ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 88


88 වන කොටස

1832 දෙසැම්බර් 27 සහ 28, සහ 1833 ජනවාරි 3, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා එය නම්කළේ “පාරාදීස ගසෙන් උදුරාගත් … ‘ඔලිව් කොළ’ ස්වාමින්වහන්සේ අපට දෙන සාමය පිළිබඳ පණිවිඩය” ලෙසය. සම්මන්ත්‍රණයේදී උත්තම පූජකයෝ “සයොනය නගාසිටුවීම පිළිබඳව දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට හෙළිකරන ලෙස වෙන වෙනම හා වාචිකව ස්වාමින්වහන්සේට යාච්ඤා කිරීමෙන් පසුව” මෙම එළිදරව්ව ලබාදී ඇත.

1–5, ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් සදාකාල ජීවනයේ පොරොන්දුව වන, සැනසිලිදායකයාණන් ලබන්නෝය; 6–13, සියළු දේවල් හසුරවන්නේ සහ පාලනය කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය මගිනි; 14–16, මරණයෙන් නැවත නැගිටීම පැමිණෙන්නේ මිදීම තුළිනි; 17–31, සෙලෙස්ටියල්, ටෙරෙස්ට්‍රියල් සහ ටෙලෙස්ටියල් නීති වලට කීකරු වීම තුළින් එම රාජ්‍යයන් සහ මහිමයන් සඳහා මනුෂ්‍යයන්ව සූදානම් කරයි; 32–35, පාපයේ සිටීමට තීරණය කරන්නවුන් අපවිත්‍රවම පවතින්නෝය; 36–41, සියළුම රාජ්‍යයන් නීතිය මගින් පාලනය වන්නේය; 42–45, දෙවියන්වහන්සේ සියළු දේවල් හට නීතියක් දී ඇත්තේය; 46–50, මනුෂ්‍යයා දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නේය; 51–61, ඔහුගේ සේවකයන් කෙතට යවමින් තවද ඔවුන්ව බැහැදැකීමට යන මනුෂ්‍යයාගේ උපමාව; 62–73, ස්වාමින්වහන්සේ වෙතට ලංවන්න, තවද නුඹලා උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; 74–80, නුඹලාව පරිශුද්ධ කරගන්න තවද එකිනෙකාට රාජ්‍යයේ මූලධර්ම උගන්වන්න; 81–85, අනතුරු අඟවනු ලැබූ සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අසල්වැසියාට අනතුරු ඇඟවිය යුතුය; 86–94, සළකුණු, මූලද්‍රව්‍යයන්ගේ කැලඹීම්, සහ දේවදූතයන් ස්වාමින්වහන්සේගේ පැමිණීමේ මාර්ගය සූදානම් කරන්නෝය; 95–102, දේවදූතයින්ගේ හොරණෑවන් මළවුන් ඔවුන්ගේ පිළිවෙලට අනුව කැඳවන්නේය; 103–116, ශුභාරංචියේ නැවත පිහිටුවීම, බැබිලෝනියේ වැටීම, තවද ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේ සටන, දේවදූතයින්ගේ හොරණෑවන් ප්‍රකාශ කරන්නේය; 117–126, ඉගෙනීම සොයන්න, දෙවියන්වහන්සේගේ ගෘහයක් පිහිටුවාගන්න (දේවමාළිගාවක්), තවද ප්‍රේමයේ බැඳීමකින් නුඹලාව වස්ත්‍ර ගන්වාගන්න; 127–141, පාද සේදීමේ නියෝගයද ඇතුළුව අනාගතවක්තෘවරුන්ගේ පාසලේ පිළිවෙල සකසා ඇත.

1 සැබවක්, නුඹලා සම්බන්ධව උන්වහන්සේගේ කැමැත්ත ලබාගැනීමට නුඹලාවම එක්ව රැස්කරගත් නුඹලා හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:

2 බලන්න, මෙය නුඹලාගේ ස්වාමින්වහන්සේට ප්‍රසන්නය, තවද දේවදූතයන් නුඹලා මත ප්‍රීති ප්‍රමුදිත වන්නෝය; නුඹලාගේ යාච්ඤා වල පිදුම සබොත් වූ ස්වාමින්වහන්සේගේ කන් වෙතට පැමිණ ඇත, තවද ඒවා සෙලෙස්ටියල් ලෝකයේ ඔවුන්ගේ වුවත්, එම පරිශුද්ධ වූවන්ගේ නම් ඇති පොතෙහි වාර්තා වී ඇත.

3 එසේහෙයින්, මම දැන් නුඹලා මත, මාගේ මිත්‍රයන් වූ නුඹලා මත වුවත්, තවත් සැනසිලිදායකයෙක් එවන්නෙමි, එය, එනම් පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ වුවත්, නුඹලාගේ හදවත් තුළ පවතින පිණිසය; එම අනෙක් සැනසිලිදායකයාණන් මාගේ ගෝලයන් වෙතට පොරොන්දු වූ යොහාන්ගේ සාක්ෂියේ සඳහන් වූ එම තැනැන්වහන්සේමය.

4 මෙම සැනසිලිදායකයාණන් නුඹලා හට මා විසින් දෙන ලද සදාකාල ජීවනයේ, තවද සෙලෙස්ටියල් රාජ්‍යයේ මහිමයේ වුවත් පොරොන්දුව වන්නේය;

5 එනම් එම මහිමය කුළුඳුලාණන්ගේ සභාවෙන්ය, තවද සියල්ලටම වඩා ශුද්ධවන්ත වූ දෙවියන්වහන්සේගෙන්ය, උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්ය—

6 එසේම උන්වහන්සේ සියලු දේවලට පහළින් බැස්සා සේම, එනම් උන්වහන්සේව ඉහළට උසස්කොට ඔසවාගත්තේය, ඒ තුළ උන්වහන්සේ සියලු දේවල් ග්‍රහනය කොටගත් සේක, එනම් උන්වහන්සේ සියල්ලෙහි සහ සියලු දේවල් තුළින් සිටින පිණිසය, සත්‍යයේ ආලෝකය වන පිණිසය;

7 එම සත්‍යය බබළන්නේය. මෙය ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය වන්නේය. තවද එසේම උන්වහන්සේ හිරු තුළ වන්නා සේම, තවද හිරුගේ ආලෝකය වන්නා සේම, එහි වූ බලය මගින් එය සැදී ඇත්තේය.

8 තවද එසේම උන්වහන්සේ සඳ තුළ වන්නා සේම, තවද සඳේ ආලෝකය වන්නා සේම, එහි වූ බලය මගින් එය සැදී ඇත්තේය;

9 තවද එසේම තරු වල ආලෝකය වන්නා සේම, එහි වූ බලය මගින් එය සැදී ඇත්තේය;

10 තවද එසේම පොළොවද, එහි වූ බලයද, නුඹලා නැගීසිටින පොළොව මෙන් වුවත්ය.

11 තවද නුඹලාට ආලෝකය දෙන, එම බැබළෙන ආලෝකය ලැබෙන්නේ, නුඹලාගේ දෙනෙත් ආලෝකමත් කරන උන්වහන්සේ තුළින්ය, නුඹලාගේ තේරුම්ගැනීම ඉක්මන් කරන්නේද එම ආලෝකයම වන්නේය;

12 අනන්ත අවකාශය පිරවීමට එම ආලෝකය දෙවියන්වහන්සේ සමීපයෙන් නික්මෙන්නේය—

13 එම ආලෝකය එම සියලු දේවල ඇත්තාවූ ආලෝකයය, සියලු දේවලට ජීවනය දෙන්නේය, සියලු දේවල් මධ්‍යයේ සිටින, සදාකාල මධ්‍යය තුළ සිටින්නාවූ, පූජාසනයේ වාඩිවී සිටින දෙවියන්වහන්සේගේ බලය වුවත් වන එය, සියලු දේවල් පාලනය වෙන්නාවූ නීතිය වන්නේය.

14 දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා වෙනුවෙන් කරන ලද එම මිදීම තුළින්, මළවුන්ගෙන් නැවත නැගිටීම සිදුකරනු ලබන්නේය.

15 තවද ආත්මය සහ ශරීරය මනුෂ්‍යයාගේ ප්‍රාණය වන්නේය.

16 තවද මරණය වෙතින් නැවත නැගිටීම ප්‍රාණයේ මිදීම වන්නේය.

17 තවද උන්වහන්සේගේ ලයෙහි එනම් පොළොවේ දුප්පතුන් සහ යටහත්වූවන්, එය උරුම කරගන්නේ යැයි නියමකර ඇති, සියලු දේවල් ඉක්මන් කරන්නාවූ උන්වහන්සේ තුළින් ප්‍රාණයේ මිදීම ලබන්නෝය.

18 එමනිසා, එය සියලු අධර්මිෂ්ඨකම් වලින් පරිශුද්ධ වීම අවශ්‍යම වන්නේය, එනම් සෙලෙස්ටියල් මහිමය සඳහා එය සූදානම් වන පිණිසය;

19 මක්නිසාද එය මවා ඇති අරමුණ සම්පූර්ණ කළ පසුව, එය පියාණන් වූ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ මධ්‍යයේ වුවත්, එය මහිමය සමඟින් කිරුළු දරන්නේය;

20 එනම් සෙලෙස්ටියල් රාජ්‍යයේ ශරීරයන් එය සදාකාලයෙන් සදාකාලයට අයත්කර ගන්නේය; මක්නිසාද, එය සාදවා තවද මවා ඇත්තේ මෙම අරමුණ උදෙසාය, තවද මෙම අරමුණ උදෙසා ඔවුන් පරිශුද්ධ වී ඇත්තෝය.

21 තවද නුඹලා හට මා විසින් දෙනු ලැබුවා වූ ආඥාවන් තුළින්, එසේම ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාවන් තුළින් වුවත් පරිශුද්ධ කරනු නොලැබුවා වූ ඔවුන්, එනම් ටෙරෙස්ට්‍රියල් රාජ්‍යය හෝ, එනම් ටෙලෙස්ටියල් රාජ්‍යය වුවත් වන වෙනත් රාජ්‍යයක් උරුමකර ගත යුතු වන්නෝය.

22 මක්නිසාද යමෙකුට සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට සෙලෙස්ටියල් මහිමයේ පැවතිය නොහැකිය.

23 තවද යමෙකුට ටෙ‍රෙස්ට්‍රියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට ටෙ‍රෙස්ට්‍රියල් මහිමයේ පැවතිය නොහැකිය.

24 තවද යමෙකුට ටෙලෙස්ටියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට ටෙලෙස්ටියල් මහිමයේද පැවතිය නොහැකිය; එමනිසා, ඔහු රාජ්‍යයක මහිමයක් සඳහා සුදුසු වන්නේ නැත. එමනිසා මහිමයක් නොවන රාජ්‍යයක ඔහු පැවතිය යුතු වන්නේය.

25 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, පොළොව සෙලෙස්ටියල් රාජ්‍යයක නීතිය පිළිපදින්නේය, මක්නිසාද එය මවා ඇති අරමුණ සම්පූර්ණ කිරීම පිණිසය, තවද එම නීතිය කඩකරන්නේ නැත—

26 එසේහෙයින්, එය පරිශුද්ධ කරනු ලබන්නේය; එසේය, එය මරණයට පත්වුවද, එය නැවතත් ඉක්මණින් අවදි කරනු ලබන්නේය, තවද එය ඉක්මණින් අවදි කරනු ලැබුවා වූ එම බලය මගින් පවතිනු ලබන්නේය, තවද ධර්මිෂ්ඨයන් එය උරුම කරගනු ලබන්නෝය.

27 එසේම ඔවුන් මරණයට පත්වුවද, ඔවුන්ද, ආත්මික ශරීරයක්ව නැවත නැගිටින්නෝය.

28 සෙලෙස්ටියල් ආත්මයක් වන ඔවුන් ස්වභාවික ශරීරයක් වන එම ශරීරයම ලබන්නෝය; නුඹලා නුඹලාගේ ශරීරයම වුවත් ලබන්නෝය, තවද නුඹලාගේ මහිමය එම නුඹලාගේ ශරීරයන් ඉක්මණින් අවදි කරනු ලැබුවා වූ එම මහිමයම වන්නේය.

29 සෙලෙස්ටියල් මහිමයේ කොටසක් මගින් ඉක්මණින් අවදි කරනු ලැබුවා වූ නුඹලා, එවිට එයින්ම, සම්පූර්ණත්වය වුවත් ලබාගන්නෝය.

30 තවද ටෙරෙස්ට්‍රියල් මහිමයේ කොටසක් මගින් ඉක්මණින් අවදි කරනු ලැබුවා වූ ඔවුන්, එවිට එයින්ම, සම්පූර්ණත්වය වුවත් ලබාගන්නෝය.

31 තවද ටෙලෙස්ටියල් මහිමයේ කොටසක් මගින් ඉක්මණින් අවදි කරනු ලැබුවා වූ ඔවුන්, එවිට එයින්ම, සම්පූර්ණත්වය වුවත් ලබාගන්නෝය.

32 තවද එහි රැඳී සිටින ඔවුන්වද ඉක්මණින් අවදි කරනු ලබන්නේය; එසේවුවද, ඔවුන් ලබාගැනීමට කැමති දෙයින් සතුටුවීම සඳහා, ඔවුන්ගේ ස්වකීය ස්ථානයට ඔවුහු නැවතත් යන්නෝය, මක්නිසාද ඔවුන් ලබා තිබෙන දෙයින් සතුටුවීමට ඔවුන් අකමැතිව සිටි නිසාය.

33 මක්නිසාද මනුෂ්‍යයාට ඔහු මත ත්‍යාගයක් ප්‍රදානය කරනු ලැබ, තවද ඔහු එම ත්‍යාගය නොලබන්නේ නම් එයින් කුමන ප්‍රයොජනයක් වන්නේද? බලන්න, ඔහු එනම් ඔහු හට දුන් දෙය තුළ ප්‍රීති ප්‍රමුදිත නොවන්නේය, එමෙන්ම ඔහුට ත්‍යාගය දෙන්නාවූ තැනැත්තා කෙරෙහිද ප්‍රීති ප්‍රමුදිත නොවන්නේය.

34 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් එම නීතියෙන් පාලනය වන දේ එසේම නීතිය මගින් ආරක්ෂා කරනු ලැබ තවද එමගින්ම පරිපූර්ණ වී පරිශුද්ධ වන්නේය.

35 එනම් නීතියක් කඩන එම දේ, තවද නීතිය මගින් නොපවතින්නේද, එහෙත් ඒ සඳහාම ආවේනික වූ නීතියක් බවට පත්වීමට සොයන්නේද, තවද පාපයේ පැවතීමට කැමතිව, තවද සම්පූර්ණයෙන්ම පාපයෙහි පවතින්නේද, නීතිය මගින් හෝ දයාව මගින් හෝ, යුක්තිය, හෝ විනිශ්චය මගින් පරිශුද්ධ කළ නොහැකිය. එසේහෙයින්, ඒවා තවමත් අපවිත්‍රව පැවතිය යුතුම වන්නේය.

36 සියලුම රාජ්‍යයන්ට නීතියක් දී ඇත්තේය;

37 තවද එහි බොහෝ රාජ්‍යයන් ඇත්තේය; මක්නිසාද ශ්‍රේෂ්ඨ හෝ සුළු රාජ්‍යයක් සඳහා වුවද, එහි රාජ්‍යයක් නොමැති අවකාශයක් නොවන්නේය; තවද එහි අවකාශයක් නොමැති රාජ්‍යයක් නොවන්නේය.

38 තවද සෑම රාජ්‍යයකටම නීතියක් දී ඇත්තේය; තවද සෑම නීතියකටම එහි නිශ්චිත සීමාවන් සහ එසේම තවද තත්වයන්ද ඇත.

39 එම තත්වයන්හි නොපවතිනන්නාවූ සියලු ප්‍රාණීන්ව ධර්මිෂ්ඨ කරනු නොලබන්නේය.

40 මක්නිසාද බුද්ධිය බුද්ධිය වෙතට ඇලෙන්නේය; ප්‍රඥාව ප්‍රඥාව ලබන්නේය; සත්‍යය සත්‍යය වැලඳගන්නේය; ගුණවන්තකම ගුණවන්තකමට ප්‍රේම කරන්නේය; ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේය; දයාව දයාවට දයානුකම්පාව දක්වමින් තවද ඇයට අයිතිවාසිකම් දරන්නේය; යුක්තිය එහි මාර්ගයේ ගමන් ගනිමින් තවද එයට අයිතිවාසිකම් දරන්නේය; සිංහාසනය මත වාඩිව සිටිමින් තවද සියලු දේවල් පාලනය කරන සහ ක්‍රියාත්මක කරන උන්වහන්සේගේ මුහුණ ඉදිරියෙන් විනිශ්චය ගමන් කරන්නේය.

41 උන්වහන්සේ සියලු දේවල් අවබෝධ කරගන්නේය, තවද සියලු දේවල් උන්වහන්සේ ඉදිරියේ වන්නේය, තවද සියලු දේවල් උන්වහන්සේ අසල වටකොට ඇත්තේය; තවද උන්වහන්සේ සියලු දේවලට ඉහළින් සිටින සේක, තවද සියලු දේවල් තුළ, සහ සියලු දේවල් තුළින්, සහ සියලු දේවල් අසල වටකොට සිටින සේක; තවද සියලු දේවල් උන්වහන්සේ කරණ කොටගෙනය, තවද සදාකාලයෙන් සහ සදාකාලයටම දෙවියන්වහන්සේ වන, උන්වහන්සේගෙන්ය.

42 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, උන්වහන්සේ සියලු දේවලට නීතියක් ලබාදී ඇති සේක, ඒවා මගින් ඔවුන්ගේ කාලයන් සහ ඔවුන්ගේ සෘතු තුළින් ඔවුන් ගමන් කරන්නෝය;

43 තවද ඒ සඳහා පොළොව සහ සියලු ග්‍රහයන් ඇතුළු, ස්වර්ගයන්හි සහ පොළොවේ මාර්ගයන් වන, ඔවුන්ගේ ගමන් මාර්ග ස්ථිරය.

44 තවද ඔවුන්ගේ කාලයන් තුළ සහ ඔවුන්ගේ සෘතු තුළ, ඔවුන්ගේ මිනිත්තු තුළ, ඔවුන්ගේ පැය තුළ, ඔවුන්ගේ දවස් තුළ, ඔවුන්ගේ සති තුළ, ඔවුන්ගේ මාස තුළ, ඔවුන්ගේ වර්ෂයන් තුළ ඔවුන් එකිනෙකාට ආලෝකය දෙන්නෝය—මෙම සියලු දේවල් දෙවියන්වහන්සේ සමඟ එක් වසරක්ය, එහෙත් මනුෂ්‍යයා සමඟ එසේ නොවන්නේය.

45 දෙවියන්වහන්සේගේ බලයේ මධ්‍යයයේ, ඔවුන්ගේ මහිමයන් තුළ ඔවුන්ගේ පියාපත් මත ඔවුන් කැරකෙන්නා සේම, පොළොව ඇයගේ පියාපත් මත කැරකෙන්නේය, තවද හිරු ඔහුගේ ආලෝකය දවසේදී දෙන්නේය, තවද සඳ ඇයගේ ආලෝකය රාත්‍රියේදී දෙන්නේය, තවද තරුද එසේම ඔවුන්ගේ ආලෝකය දෙන්නේය.

46 එනම් නුඹලා තේරුම්ගන්නා පිණිස, කුමක් වෙතට මම මෙම රාජ්‍යයන් සමාන කරන්නෙම්ද?

47 බලන්න, මේවා සියල්ල රාජ්‍යයන් වේ, තවද කිසිඳු මනුෂ්‍යයෙකු කිසිවක් හෝ මේවා යාන්තම් දැක ඇත්තේද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මහිමයෙන් සහ බලයෙන් ගමන්කරනවා දැක ඇත්තේය.

48 මම නුඹලා හට පවසන්නෙමි, ඔහු උන්වහන්සේව දැක ඇත්තේය; උන්වහන්සේ උන්වහන්සේගේ ස්වකීයයන් වෙතට පැමිණියත් පිළිගනු ලැබූයේ නැත.

49 එම ආලෝකය අන්ධකාරයේ බබළන්නේය, තවද අන්ධකාරය එය අවබෝධ කරගත්තේ නැත; එසේවුවද, උන්වහන්සේ තුළ සහ උන්වහන්සේ මගින් ප්‍රාණවත් වී, නුඹලා දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නා වූ දවස පැමිණෙන්නේය.

50 එවිට එනම් නුඹලා මා දැක ඇතිබවත්, එනම් ඒ මම බවත්, තවද එනම් නුඹලා තුළ ඇත්තාවූද නුඹලා මා තුළද ඇත්තාවූද සත්‍යය ආලෝකය මම බවත්, නුඹලා දැනගන්නෝය; එසේ නොවුනහොත් නුඹලා සාර්ථක වන්නේ නැත.

51 බලන්න, මෙම රාජ්‍යයන් මම මනුෂ්‍යයෙකුට කෙතක් තිබීම හා සමාන කරන්නෙමි, තවද ඔහු ඔහුගේ සේවකයන්ව කෙත හෑරීමට, කෙතට පෙරට යවන්නේය.

52 තවද ඔහු පළමුවැන්නාට පවසන්නේය: නුඹ ගොස් තවද කෙතේ වෙහෙසවන්න, තවද පළමු පැයෙහිදී මම නුඹ වෙතට එන්නෙමි, තවද නුඹ මාගේ මුහුණුවරෙහි ප්‍රීතිය දකින්නේය.

53 තවද ඔහු දෙවැන්නාට පවසන්නේය: නුඹත් එසේම කෙතට යන්න, තවද දෙවෙනි පැයෙහිදී මම මාගේ මුහුණුවරෙහි ප්‍රීතිය සමඟ නුඹව බැහැදකින්නෙමි.

54 තවද එසේම තුන්වැන්නාට, පවසන්නේය: මම නුඹව බැහැදකින්නෙමි;

55 තවද සතරවෙනියාටද, එසේම දොළොස්වෙනියා දක්වාම එසේ පවසන්නේය.

56 තවද කෙතෙහි ස්වාමියා පළමු පැයෙහිදී පළමුවෙනියා වෙතට ගොස්, තවද ඔහු සමඟ එම පළමු පැයෙහිදී රැඳිණි, තවද ඔහු ඔහුගේ ස්වාමියාගේ මුහුණුවරෙහි ආලෝකය සමඟ සතුටු විය.

57 තවද එවිට ඔහු දෙවෙනියා බැහැදකින පිණිස පළමුවෙනියාගෙන් වෙන්ව ගියේය, එසේම තුන්වෙනියාගෙන්ද, සහ සතරවෙනියාගෙන්ද, තවද දොළොස්වෙනියා දක්වාද එසේම කළේය.

58 තවද මේ ආකාරයට සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ පැයෙහිදී, තවද ඔහුගේ කාලයේදී සහ ඔහුගේ සෘතුවේදී, ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ ස්වාමියාගේ මුහුණුවරෙහි ආලෝකය ලැබුවෝය—

59 ආරම්භයේදී පළමුවෙනියාද, තවද ඒ ආකාරයට අන්තිමයා වෙතටද, තවද අන්තිමයා වෙතින් පළමුවෙනියා වෙතටද, තවද පළමුවැනියා වෙතින් අන්තිමයා වෙතටද;

60 සෑම මනුෂ්‍යයෙකු හටම ඔහුගේ ස්වකීය පිළිවෙලට අනුව, ඔහුගේ පැය අවසන් වන තුරු, ඔහුගේ ස්වාමියා ඔහුට ආඥා කළ ආකාරයටද, එනම් ඔහුගේ ස්වාමියා ඔහු තුළද, තවද ඔහු ඔහුගේ ස්වාමියා තුළද මහිමවත් වන පිණිසය, එනම් ඔවුන් සියල්ලෝම මහිමවත් වන පිණිසය.

61 එසේහෙයින්, සෑම රාජ්‍යයක්ම එහි වූ පැය තුළ, තවද එහි වූ කාලය තුළ, සහ එහි වූ සෘතුව තුළ, දෙවියන්වහන්සේ සිදුකළා වූ එම නියෝගයට අනුව වුවත්—මෙම උපමාවට මම මෙම සියලු රාජ්‍යයන් සහ එහි වූ පදිංචිකරුවන් සමාන කිරීමට කැමැත්තෙමි.

62 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, මම නුඹලා හට දෙන්නාවූ මෙම ආඥාව සමඟ, මාගේ මෙම පැවසීම් නුඹලාගේ හදවත් තුළ මෙනෙහි කිරීමට තබන්නෙමි, එනම් මම තවමත් ලඟින් සිටියදී නුඹලා මා හට හඬගැසිය යුතු වන්නෝය—

63 මා වෙතට ලඟාවන්න තවද මම නුඹලා වෙතට ලඟාවන්නෙමි; මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය; ඉල්ලන්න, තවද නුඹලාට ලැබෙන්නේය; තට්ටු කරන්න, තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය.

64 එනම් නුඹලා උදෙසා යෝග්‍ය, කුමනාකාර දෙයක් වුවත් නුඹලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේද එය නුඹලා හට දෙනු ලබන්නේය;

65 තවද නුඹලාට යෝග්‍ය නොවන කිසිවක් නුඹලා ඉල්ලන්නේ නම්, එය නුඹලා වෙතට හෙළාදැකීමක්ව හැරී එන්නේය.

66 බලන්න, එනම් නුඹලාට ඇසෙන එම හඬ වනාන්තරයේ සිට හඬනගන්නා වූ තැනැත්තෙකුගේ හඬය—වනාන්තරය තුළ, මක්නිසාද නුඹලාට ඔහුව දකින්නට නොහැකිය—මාගේ හඬ, මක්නිසාද මාගේ හඬ ආත්මය වන්නේය, මාගේ ආත්මය සත්‍යය වන්නේය; සත්‍යය පවතින්නේය තවද එයට අවසානයක් නොමැත්තේය; තවද එය නුඹලා තුළ ඇත්නම් එය වර්ධනය වන්නේය.

67 තවද නුඹලාගේ ඇස මාගේ මහිමය උදෙසා ඒකායන අරමුණක් ඇතිව ඇත්නම්, නුඹලාගේ මුළු ශරීරයන්ම ආලෝකයෙන් පුරවනු ලබන්නේය, තවද එහි නුඹලා තුළ අන්ධකාරයක් නොවන්නේය; තවද එනම් ආලෝකයෙන් පිරුනාවූ එම ශරීරය සියලු දේවල් අවබෝධ කරගන්නේය.

68 එසේහෙයින්, එනම් නුඹලාගේ මනස දෙවියන්වහන්සේ උදෙසා ඒකායන අරමුණක් ඇතිව තිබෙන පිණිස නුඹලාව පරිශුද්ධ කරගන්න, තවද එනම් නුඹලා උන්වහන්සේව දකින දවස් පැමිණෙන්නේය; මක්නිසාද උන්වහන්සේ උන්වහන්සේගේ මුහුණ නුඹලාට විවෘත කරන්නේය, තවද එය උන්වහන්සේගේ ස්වකීය කාලයට අනුවය, තවද උන්වහන්සේගේ ස්වකීය මාර්ගය සහ උන්වහන්සේගේ ස්වකීය කැමැත්තට අනුව වන්නේය.

69 මා විසින් නුඹලා හට දෙනු ලැබුවා වූ එම ශ්‍රේෂ්ඨ සහ අවසාන පොරොන්දුව සිහිකරන්න; නුඹලාගේ අලස සිතිවිලි සහ වැඩිවූ සැහැල්ලු සිනහව නුඹලා වෙතින් ඈතට විසිකරන්න.

70 නුඹලා නැවතී සිටින්න, මෙම ස්ථානයේ නුඹලා නැවතී සිටින්න, තවද මෙම අවසන් රාජ්‍යයේ පළමු වෙහෙසවන්නන්ගේ, නමස්කාර රැස්වීමක් කැඳවන්න.

71 තවද ඔවුන්ගේ ගමන ගැන ඔවුන් විසින් අනතුරු අඟවන ලද්දාවූ අයට ස්වාමින්වහන්සේට හඬගසන්නටත්, තවද කුඩා සෘතුවක් සඳහා ඔවුන්ට ලැබුණු අනතුරු ඇඟවීම ගැන ඔවුන්ගේ හදවත් වල මෙනෙහි කරන්නටත් සලස්වන්න.

72 බලන්න, තවද බලව, මම නුඹලාගේ රැල රැකබලාගන්නෙමි, තවද වැඩිහිටයන්ව නැඟිටුවා ඔවුන් වෙතට යවන්නෙමි.

73 බලන්න, මම මාගේ ක්‍රියාව එම කාලයේදී ඉක්මන් කරන්නෙමි.

74 තවද මම මෙම අවසන් රාජ්‍යයේ පළමු සේවකයන් වූ නුඹලා හට, නුඹලාව එකට එක්රැස් කරගැනීමට, තවද නුඹලාව සැලසුම් කරගැනීමට, තවද නුඹලාව සූදානම් කරගැනීමට, තවද නුඹලාව පරිශුද්ධ කරගැනීමට ආඥාවක් දෙන්නෙමි; එසේය, නුඹලාගේ හදවත් පිරිසිඳු කරගන්න, තවද නුඹලාගේ අත් සහ පාද මා ඉදිරියේ පවිත්‍ර කරගන්න, එනම් මම නුඹලාව පිරිසිඳු කරන පිණිසය;

75 එනම් මම නුඹලාගේ පියාණන්වහන්සේට, තවද නුඹලාගේ දෙවියන්වහන්සේට, තවද මාගේ දෙවියන්වහන්සේට, එනම් මෙම දුෂ්ට පරම්පරාවේ රුධිරයෙන් නුඹලා පිරිසිඳු බවට සාක්ෂි දරන පිණිසය; එනම් මා විසින් නුඹලා හට ලබාදෙන ලද මෙම ශ්‍රේෂ්ඨ සහ අවසාන පොරොන්දුව වන, මෙම පොරොන්දුව මා සම්පූර්ණ කරන පිණිසය.

76 එසේම, මෙතැන් පටන් යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් නුඹලා නොකඩවා පැවතිය යුතුයැයි මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

77 තවද එනම් රාජ්‍යයේ මූලධර්ම එකිනෙකාට උගන්වන පිණිස මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.

78 නුඹලා ඉතා උවමනාවෙන් උගන්වන්න, තවද මාගේ කරුණාව නුඹලා සමඟ පවතින්නේය, එනම් නුඹලාට තේරුම්ගැනීමට යෝග්‍ය වන්නාවූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා සම්බන්ධ සියලුම දේවල් තුළ, සිද්ධාන්තයන් තුළ, ප්‍රතිපත්තීන් තුළ, මූලධර්මයන් තුළ, ශුභාරංචියේ නීතිය තුළ, වඩාත් පරිපූර්ණ ලෙස නුඹලාට උපදෙස් ලැබෙන පිණිසද;

79 ස්වර්ගයේ සහ පොළොවේ දෙකෙහිම දේවල් තුළද, තවද පොළොව යටින්ද; එම තිබුණු දේවල් වලින්ද, තිබෙන්නාවූ දේවල්ද, ඉක්මනට සිදුවන්නට තිබෙන්නාවූ එම දේවල්ද; නුඹලාගේ රටේ තිබෙන්නාවූ එම දේවල්ද, පිරටවල තිබෙන්නාවූ එම දේවල්ද; ජාතීන්ගේ යුද්ධයන් සහ ව්‍යාකූලත්වයන්ද, තවද එම දේශයන්හි ඇත්තාවූ එම විනිශ්චයන්ද; තවද රටවල් සහ රාජ්‍යයන් පිළිබඳ දැනුමක්ද ලැබෙන පිණිසය—

80 එනම් මම නුඹලාව කැඳවා ඇති එම කැඳවීම, සහ මා විසින් නුඹලාට පවරන ලද මෙහෙයුම සම්පූර්ණ කිරීමට, මම නුඹලාව නැවත යවන විට නුඹලා සියලු දෙයින් සූදානම් වී සිටින පිණිසය.

81 බලන්න, මම නුඹලාව පිටතට යවන්නේ ජනතාවට සාක්ෂි දැරීමට සහ අනතුරු ඇඟවීමටය, තවද අනතුරු ඇඟවීම් ලබා ඇති සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අසල්වැසියාට අනතුරු ඇඟවීම අවශ්‍ය වන්නේය.

82 එසේහෙයින්, ඔවුන්ට නිදහසට කරුණු නැත, තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගේ ස්වකීය හිස් මතය.

83 එනම් මා උනන්දුවෙන් සොයන ඔහු මා සොයාගන්නේය, තවද අත්හරිනු නොලබන්නේය.

84 එසේහෙයින්, නුඹලා නැවතී සිටින්න, තවද උද්යෝගයෙන් වෙහෙසවෙයන්න, එනම් ස්වාමින්වහන්සේගේ මුඛය නම්කරන තරම්, නුඹලා අවසාන වරට අන්‍ය ජාතීන් අතරට පෙරට යාමේ නුඹලාගේ දේවසේවයේ නුඹලා පරිපූර්ණ වන පිණිසය, නීතිය බැඳ තවද සාක්ෂිය මුද්‍රා කිරීමටද, තවද පැමිණෙන්නට තිබෙන්නාවූ එම විනිෂ්චයේ පැයට ශුද්ධවන්තයන්ව සූදානම් කිරීමටය;

85 එනම් දෙවියන්වහන්සේගේ කෝපයෙන්, සහ මෙම ලෝකය සහ පැමිණෙන්නට ඇති ලෝකයන් දෙකෙහිම, දුෂ්ටයන්ව බලාසිටින එම පාළුකරන පිළිකුල්කම් වලින්, ඔවුන්ගේ ප්‍රාණයන් මිදෙන පිණිසය. සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, පළමු වැඩිහිටියන් නොවන එම අයවළුන්ට ස්වාමින්වහන්සේගේ මුඛයෙන් ඔවුන්ව කැඳවන තුරු මිදිවත්තේ නැවතී සිටින්නට සලස්වන්න, මක්නිසාද ඔවුන්ගේ කාලය තවමත් පැමිණ නැත; ඔවුන්ගේ වස්ත්‍රයන් මෙම පරම්පරාවේ රුධිරයෙන් පිරිසිඳු වී නැත.

86 නුඹලාව නිදහස් කරන පිණිස පාපයෙන් නිදහස්ව පවතින්න; පාපයෙහි පැටලී නොසිටින්න, නමුත් ස්වාමින්වහන්සේ පැමිණෙන තුරු නුඹලාගේ දෑත් පිරිසිඳුව තබාගන්න.

87 මක්නිසාද මෙතැන් සිට බොහෝ දවසක් නැත්තේය තවද පොළොව බීමත් මනුෂ්‍යකු මෙන් එහාටත් මෙහාටත් වේව්ලවා පෙරලෙන්නේය; තවද හිරු ඔහුගේ මුහුණ සඟවාගන්නේය, තවද ආලෝකය දීම ප්‍රතික්ෂේප කරන්නේය; තවද සඳ රුධිරයෙන් නැහැවී යන්නේය; තවද තරු ඉමහත්ව කෝපයට පත්වන්නේය, තවද අත්තික්කා ගසකින් අත්තික්කා පහතට ඒවා පිටතට වැටෙන්නාක් මෙන් ඔවුන්වම පහතට ඇදවැටෙන්නේය.

88 තවද නුඹලාගේ සාක්ෂියෙන් පසු කෝපය සහ උදහස ජනතාව මත පැමිණෙන්නේය.

89 මක්නිසාද නුඹගේ සාක්ෂියෙන් පසු භූමිකාම්පාවන්ගේ සාක්ෂිය පැමිණෙන්නේය, එනම් එහි ඇයගේ මධ්‍යය තුළ කෙඳිරීම් ඇතිකරන්නේය, තවද මනුෂ්‍යයන් පොළොව මත වැටෙන අතර තවද නැගිටීමට හැකි නොවන්නේය.

90 තවද එසේම ගෙරවීම් හඬේ සාක්ෂියද, අකුණු හඬද, කුණාටුවන්ගේ හඬද, තවද මුහුදේ රැළි ඔවුන්ගේ මායිම් වලින් පිටතට පැමිණෙන හඬද පැමිණෙන්නේය.

91 තවද සියලු දේවල් තුළ කලබලය වන්නේය; තවද සත්‍යයෙන්ම, මනුෂ්‍යයන්ගේ හදවත් ඔවුන්ව අසමත් කරවන්නේය; මක්නිසාද සියලු ජනතාව වෙතට භීතිය පැමිණෙන්නේය.

92 තවද දේවදූතයන් ස්වර්ගයේ මධ්‍යය තුළින් පියාඹා යමින්, මහත් හඬක් සමඟින් මොරගසමින්, දෙවියන්වහන්සේගේ හොරණෑව ශබ්ද කරමින්, කියන්නේය; නුඹලා සූදානම් වන්න, නුඹලා සූදානම් වන්න, අහෝ පොළොවේ පදිංචිකරුවෙනි; මක්නිසාද අපගේ දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණ ඇත්තේය. බලන්න, තවද බලව, මනමාලයා පැමිණෙන්නේය; නුඹලා පිටතට ගොස් ඔහුව සම්මුඛ වන්න.

93 තවද ක්ෂණයකින් එහි මහත් සංකේතයක් ස්වර්ගයෙහි පෙනෙන්නේය, තවද සියලු ජනතාව එය එක්ව දකින්නෝය.

94 තවද වෙනත් දේවදූතයෙකු ඔහුගේ හොරණෑව හඬවමින්, පවසන්නේය; එම මහත් සභාව, එනම් සියලු ජාතීන්ට ඇයගේ වේෂ්‍යාකම් වල කෝපයේ මිදියුෂ පානය කිරීමට සැලැස්සුවාවූද, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට හිංසාකරමින්, එනම් ඔවුන්ගේ රුධිරය වගුරුවනු ලැබුවාවූද, පිළිකුල්කම් වල මව—බොහෝ ජලයන් මතද, තවද මුහුදේ දූපත් මතද වාඩිවී සිටින ඇය—බලන්න, ඇය පොළොවේ කිරිඳිය; ඇයව පොදි වලට බැඳ ඇත්තේය; ඇයගේ පටි ශක්තිමත් කරනු ලබා ඇත්තේය; කිසිඳු මනුෂ්‍යයෙකුට එය ලිහිල්කළ නොහැකි වන්නේය; එසේහෙයින්, ඇයව ගිනිතැබීමට සූදානම් කර ඇත්තේය. තවද ඔහු ඔහුගේ හොරණෑව දිගින් දිගටම සහ ශබ්දයෙන් යන දෙකෙන්ම ශබ්ද කරන්නේය, තවද සියලු ජාතීන්ට එය ඇසෙන්නේය.

95 තවද එහි ස්වර්ගයෙහි පැය භාගයක පමණ කාල පරාසයක් පුරාවට නිෂ්ශබ්දතාවයක් වන්නේය; තවද ඔතා ඇති ලියවිල්ලක් නැවත විවෘත වනවා මෙන් ක්ෂණයකින් ස්වර්ගයේ තිරය විවෘත වන්නේය, තවද ස්වාමින්වහන්සේගේ මුහුණ විවෘත කරනු ලබන්නේය;

96 තවද එනම් පොළොව මත ජීවත්ව සිටින්නාවූ ශුද්ධවන්තයන්ව, ප්‍රාණවත් කරනු ලැබ තවද උන්වහන්සේව සම්මුඛ වීමට ඔසවාගනු ලබන්නේය.

97 තවද ඔවුන්ගේ සොහොන් තුළ නිදා සිටින්නාවූ ඔවුන් පෙරට පැමිණෙන්නෝය, මක්නිසාද ඔවුන්ගේ සොහොන් විවෘත කරනු ලබන්නේය; තවද ඔවුන්ව එසේම උන්වහන්සේව සම්මුඛ වීමට ස්වර්ගයේ කුළුණු මධ්‍යයේ ඔසවාගනු ලබන්නෝය.

98 ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේය, පළමු ඵලයන්ය, ඔවුන් උන්වහන්සේ සමඟ පළමුව නැගී යන්නෝය, තවද ඔවුන් පොළොවේ සහ ඔවුන්ගේ සොහොන් මත සිටින්නවුන්ය, උන්වහන්සේව සම්මුඛ වීමට පළමුව ඔසවාගනු ලැබූවන්ය; තවද මේ සියල්ල දෙවියන්වහන්සේගේ දේවදූතයාගේ හොරණෑවේ ශබ්දය මගින්ය.

99 තවද මෙයින් පසුව වෙනත් දේවදූතයෙකු ශබ්ද කරන්නේය, එය දෙවන හොරණෑවය; තවද එවිට ක්‍රිස්තුස්වහන්සේගේ අයවළුන් වන උන්වහන්සේගේ පැමිණීමේදී මුදවන අයවළුන් පැමිණෙන්නෝය; ඔවුන් ශුභාරංචිය ලබන පිණිස සහ මාංශයෙන් යුත් වූ මනුෂ්‍යයන් ආකාරයට විනිශ්චය ලබන පිණිස, ඔවුන් සඳහා සූදානම් කර තිබූ හිරගෙදරදී ඔවුන්ගේ කොටස ලැබූවන්ය.

100 තවද නැවතත්, තවත් හොරණෑවක් ශබ්ද කරනු ලබන්නේය, එය තෙවැනි හොරණෑවය; තවද එවිට විනිශ්චය කළ යුතුව ඇති සහ හෙළාදැකීම යටතේ සොයාගනු ලබන්නාවූ මනුෂ්‍යන්ගේ ආත්මයන් පැමිණෙන්නෝය;

101 තවද මොවුන් මැරුණු අයගෙන් ඉතිරි අයවළුන් වන්නෝය; තවද ඔවුන් වසර දහස අවසන් වන තුරු වුවත්, එමෙන්ම පොළොවේ අවසානය දක්වා වුවත් නැවතත් ජීවත් නොවන්නෝය.

102 තවද තවත් හොරණෑවක් ශබ්ද කරනු ලබන්නේය, එය සතරවන හොරණෑවය, එය මෙසේ පවසන්නේය; එම මහත් සහ අවසාන දවස තෙක් පවතින්නන්, අවසානය දක්වා වුවත්, තවමත් අපවිත්‍රව පවතින්නන්, ඔවුන් අතරේ සිටින්නෝය.

103 තවද තවත් හොරණෑවක් ශබ්ද කරනු ලබන්නේය, එය පස්වන හොරණෑවය, ඒ ස්වර්ගයේ මධ්‍යය තුළින් පියාඹා යමින්, සියලු ජාතීන්, වංශයන්, භාෂාවන් සහ ජනතාවන් වෙතට—එම සදාකාලික ශුභාරංචිය ගෙන එන්නාවූ පස්වන දේවදූතයාය;

104 තවද මෙය ස්වර්ගයේ සහ පොළොවේ දෙකෙහිම, තවද පොළොව යටද, සියලු ජනතාවන් හට පවසන්නාවූ, ඔහුගේ හොරණෑවේ ශබ්දය වන්නේය—මක්නිසාද සියලු කන් එය අසන්නේය, තවද සියලු දණහිස් නමනු ලබන්නේය, තවද සෑම දිවක්ම පාපොච්චාරණය කරන්නේය, ඔවුන්ට ඒ අතර මෙසේ පසන්නාවූ හොරණෑවේ ශබ්දය ඇසෙන්නේය: දෙවියන්වහන්සේට බියවන්න, තවද සදාකාලයෙන් සදාකාලයට සිංහාසනය මත වැඩසිටින්නාවූ උන්වහන්සේට මහිමය දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත්තේය.

105 තවද නැවතත්, තවත් දේවදූතයෙක් මෙසේ පවසමින් ඔහුගේ හොරණෑව ශබ්ද කරන්නේය, ඒ හයවන දේවදූතයාය: සියලු ජාතීන්ට ඇයගේ වේශ්‍යාකමේ කෝපයේ මිදියුෂ පානය කරන්නට සැලැස්සුවාවූ ඇය වැටී ඇත්තේය; ඇය වැටී ඇත්තේය, වැටී ඇත්තේය!

106 තවද නැවතත්, තවත් දේවදූතයෙක් මෙසේ පවසමින් ඔහුගේ හොරණෑව ශබ්ද කරන්නේය, ඒ හත්වැනි දේවදූතයාය: එය අවසානය! එය අවසානය! සර්ව බළධාරී දෙවියන්වහන්සේගේ කෝපයේ දැඩිභාවයේ වූ මිදි මඩින යන්ත්‍රයේ වුවත්, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් තනියෙන්ම මිදි මඩිනය ජයගෙන පාගා දමා ඇති සේක.

107 තවද එවිට උන්වහන්සේගේ බලයේ මහිමයෙන් දේවදූතයන්ට ඔටුනු පළඳවනු ලබන්නේය, තවද ශුද්ධවන්තයන් උන්වහන්සේගේ මහිමයෙන් පූර්ණ වන්නෝය, තවද ඔවුන්ගේ උරුමය ලැබ තවද උන්වහන්සේ සමඟ සමාන වන්නෝය.

108 තවද එවිට පළමු දේවදූතයා නැවතත් ඔහුගේ හොරණෑව සියලු ජීවත්වන්නන්ගේ කන් වලට ශබ්දකරනු ලබන්නේය, තවද පළමුවෙනි වසර දහසේදී මනුෂ්‍යයන්ගේ රහසිගත ක්‍රියා සහ දෙවියන්වහන්සේගේ මහත් ක්‍රියාද එළිදරව් කරන්නේය.

109 තවද එවිට දෙවන දේවදූතයා ඔහුගේ හොරණෑව ශබ්ද කරන්නේය, තවද මනුෂ්‍යයන්ගේ රහසිගත ක්‍රියාද, ඔවුන්ගේ හදවත් වල සිතිවිලි සහ අපේක්ෂාවන්ද, තවද දෙවන වසර දහසේදී දෙවියන්වහන්සේගේ මහත් ක්‍රියාද එළිදරව් කරන්නේය—

110 තවද එලෙසම, හත්වන දේවදූතයා ඔහුගේ හොරණෑව ශබ්දකරන තුරු ඒ ආකාරයට වන්නේය; තවද ඔහු දේශය මත සහ මුහුද මත නැඟී සිටින්නේය, තවද සිංහාසනය මත සිටින්නාවූ උන්වහන්සේගේ නාමයෙන් ඔහු පොරෙන්දු වන්නේය, එනම් එහි තවත් කාලයක් නොවන්නේය; තවද එම පැරණි සර්පයාව, යක්ෂයා යැයි නම් කරනු ලැබූ, සාතන්ව බඳිනු ලැබ, තවද වසර දහසක කාල පරාසයක් පුරාවට ලිහිල් කරනු නොලබන්නේය.

111 තවද එවිට ඔහුව කෙටි කාලයක් උදෙසා ලිහිල්කරනු ලබන්නේය, එනම් ඔහු ඔහුගේ හමුදාවන් රැස්කර ගන්නා පිණිසය.

112 තවද මිකායෙල්, අග්‍ර දේවදූතයා වන, එම හත්වන දේවදූතයා, ස්වර්ගීය සේනාව වන, ඔහුගේ හමුදාවන් වුවත් රැස්කර ගන්නේය.

113 තවද යක්ෂයා ඔහුගේ හමුදාවන් රැස්කරගෙන; පාතාලයේ සේනාවන්ද සමඟ, තවද මිකායෙල් සහ ඔහුගේ හමුදාවන්ට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණෙන්නේය.

114 තවද එවිට මහත් වූ දෙවියන්වහන්සේගේ සටන පැමිණෙන්නේය; තවද යක්ෂයා සහ ඔහුගේ හමුදාවන්ව ඔවුන්ගේම ස්වකීය ස්ථාන වලට පහකරනු ලබන්නේය, එනම් ඔවුන්ට ශුද්ධවන්තයන් මත තවදුරටත් කිසිඳු බලයක් නොවන්නේය.

115 මක්නිසාද මිකායෙල් ඔවුන්ගේ සටන් සඳහා සටන් වදින්නේය, තවද සිංහාසනය මත වාඩිව සිටින්නාවූ බැටළු පැටවාණන් වන, උන්වහන්සේගේ, සිංහාසනය සොයාන්නා වූ ඔහුව ජයගන්නේය.

116 මෙය දෙවියන්වහන්සේගේද තවද පරිශුද්ධ කරනු ලැබූවන්ගේද මහිමය වන්නේය; තවද ඔවුන් තවදුරටත් මරණය නොදකින්නෝය.

117 එසේහෙයින්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ මිත්‍රයෙනි, මා නුඹලාට ආඥා කළ ආකාරයට, නුඹලාගේ ශුද්ධ වූ රැස්වීම් කැඳවන්න.

118 තවද සියල්ලන්ට ඇදහිල්ල නොමැති හෙයින්, නුඹලා උද්යෝගයෙන් සොයන්න තවද එකිනෙකාට ප්‍රඥාවේ වචනයන් උගන්වන්න; එසේය, හොඳම පොත් වලින් නුඹලා ප්‍රඥාවේ වචනය සොයන්න; අධ්‍යනය මගින්ද, එසේම ඇදහිල්ල මගින් වුවද, ඉගෙනගැන්ම සොයන්න.

119 නුඹලාව සංවිධානාත්මක කරගන්න; අවශ්‍ය සියලු දේවල් සූදානම් කරගන්න; තවද යාච්ඤාවෙන් වූ නිවසක්, නිරාහාරයෙන් වූ නිවසක්, ඇදහිල්ලෙන් වූ නිවසක්, ඉගෙනගැනීමෙන් වූ නිවසක්, මහිමයෙන් වූ නිවසක්, පිළිවෙලින් වූ නිවසක්, දෙවියන්වහන්සේගෙන් වූ නිවසක්, මෙන් වූ නිවසක් පිහිටුවාගන්න;

120 එනම් නුඹලගේ පැමිණීම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් විය යුතු වන්නේය; එසේම නුඹලාගේ පිටත්වීම් ස්වාමින්වහන්සේගේ නාමයෙන් විය යුතු වන්නේය; එනම් නුඹලාගේ සියලු ආචාරයන් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, මහෝත්තම වූ තැනැන්වහන්සේට දෑත් එසවීම සමඟින් විය යුතු වන්නේය.

121 එසේහෙයින්, නුඹලාගේ සියලු සැහැල්ලු කතා වලින්, නුඹලාගේ සියලු හඬනගා සිනහවෙන්, නුඹලාගේ සියලු කාමුක ආශාවන්ගෙන්, නුඹලාගේ සියලු උඩඟුකමින් සහ සැහැල්ලු සිතිවිලි මගින්, සහ නුඹලාගේ සියලු දුෂ්ට ක්‍රියාවන්ගෙන් වැළකී සිටින්න.

122 නුඹලා අතරෙන් ගුරුවරයෙකු පත්කරගන්න, තවද එකම අවස්ථාවේ සියල්ලෝ කතා නොකරන්න; එහෙත් එක් අවස්ථාවකට එක් අයෙකුට කතා කරන්නට සලස්වන්න තවද සියල්ලන්ටම ඔහුගේ පැවසීම් වලට ඇහුම්කන්දෙන්නට සලස්වන්න, එනම් එවිට සියල්ලෝම කතා කළ පසුව එනම් සියල්ලෝම සියල්ලෙන්ම අභිවෘධිය ලබන පිණිසය, තවද එනම් සෑම මනුෂ්‍යයෙකුම සමාන වරප්‍රසාදයක් ලබාගන්නා පිණිසය.

123 එනම් නුඹලා එකිකොට ප්‍රේම කිරීමට බලාගනින්න; තණ්හාවෙන් වැළකී සිටින්න; ශුභාරංචියට අවශ්‍ය ලෙස එකිනෙකා සමඟ බෙදාගැනීමට ඉගෙනගන්න.

124 නිකරුණේ කාලය ගතකිරීමෙන් වැළකී සිටින්න; අපවිත්‍රව නොසිටින්න; එකිනෙකා සමඟ වැරදි සෙවීමෙන් වැළකී සිටින්න; අවශ්‍යතාවයට වඩා දිගු නිදාගැනීමෙන් වැළකී සිටින්න; නුඹගේ යහනට නොපමාව යන්න; එනම් ඒ නුඹලා වෙහෙසට පත්නොවන පිණිසය; වේලාසනින් නැගිටින්න, එනම් ඒ නුඹලාගේ ශරීරයන් සහ නුඹලාගේ මනසවල් ප්‍රාණවත් වන පිණිසය.

125 තවද සියලු දේවලට වඩා, පරිපූර්ණත්වයේ සහ සමාදානයේ බැඳීම වන, උතුම් ප්‍රේමයේ බැඳීමෙන් නුඹලාවම වස්ත්‍රාභරණයක් සමඟින් සරසන්න.

126 මම පැමිණෙන තුරු, නුඹලා ක්ලාන්ත නොවන පිණිස, නිතර යාච්ඤා කරන්න. බලන්න, තවද බලව, මම ඉක්මණින් පැමිණෙන්නෙමි, තවද මා වෙතට නුඹලාව ලබාගන්නෙමි. ආමෙන්.

127 තවද නැවතත්, අනාගතවක්තෘවරුන්ගේ පාසලේ සභාපතිත්වය උදෙසා වූ ගෘහයේ පිළිවෙල, ඔවුන් උදෙසා යෝග්‍ය වන්නාවූ එනම් සියලු දේවල් සඳහාද, එමෙන්ම සභාවේ සියලු තනතුරු උදෙසාද, නැතහොත් වෙනත් වචන වලින්, උත්තම පූජකවරුන්ගේ පටන්, උපස්ථායකයන් දක්වා, සභාව තුළ දේවසේවයට කැඳවනු ලැබූ ඔවුන්ට, උපදෙස් සඳහාද පිහිටුවා ඇත්තේය—

128 තවද මෙය පාසලේ සභාපතිත්වයේ ගෘහයේ පිළිවෙල වන්නේය: සභාපතිවරයා, හෝ ගුරුවරයා වන්නට පත්කරනු ලැබූ ඔහු, ඔහුගේ ස්ථානයේ, එනම් ඔහු සඳහා සූදානම් කර ඇති ගෘහයේ නැගී සිටිනු සොයාගනු ලබන්නේය.

129 එසේහෙයින්, එම ගෘහයේ සමූහයාට, හඬ නගමින් කරන දේශනාවක් සමඟින් නොව, නමුත් ඔහුගේ චවනයන් පැහැදිලිව සහ විශේෂිතව ඇසෙන ස්ථානයක් වන, දෙවියන්වහන්සේගේ ගෘහයේ ඔහු පළමුවෙනියා වන්නේය.

130 තවද ඔහු දෙවියන්වහන්සේගේ ගෘහය තුළට පැමිණෙන විට, මක්නිසාද ඔහු ගෘහයේ පළමුවෙනියා විය යුතුය—බලන්න, මෙය අලංකාරය, එනම් ඔහු ආදර්ශයක් වන පිණිසය—

131 සදාකාලික ගිවිසුමේ ලකුණක් හෝ සිහිකිරීමක් ලෙස, ඔහුට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔහුගේ දණ මත යාච්ඤාවෙන් ඔහුවම ඔප්පු කරන්නට සලස්වන්න.

132 තවද කිසිවෙකු ඔහු පසුව එන්නේ නම්, ගුරුවරයාට නැගිට, තවද, ස්වර්ගය දෙසට ඔහුගේ දෑත් ඔසවා, එසේය, කෙලින්ම වුවත්, ඔහුගේ සහෝදරයා හෝ සහෝදරයන්ට මෙම වචන සහිතව අචාර කරන්නට සලස්වන්න;

133 නුඹ සහෝදරයෙක් හෝ සහෝදරයන් වන්නෙහුද? මම ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට ආචාර කරන්නෙමි, සදාකාල ගිවිසුමේ ලකුණක් හෝ සිහිකිරීමක් ලෙස, එම ගිවිසුම තුළ මම නුඹව සහභාගිත්වයට ලබාගන්නෙමි, එනම් ස්ථිර වූ, නොසැලෙන්නාවූ සහ නොවෙනස් වන්නාවූ අභිමතයකින්, ප්‍රේමයේ බැදීම් තුළ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් නුඹගේ මිත්‍රයා සහ සහෝදරයා වීමටත්, ස්තූතිවන්ත වෙමින්, සදාකාලයෙන් සදාකාලයට, වරදට පත්නොකරන්නාවූ දෙවියන්වහන්සේගේ සියලු ආඥාවන් තුළ ගමන් කිරීමටය. ආමෙන්.

134 තවද මෙම ආචාරයට නුසුදුසුව සොයාගන්නා ඔහුට නුඹලා අතරෙන් ස්ථානයක් නොවන්නේය; මක්නිසාද ඔහු මගින් මාගේ ගෘහය අපවිත්‍ර නොවීමට නුඹලා ඉඩදිය යුතු නොවන්නෝය.

135 තවද එනම් ඇතුළට පැමිණ ඔහු තවද මා ඉදිරියේ ඇදහිලිවන්ත වන්නේද, තවද ඔහු සහෝදරයෙක් නම්, හෝ ඔවුන් සහෝදරයන් නම්, ඔවුන් සභාපතිවරයාට හෝ ගුරුවරයාට එම යාච්ඤාව සහ ගිවිසුම මගින්, හෝ ආමෙන් කීමෙන්, ඒ හා සමාන ලකුණකින්, ස්වර්ගය දෙසට අත් ඔසවමින් ආචාර කළ යුතු වන්නේය.

136 බලන්න, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, මෙය නුඹලාට දෙවියන්වහන්සේගේ ගෘහයේ, අනාගතවක්තෘවරුන්ගේ පාසල තුළ, එකිනෙකා හට ආචාරයට ආදර්ශයක් වන්නේය.

137 තවද ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ, අනාගතවක්තෘවරුන්ගේ පාසල තුළ, නුඹලාගේ සියලු ක්‍රියා වලට ශුද්ධාත්මයාණන්වහන්සේ සන්නිවේදනය කරන ලෙස, මෙය යාච්ඤාව මගින් සහ ස්තූතිවන්තකමින් කිරීමට නුඹලාව කැඳවා ඇත්තේය, එනම් එය ශුද්ධ වූ ස්ථානයක් බවටත්, නුඹලාගේ අභිවෘද්ධිය උදෙසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ කූඩාරමක් බවටත් පත්වන පිණිසය.

138 තවද නුඹලා අතරට මෙම පරම්පරාවේ රුධිරය වෙතින් පවිත්‍රනම් මිස මෙම පාසල තුළට කිසිවෙකුවවත් ලබානොගත යුතුය;

139 තවද ඔහුව පාද සේදීමේ නියෝගය මගින් පිළිගත යුතු වන්නේය, මක්නිසාද පාද සේදීමේ නියෝගය පිහිටුවනු ලද්දේ ‍මෙම කාරණය නිසාය.

140 තවද නැවතත්, පාද සේදීමේ නියෝගය සභාපතිවරයා හෝ සභාවේ මූලාසනය දරන වැඩිහිටියා විසින් මෙහෙයවනු ලැබිය යුතු වන්නේය.

141 එය පටන්ගනු ලබන්නේ යාච්ඤාවකින්ය; තවද පාන් සහ වයින් ලබාගැනීමෙන් පසු, මා සම්බන්ධයෙන් යොහාන්ගේ සාක්ෂියේ 13 වන පරිච්ජේදයේ ආකාරයට අනුව ඔහුගේ ඉන වටා වස්ත්‍රයක් එතිය යුතු වන්නේය. ආමෙන්.