ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 9


9 වන කොටස

1829 අප්‍රියෙල්, හාර්මනි, පෙන්සිල්වේනියාවේ හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් ඔලිවර් කවුඩ්‍රි හට දෙනු ලැබූ එළිදරව්වකි. ඔලිවර් හට ඉවසිලිවන්ත වීමට සහ පරිවර්තනය කිරීමට උත්සහ කිරීමට වඩා, පරිවර්තකයාගේ ප්‍රකාශ ලිවීම ගැන දැනට සෑහීමට පත්වීමට උපදෙස් දෙනු ලබයි.

1–6, අනෙකුත් පැරණි වාර්තාවන් තවමත් පරිවර්තනය කිරීමට ඇත; 7–14, මොර්මොන්ගේ පොත පරිවර්තනය කරනු ලබන්නේ අධ්‍යයනය කිරීමෙන් සහ ආත්මික ස්ථිර කිරීම මගින්ය.

1 බලන්න, මාගේ පුත‍්‍රය මම නුඹට පවසන්නෙමි, නුඹ මාගෙන් ඉල්ලූ ලෙස නුඹගේ ආශාවන්ට අනුව නුඹ පරිවර්තනය නොකොට මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වෙනුවෙන් ලිවීමට නැවත පටන්ගත් නිසා, එසේවුවද, මාගේ කැමැත්ත වන්නේ, මා ඔහුට භාරදී ඇතිදේ වන මෙම වාර්තාවන් අවසන්වන තුරුම නුඹ කටයුතු කිරීමය.

2 තවද ඉන්පසුව, බලන්න, මට තවත් වාර්තාවන් ඇත්තේය, එනම් පරිවර්තනය කිරීමට උපකාරී වන පිණිස මම නුඹට බලය දෙන්නෙමි.

3 ඉවසිලිවන්තව සිටින්න, මාගේ පුත‍්‍රය, මෙම වර්තමාන කාලයේ නුඹ පරිවර්තනය කිරීමට යෝග්‍ය නොවන්නේය, මක්නිසාද එය මාගේ ප‍්‍රඥාව වන්නේය.

4 බලන්න, නුඹට කිරීමට කැඳවනු ලැබූ සේවය නම් මාගේ සේවක ජෝසෆ් වෙනුවෙන් ලිවීමය.

5 තවද බලන්න, නුඹ පටන්ගත්තාක් මෙන් නුඹ පවත්වාගෙන නොගිය නිසා, නුඹ පරිවර්තනය ආරම්භ කළවිට, එනම් මෙම වරප‍්‍රසාදය මම නුඹෙන් ගත්තෙමි.

6 මාගේ පුත‍්‍රය නොකොඳුරන්න, මේ ආකාරයෙන් මම නුඹ සමඟ ගණුදෙනු කිරීම මාගේ ප‍්‍රඥාව වන්නේය.

7 බලන්න, නුඹ තේරුම්ගෙන නොමැත්තේය; මම නුඹ හට එය දෙනු ඇත්තේ යැයි නුඹ සිතා ඇත්තෙහිය, එය මාගෙන් ඇසීම හැර නුඹට වෙනත් සිතිවිල්ලක් නොවීය.

8 එහෙත්, බලන්න, මම නුඹට පවසන්නෙමි, එනම් නුඹ එය නුඹගේ මනසින් අධ්‍යයනය කළයුතු වේ; ඉන්පසුව එය සුදුසු දැයි නුඹ මගෙන් ඇසූ විට, තවද එය නිවැරදි වන්නේ නම් නුඹගේ පපුව තුළ දැවීමක් ඇතිකිරීමට මම සලසන්නෙමි; එසේහෙයින්, එය නිවැරදි බව නුඹට හැඟෙනු ඇත.

9 නමුත් එය නිවැරදි නොවන්නේ නම්, එවැනි හැඟීමක් නුඹට ඇතිවන්නේ නැත, නමුත් නුඹට මුලාවූ සිතුවිල්ලක් ඇතිවී වැරදිවූ දේ අමතක කිරීමට හැකිවන්නේය; එසේහෙයින්, මාගෙන් එය නුඹට ලැබුනොත් හැර, ශුද්ධවන්තවූ දේ ලිවීමට නුඹට නොහැකි වන්නේය.

10 දැන්, නුඹ මේ දේ දැනසිටියා නම් නුඹට පරිවර්තනයේ යෙදිය හැකිවන්නේය; එසේවුවද, දැන් නුඹ පරිවර්තනය කිරීම යෝග්‍ය නොවන්නේය.

11 බලන්න, නුඹ පටන්ගත් විට එය යෝග්‍යව තිබිණි; එහෙත් නුඹ භීතියට පත්වූයේය, කාලය පසුවී ඇත, තවද දැන් එය යෝග්‍ය නොවන්නේය.

12 මක්නිසාද, මම මාගේ සේවක ජෝසෆ් හට ප‍්‍රමාණවත් ශක්තියක් දී ඇත්තේ යැයි නුඹ දකින්නේ නැතිද, කොහෙන් එය ලබාදී ඇත්ද? තවද මම නුඹලාගෙන් කිසිවෙක් වරදට පත්කර නැත්තේය.

13 මම නුඹට ආඥා කළ මෙම දේවල් කරන්න, තවද නුඹ සමෘධිමත් වනු ඇත. ඇදහිලිවන්ත වන්න, තවද පරීක්ෂාවන්ට යටත්නොවන්න.

14 මම නුඹව කැඳවනු ලැබූ සේවයේ නොසැලී සිටින්න, තවද නුඹගේ හිසෙහි කෙස්ගසක් හෝ නැති නොවන්නේය, තවද නුඹව අවසාන දවසේ ඔසවනු ලබන්නේය. ආමෙන්.