2010–2019
ඔබ අද දවසේ තෝරාගන්න
ඔක්තෝම්බර් 2018


ඔබ මෙදිනම තෝරාගන්න

අපේ සදාකාලික සතුටේ විශාලත්වය රඳාපවතින්නේ ජීවමාන දෙවියන්ව තෝරාගැනීම සහ උන්වහන්සේගේ වැඩවලට සම්බන්ධ වීම මතයි.

ප්‍රබන්ධ කතා චරිතයක් වන මේරි පොපින්ස් ඉතා අරුම පුදුම - සාමාන්‍ය ඉංග්‍රීසි ආයා කෙනෙක්. 1 ඇය එංගලන්තයේ එඩ්වෝඩියන්හි, නොම්බර 17, චෙරි ගස වීදියේ, කරදරයෙන් සිටින බෑන්ක්ස් පවුලට උදවු කරන්න නැගෙනහිර සුළගේ වේගයෙන් යයි. ජේන් සහ මයිකල් යන දරුවන්ගේ වගකීම ඇයට බාර වී ඇත. දැඩි නමුත් කාරුනික ආකාරයකින් ඇය ඉතා වටිනා පාඩම් සිත්ගන්නා සුළු ලෙස ඔවුන්ට උගන්නන්න පටන්ගන්නවා.

ජේන් සහ මයිකල් ඉතා සැලකියයුතු ප්‍රගතියක් ලබා තිබුනත්, මේරි තීරණය කළා ඇයට යන්නට කාලය එලබිලා තියෙනවා කියලා. එම වේදිකා නාට්‍යයේදී, මේරිගේ හොඳම මිතුරා වන, බර්ට්, ඇයගේ අතහැර යාම වැලක්වීමට උත්සහ කරනවා. “නමුත් ඔවුන් හොඳ ළමයින්, මේරි” කියා ඔහු වාදකරනවා.

මේරි උත්තර දෙමින්, “ඔවුන් එසේ නොවුනත් මම ඔවුන් නිසා කරදර වෙනවාද? එත් මට උදවු කරන්න බෑ ඔවුන් මට ඉඩ දෙන්නේ නැත්නම්, ඒ වගේම හැම දෙයක්ම දන්නා දරුවට වඩා උගන්නන්න අමාරු කෙනෙක් තව නෑ.”

“ඉතින්?” බර්ට් ඇසුවා

“ඉතින් ඉතුරු ටික ඔවුන්ට තනිවම කරන්න වෙනවා.”2 යයි මේරි පිළිතුරු දුන්නා.

සහෝදර සහෝදරියනි, ජේන් සහ මයිකල් බෑන්ක්ස් වගේ, අපි ගැන කරදර වෙන්න තරම් වටිනා අපිත් “හොඳ දරුවෝ”. අපේ දෙවියන්වහන්සේට අවශ්‍යයි අපිට උදවු කරලා අපිට ආශිර්වාද කරන්න, නමුත් අපි හැමතිස්සෙම උන්වහන්සේට එයට ඉඩදෙන්නේ නෑ. සමහරවෙලාවට, අපි හැමදෙයක්ම දන්නවා වගේ හැසිරෙනවා. ඒ වගේම අපිත් “ඉතුරු ටික” තනිවම කරන්න ඕනේ. එකයි අපි මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේ, ස්වර්ගීය නිවසක ඉදලා මේ ලෝකෙට අවේ. අපේ “ටික” කරන්න තෝරාගැනීම ඇතුලත් වෙනවා.

අපේ ස්වර්ගීය පියාණන්ගේ අරමුණ දෙමාපියන් උන්වහන්සේගේ දරුවන් ලවා හරි දේ කරවීම නොවේ; උන්වහන්සේගේ දරුවන් හරි දේ තෝරාගැනීම මඟින් අවසානයේදී උන්වහන්සේ වගේ වීමයි. උන්හන්සේට අවශ්‍ය අපි කීකරු වීම පමණක් නම්, උන්වහන්සේ ඉතා ක්ෂණික තෑගී සහ දඬුවම් ලබා දෙනවා අපගේ හැසිරීමට බලපෑම් කරන්න.

නමුත් දෙවියන්වහන්සේට අවශ්‍ය නෑ උන්වහන්සේගේ දරුවන් සෙලෙස්ටියල් ගෙයි සාලයේ උන්වහන්සේගේ සෙරප්පු හපා කන්නේ නැති පුහුණු සහ කීකරු “සුරතලුන්” වගේ වෙනවා දකින්න. 3නෑ, දෙවියන්වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ දරුවන් වර්ධනය වී උන්වහන්සේගේ වැඩවලට උන්වහන්සේ සමඟ සම්බන්ධ වන්නටයි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජධානියේ උරුමක්කාරයන් වීමට අපිට හැකි වන ලෙස, උන්වහන්සේ වගේ වීමට අපට මඟපෙන්වීමට ගිවිසුම්ගත මාර්ගයක්, උන්වහන්සේට ඇති අකාරයේ ජීවිතයක් අත්කරගැනීමට, සහ උන්වහන්සේගේ අභිමුඛයේ සදාකාලික පවුල් ලෙස ජීවත් වීමට සැලැස්මක් නිර්මාණය කළා.4අපි අපගේ මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේ සිට ඉගෙනගත් පරිදි, පෞද්ගලික තෝරාගැනීම මෙම සැලැස්මට වැදගත් වුනා-සහ -ඉදිරියටත් වැදගත් වෙනවා. අපි සැලැස්ම පිළිඅරගෙන මේ ලෝකයට එන්නට තෝරාගත්තා.

අපි අපගේ විශ්වාසය ක්‍රියාත්මක කිරීම සහ අපගේ නිදහස් කැමැත්ත හරි ආකාරව භාවිතා කිරීම සහතික කරන්න, දෙවියන්වහන්සේගේ සැලැස්ම අමතක වන විදිහට අමතක වීමේ තිරයක් අපේ මනස මතින් ඇඳලා තියෙනවා. එම තිරය නැතුව, දෙවියන්වහන්සේගේ අරමුණ ඉටුවෙන්නේ නෑ, ඒ උන්වහන්සේට අවශ්‍ය වුන විදිහට අපිට වර්ධනය වෙලා විශ්වාසවන්ත උරුමක්කාරයන් වෙන්නට නොහැකි වනනිසා.

දිවැසිවර ලීහායි පැවසුවා: “එමනිසා, මිනිසා තමා වෙනුවෙන් ක්‍රියාකල යුතුයයි ස්වාමි වූ දෙවියන්වහන්සේ ඔහු හට අවස්තාව දුන්සේක. එමනිසා මිනිසා යමකු හෝ තවත් අයෙකු පොළඹවනු ලැබුවොත් මිස ඔහුට තමා වෙනුවෙන් ක්‍රියා කල නොහැකියි.”5 එක මුලික අවදියකදී, පියාණන්ගේ කුළුඳුල් දරුවා ලෙස, එක විකල්පයක් යෙසුස්වහන්සේ විසින් නියෝජනය කළා. අනිත් විකල්පය තෝරාගැනීමේ නිදහස විනාශ කර බලය පැහැරගැනීමට වුවමනා වුන සාතන් නොහොත් ලුසිෆර් විසින් නියෝජනය කළා.6

ක්‍රිස්තුස්වහන්සේ තුල, “අපිට දෙවියන්වහන්සේ සමඟ අතරමැදියෙකු සිටිනවා.” 7 උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සම්පූර්ණ කිරීමෙන් පසු, යේසුස්වහන්සේ “ස්වර්ගයට ඔසවාගනු ලැබ ... මනුෂ්‍ය දරුවන් මත උන්වහන්සේගේ කරුණාවේ අයිතිය පියාණන්වහන්සේගෙන් ලබාගත් සේක.” කරුණාවේ අයිතිය ලබාගත් පසු, “උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ගේ කාරණය උදෙසා මැදහත්කාරකම් කරන සේක.”8

අප වෙනුවෙන් පියාණන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ මැදහත්කාරකම එදිරිවාදිකමක් නොවේ. උන්වහන්සේගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්තට උකහාගැනීමට ඉඩදුන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, 9 හැමදාම පියාණන්ට අවශ්‍ය වූ දේට වඩා දෙයක් දිනා නොගනු ඇත. කිසිම සැකයකින් තොරව ස්වර්ගයේ පියාණන් අපගේ සාර්ථකත්වයට ඔල්වරසන් දී අත්පොලසන් දෙනුලබනවා.

අඩු තරමේ එක පසෙකින් ක්‍රිස්තුස්වහන්සේගේ මැදහත්කාරකම, උන්වහන්සේ අපේ පවු වලට වන්දිගෙවූ බව සහ කිසිම කෙනෙක් දෙවියන්වහන්සේගේ කරුණාව වෙත ලඟා වීමෙන් ඈත් නොකරන බව අපිට මතක් කර දෙනවා.10 යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාසකරන අය, එකගතාවය වෙත මඟපෙන්වන ක්‍රියාවලිය වන11— පසුතැවිලිවී, බෞතිස්මවී, අවසානය දක්වා ගමන් කිරීම හේතුවෙන් ගැලවුම්කරුවාණන්වහන්සේ ඔවුන්ට සමාවදී, සුවකර ඒ වගේම මැදහත්කාරකම් කරන සේක. උන්වහන්සේ අපගේ සහායකයානෝය, සහනදයකයානෝ සහ මැදිහත්කරුවානන්ය- දෙවියන්වහන්සේ සමඟ අපේ මැදිහත්කාරකම පිළිබඳව සන්නිරීක්ෂණය කර සහතික කරන සේක.12

පැහැදිලි ලෙසම, ලුසිෆර් චෝදකයෙකි නැතිනම් නඩු පවරන්නෙකි. එලිදරවුකාර යොහාන් ලුසිෆර්ගේ අන්ත පරාජය මෙසේ පැහැදිලි කළා: “එවිට අපගේ දෙවියන්වහන්සේගේ ගැලවීමද, ශක්තියද, රාජ්‍යද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආන්ඩුබලයද දැන් පැමිණුනේය.” ඇයි? මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපගේ සහෝදරයන්ට වරදතැබුවාවූ, වරදකරු පහත හෙලනු ලැබුවේය. ඔවුහු බැටලුපැටවාණන්ගේ ලේ නිසාද තමන්ගේ සාක්ෂියේ වචන නිසාද ඔහුගෙන් ජයගත්තෝය, යයි ස්වර්ගයෙහි කියන විශාල හඬක් මට ඇසුනේය”.13

ලුසිෆර් කියන්නේ මෙම චෝදකයාටයි. මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේදී ඔහු අපිට විරුද්ධව කතාකලා, සහ මේ ලෝකයේදීත් දිගින් දිගටම ප්‍රසිද්ධියේ අපට චෝදනා කරනවා. ඔහු අපව ඇද ගැනීමට උත්සාහ කරනවා. ඔහුට අවශ්‍යයි අපි අවසානයක් නැති දුකක් අත්විදිනවට. අපි සුදුසු නැහැ, අපි හොඳ නැහැ, වැරැද්දකට පස්සේ සුවයක් නෑ කියලා අපිට කියන්නේ ඔහුයි. ඔහු තමයි මුලික හිරිහැර කරන්නා, අපි වැටුණු වෙලාවට පයින් ගහන කෙනා.

ලුසිෆර් දරුවෙකුට ඇවිදින්න කියාදෙනවානම් දරුවා වැටුනොත්, ඔහු දරුවාටා කෑ ගහයි, දඩුවම් කරයි, ඒ වගේම උත්සහ කරන එක නතර කරන්න කියයි. ලුසිෆර්ගේ ක්‍රමය ටිකෙන් ටික අධෛර්ය කරනවා සහ බලාපොරොත්තු නැති කරනවා- සෑම විටම. මෙම සියලුම බොරුවල පියා තමයි සියලුම අසත්‍ය සපයන්නා14 සහ අපිව මුලා කර සිත වියවුල් කරන්න කපටි ලෙස ක්‍රියාකරන්නා, “මක්නිසාදයත් ඔහු මෙන් සියලු මිනිසුන් කාලකන්නි විය යුතු යයි ඔහු සොයන්නේය”.15

ක්‍රිස්තුස්වාහන්සේ දරුවකුට ඇවිදින්න කියාදෙන විට, දරුවා වැටුනොත්, උන්වහන්සේ දරුවාට නැගිටින්න උදවු කරලා ඊළඟ පියවර තියන්න ධෛර්යමත් කරනවා. 16 ක්‍රිස්තුස්වහන්සේ සහායකයා සහ සහනදායකයායි. උන්වහන්සේගේ ක්‍රමය සතුට සහ බලාපොරොත්තුව ගෙනාවා-සෑමවිටම.

දෙවියන්වහන්සේගේ සැලැස්මේ මගපෙන්වීම් ඇතුලත්වෙනවා, සුභාරංචියේ මේවා හදුන්වන්නේ අණපනත් කියලා. මෙම අණපනත් අපිට කීකරු වෙන්න පමණක් පුහුණු කරන අනගුණ නැති කට්ටලයක්වත් අභිමතානුකූල එකතුවක්වත් නොවේ. ඒවා අපේ දේවත්වයේ ගුණාංග වර්ධනය කර, ස්වර්ගයේ පියාණන් වෙතට නැවතගොස්, අවසානය දක්වා ඇති සතුට ලබාගැනීමට සම්බන්ධ වෙලා තියෙනවා. උන්වහන්සේගේ අනපනත්වලට කීකරු වීම අන්ධවීමක් නොවේ; අපි දැනගෙනම දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ නිවසට ඇති මාර්ගය තෝරාගැනීමයි. අපිට ඇති මේ රටාව ආදම් සහ ඒවට තිබු රටාව හා සමානයි, එසේ හෙයින් “දෙවියන්වහන්සේ ඔවුන් හට මුදවීමේ සැලැස්ම පෙන්වූ පසු, අඥාවන් දෙනු ලැබූ සේක”. 17 අපි ගිවිසුම්ගත මාර්ගයේ සිටීම දෙවියන්වහන්සේට අවශ්‍ය වුනත්, උන්වහන්සේ අපිට තෝරාගැනීමේ ගෞරවය දෙනු ලබනවා.

ඇත්තටම, දෙවියන්වහන්සේගේ අපේක්ෂාව, බලාපොරොත්තුව සහ මඟපෙන්වීම උන්වහන්සේගේ සෑම දරුවෙක්ම තමන් වෙනුවෙන් තෝරාගැනීමයි. උන්වහන්සේ අපිට බල කරන්නේ නෑ. තෝරාගැනීමේ නිදහසේ ත්‍යාගය මඟින්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට අවසර දෙනවා “තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට.”18 තෝරාගැනීමේ නිදහස් මාර්ගයේ සිටීම හෝ නොසිටීම අපට තෝරාගැනීමට අවසර දෙනවා. ඉවත් වෙන්න හෝ නොවෙන්න අපට අවසර දෙනවා. හරියට කීකරුවෙන්න අපිට බලකරන්න බෑ වගේම, අකීකරු වෙන්නත් අපිට බලකරන්න බෑ. කිසිමකෙනෙකුට බෑ, අපගේ සහාය නැතුව, මාර්ගයෙන් අපිව ඉවත් කරන්න. (දැන්, මෙය තෝරාගැනීමේ නිදහස උල්ලංගනය කර අය සමඟ පටලවාගත යුතු නැත. ඔවුන් මාර්ගයෙන් ඉවතට ගොස් නෑ. ඔවුන් චෝදනාවට පත් වූ අයයි. ඔවුන්ට දෙවියන්වහන්සේගේ තේරුම්ගැනීම, ආදරය සහ දයානුකම්පාව ලැබෙනවා.)

නමුත් අපි මාර්ගයෙන් ඉවතට ගියපසු, දෙවියන්වහන්සේ දුකට පත්වෙනවා මොකද උන්වහන්සේ දන්නවා මෙය ක්‍රමයෙන්, නමුත් අනිවාර්යයෙන්ම හීනවන සතුටකට සහ ආශිර්වාද අහිමි කිරීමට මගපාදනවා කියලා. ශුද්ධ ලියවිලි වල, මාර්ගයෙන් ඉවතට යාම පාපයක් ලෙස හදුන්වා ඇති අතර, එහි ප්‍රතිඵලය වන හීනවන සතුට සහ ආශිර්වාද අහිමි වීම දඩුවම ලෙස හදුන්වනවා. මෙහි දෙවියන්වහන්සේ අපිට දඩුවම් කරන්නේ නෑ; දඩුවම අපේම තෝරාගැනීම් වල ප්‍රතිඵලයක්, උන්වහන්සේගේ නොවේ.

අපි මාර්ගයෙන් ඉවතට ගොස් ඇති බව දැනගත්විට, අපිට පුළුවන් ඉවතම ඉන්න, නැතිනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම හේතුවෙන්, අපිට අපේ පියවර ආපස්සට අරගෙන නැවතත් මාර්ගයට එන්නට තෝරාගන්න පුළුවන්. ශුද්ධලියවිලි වල, වෙනස්වී නැවත මාර්ගයට පැමිණීමට තීරණය කිරීම පසුතැවිලිවීම කියලා හදුන්වනවා. පසුතැවිලිවීමට අසමත්වීම යනු දෙවියන්වහන්සේ දීමට කැමැත්තෙන් සිටින ආශිර්වාද වලට අපිව නුසුදුසු කරවීමයි. [අපි] “ලැබී තිබෙන දේවල් වලින් සතුටට පත්වෙන්න කැමති නැතිනම්,” [අපි] “අපේම ස්ථානයට නැවත ගොස්, [අපි] ලැබෙනවට කැමති දේවල්වලින් සතුටට පත්වීම”19— අපගේ තෝරාගැනීමක්, දෙවියන්වහන්සේගේ නොවේ.

අපි කොපමණ කාලයක් මාර්ගයෙන් ඉවතට ගිහින් සිටියාද නැතිනම් කොපමන දුරක් ගිහින් තියෙනවාද යන්න ප්‍රශ්නයක් නොවේ, අපි වෙනස්වෙන්නට තීරණය කල මොහොතේම, නැවත එන්න දෙවියන්වහන්සේ උදවු කරනවා.20 දෙවියන්වහන්සේගේ දෘෂ්ඨිකෝනයෙන්, අවංක පසුතැවිලිවීම සහ ක්‍රිස්තුවහන්සේ තුල ස්ථීරත්වයෙන් ඉදිරියටම ගමන්කිරීම තුලින්, නැවත මාර්ගයට පැමිණි පසු, අපි කවදාවත් මාර්ගයෙන් ඉවතට ගියේ නැති බවක් දැනේවි.21 ගැලවුම්කරුවාණන්වහන්සේ අපගේ පවු වලට වන්දි ගෙවා අපගේ සතුට සහ ආශිර්වාද කඩා වැටීමෙන් අපව මුදවා ගන්නවා. ශුද්ධලියවිලි වල මෙය හදුන්වන්නේ සමාව දීම ලෙසයි. බෞතිස්මයෙන් පසු, සියලුම සාමාජිකයන් මාර්ගයෙන් ලෙස්සායනවා- සමහර අය කිමිදෙනවා. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, පසුතැවිලිවීම, උන්වහන්සේගෙන් උදවු ලබාගැනීම, සහ සමාව ලැබීම, එක වරකදී පමණක් වෙන සිදුවීම් නොවේ නමුත්මුළු ජීවිතකාලයේදීම සිදුවන ක්‍රියාවලියක්, නැවත නැවතත් සිදුවන සහ නිරූපන ක්‍රියාවලියක්. අපි “අවසානය දක්වා ගමන්කරන්නේ” මෙලෙසයි.22

අපි සේවය කරන්නේ කාටද කියලා තෝරාගන්න අවශ්‍යයි.23 අපේ සදාකාලික සතුටේ විශාලත්වය තීරණය වන්නේ ජීවමාන දෙවියන්වහන්සේව තෝරාගැනීම සහ උන්වහන්සේගේ කාර්යයන් වලට සම්බන්ධ වීම මතයි. “ඉතුරු ටික”අපි විසින්ම කරන්න උත්සහකරන විට, අපි අපේ තෝරාගැනීමේ නිදහස නිවැරදිව භාවිතා කරනවා. කලින් සිටි ප්‍රධාන සහන සමිති නායිකාවන් දෙදෙනෙකු කිවුවා වාගේ, අපි “හැමවිටම හුරතල් කිරීම සහ නිවරදිකිරීම අවශ්‍ය වන ළදරුවන්”24වීම අවශ්‍ය නෑ.

දෙවියන්වහන්සේගේ රාජධානියේ උරුමක්කාරයන් වීමට ඇති එකම මඟ උන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කිරීමට තෝරාගැනීමයි; උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ දේවල් ඉල්ලන්නේ නැති බවට උන්වහන්සේ අපිව විශ්වාස කරන්නේ එවිටයි.25 නමුත් අපි මතක තියාගන්න අවශ්‍යයි “හැමදේම දන්නා දරුවෙකුට වඩා උගන්නන්න අමාරු තව කෙනෙක් නැති බව”. එම නිසා ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ සේවකයන් මඟින් ස්වාමින්වහන්සේගේ විදිහට ඉගෙනගන්න අපි කැමති වන්න අවශ්‍යයි. අපිට විශ්වාසකරන්න පුළුවන් අපි අපගේ ස්වාර්ගීය දෙමාපියන්ගේ ආදරණීය දරුවන්26 කියලා ඒ වගේම “කරදර කිරීමට” තරම් වටිනවා සහ “අපි විසින්ම” කියන්නේ කවදාවත් “තනියම” නොවන බව, සහතික කරගත හැකියි.

මෝර්මන් ග්‍රන්ථයේ දිවසිවරයෙකු වන යාකොබ් පැවසු අකාරයෙන්, මම ඔහු සමඟ පවසනවා:

“එමනිසා, නුඹගේ හදවත් ප්‍රමෝදමත් කරන්න, තවද නුඹට නුඹ වෙනුවෙන් ක්‍රියාකිරීමට- සදාතන මරණය හෝ සදාතන ජීවිතයේ මාර්ගය තෝරාගැනීමට නිදහස තිබෙන බව සිහියේ තබාගන්න.

එමනිසා මාගේ ප්‍රියාදර සහෝදරවරුනි [සහ සහෝදරියනි], නුඹ යක්ෂයාගේ කැමැත්තට හෝ මාංශයට හෝ නොව, දෙවියන්වහන්සේගේ කැමැත්තට සමඟි කරන්න … ; තවද නුඹ දෙවියන්වහන්සේ හට සමඟි වුවාට පසු නුඹ ගලවාගනුලබන්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ ඒ තුලින් පමණක් සිහියේ තබාගනින්න”.27

එමනිසා, ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල තෝරාගන්න; පසුතැවිලිවීම තෝරාගන්න; බෞතිස්ම වී ශුද්ධාත්ම දීමනාව ලබා ගැනීමට තෝරාගන්න; සුදුසු ලෙස සක්‍රමේන්තුව ලබාගැනීමට හෘදසාක්ෂියට අනුව තෝරාගන්න; දෙවමාලිගාව තුලදී ගිවිසුම් ඇතිකරගැනීමට තෝරාගන්න; සහ ජීවමාන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට තෝරාගන්න. අපගේ තෝරාගැනීම් අපි කවුද සහ අපිට කවුරුන් විය හැකිද කියා තීරණය කරයි.

මම යාකොබ්ගේ ආශිර්වාදයේ ඉතිරි කොටස සමඟින් අවසාන කරනවා: “එමනිසා, නුඹ දිව්‍ය අනුග්‍රහය මඟින් ප්‍රශංසා කරනු පිණිසද, දෙවියන්වහන්සේගේ සදාතන රාජ්‍යට පිළිගනු ලැබෙන පිණිස දෙවියන්වහන්සේ නැවත නැගිටීමේ බලයෙන් මරණයෙන්ද, සදාකාලයේ මරණයෙන් වන්දිගේවීමේ බලයෙන්ද නුඹව ඔසවන සේක්වා”.28 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. මේරි පොපින්ස් නමැති මෙම ප්‍රබන්ධ චරිතයට පනපොවා ඇත්තේ පී. එල්. ට්‍රැවර්ස් නමැති ලේඛිකාව විසිනි.ඇයගේ පොත් 1964 මියුසිකල්- ෆැන්ටසි නම් වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියකට පදනම වී ඇති අතර පසුකලෙක එම චිත්‍රපටිය ආශ්‍රයෙන් වේදිකා නාට්‍යයක්ද කර ඇත.

  2. The stage play contains the scene described. See Libretto to Mary Poppins: The Broadway Musical, 70.

  3. 1976, 19 බ්‍රිස්බේන් ප්‍රදේශ සම්මන්ත්‍රණයේ, ස්පෙන්සර් ඩබ්. කිම්බල් බලන්න. සභාපති කිම්බල් අනුමානයෙන් සිතනවා: “මෙහි අපේ ලෝකය ආරම්භ කිරීමට පෙර පළමුවන දෙය ලෙස, ස්වාමින්වහන්සේ කියා සිටියේ, “ මම ඔබට ඔබේ තෝරාගැනීමේ නිදහස දෙනවා. මට අවශ්‍යයි ශක්තිමත් පිරිමින් සහ කාන්තාවන්, ශක්තිමත් වීම නිවැරදි නිසා. මට අවශ්‍ය නෑ ධර්මිෂ්ඨ වීම අවශ්‍ය නිසා ධර්මිෂ්ඨව සිටින නිවටයන්ව.”

  4. උදාහරණයක් ලෙස බලන්න, රසල් එම්. නෙල්සන්, “අපි එකට ඉදිරියට යන්නෙමු,” ලියහොනා 2018 අප්‍රි, 7. ගිවිසුම්ගත මාර්ගය ප්‍රීතියේ සැලැස්ම නමින් (ඇල්මා 42:8, 16 බලන්න) සහ ගැලවීමේ සැලැස්ම නමින්ද හදුන්වයි. (ඇල්මා 12:25–35බලන්න.)

  5. 2 නෙපි 2:16.

  6. මෝසෙස් 4:3බලන්න.

  7. 1 යොහාන් 2:1; ජෝසේෆ් ස්මිත් පරිවර්තනයන්ද බලන්න, 1 යොහාන් 2:1 (1 යොහාන් 2:1 හි, පාදසටහන් aබලන්න.)

  8. මොරෝනි 7:27, 28

  9. මොසායා 15:7බලන්න.

  10. 1 යොහාන් 2:2 බලන්න.

  11. 2 කොරින්ති 5:16–21; කොලොස්සි 1:19–23; 2 නෙපි 10:24බලන්න.

  12. පක්ෂව කතාකරන්නාට ග්‍රීක වචනය (paraklētŏs) තේරුම වන්නේ මැදිහත්කරු, සහයකයා, සැනසිලිදායකයා, හෝ සහනදායකයා යන්නයි (1 යොහාන් 2:1බලන්න, පාදසටහන් බී; බයිබලයේ නව ප්‍රබල විහිදුනු දීර්ග විස්තර සහිත සුසංයෝගය[1984], ග්‍රීක ශබ්ද කෝෂ කොටස ,55; 2 නෙපි 10:23–25; දහම සහ ගිවිසුම).

  13. එළිදරවු 12:10–11.

  14. ඊතර් 8:25 බලන්න.

  15. 2 නෙපි 2:27; ද 2 නෙපි 2:6–8, 16, 26බලන්න.

  16. See Fiona and Terryl Givens, The Christ Who Heals (2017), 29, 124. For original citation, see Anthony Zimmerman, Evolution and the Sin in Eden (1998), 160, citing Denis Minns, Irenaeus (2010), 61.

  17. ඇල්මා 12:32.

  18. 2 නෙපි2:26; ද 2 නෙපි 2:16බලන්න.

  19. දහම සහ ගිවිසුම 88:32.

  20. ඇල්මා 34:31 බලන්න.

  21. 2 නෙපි 31:20; මොසායා 26:29–30; දහම සහ ගිවිසුම 58:42–43බලන්න; බොයිඩ් කේ. පැකර්, “ප්‍රීතියේ සැලැස්ම,” ලියහෝනා, මැයි 2015,28. සභාපති පැකර් පවසනවා, “පසුතැවිලි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම හේතුවෙන් කිසිඳු සලකුණක් ඉතිරි නොවේ.”

  22. 2 නෙපි 31:20.

  23. යොෂුවා 24:15 බලන්න.

  24. Julie B. Beck, “And upon the Handmaids in Those Days Will I Pour Out My Spirit,” Liahona, May 2010, 12; Sister Beck was quoting Eliza R. Snow, address to Lehi Ward Relief Society, Oct. 27, 1869, Lehi Ward, Alpine (Utah) Stake, in Relief Society, Minute Book, 1868–79, Church History Library, Salt Lake City, 26–27.

  25. 2 නෙපි 4:35; හිලමන් 10:5. බලන්න.

  26. පවුල: ලෝකෙට ප්‍රකාශනයක්,” බලන්න,ලියහොනා, 2017 මැයි, 145

  27. 2 නෙපි 10:23–24.

  28. 2 නෙපි 10:25.