2010–2019
අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්

පසුතැවීම දිනපතා ඔබගේ ජීවිතය තුල අවධානයක් තබාගන්න මන්ද එවිට පූජකවරය කෙදිනකටත් වඩා විශාල බලයකින් ක්‍රියාකාරී කරවන්නට ඔබට හැකිවේවි.

මගේ ආදරණීය සහෝදරවරුනි, පූජකත්වය දරන ස්වාමීන්වහන්සේගේ බලකොටුවේ මෙම අතිවිශාල සභාව දෙස බලා සිටීම මවිතයට කරුණකි. යහපත සඳහා ඔබ කෙතරම් නම් මහත් බලයක්ද! අපි ඔබට ආදරෙයි. අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. අපි ඔබ සඳහා බොහෝ ස්තූතිවන්ත වෙනවා.

දිවැසිවර ජෝසෆ් ස්මිත් හරහා ස්වාමින්වහන්සේ දී තිබූ උපදෙස් මාලාවක මම ගිලී ඇති අයුරු මම මෑතකදී සොයාගත්තා: “වෙන කිසිවක් නොව මෙම පරම්පරාවට පසුතැවීම ගැන කියන්න.”1 මෙම ප්‍රකාශය බොහෝ අවස්ථා වල ශුද්ධලියවිලි වල නැවත නැවතත් සඳහන් වෙනවා.2 එය මෙම ප්‍රශ්ණය මතුකරවනවා: “හැමදෙනාම පසුතැවිලිවීම අවශ්‍යද?” පිළිතුර ඔව්.

බොහෝදෙනා පසුතැවිලිවීම ගැන හිතන්නේ දඬුවමක් විදියට - බොහෝ දරුණු අවස්ථාවලදී හැර මගහැරිය යුතු දෙයක් බවට. නමුත් දඬුවම් ලැබීමේ මෙම හැඟීම ඇති කරනු ලබන්නේ සාතන් විසින්. විවෘත දෑත් සමග සිටිනා,4 සුවකිරීමට, සමාවදීමට, පිරිසිඳු කිරීමට, ශක්තිමත් කිරීමට, පූජනීය කිරීමට සහ කැපකිරීමට බලාසිටිනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්3 අපව අවහිර කිරීමට ඔහු උත්සහ කරයි.

ග්‍රීක් නව ගිවිසුමේ පසුතැවීම යනු මෙටානෝඒඕ. මෙටා- යන්නෙන් අදහස් කරන්නේ “වෙනස් කිරීම” යන්නයි. -නෝඒඕ ආශ්‍රිත වචනයේ ග්‍රීක් භාශාවෙන් තේරුම වන්නේ “මනස,” “දැනුම,” “ආත්මය” සහ “හුස්ම.”5

මේ අනුව යේසුස්වහන්සේ ඔබටත් මටත් “පසුතැවෙන්න”6 කියා කී විට, අපගේ මනස, අපගේ දැනුම, අපගේ ආත්මය - සහ අපි හුස්ම ගන්නා ආකාරය පවා වෙනස්කරගැනීමට උන්වහන්සේ අපට ආරාධනා කරයි. අපි ප්‍රේම කරන ආකාරය, සිතන ආකාරය, සේවය කරන ආකාරය, අපගේ කාලය ගෙවන ආකාරය, අපගේ බිරිඳෑවරුන්ට සලකන ආකාරය, දරුවන්ට උගන්වන ආකාරය සහ අපගේ ශරීර ගැන සැලකිලිමත් වන ආකාරයද වෙනස් කිරීමට උන්වහන්සේ කියයි.

පසුතැවීම සඳහා නිතිපතා, දිනපතා අවධානය තරම් කිසිඳු දෙයක් අපගේ පෞද්ගලික වර්ධනය සඳහා වඩාත්ම මුදු මොළොක්, වඩාත් ප්‍රශංසනීය, හෝ වඩාත් තීරනාත්මක නැත. පසුතැවීම සිදුවීමක් නොවේ, එය ක්‍රියාවලියක්. සටුටට සහ මනසේ සාමයට යතුර එයයි. ඇදහිල්ල සමග එකතුවූ විට, පසුතැවීම විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට වූ අපගේ ලඟාවීම විවෘත කරනවා.7

ඔබ උනන්දුවෙන් ගිවිසුම් මාවතේ ඇවිද යනවා වුවත්, මාවතෙන් ලිස්සා හෝ ඉවතට ගොස් ඇත්නම්, හෝ ඔබ දැන් සිටිනා තැන සිට ගිවිසුම් මාවත දකින්නටවත් නොහැකිනම්, මම ඔබෙන් අයැද සිටිනවා, පසුතැවෙන්න. සෑම දිනකම ටිකක් හෝ හොඳ කිරීමෙන් හා වීමෙන් - දිනපතා පසුතැවීමේ බලයේ ශක්තිය අත්විඳින්න.

පසුතැවීමට අපි තෝරාගන්නා විට, වෙනස්වීමට අපි තෝරාගනී! අපගේ හොඳම පිටපත වීමට අපව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩ දෙනවා. ආත්මිකව වර්ධනය වීමට සහ - උන්වහන්සේගේ මිදීම තුල වූ ප්‍රීතිය වන, ප්‍රීතිය ලබාගැනීමට අපි තෝරාගන්නවා.8 පසුතැවීමට අපි තෝරාගත්විට, අපි තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට තෝරාගන්නවා!9

සහෝදරවරුනි, අපි සටනක සිටින නිසා අපි හොඳ වීම සහ හොඳින් කිරීම අවශ්‍යයි. පාපය සමග සටන ඇත්තයි. විරුද්ධකාරයා ඔහුගේ ප්‍රයත්න හතරගුණයකින් වැඩිකරමින් සාක්ශියන් කඩාකප්පල් කර, ස්වාමින්වහන්සේගේ කාර්යට බාධා කරයි. අපිව ස්වාමින්වහන්සේ තුල ප්‍රේමය සහ සතුට විඳීමෙන් ඉවතට ගැනීමට ඔහු ඔහුගේ බලසම්පන්න ආයුධ සමග සටන්කරුවන් සන්නද්ධ කරයි.10

පසුතැවීම විරුද්ධකාරයාගේ දුක්ඛිත උගුල් මගහැරීමට වූ යතුරයි. අපගේ සදාකාලික වර්ධනයේ මෙම අවධියේදී ස්වාමින්වහන්සේ සර්වසම්පූර්ණත්වය අපෙන් බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් අපි වඩ වඩාත් පරිශුද්ධ වීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. දිනපතා පසුතැවිලි වීම පරිශුද්ධ වීමට මාර්ගයයි, එමන්ම පරිශුද්ධතාවය බලය ගෙනෙයි. පෞද්ගලික පරිශුද්ධතාවයට අපව දෙවියන්වහන්සේගේ දෑතේ බලවත් මෙවලම් කළ හැකියි. අපගේ පසුතැවීම - අපගේ පරිශුද්ධතාවය - ඊශ්‍රායලය රැස් කිරීමට උදව් වීමට අපව බලසම්පන්න කරයි.

ස්වාමින්වහන්සේ දිවැසිවර ජෝසෆ් ස්මිත්ට මෙසේ ඉගැන්වූවා “පූජකත්වයේ අයිතීන් වෙන්කළ නොහැකි ලෙස ස්වර්ගයේ බලයන් හා සමග සම්බන්ධ වී තියෙනවා, එමෙන්ම ස්වර්ගයේ බලයන් ධර්මිශ්ටතාවයේ මූලධර්මයට හැර වෙන කිසිවකට හැසිරවීමට නොහැකිය.”11

ස්වර්ගයේ බලයන්ට අපිට විශේෂ වූ ප්‍රවේශයක් ලබා දෙන්නේ මොනවාද කියා අපි දන්නවා. ස්වර්ගයේ බලයට අපගේ ප්‍රවේශයේ වර්ධනය අඩු කිරීමට අපි කළ යුතු දේත් - අපගේ වර්ධනය හීන කරන්නේ මොනවාද යන්නත් අපි දන්නවා. සහෝදරවරුනි, අපගේ පසුතැවීම අවහිර කරගෙන ඇත්තේ කුමක්ද යන්න යාච්ඤාශීලීව තේරුම්ගැනීමට සොයන්න. පසුතැවීමෙන් ඔබව නවතන්නේ මොනවාද කියා හඳුනාගන්න. ඉන්පසු, වෙනස්වන්න! පසුතැවෙන්න! කෙදිනටවත් වඩා අප හැමදෙනාටම හොඳින් කරන්නටත් හොඳ වන්නටත් පුළුවන්.12

එසේ අපට වර්ධනය විය හැකි නිශ්චිත මාර්ග තියෙනවා. එක් ආකාරයක් නම් අපි අපගේ ශරීර වලට සලකන ආකාරයයි. මිනිස් ශරීරයේ ප්‍රාතිහාර්යය මා තුළ රැඳී සිටිනවා. අපගේ දිව්‍යමය විභවයට ලඟාවීම සඳහා අපට ක්‍රමක්‍රමයෙන් ඉහළට යාමට අත්‍යවශ්‍ය අති විශිෂ්ට නිර්මාණයක්. එය නොමැතිව අපට වර්ධනය වීමට නොහැකියි. අපට ශරීරය නම් වූ ත්‍යාගය ලබාදී, උන්වහන්සේ මෙන් වීමට අවශ්‍ය පියවර ගැනීමට දෙවියන්වහන්සේ අපිට පුළුවන්කම ලබාදී තීයෙනවා.

සාතන්ට මෙය තේරෙනවා. පෙර ජීවිතයේ ස්ථීර අඳුරු කාලය මෙම වරප්‍රසාදය ලැබීමෙන් ඔහුව නුසුදුසු කරවන නිසා, ඔහුව නිරන්තර ඊරිසියාවකට සහ අමනාපයකට පත් කරන කරුණ ගැන ඔහු කෝප වෙනවා. මෙබැවින්, බොහෝ දෙනෙක් නොව, අපගේ මාර්ගයේ ඔහු දමන බොහෝ පරීක්ෂාවන් වලින් අපව අපගේ ශරීරයත් අන් අයගේ ශරීරත් අනිසි ලෙස අපයෝජනය කිරීමට පොළඹවනවා. මොකද සාතන් ශරීරයක් නැතිව දුක්ඛිත වෙලා ඉන්නා නිසා, අපගේ ශරීර නිසා අපි දුක්ඛිත වෙන එක තමයි ඔහුට අවශ්‍ය.13

ඔබගේ ශරීරය ඔබගේ පෞද්ගලික දේවමාළිගාවයි, එය නිර්මාණය කර ඇත්තේ ඔබගේ සදාකාලික ආත්මයේ නිවස ලෙසයි.14 එම දේවමාළිගාව සඳහා ඔබගේ සැලකිල්ල වැදගත්. දැන්, සහෝදරවරුනි මම ඔබගෙන් අසනවා, ඔබ දෙවියන්වහන්සේ සතුටු කිරීමට වඩා ලෝකයට පෙනෙන්නට ඇඳුම් ඇඳීම සහ සැරසීම ගැන වැඩි සැලකිල්ලක් දක්වනවාද? උන්වහන්සේ ලබාදුන් ශ්‍රේෂ්ට ත්‍යාගය පිළිබඳ ඔබගේ හැඟීම් ගැන මෙම ප්‍රශ්ණයට ඔබගේ පිළිතුර උන්වහන්සේට සෘජු පිළිතුරක් යවනවා. අපගේ ශරීර සඳහා මෙම ගෞරවයෙන්, සහෝදරවරුනි, මට හිතෙන්නෙ අපිට වඩ වඩාත් හොඳින් කළ හැකියි.

තවත් හොඳින් කිරීමට සහ හොඳ වීමට ඇති තවත් ආකාරයක් නම් අපගේ ජීවිත වල කාන්තාවන්ට ගෞරව කිරීමයි, එය අපගේ භාර්යාවන් සහ දූවරුන්, අපගේ මව්වරුන් සහ සහෝදරියන්ගෙන් පටන් ගත යුතුයි.15

මාස කීපයකට පෙර, ආදරණීය සහෝදරියකගෙන් මට හදවත බිඳෙන සුළු ලිපියක් ලැබුණා. ඇය මෙහෙම ලිව්වා: “[මගේ දියණියන් සහ මම] අපගේ ස්වාමිපුරුශයාගේ සහ පුත්‍රයන් සමග නොබෙදුණු අවධානයක් සහිතව බිහිසුණු තරඟයක සිටිනවා යැයි දැනෙනවා, 24/7 ක්‍රීඩා තොරතුරු, වීඩියෝ ක්‍රීඩා, කොටස් වෙළඳපොළ යාවත්කාලීන කිරීම්, [සහ] සෑම [විකල්ප] ක්‍රීඩාවකම අසීමිත ගණනය කිරීම් සහ නැරඹීම්. අපගේ ස්වාමිපුරුශයන්ගේ සහ පුත්‍රයන්ගේ මුල් පේළි [ක්‍රීඩා සහ සෙල්ලම්] නැරඹීම් නිසා ඔවුන් සමග අපගේ මුල් පේළි නැතිවී යන බවක් හැඟෙනවා.”16

සහෝදරවරුනි, පූජකවරය දරන්නෙක් ලෙස ඔබගේ පළමු සහ එකම වගකීම ඔබගේ භාර්යාව ගැන සැලකිලිමත් වීම සහ ඇයට ආදරය කිරීමයි. ඇය සමග එක් අයෙක් වන්න. ඇයගේ සහකරුවා වන්න. ඔබගේ වන්නට ඇයට පහසු කරවන්න. ඇය සමග සදාකාලික සම්බන්ධතාවයක් ගොඩනගනවාට වඩා වෙනත් කිසිඳු දෙයක් මේ ජීවිතයේ ඔබට ප්‍රමුඛ විය යුතු නෑ. රූපවාහිනියේ, ජංගම දුරකථනයේ, හෝ පරිඝණකයේ කිසිඳු දෙයක් ඇයගේ යහපැවැත්ම තරම් වැදගත් නැත. ඔබ ඔබේ කාලය යොදවන ආකාරය සහ ඔබ ඔබගේ ශක්තිය වැය කරන ස්ථානය ගැන වාර්ථාවක් ලබාගන්න. ඔබගේ හදවත කොහේදැයි එය ඔබට කියාවි. ඔබගේ භාර්යාවගේ හදවත සමග ඔබගේ හදවත ගැලපෙන ලෙස යාච්ඤා කරන්න. ඇයට ප්‍රීතිය රැගෙන එන්නට සොයන්න. ඇයගේ උපදෙස් සොයා ඇහුම්කන්දෙන්න. ඇයගේ යෙදීම් ඔබගේ ප්‍රතිඵල වර්ධනය කරාවි.

ඔබට සමීපතම කාන්තාවට ඔබ සැලකූ අයුරු පිළිබඳව ඔබට පසුතැවීමට අවශ්‍යතාවයක් තිබේනම්, දැන් ආරම්භ කරන්න. එමෙන්ම, පිරිසිඳු බවේ නීතිය තැබීම තුලින් ආශිර්වාද ලබන්නට ඔබේ ජීවිතයේ කාන්තාවට උදව් කිරීම ඔබගේ වගකීම බව මතක තබාගන්න. එම කාන්තාවට දේවමාළිගා ආශිර්වාද ලබාගැනීමට නොහැකි වීමේ හේතුව කෙදිනකවත් ඔබ නොවන්න.

සහෝදරවරුනි., අපි සැවොම පසුතැවිලි විය යුතුයි. අපි පුටුවෙන් නැගිට, රිමෝට් එක බිම තබා, අපගේ ආත්මික නින්දෙන් අවදිවිය යුතුයි. දෙවියන්වහන්සේගේ සම්පූර්ණ යුධ ඇඳුම ඇඳගැනීමට කාලය මෙයයි, මන්ද පොළවේ වැදගත්ම කාර්යට අපිටත් දායක වෙන්න පුළුවන්. “[අපේ] දෑකැති අතට ගෙන, [අපේ] සියළුම බලයෙන්, මනසින් සහ ශක්තියෙන් නෙලාගැනීමට” මේ කාලයයි.17 නපුරු බලවේග අද දිනට වඩා බලවත් ලෙස කෙදිනකවත් කම්පනයට පත්ව නැත. ස්වාමින්වහන්සේගේ සේවකයින් ලෙස, සටන ඇවිළෙන විට අපිට නිදාගෙන සිටිය නොහැකිය.

ඔබගේ පවුලට ඔබගේ නායකත්වය සහ ප්‍රේමය අවශ්‍යයි. ඔබගේ ඝණපූර්ණයට සහ ඔබගේ කොට්ටාශයේ හෝ ශාඛාවේ ඉන්නා අයට ඔබේ ශක්තිය අවශ්‍යයි. ස්වාමින්වහන්සේගේ අනුගාමිකයන් කොයි වගේද සහ ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඔබව හමුවන සෑම කෙනෙක්ම දැනගැනීම අවශ්‍යයි.

මාගේ ආදරණීය සහෝදරවරුනි, අපගේ පියාණන්වහන්සේ මෙම අමාරු කාලයේදී ඔබව මේ පොළවට එන්නට තෝරාගෙන ඇත්තේ ඔබගේ පෙර ආත්මික වටිනාකම නිසයි. මේ පොළවට ආ මිනිසුන් අතරින් ඔබ හොඳම, ඉතා නිර්භීත මිනිසුන් වෙනවා. ඔබ පෙර ආත්මයේ කව්ද සහ ඔබ කව්රු වී සිටියාද යන්නත් ගැලවුම්කරුවාණන් පැමිණීමට පෙර කළ යුත්තේ කුමක්ද යන්නත් සාතන් දන්නවා. ඔහුගේ කපටි අදහස් ක්‍රියාත්මක කරමින් සිටින සහස්‍රයකිනුත් පසු, නපුරා පළපුරුදුයි සහ අනර්ථකාරීයි.

ස්තූතිවන්ත ලෙස, අපි දරන පූජකවරය නපුරාගේ කපටිකමට වඩා ශක්තිමත්. ස්වාමින්වහන්සේට අවශ්‍ය ලෙස මිනිසුන් සහ තරුණ පිරිමි ළමුන් වන ලෙස මම ඔබගෙන් අයදිනවා. පසුතැවීම දිනපතා ඔබගේ ජීවිතය තුල අවධානයක් තබාගන්න මන්ද එවිට පූජකවරය කෙදිනකටත් වඩා විශාල බලයකින් ක්‍රියාකාරී කරවන්නට ඔබට හැකිවේවි. ඉදිරියට පැමිණෙන අභියෝගාත්මක දින වලින් ඔබවත් ඔබේ පවුලත් ආත්මිකව ආරක්ශා කරගැනීමට හැකි එකම ආකාරය එයයි.

තමන්ගේ යහපැවැත්මට කලින් අනෙක් අයව ඉදිරියෙන් තබන පරාර්ථකාමී මිනිසුන් ස්වාමින්වහන්සේට අවශ්‍යයි. පැහැදිලිව ආත්මයාණන්ගේ හඬට ඇහුම්කන්දෙන්නට දැනගැනීමෙන්ම ක්‍රියා කරන මිනිසුන් උන්වහන්සේට අවශ්‍යයි. අවංකව ඔවුන්ගේ ගිවිසුම් තබාගන්නා මිනිසුන් උන්වහන්සේට අවශ්‍යයි. ලිංගිකත්වයෙන් පිරිසිඳුව තමන්ව තබාගන්නා මිනිසුන් - එක් මොහොතක ආරාධනාවක් මත පිරිසිඳු හදවතකින්, පිරිසිඳු මනසකින් සහ කැමැත්තේ දෑත් වලින් ආශිර්වාද ලබාදිය හැකි සුදුසු මිනිසුන් උන්වහන්සේට අවශ්‍යයි. පසුතැවීමට කැමැත්තක් දක්වන - සුදුසු පූජකවරය දරන්නන්ගෙන් යුත් ස්වාමින්වහන්සේගේ සේනාවේ කොටසක් වීමට සහ සේවය කිරීමට ආශාවක් ඇති මිනිසුන් උන්වහන්සේට අවශ්‍යයි.

එම මිනිසුන් වීමට මම ඔබට ආශිර්වාද කරනවා. දිනපතා පසුතැවීමට ධෛර්යයත් සහ සම්පූර්ණ පූකත්වය ක්‍රියාකරවන්නේ කෙසේද යන්න ඉගෙනගැනීමටත් මම ඔබට ආශිර්වාද කරනවා. ඔබගේ භාර්යාවට, දරුවන්ට සහ ඔබ දන්නා සෑම කෙනෙකුටම ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය සන්නිවේදනය කරන්නට මම ඔබට ආශිර්වාද කරනවා. වඩා හොඳින් කරන්නටත් වඩා හොඳ වෙන්නටත් මම ඔබට ආශිර්වාද කරනවා. මෙම ප්‍රයත්න ඔබ යොදවන විට, ඔබගේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් අත්විඳින්නට හැකිවේවා යැයි මම ඔබට ආශිර්වාද කරනවා.

සර්වබලධාරී දෙවියන්වහන්සේගේ මෙම කාර්යයට අපි නියැලී සිටිනවා. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි. අපි උන්වහන්සේලාගේ සේවකයින්. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.