආකාරය, ඔවුන්ගේ ඇදහිල්ල, සහ ක්‍රියාවන්; තවද එසේම ඇදහිල්ලෙන් වැටීගියවුන්ගේ ඔවුන්ගේ උරුමය ලැබුණු පසුවත් ඇදහිල්ලෙන් වැටීයාමේ වාර්තාවය.

3 එනම් උන්වහන්සේගේ දී ඇති, උන්වහන්සේගේ නීතියට අනුව, කැපකිරීම මගින් ඔවුන්ගේ වෙන්කිරීමේ උරුමය නොලැබූ ඔවුන්ට, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව දසයෙන් කොටස ගෙවමින්, ඔවුන්ව පලිගැනීමේ සහ දවාලීමේ දවසට විරුද්ධව සූදානම් කිරීමට, දෙවියන්වහන්සේගේ ජනතාව සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් කළ යුතුවීම, දෙවියන්වහන්සේගේ කැමැත්තට සහ ආඥාවන්ට විරුද්ධය.

4 ඔවුන්ගේ පෙළපත වුවද තැබිය යුතු නොවන්නේය, හෝ එය කිසියම් වාර්තාවක හෝ සභා ඉතිහාසයේ සොයාගත හැකි ලෙස තිබිය යුතු නොවන්නේය.

5 ඔවුන්ගේ නාමයන්ද, එම පියවරුන්ගේ නාමයන්ද, හෝ එම දරුවන්ගේ නාමයන්ද දෙවියන්වහන්සේගේ නීති පොතෙහි ලියා තිබීම සොයාගත නොහැකි වියයුතු යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක.

6 එසේය, එතුළින් කොඳුරන සහ සියලු දේවල් විනිවිද යන, එම නිසල කුඩා හඬ මෙසේ පවසන්නේය, එය මෙසේ කියමින් එළිදරව් කරන විට, තවද බොහෝ වේලාවට එය මාගේ අස්ථි වෙව්ළවන්නේය:

7 තවද එය මෙසේ සිදුවන්නේය එනම් මම, ස්වාමින් වූ දෙවියන්වහන්සේ, බලවත් වූ සහ ශක්තිමත් වූ කෙනෙකු එවන්නෙමි, ඔහුගේ හස්තයෙන් බලයේ සැරයටිය දරමින්, වස්ත්‍ර ලෙස ආලෝකය ඇඳුම්ලා ගනිමින්, ඔහුගේ හඬ වචනයන් පවසන්නේය, ඒ සදාකාලික වචනයන්ය; ඔහුගේ අභ්‍යන්තරය සත්‍යයේ උල්පත වන්නේ, ඒ දෙවියන්වහන්සේගේ ගෘහයේ පිළිවෙල තබන්නටය, තවද දෙවියන්වහන්සේගේ නීති පොතෙහි ඇතුළත් එම සොයාගනු ලබන්නාවූ ශුද්ධවන්තයන්ගේ නාමයන්ගෙන්ද, තවද ඔවුන්ගේ පියවරුන්ගේ නාමයන්ගෙන්ද, තවද ඔවුන්ගේ දරුවන්ගේ නාමයන්ගෙන්ද, වූ ඔවුන්ගේ උරුමයන් දේපළ ලෙස සංවිධානය කිරීමටදය;

8 දෙවියන්වහන්සේ කැඳවනු ලැබූ සහ පත්කරනු ලැබූ එම මනුෂ්‍යයා, එනම් දෙවියන්වහන්සේගේ කරඬුව කෙලින් කිරීමට ඔහුගේ හස්තය පෙරට දැමූ විට, මරණයේ ඊතලය මගින්, ගසක් දිදුලන අකුණු සැරයක් මගින් පහරදී බිම දමනු ලබන ලෙස, වැටෙනු ලබන්නේය.

9 තවද සිහිකිරීමේ පොතෙහි ලියා නොමැති ලෙස සොයාගත හැකිවන ඔවුන් සියල්ලන්ට, එම දවසේදී කිසිම උරුමයක් සොයාගත නොහැකි වන්නෝය, එහෙත් ඔවුන්ව වෙන්කර කපාදමනු ලැබ, තවද ඔවුන්ගේ කොටස නොඇදහිලිවන්තයන් අතර පත්කරනු ලබන්නේය, එහිදී හැඬීම්ද දත්මිටි කෑම්ද වන්නේය.

10 මම පවසන මෙම දේවල් මාගෙන් නොවන්නේය; එසේහෙයින්, ස්වාමින්වහන්සේ පවසන්නාක් මෙන්ම, උන්වහන්සේ එසේම සම්පූර්ණ කරන්නේය.

11 තවද නීති පොතෙහි ඔවුන්ගේ නාමයන් ලියා ඇතැයි සොයා නොගන්නා, හෝ ඇදහිල්ලෙන් වැටී ඇතැයි සොයාගන්නා, හෝ සභාවෙන් පහකර ඇතැයි සොයාගන්නා, උසස් පූජකවරය දරන ඔවුන්ද, එලෙසම සුළු පූජකවරයද, හෝ සාමාජිකයින්ද, එම දවසේදී මහෝත්තම වූ තැනැන්වහන්සේගේ ශුද්ධවන්තයන් අතර උරුමය සොයාගනු නොලබන්නෝය;

12 එසේහෙයින්, එස්රා දෙවන පරිච්ඡේදයේ හැටඑක්වන සහ හැටදෙවන පදයන්හි වාර්තා වී තිබෙන, පූජකවරයාගේ දරුවන්ට මෙන් ඔවුන් හට එය සිදුවන්නේය.