ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 95


95 වන කොටස

1833 ජුනි 1, ඔහායෝ කර්ට්ලන්ඩ් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව ස්වාමින්වහන්සේගේ ගෘහය වන, නමස්කාරය හා උපදෙස් සඳහා නිවසක් තැනීම සඳහා වූ දිව්‍යමය මගපෙන්වීම් වල අඛණ්ඩව සිදුකිරීමකි (කොටස 88:119–136 බලන්න).

1–6, ස්වාමින්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට අපොහොසත් වීම නිසා ශුද්ධවන්තයන්ට තරවටු කරනු ලබයි; 7–10, උන්වහන්සේගේ ජනතාව ඉහළින් බලය සමඟ බලයෙන් සැරසීම සඳහා ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ගෘහය භාවිතා කිරීමට ආශාවන සේක; 11–17, එම නිවස නමස්කාරයේ ස්ථානයක් සහ ප්‍රේරිතවරුන්ගේ පාසල ලෙස කැපකළ යුතු වන්නේය.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ මා ප්‍රේම කරන්නාවූ නුඹලා හට පවසන සේක, තවද මම ප්‍රේම කරන අයට ඔවුන්ගේ පව් කමාව ලබාගැනීම පිණිස එසේම තරවටු කරන්නෙමි, මක්නිසාද තරවටු කිරීම සමඟ මම ඔවුන්ට සියලු පරික්ෂා වලින් පිටතට ගැලවීමේ මාර්ගයක් සූදානම් කරදෙන්නෙමි, තවද මම නුඹලාට ප්‍රේම කළෙමි—

2 එසේහෙයින්, නුඹලා තරවටු කරනු ලැබ තවද චෝදනා ලැබ මා මුහුණ ඉදිරියේ සිටගැනීම අවශ්‍ය වන්නේය;

3 මක්නිසාද නුඹලා බරපතල පාපයකින් මට විරුද්ධව පව්කර ඇත්තෝය, එනම් මාගේ ගෘහය ගොඩනැගීම සහ මා නුඹලාට දෙනු ලැබූ සියලු දේවල් සම්බන්ධව එම මහත් ආඥාව නුඹලා ඒ තුළ සලකාබලා නැත;

4 මක්නිසාද අවසන් වතාවට මාගේ මිදිවත්ත කප්පාදු කිරීමට මාගේ ප්‍රේරිතවරුන්ව සූදානම් කිරීමට මම එම සූදානම සකස් කොට ඇත්තේ, මාගේ ආත්මය සියලු මාංශයන් මත වැගිරීම පිණිස, මම මාගේ අපූරු ක්‍රියාව ඉදිරියට ගෙන ඒම පිණිසය—

5 එහෙත් බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් එහි නුඹලා අතරින් නියම කර ඇති බොහෝ දෙනෙක් ඇත, මා විසින් කැඳවනු ලැබූ බොහෝ දෙනෙක් ඇත, එහෙත් ඔවුන්ගෙන් තෝරාගෙන ඇත්තේ ස්වල්ප දෙනෙකි.

6 තෝරා නොගත්තාවූ ඔවුහු බෙහෙවින් බරපතල පාපයකින් පව්කර ඇත, එතුළ ඔවුහු දහවල් කාලයේද අඳුරේ ගමන් කරන්නෝය.

7 තවද මෙම කාරණය උදෙසා නුඹලා නුඹලාගේ ශුද්ධ වූ රැස්වීමක් කැඳවිය යුතුවීමට මම නුඹලා හට ආඥාවක් ලබාදුන්නෙමි, එනම් නුඹලාගේ උපවාස සහ නුඹලාගේ වැලපීම් සබතේ ස්වාමින්වහන්සේගේ කන් වලට පැමිණෙන පිණිසය, එනම් එහි පරිවර්තනය නම්, පළමු දවසේ මැවුම්කරුවාණන්ය, ආරම්භය සහ අවසානයය.

8 එසේය, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා නිවසක් ගොඩනැගිය යුතුයැයි ආඥාවක් මම නුඹලා හට දුන්නෙමි, එම නිවසෙහි මම තෝරාගත්තවුන්ව ඉහළින් බලය සමඟ බලයෙන් සැරසවීමට මම සැලසුම් කළෙමි;

9 මක්නිසාද මෙය පියාණන්වහන්සේ වෙතින් නුඹලා හට වන පොරොන්දුවය; එසේහෙයින් යෙරුසලමේ මාගේ ප්‍රේරිතවරුන් මෙන් වුවද, නවතින ලෙස මම නුඹලාට ආඥා කරන්නෙමි.

10 එසේවුවද, මාගේ සේවකයන් බෙහෙවින් බරපතල පාපයකින් පව්කර ඇත්තෝය; තවද අනාගතවක්තෘවරුන්ගේ පාසල තුළ මතභේදයන් පැනනැගිණ; එය මා හට බෙහෙවින් බරපතල වන්නේ යැයි, නුඹලාගේ ස්වාමින්වහන්සේ පවසන සේක; එසේහෙයින් තරවටු කිරීමට මම ඔවුන්ව පෙරට යැව්වෙමි.

11 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා නිවසක් තැනිය යුතුවීම මාගේ කැමැත්ත වන්නේය. නුඹලා මාගේ ආඥාවන් පිළිපදින්නේ නම් එය ගොඩනැගීමට නුඹලාට බලය ලැබෙනු ඇත.

12 නුඹලා මාගේ ආඥාවන් නොපිළිපදින්නේද, පියාණන්වහන්සේගේ ප්‍රේමය නුඹලා සමඟ පවතින්නේ නැත, එසේහෙයින් නුඹලා අන්ධකාරයේ ගමන් කරන්නෝය.

13 දැන් ස්වාමින්වහන්සේගේ ප්‍රඥාව සහ මනස මෙහිය—එම ගෘහය ගොඩනැගීමට සලස්වන්න, ඒ ලෝකයේ ආකාරයට නොවේ, මක්නිසාද ලෝකයේ ආකාරයට අනුව ජීවත් වීමට මම නුඹලාට නොදෙන්නෙමි;

14 එසේහෙයින්, නුඹලා පත්කර නියමකරන්නාවූ නුඹලාගෙන් තිදෙනෙකු හට මම පෙන්වන්නාවූ ආකාරයට අනුව එය ගොඩනගන්නට සලස්වන්න.

15 තවද එහි ප්‍රමාණය පළල අඩි පනස්-පහක්ද, තවද එහිවූ ඇතුළත ශාලාව, දිගින් අඩි හැට-පහක්ද වන්නට සලස්වන්න.

16 තවද ඇතුළත ශාලාවේ පහළ කොටස නුඹලාගේ සක්‍රමේන්තු පූජාවන්, තවද නුඹලාගේ දේශනා කිරීම්, තවද නුඹලාගේ උපවාස, තවද නුඹලාගේ යාච්ඤා, තවද මා වෙතට නුඹලාගේ වඩාත් ශුද්ධ වූ ආශාවන් පුදකිරීම් උදෙසා මා හට කැපකරන්නට සලස්වන්න යැයි නුඹලාගේ ස්වාමින්වහන්සේ පවසන සේක.

17 තවද ඇතුළත ශාලාවේ ඉහළ කොටස මාගේ ප්‍රේරිතවරුන්ගේ පාසල උදෙසා මා හට කැපකරන්නට සලස්වන්න යැයි, අහමන්ගේ පුත්‍ර වූ; නැතහොත්, වෙනත් වචන වලින්, ඇල්ෆස්; නැතහොත් වෙනත් වචන වලින් ඔමේගස්; එසේම නුඹගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවසන සේක. ආමෙන්.